IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මිරිහානේ සිද්ධියට අත්අඩංගුවට ගත් පිරිස 54 දක්වා ඉහළට

(ඉන්දිකා  රාමනායක  සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිරිහාන ඇඹුල්දෙණිය ජනපති නිවෙස ඉදිරිපිට පැවැති විරෝධතාවක් අතර තුර බස් රථ සහ වාහන රැසකට පහර දී  ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

මෙම සිද්ධියට  සම්බන්ධ තවත් පුද්ගලයන් පිරිසක් හදුනාගෙන ඇති බවත්, ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවද මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කළේය.


මිරිහානේ සිද්ධියට 45ක් අත්අඩංගුවට

2022. 04. 01 | 06:44 A.M

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නුගේගොඩ මිරිහාන ඇඹුල්දෙණි, ජනපති නිවෙස ඉදිරිපිට පැවැති විරෝධතාවක් අතර තුර බස් රථ සහ වහාන රැසකට ගිනි තිබූ බව කියන පුද්ගලයන් 45 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර එක් කාන්තාවක ද සිටින බව පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රී ඇති වූ එම කලහාකාරි තත්ත්වය අතර තුරු පොලිස් බසයකට,යුද හමුදා බසයකට,ජීප් රථයකට, ත්‍රිරෝද රථ කීපයකට හා යතුරු පැදි කීපයකට විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබිණි.

මේ වන විට නුගේගොඩ - මහරගම මාර්ගයේ ඇඹුල්දෙණිය හන්දියෙන් මාර්ගය වසා දමා ඇති අතර ඉන් ඇතුළු විය හැක්කේ පාසල් වැන් රථවලට පමණකැයි ද පොලිසිය කියයි

මෙම ගැටුමින් දස දෙනකු පමණ තුවාල ලබා තිබුණි. තුවාල ලැබූවන් අතර පොලිසියේ පස් දෙනකු ද සිටින බවත් ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.

(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)


(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (42)

මිරිහානේ සිද්ධියට අත්අඩංගුවට ගත් පිරිස 54 දක්වා ඉහළට

චන්දන Friday, 01 April 2022 07:34 AM

දැං අර 45 දෙනා වෙනුවෙන් පෙනී හිටින්නේ කවුද . තනියම මහ උළු ගෙදර බත් කන්න වෙන්නේ .

:       0       0

කිරි පුතා Friday, 01 April 2022 09:21 AM

නැහැදිච්ච මෝඩ අමන මිනිසුන් . උඩ බලාගෙන කෙල ගහ ගන්නවා. මේවා විරෝධතා නෙවෙි. 89 කාලෙ වගේ රටම ගිනි තියන්න කරන උත්සහායන්. නිහඬව විරෝධය පෑවනම් කොතරම් ලස්සන ද ?

:       0       0

ශ්‍රී ලංකා මාතා Friday, 01 April 2022 09:42 AM

බස් එක ගිනි තිබ්බේ සිවිල් ඇඳුමෙන් හිටපු හමුදා බට්ටෙක්...!!! පොලිසියෙන් ඔහුව ආවරණය කළා. වීඩියෝ බලපු ඕනෑම කෙනෙකුට ඒ අයව පැහැදිලිව අඳුනා ගන්න පුළුවන්. පොලිසියත් හමුදාවත් හොඳින්ම දැනගත යුතු එක පැහැදිලි දෙයක් ඇත. ඒ තමයි රාජපක්ෂ මිනීමරු හොර හැතිකරයම නැති බන්ගස්ඨාන වෙන එක අනිවාර්යයි. වැඩියම දඟලන්න පටන් ගත්තොත් ගදාෆිට අත්වුණ ඉරණම කට්ටියටම අත්වෙන්න පුළුවනි.ඊට පස්සේ හොර පවුලට උදව්කල පොලිසියේ සහ හමුදාවේ බත් බලයන් ඔක්කොටමත් අනිවාර්යයෙන්ම ගෙදර හෝ සිරගෙදර ජිවිතයේ ඉතිරි කාලය ගෙවා දමන්න වේවි.එනිසා පොලිසියේ සහ හමුදාවේ කට්ටියට කියන්නේ රාජපස්සලාගේ පව් ඔබලාගේ කරට ගන්න එපා.

:       0       0

chithral Friday, 01 April 2022 10:00 AM

අපි ළඟ පින්තූර තියෙනවා වාහන, මෝටර් සයිකල් ගිනිතිබ්බ අයගේ... ඒ සියලු දෙනාම හමුදාවේ අය...

:       357       115

Hafeel Friday, 01 April 2022 11:29 AM

එහම හමුදාවේ අය මේකට සම්බන්ද වුනා නම්, එයාලත් දැනගන්න ඕනේ එයාලාගේ බිරින්දෙවරුන් සහ අම්මල තාත්තලත් අද ඉන්නේ පොලීම්වල කියල. ඒ වගේම කරුවලෙත් ඉන්න බව.

:       0       0

RamithFriday, 01 April 2022 01:22 PM

ප්‍රසිද්ධ වෙලා තියෙන පින්තූර සහ වීඩියෝ වලට අනුව නම් එහෙම පේන්න නෑ.

:       34       232

AsankaFriday, 01 April 2022 02:30 PM

ඇස්දෙක හොඳට හෝදගෙන බලන්න. අනිත් මිනිස්සුන්ට පේනදේ නොපෙනෙන්නේ ඇයි කියලා. බස් එකේ ඩීසල් කප් එකත් ඇරලා දාලා. රෝදෙට පෙට්‍රල් වගේ දෙයක් වක්කරලා සෙනග ඉතා දුර ඉද්දී කෙනෙක් ඇවිත් පටස්ගාලා ටයර් එකට ගිනි තියනවා... හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන කෙනෙක්. හමුදාව, පොලීසිය බලාගෙන ඉන්නවා ගාණක් නැතිව. හොඳට බලන්න. ඔය අසූගණන්වල ගහපු ගැට දැන් බෑ..

:       146       35

Prabha Friday, 01 April 2022 01:52 PM

ඉතින් ප්‍රසිද්ධ කරන්නකෝ ඒ පින්තූර ටික අපිටත් බලාකියා ගන්න.

:       10       96

Nuwan Friday, 01 April 2022 10:12 AM

මේ අමාරු අවස්ථාවේ අනවශ්‍ය දේවල් ඉල්ලීම් නොකර තියන දේවල්වලින් ප්‍රතිකාර කරන්න දොස්තර මහත්තයා...!

:       139       48

de silva Friday, 01 April 2022 11:04 AM

ජනතාව කරුණාකර පොදු දේපල විනාශ නොකර, පුද්ගල හිංසා නොකර ඔබ පළාතේ සිටින ඇමතිවරුන්ට විරුද්ධවත් මෙවැනි විරෝධතා දිගින් දිගටම කරන්න

:       0       0

hesa Friday, 01 April 2022 11:12 AM

රටේ අහේනියම පතන, 71 බස් ගිනි තැබූ ත්‍රස්තයින් නැවත ඒ දේම කරනවා..

:       0       0

Bamunuarachchi Friday, 01 April 2022 11:43 AM

ඔය ජෙප්පෝ පොස්ට්ර් ගහන්න කිව්වම පෝස්ටර් ගහනවා, හු කියන්න කිව්වාම හු කියනවා මරන්න කිව්වාම හාමුදුරු ගොල්ලන්වත් මරනවා. වටලපන් කිව්වාම ඌරු කොටුවක් උනත් වටලනවා 1989 වර්ජනය කරපන් කිව්වාම වර්ජනය කළා ව්‍යාපාරිකයෝ කර්මාන්ත අකුලාගෙන බනගලිදේශයට ගිය ජෙප්පෝ පවුල් පිටින් නන්නත්තාර උනා. ඒ සෙට් එක ජීවීපිය අත් හැරියා. ඊටපස්සේ කානු කපපු කට්ටිය අලුතතෙන් පටන් ගත්තා. ඔවුන් දෑකත්තයි මිටියයි ලාංචනයට දාගෙන අපි ප්‍රගතිෂීලී කියනවා. නකුටු ජෙප්පෝ හුරේ දානවා. අලුත් ජෙප්පන්ට එලවන්න ව්‍යාපාරිකයෝ මෙරටේ නැහැ. මේ ජෙප්පෝ එලවන්නේ පවතින රජය ඊට පස්සේ උන්ගේ කටෙත්පස් අපේ කටෙත් පස්. ජෙප්පොනම් මකබෑවිලා ගියත් අපිට කමක් නැහැ.

:       0       0

Bamunuarachchi Friday, 01 April 2022 11:50 AM

ඔන්න ලේ සැලෙන විප්ලව පටන් අරන්. ටයර් සෑයවල් පටන් ගනී වගේ? බස් කාර් වැන් ගිනි තියන්න පටන් අරගෙන හැබැයි අපි ප්‍රගතිශීලී ලු. ටයර් වලින් සෑය බදීමි ඔලු ටික කණු වලට තියමි

:       0       0

Don perea Friday, 01 April 2022 12:11 PM

ආමි එකෙන් තමයි ගිනි තිබ්බේ. වතුර උගුරක් දෙන්න එපා...

:       282       56

JiwanFriday, 01 April 2022 02:07 PM

හැබෑට? අපිත් ඔය වීඩියෝ බලාගෙන ගිටියේ ඩොනා, අපිට නම් හොඳටම පෙනුනේ 3 වෙනිදා ගිනි තියන්න ඉන්න අයම තමයි ඕවාටත් ගිනි තිබ්බේ කියලා. ඒ අතින් ජවිපෙ, එජාප මේ වෙලාවේ හැසිරෙන විදිය අතිශයින් අගය කරන්න ඕනෑ...

:       20       213

KeshanFriday, 01 April 2022 02:34 PM

අනිවාර්යයෙන්... මේ වෙලාවේ මිනිස්සු දැඩි ආවේගශීලීව ඉන්නේ. ඒකයි මොලේ තියෙන මිනිස්සු පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නේ... මේ වෙලාවේ මිනිස්සුන්ට ඕන ආවේගය පිට කරන්න ක්‍රමයක්. ඔය උද්ඝෝෂණයෙන් වුනේ අඬන්න ඉන්න හිටපු කෙනාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වැඩක්. මොලේ පාවිච්චි නොකර හැඟීම්වලට වහල් වුණොත් අපිට තව අවුරුදු 30-40ක යුද්ධයක් හදාගන්න පුළුවන්. විරෝධතා අත්‍යාවශ්‍යයි. ඒත් කෝලාහල අනවශ්‍යයි.

:       4       133

Prabha Friday, 01 April 2022 02:29 PM

ඔයා කියනවා නම් අපි දෙන්නේ නෑ...

:       8       10

sujeewaFriday, 01 April 2022 05:01 PM

හමුදාව ගැන ඇලජික් ඒකක් තියෙන එකෙක්ද කොහෙද. කොහෙන් හරි කුලප්පු කරලා අවුලවලා ආතල් එකේ බලාගෙන ඉදලා අන්තිමට හමුදාවට බනින එකත් එක්තරා කලාවක්. හැබැයි බහුතර මිනිස්සුන්ට හමුදාව විශ්වාසයි. රට අවුල් කරලා වාසි බලාගෙන ඉන්න කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් බෙදුම්වාදීන්. අනෙක කවදාවත් චන්දෙකින් දිනන්න බැරි අවස්ථාවාදීන්. ඩොනුත් ඒ දෙකෙන් මොකක් හරි එකකට අයිති එකෙක් වෙන්න ඇති. මේ විදිහට පාරවල්වල දගලලා මේ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න බැහැ. ආණ්ඩුවත් මේ අවුරුදු දෙකටම කිසිම උද්ගෝෂණයකට ජල ප්‍රහාර, කඳුළු ගෑස් පාවිච්චි ‌නොකල එකේ ප්‍රතිපල තමයි මේ. මේ විදිහට ගල් ගහපු ගිනි තියපු කිසිම එකෙක්ට සමාවක් දෙන්න නරකයි.

:       0       0

බද්රානි Friday, 01 April 2022 01:01 PM

කටුවපිටියේ දේවස්ථානයට බෝම්බය රැගෙන ආ පුද්ගලයා පැමිණි ආකාරයටම තමයි මේ ගිනි තියාගත් පුද්ගලයා පිටේ බෑග් එකක් එල්ලගෙන ආවේ. පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් කඩවලට ගිනි තියපු තාක්ෂණයෙන්ම තමයි මෙතනත් ගිනි තිබ්බේ. අනික ගිනිකූරු පත්තු කරලා මෙහෙම ගිනි තියන්න බැහැ. පාලකයිනි, නුඹලා මේ කරන තක්කඩි වැඩවලට ධර්මය විසින් නුඹලාට දඬුවම් දෙන දවස වැඩි ඈතක නැහැ. පීඩාවට පත්ව සිටිමින් උද්ඝෝෂණයට සහභාගී වූ නිර්භීත ජනතාවට අපගේ ගෞරවනීය ප්‍රණාමය..!!!

:       255       59

BamunuarachchiFriday, 01 April 2022 06:31 PM

මේ උන්දා මේ හැම සිද්දීයකටම සම්බන්දයි වගේ පෙනෙන්නේ. අතුලට අරන් කට්ටියම දෙකක් අනින්න.

:       0       0

BamunuarachchiFriday, 01 April 2022 06:33 PM

පැරණිම වුර්තිය ගැන කිව්වොත් මෙයා එකත් දන්නවා

:       0       0

BamunuarachchiFriday, 01 April 2022 06:45 PM

මේ උන්දැ පල්ලිය ගාව බිබික්කම් විකුණනවා මම දැක්කා...

:       7       31

sujeewaSaturday, 02 April 2022 09:15 AM

ගිනිතැබීම් සම්බන්ධයෙන් මනා අත්දැකීම් හා පළපුරුද්දක් සහිත ප්‍රවීණ විශේෂඥවරියකගේ චරිතය මෙම අවස්ථාවේදී මැනවින් රඟදක්වන බැවින් ඇයගේ අදහස පිළිගනිමු. එහෙත් මෙලෙස රට ගිනි නොතබන ලෙසද ඉල්ලා සිටිමු. මෙවැනි අසහනකරුවන්ට අප අනුකම්පා කළ යුතු නමුත් මෙම මොලේ අමාරුව සහ අසහනය පිටකිරීමේදී කිසිවකුටත් හානියක් වීමට ඉඩ දිය නොහැකි බව අවධාරණය කරන්නෙමි.

:       1       21

පිටිගල මිලානෝ Friday, 01 April 2022 01:03 PM

අනුරාධපුරේ ඥාණක්කාගේ දේවාලේ සහ හෝටලේ මුරකරන හමුදාවම කොළඹදී තම බස්‍ රථ වලට ගිනිතියාගනී...

:       169       57

pakeer Friday, 01 April 2022 01:31 PM

අවුරුදු 13 කට ඉස්සර ආමි එක ඔලුව උඩ තියාගෙන නටපු සිංහලයෝම දැන් ආමි එකට දොස් පවරනවා. මේ තත්වයට වගකියන්න ඕනෙත් මේ දේශපාලුවන්ම තමයි. මේ අයව ආරක්ෂා කරන්න ගිහින් තමයි හැමදාම ලාංකිකයා දෙකඩ වෙන්නේ... ඒක දැනගෙන වැඩ කරන්න..

:       5       39

BamunuarachchiFriday, 01 April 2022 06:43 PM

ආමි එකත් සිංහල.

:       3       4

de silva Friday, 01 April 2022 01:35 PM

මේ 2022, දැනගනිල්ලා, 2019 කළ විදිහට අපිව රවටන්න බොලාට බැහැ. හමුදාවේ බස් ගිනි තියලා යනතුරු හමුදාව උඩ බලාගෙන හිටියද? ජනාධිපතිගේ ස්කොඩ් එකේ ගිනි නිවන උපකරණ නැද්ද? මේවා කියපල්ලා කොණ්ඩේ බැඳපු චීන්නුන්ට...!

:       141       28

Mama Friday, 01 April 2022 02:05 PM

වසල රජා භංග වේවා. උද්ඝෝෂණයේ යෙදුණු අහිංසක, අසරණ පිරිස් තවත් අසරණ කීරීමට හොර පාලකයින් කළ තවත් නරුම වැඩක් මේ ගිනි තැබීම...

:       47       53

BamunuarachchiFriday, 01 April 2022 06:41 PM

ඔය කිව්වේ ජෙප්පන්ගේ මහා කෙනාට නේද?

:       8       10

Jagath Friday, 01 April 2022 02:20 PM

වාහනවලට ගිනි තිබ්බේ හමුදාවෙන්, ඒක පැහැදිලිව පෙනුණා. හමුදාවෙත් ඉන්නවනේ කටු සූප්පු කරන්න කැමැති කට්ටිය. වෙන රටක නම් හමුදා නායකයින් මෙලහකටත් මේ දුෂ්ඨ පාලකයින්ව හිරභාරයට අරගෙන ඉවරයි. අපට කොයින්ද එච්චර රටට ආදරය කරන, ජනතාවට ආදරය කරන හමුදා නායකයින්..!

:       88       32

BamunuarachchiFriday, 01 April 2022 06:40 PM

තව ජෙප්පෙක් කතා කරයි... අසව් අසව්... 1971 බස් ගිනිතිබ්බේ ආණ්ඩුවෙන්. බැංකු කැඩුවේ ආණ්ඩුවෙන්. ට්‍රාන්ස්ෆෝමර් ගිනිතිබ්බේ ආණ්ඩුවෙන්... හැබැයි ජිනදාස විජේවීර ආදාහනය කලේ ජෙප්පොද?

:       2       8

mb Friday, 01 April 2022 02:33 PM

සාමය...!

:       16       7

ඇනාච Friday, 01 April 2022 03:00 PM

ඊය් බස් ගිනි තිබ්බේ ආණ්ඩුව... 89 කොල්ලො කෙල්ලො මැරුවේ ආණ්ඩුව, 83 කළු ජුලිය කළේ ආණ්ඩුව, 70 ගණන් වල තරුණයින් මැරුවේ ආණ්ඩුව... හැබැයි කියන්නේ අන්තවාදීන්, ත්‍රස්තවාදීන්, විප්ලවකාරීන් කරනව කියායි...

:       58       28

BinaraFriday, 01 April 2022 03:36 PM

අන්න ඒකයි. හමුදාව හෙන නරකයි, අනිත් උන් හෙන හොඳයි. විකාර කියවන්නෙ නැතුව හිටින්. අපිට නම් පේන්නෙ මෙතන ආණ්ඩු විරෝධය මඟහැරවන්න විරෝධතාව හමුදාව පැත්තට හරවන්න කට්ටියක් දත කන බව.

:       0       0

ගමේ එකාලාFriday, 01 April 2022 04:12 PM

පාස්කු ප්‍රහාරය කෙරුවෙත් දුශිත බලලෝබි ,පවුල් පාලන ආණ්ඩුව .

:       0       0

BamunuarachchiFriday, 01 April 2022 06:36 PM

අසව් අසව් ත්‍රස්තයෙක් කතා කරයි.

:       0       0

hesaSunday, 03 April 2022 05:38 PM

පොලිසිය සහ යුද හමුදාව නැත්නම් ඔබලාට මෙහෙම සිංහලන් ලියනවා තියා සිංහලෙන් හිතන්වත්, සිංහලෙන් හුස්ම ගන්නවත් ලබෙයිද අද..?

:       0       0

mB Friday, 01 April 2022 03:01 PM

ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දය අත්‍යාවශ්‍යයි.

:       3       129

BamunuarachchiFriday, 01 April 2022 06:35 PM

කාට චන්දෙ දෙන්නද? ජෙප්පන්ට පුලුවන්ද රට ඩොලර් ගෙනෙන්න . මොකද ජෙප්පෝ බලයට ආවොත් රටට ඩොලර් එනවද? අපි එව්න ටිකත් නවත්තනවා.

:       0       0

nimalka Friday, 01 April 2022 03:21 PM

හදවත් රෝගියෙක් වන ජනාධිපතිතුමා මෙහෙම හිතනවා ඇති. මම අවංකව මේ රට හදන්න හිතුවා. ඒත් මට වැරදුණා. අද මුළුරටම මට එරෙහි වෙලා.

:       8       43

Shan Friday, 01 April 2022 06:47 PM

අත් අඩංගුවට ගන්න ඕනෑ. පොලිසිය සහ යුද හමුදාවේ ඉන්න අය.. පරම්පරාවලටම හෙණ ගහන්න ඕනෑ..

:       48       3

hesa Friday, 01 April 2022 07:02 PM

ආහ්- එතකොට 71, 89, ත්‍රස්යින්... එදා ඒ අපරාධකාරී කුරිරු ක්‍රියා නොකළේද, සෙල්ලම්, හැංගි මුත්තන් ද කලේ..? අවුරුදු 60 කට පසු නැවත එවැනිම දේ කරන්නේ හුරුව ඇති නිසයි. අත්අඩංගුවට ගත් අයට නිදහසක් නොදිය යුතුයි.. 83 කළු ජූලියේ වූ විනාශ දෙමළ කොටි සෙල්ලම් පිස්තෝල ඇතැතිව විනෝද ගමන් ගියාද?

:       5       47

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 9 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 420 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 756 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 1058 1

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 964 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 1853 2

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 525 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2059 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site