IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘‘මල් වඩමෙන් පවා ගසා කෑ යුගය වෙනස් කරනවා“

“අවමංගල්‍ය උත්සව වලට ශෝකය ප්‍ර‍කාශ කරන බව පවසමින් මල් වඩමෙන් පවා ගසා කෑ යුගයක් තිබුණේ යැයි ද මේ රටේ අනාගතය සදහා කරන ලද වෙනස්කම්වල දි ආණ්ඩුවේ දැක්ම සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ පැහැදිලි අවබෝධයකින් ඉතාමත් පවිත්‍ර‍ශීලී, නිර්මල අධිෂ්ඨානශීලී භාවයකින් කටයුතු කරන අවස්ථාක් ලෙස වර්තමානය හැඳින්විය හැකියැයි ද“ අද (03) පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ කළ කතාව සම්පූර්ණයෙන් මෙසේය.

මා ජනාධිපති ධූරයට පත්කරගන්නා විට දුන් ප්‍ර‍ධානත ම පොරොන්දුව වූයේ විධායක ජනාධිපති ධූරයේ බලතල අවම කිරිම, ඉවත් කිරීම එසේ නැතිනම් තනතුරේ බලතල සම්පූර්ණයෙන් අහෝසි කිරීම පිළිබඳ පවතින ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව තුළ 19 වැනි සංශෝධනය කිරිමට අපේක්ෂිත යෝජනා අපි සකස් කරලා ඉදිරිපත් කළෙත් ජනමතවිචාරණයකින් තොරව ජනාධිපති ධූරයේ බලතල ඉවත් කළ හැකි ප්‍ර‍මාණය මෙපමණයි කියා ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා. ඒ අනුව මේ ගරු පාර්ලිමේන්තුව උත්තරීතර සභාව කළහැකි උපරිම ලෙස ඒ කාර්යය ඉටුකරනු ලැබුවා.

පසුගිය අගෝස්තුවට පෙර පැවති පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක බලයක් තිබුණා. එදා පැවති මම නියෝජනය කළ ආණ්ඩුවට එදා තුනේන දෙකක බලයක් අවශ්‍ය කිසියම්ම ජනතාවදී පනතක් ඒ අවුරුදු පහේ දී පාර්ලිමේන්තුවේ සම්මත වුණා කියලා මට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තුනෙන් දෙකක බලය පාවිච්චි වුණේ 18 වැනි සංශෝධනය තුළ ජනාධිපතිවරයා සතු අසීමිත බලතල ලෝකයේ වෙනත් කිසිමයම්ම රාජ්‍ය නායකයකුට නොමැති ආකාරයෙන් තවත් ශක්තිමත් කර ගැනීම සඳහායි. නමුත් අපි ඉතාමත් සතුටු වෙනවා. ඒ පාර්ලිමේන්තුව තුළම පුළුවන්කම ලැබුණා 19 වැනි සංශෝධනය සම්මත කරලා ජනාධිපතිවරයා සතු බලතල ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් අනුව කළ හැකි උපරිම ලෙස බෙදා දීමට අවශ්‍ය කටයුතු කිරීමට ඒ තුළ මේ රටේ ප්‍රජාතන්ත්‍ර‍වාදය, නිදහස සහතික කිරීමක් පැහැදිලිවම සිදුවුණා.

ගරු කතානායක තුමනි, වසර 40ට වැඩි කාලයක් දේශපාලන ක්ෂේත්‍රයේත්, මාධ්‍ය තුළත්, පොදු ජනතාව අතරත් දැඩි ලෙස සාකච්ඡාවට බදුන් වුණා ස්වාධීන මැතිවරණ කොමිසන් සභාවක් පිළිබදව. ඒ අවුරුදු 40ට වැඩි කාලයක් පොදු ජනතාවගේත්, දේශපාලන ක්ෂේත්‍රයේත් ඉල්ලීම මීට පෙර කිසියම් ආණ්ඩුවකට ඉෂ්ඨ කළ නොහැකි වුවත් මිට සති 03කට පෙර අපට පුළුවන්කම ලැබුණා සම්මත කරගන්නා ලද 19 වන සංශෝධනය තුළ ස්වාධීන මැතිවරණ කොමිසන් සභාව පිහිටුවන්න. එය මේ රටේ ජනතාවගේ නිදහස් ඡන්ද බලයේ ඉතාම විශිෂ්ඨ ජයග්‍ර‍ණයක් විදියටයි අපි දකින්නේ.

මැතිවරණ දූෂණ පිළිබද, මැතිවරණ අක්‍ර‍මිකතා පිළිබද මැතිවරණයේ දී සිදුවන බරපතල නිති විරෝධී ක්‍රියා පිළිබඳව අපි දන්නවා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම ඉතිහාසයේ කළු ලප තිබෙනවා. ප්‍ර‍ධාන දේශපාලන පක්ෂ දෙකම ඇතැම් මැතිවරණවල දී කටයුතු කළ ආකාරය සම්බන්දයෙන් අපකීර්තියක් තිබෙනවා. නමුත් එවැනි අත්දැකීම් තුළත් කිරීමට නොහැකි වූ මැතිවරණ කොමිෂන් සභා පිහිටුවීම අපි මේ රටේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තහවුරු කළා වගේ ම සිදු කළා. අවුරුදු 40ට වැඩි කාලයක් මේ රටේ ජනතාවගේ ඉල්ලීමක් ඉෂ්ඨ කළා වගේ ම අපිට රටටත්, ලෝකයටත්, ජාත්‍යන්තරයටත් පැහැදලිවම කියන්න පුළුන්කම ලැබෙනවා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභා පිහිටුවීම තුළ මේ රටේ ජනතාවගේ ඡන්ද බලය නිදහස් හා සාධාරණ ලෙස සහතික කිරීමේ ඒ ඓතිහාසික කාර්ය භාරය අපේ ආණ්ඩුව තුළ ටු කළා කියන කාරණය.

මැතිවරණ කොමිෂන් සභාව වගේම අනෙක් කොමිෂන් සභා 09ක් අපි මේ වන විට පිහිටුවලා තිබෙනවා. ඒ කොමිෂන් සභා තුළ ස්වාධීනව කෙරෙන්නා වූ කාර්යයන් අපි සහතික කරලා තිබෙනවා. අධිකරණ ක්ෂේත්‍රයේ තිබෙන ස්වාධීන තත්ත්වය පිළිබද අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු කරන අයගේත්, මේ රටේ පොදු මහජනතාව තුළත් ඉතාමත් පැහැදිමක් තිබෙනවා. දේශපාලන බලපෑමකින් තොරව අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමට ලැබීම පිළිබදව.

අපිට රටක් වශයෙන් ශ්‍රේෂ්ඨ ලෙස නැගී සිටීමටත් ලෝකයේ ජාතීන් අතර ප්‍ර‍බල ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයින් ගොඩනගන්නත්, ලෝකයේ වඩාත් සංවර්ධනය වෙමින් දියුණුවන රටවල් සමග තරගකාරි ලෙස කරට කර ඉදිරියට යන්නත් මේ විශ්ව සමාජය තුළ ශ්‍රී ලාංකික ජනතාවගේත් හෙට උපදින දරුවන්ගේත් අනාගතය සදහා හොද රටක් ගොඩනගන්න, සුබවාදි රටක් ගොඩනගන්න, ජාතික වශයෙන් තිබෙන වගකීම් ඉෂ්ට කරන්න, මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවගේ ආශිර්වාදය සහ සහයෝගය අපට අවහ්‍යයි වගේ ම ජාත්‍යන්තර සහයෝගයත් ඉතාමත් අත්‍යාවශ්‍ය වනවා.

පසුගිය කාලය තුළ අපට තිබූ ප්‍ර‍ශ්නය තමයි අපි රට ගොඩනගන්න ඉදිරියට යාමේ දි ජාත්‍යන්තර වශයෙන් ඇතිවී තිබූ බෙදීම. අපි නිසා ලෝකය බෙදුණා. අපි නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය බෙදුණා. අපි නිසා එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිෂන් සභාව බෙදුණා. අපිට සිටි දිර්ඝකාලීන මිත්‍ර‍යන් අපෙන් ඈත් වුණා. අපේ රටේ සංවර්ධනයට අත දුන්න අපි වෙනුවෙන් කථා කළ. අපි වෙනුවෙන් පෙනී සිටි අපේ සංවර්ධනයට පුළුල් දායකත්වයක් ලබාදුන් ලෝකයේ ප්‍ර‍බල රාජ්‍යයන් සහ ප්‍ර‍බල ජාතීන් අපෙන් වෙන් වුණා.

නමුත් ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව කරන ලද ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී විප්ලවය තුළ අපේ පෞද්ගලිකත්වය තුළ නොව අපේ ප්‍ර‍තිපත්තිය, අපේ වැඩපිළිවෙල, අපේ දැක්ම තුළ ගරු කතානායක තුමනි, අපිට රටක් විදියට පසුගිය දශකයේ තිබූ තත්ත්වය හා සංසන්ධනය කරන විට අද ලෝකයේ කිසිදු වාද බේදයකින් තොරව, කිසිදු සතුරු කඳවුරක් නොමැතිව, කිසිදු සතුරු රාජ්‍යයක් නොමැතිව, කිසිදු ජාත්‍යන්තර සතුරු සංවිධානයක් නොමැතිව සියලු ජාත්‍යන්තර සංවිධාන තුළ සහ සියලු රාජ්‍යයන්ගේ අවංක මිත්‍රයෙක් ලෙස අපිව අද පිළිගැනීම ජාත්‍යන්තරය තුළ ඉතාම පැහැදිලිව පෙනී යන කාරණයක්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අපි නියෝජනය කළ අවස්ථාවේ රාජ්‍ය නායකයින් අප වෙත දැක්වූ මිත්‍ර‍ශීල භාවය, පොදු රාජ්‍ය මණ්ඩලය තුළ අප වෙත දැක්වූ මිත්‍ර‍ීලීභාවය ඉතා ඉහළයි. විශේෂයෙන් ම පොදු රාජ්‍ය මණ්ඩලය තුළ නායකත්වය ගන්නා මහා බ්‍රිතාන්‍යය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල නායකයින් ලංකාවේ රාජ්‍ය නායකයකුට පසුගිය කාලය තුළ මුණ ගැසිමේ අවස්ථාව සදහා ඉඩ කඩ ඇහිරිලා තිබුණේ. නමුත් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වූ අවස්ථාවේ පැය කිහිපයක් තුළ මට පුළුවන්කම ලැබුණා ඒ ප්‍ර‍ධාන රාජ්‍ය තුනේම නායකයින් හමුවෙලා මිත්‍ර‍ශීලී සබදතාවයන් ශක්තිමත් කර ගැනීමට

ඒ වගේ ම පසුගිය සතියේ මම සහභාගී වූ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද සමුළුවේ දී ඒ සමුළුවේ අරමුණු ඉෂ්ට කර ගැනීමට අපි ශ්‍රී ලංකා රජය විදියට පෙනී සිටියා වගේ ම අපේ මතය, අපේ වැඩපිළිවෙල සහ අපේ දැක්ම ඉදිරිපත් කළා වගේ ම එහිදී රාජ්‍ය නායකයින් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා විදියට, මේ රටේ ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් මා වෙත දැක්වූ කෘතඥතාවය, සෙනෙහස, මිත්‍රශීලීබව ඉතා යහපත්.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා සමග සාකච්ඡා කළ අවස්ථාවේ මම ප්‍ර‍ධාන වශයෙන් ම කියා සිටියා අපේ ධීවර ප්‍ර‍ශ්නය පිළිබඳව, ඒ වගේම ජීඑස්පී ප්ලස් ප්‍ර‍ශ්නය, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යතුමා බොහොම පැහැදිලිව සඳහන් කළා යුරෝපා සංගමය සමග එම ධීවර කටයුතු පිළිබඳ තිබෙන ප්‍ර‍ශ්නය ඉතා කඩිනමින් අවසන් කිරීම සඳහා එතුමා මැදහත් වෙනවා කියා. ඒ වගේම අපේ රටේ නිදහස, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් සහතික කරමින් ආණ්ඩුවක් විදියට කටයුතු කරන වෙලාවේ අපේ රට දියුණු කිරීමට අපට ආර්ථික ආධාර අවශ්‍යයි කියන එක මම සඳහන් කළා. එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යතුමා බොහොම පැහැදිලිව ප්‍ර‍කාශ කළා මේ සම්බන්ධයෙන් තිබෙන බිලියන 06ක අරමුදල තුළ අපට ආධාර කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙනවා කියන එක.

ගරු කතානායක තුමනි, අපි අසුබවාදී විදියට සියලු දේ ගැන හිතන්නේ නැතිව, අසුබවාදී කණ්ණාඩියකින් සැමවිටම බලන්නේ නැතිව රටක් විදියට රටේ අනාගතය සදහා අපි බැඳිය යුතු වෙනවා. ඉතාමත් සුබවාදි ආකල්ප සමග

මේ රටේ ප්‍ර‍ධාන ප්‍ර‍ශ්නයක් ව තිබූ දීර්ඝකාලීන යුද්ධය අවසන්වීමෙන් පසු පශ්චාත් යුද සමයේ දී කළයුතු කාර්යයන් සහ වගකීම් අපි නිසි ලෙස ඉටු නොකළ නිසා නැවත මේ රටේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට නව ආණ්ඩුවක් විදියට ගතහැකි ක්‍රියාමාර්ග ගැනීමේ දී මේ රටේ සිටින සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ඒ සියලුම ජාතීන් අතර ජාතික සංහිදියාව, මිත්‍ර‍ත්වය, සහෝදරත්වය ඇති කිරීම සදහා අපි ආණ්ඩුවක් විදියට පූර්ණ කැපවීම කරනවා කියන එක පැහැදිලිව ප්‍ර‍කාශ කරන්න ඕන.

විශේෂයෙන් ම උතුරේ සහ දකුණේ ජනතාව අතරේ අවිශ්වාසය තුරන් කිරීම, සැකය දුරු කිරීම, මිත්‍රශීලී භාවය ඇති කිරීම, හදවත් හදුනා ගැනීම ආගමික වශයෙන් භාෂා වශයෙන් ජාතීන් වශයෙන් අපේ තිබෙන සංස්කෘතික තත්ත්වයන් තේරුම් අරගෙන රටක් විදියට ඉදිරියට යන්නට සහෝදරත්වයෙන් ඒ සියලු දෙනා සමග කටයුතු කිරීමේ වැදගත්කම ඉතා පැහැදිලිව අවධාරණය කරමින් ඒ සදහා අවශ්‍ය සියලු විසඳුම් අපේ රට තුළත්, ජාත්‍යන්තර වශයෙන් ලබාගත හැකි ආශිර්වාදය තුළ ඉටු කිරීමට පැහැදිලිවම කැපවෙනවා කියන එක ඉතාම පැහැදිලි ලෙස මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මැතිතුමාත්, මමත් ඒ වගේ ම ආණ්ඩු පක්ෂය විදියට කටයුතු කරන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අනෙක් සහෝදර මිත්‍ර‍ශීලී දේශපාලන පක්ෂත් කරන සියලු කටයුතුවල දී විපක්ෂය විදියට පෙනී සිටින සියලුම ගරු සහෝදර මන්ත්‍රීවරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා අපි රටක් විදියට මේ ගෙන යන වැඩපිළිවෙලට ඔබේ අවංක ආශිර්වාදය සහ සහයෝගය අපට ලබාදෙන්න කියන එක.

ප්‍ර‍ධාන වශයෙන් ම ජනාධිපති ධූරයේ බලතල ඉවත් කිරීම සදහා ඉදිරියේ දී නව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවක් සම්මත කරමින් ඒ සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් පාර්ලිමේන්තුව ශක්තිමත් කරලා මේ රටේ ජනාධිපති ධූරයට පත්වන පුද්ගලයන්ගේ තිබෙන චරිත ලක්ෂණ එක්ක ඇතිවන බලපෑම්, මෙහෙයවීම්, රාජ්‍ය පරිපාලනයේ කළමනාකරණය ඒවා පිළිබඳ දිය හැකි එකම විසඳුම ලෙස අපි දකින්නේත්, මම පුද්ගලිකව දකින්නේත් ජනාධිපතිවරයා සතු බලතල සම්පූර්ණයෙන් ම පාර්ලිමේන්තුවට පැවරීම කියන එක මම දැඩි ලෙස විශ්වාස කරනවා. මේ සඳහා ඉදිරියේ දී කටයුතු කිරීමේ දී තමුන්නාන්සේලා සියලු දෙනාගේ සහයෝගය මා ඉතාමත් ගෞරවෙයන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති ධූරයේ කටයුතු කර අවුරුද්දක් සම්පූර්ණවීමට නව මාසයයි තිබෙන්නේ, ප්‍ර‍ධාන වශයෙන් ම මම පැහැදිලි කරන්න ඕන ගරු අගමැතිතුමා ජනාධිපති කාර්යාලයේ වියදම් ඇස්තමේන්තුව ඉදිරිපත් කරමින් ඒ පිළිබඳ සදහන් කළා. මම ඒ සම්බන්ධයෙන් එතුමාට ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම ගරු කථානායකතුමනි, මම කියන්න ඕන, මැතිවරණයට පෙර මම දුන්න පොරොන්දුව මත මේ දක්වා කටයුතු කිරීමේ දී විදේශ සංචාරවල දී මීට පෙර තිබූ ඒ පූර්වාදර්ශය අපි සම්පූර්ණයෙන් ම ප්‍ර‍තික්ෂේප කරලා මගේ විදේශ සංචාරවල දී ඉතා සීමිත පිරිසක් තමයි නියෝජනය වුණේ, ශ්‍රී ලංකන් ගුවන් යානා සම්පූර්ණයෙන් අරන් මම ගමන් ගියේ නැහැ. ශ්‍රී ලංකන් ගුවන් යානා මම ගෙනිහිල්ලා එහේ තියාගෙන සිටියේ නැහැ. සම්පූර්ණ වාර්තා තිබෙනවා. මේවා රහසක් නොවෙයි. 280ක් යන්න පුළුවන් ශ්‍රී ලංකන් ගුවන් යානයේ සම්පූර්ණයෙන් 280ක් පුරවාගෙන ගිහිල්ලා ඒ යානා දින තුන හතරක් තියාගෙන ඉදලා මේ රටේ ආර්ථිකයට කරන ලද එම බලපෑම් පිළිබද අපි ඇත්තටම කණගාටු වෙන්න ඕන.

ඒ වගේ ම හෙලිකොප්ටර් පාවිච්චි කිරිමේ දී මම මැතිවරණයට පෙර පැහැදිලිවම කිව්වා මා යන නිල ගමනක් හැරෙන්නට මගේ බිරිද හෝ දරුවන් වෙනුවෙන් ඒවා ගෙනියන්න කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ කියා. මම අදවන විටත් සත්‍ය ලෙසම එය ඉෂ්ඨ කරලා තිබෙනවා. ඉදිරියේදීත් මම එය ඒ ලෙසම ඉටු කරනවා.

ගුවන් යානා පාවිච්චි කිරීම තුළ පසුගිය දශකය ගත් විට රටේ ආර්ථිකයට ඇතිවි තිබෙන බලපෑම, ඒ වගේ ම හෙලිකොප්ටර් පාවිච්චි කිරීමේ දී වාර්ෂිකව කර තිබෙන වැය කිරීම් මම මේවායේ ගණන් මිනුම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ අසීමිත තත්ත්වය රටේ ජාතික ආර්ථිකයට උසුලන්න බැරි ආකාරයට තමයි සිද්ධ වෙලා තිබුණේ. එම තත්ත්වය අපි වෙනස් කරලා තිබෙනවා. ඒ ආදර්ශය දීලා තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය 1700ක් හිටපු එක අපි 700ක් දක්වා අඩු කරලා තිබෙනවා. අගමැතිතුමා කියපු විදියට වාහන අනෙකුත් රජයේ ආයතනවලට බෙදා හැරලා තිබෙනවා. වියදම් අඩු කරලා තිබෙනවා. අවමංගල්‍ය උත්සවවලට ශෝකය ප්‍ර‍කාශ කිරීමත් ඒ කටයුතු කරන ලද කාර්ය මණ්ඩලවල පිරිස් ගසා කෑමක් විදියටයි පාවිච්චි කරලා තිබෙන්නේ, මල් වඩමිනුත් ගසා කාලා තිබෙනවා. නමුත් අපි ඒ තත්ත්වය වෙනස් කළා. මම මේවා සම්බන්ධයෙන් කිසිසේත් හිටපු ජනාධිපතිතුමාට දොස් කියන්නේ නැහැ. නමුත් ඒ කාර්යය මණ්ඩල කළමනාකරණය කිරීමේ දී ඔවුන් කරන්නේ කුමක් ද ? කළේ කුමක් ද ? නොකළේ මොනවාද ? කියන එක සොයා නොබැලීම නිසා ඒ විදියට අවමංගල්‍යයට දෙන මල්වඩමිනුත් ගසා කාපු යුගයක් අපි අවසන් කළා කියන එක සදහන් කරන්න ඕන.

දේශපාලන වශයෙන් පවිත්‍රතාවයකින්, අවංක අධිෂ්ඨානශීලී භාවයකින් බලය බෙදීමේ පූර්ණ සංකල්පය මත ජාතීන් අතර මිත්‍ර‍ත්තවය සහයෝගය ගොඩනගමින්, ජාතික සංහිදියා පිළිවෙත ශක්තිමත් කරමින් ඉදිරියේ දී මේ රටේ යුද්ධයක් ඇතිවීම වළක්වමින් සමෘද්ධිමත් ආර්ථිකයක් සමග නිදහස් රටක් ගොඩ නගන්න මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අද සිටින ජනතාව වගේ ම හෙට උපදින දරුවන් වෙනුවෙන් ඒ වගකීම සහ යුතුකම අපි අවංකව ඉෂ්ඨ කරන බව ප්‍ර‍කාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.



අදහස් (0)

‘‘මල් වඩමෙන් පවා ගසා කෑ යුගය වෙනස් කරනවා“

ප්‍රනාන්දු Friday, 04 December 2015 10:10 PM

ලක්මාල් ,රජය සතු මහජන සම්පත් කලින් වගේ ගජ මිතුරන්ට උණු උණුවේ කුණු කොල්ලයට විකුණා ගැනීමට නොහැකිවීමයි ඔබගේ පැනයට පිළිතුර. (නි)

:       0       0

හිරාන් Friday, 04 December 2015 02:38 AM

අර මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියට මොකද වුණේ හැබෑටම? (නි)

:       0       0

ඩිල්ෂාන් Friday, 04 December 2015 11:42 PM

කටින් බතල කොළ හිටවමුද රැවටිලි ලෙස! කළ දෙයක් නම් පෙනෙන්නට නැත! (නි)

:       0       0

සමන් Friday, 04 December 2015 04:50 AM

මල් වඩමෙන් ගසාකන එකයි මල් වඩම් යුගයක් බිහිකර ගසාකන එකයි බොහොම වෙනස් (නි)

:       0       0

ස්ටැන්ලි Friday, 04 December 2015 04:46 AM

හිරාන්, එහෙම එකක් වුණ බව මම දන්නේ නැහැනේ (නි)

:       0       0

ජයනාත් Friday, 04 December 2015 04:59 AM

පසුගිය ආණ්ඩුවේ හිටියෙම නැද්ද? අවසානයේ රැවටුනේ මහජනතාව? මහජනතාවනි , කරුණාකර බලා සිටින්න (නි)

:       0       0

රුවන් Friday, 04 December 2015 04:57 AM

මේ නරාවළ සුද්ධ කිරිමට ඔබතුමා ගන්නා උත්සාහයම මහා කුසල් කර්මයකි. ජයවේවා! (නි)

:       0       0

ප්‍රසන්න Friday, 04 December 2015 05:17 AM

දැන් ඉන්න කට්ටිය රහත් වුණ අයද දන්නෙ නැහැ. කොහොමත් යුගය වෙනස්කරන්න ජනතාව බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

සෙන්සා Friday, 04 December 2015 05:20 AM

මොකක් හරි වැඩක් හරියට කරල පෙන්නන එ්ක කයිවාරුවට වඩා හොද දෙයක්. (ම)

:       0       0

ඩිමේෂ් Friday, 04 December 2015 05:45 AM

ඉස්සර නං මල් වඩමවත් තිබුනා. දැන් නං මල් වඩමත් නැහැ ගසා කෑම විතරක් නම් ඉතිරියි! (බ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 04 December 2015 03:17 PM

ඉරේෂ්, ඔබ හරි. (නි)

:       0       0

ඉරේෂ් Friday, 04 December 2015 06:35 AM

ඔබතුමා හොඳයි මළ ගෙවල්වල කතා කර කර ඉන්න ... පාළුව යන්න. (රේ)

:       0       0

අමරදාස Friday, 04 December 2015 07:03 AM

අලුත් කට්ටිය පරණ අයට වඩා දශමයක් හොඳයි. ඒ නිසා අප කළ යුත්තේ පරණ යුගයට යාමට තැත් කිරීම නොව අලුත් කට්ටිය දශමයකින් නොව සිය දහස් ගුණයකින් පැරණි ක්‍රමයට වඩා යහපත් ලෙස රට පාලනය කරන බවට වග බලා ගැනීමයි. එසේ කිරීමට නම් මහජනතාවත් විශේෂයෙන් දේදුනු විප්ලවයට උර දුන් සිවිල් සංවිධාන 47 ත් ඇස් කන් ඇරගෙන පසුවෙමින් හොඳ දේට ප්‍රශංසා කරන අතර වැරදි දේ නිර්දය විවේචනයට ලක් කළ යුතුයි. එසේ නොකලොත් අලුත් කට්ටියත් පහු පහු වෙනකොට කරන්න හදන්නේ පරණ කට්ටියගේ සෙල්ලමමයි. (රේ)

:       0       0

ගයාන් Friday, 04 December 2015 07:19 AM

ජනපතිතුමා ගන්න තීරණ අදට වඩා වටින්නේ හෙට උපදින අපේ දරුවන්ට. කව්රු මොනවා කීවත් ඔබේ ගමන යන්න (ම)

:       0       0

විජිත් Friday, 04 December 2015 07:33 AM

අපරාදේ මල්වඩම් යුගය ඉවර කෙරුවේ ? (අ)

:       0       0

සේන Friday, 04 December 2015 07:38 AM

මල් වඩම් යුගය කිවුවේ කොටි බෝම්බ ගහපු කාලේ ගැන වෙන්න ඇති .දිනකට කීදෙනෙක් මැරුවද ? යුද්දේ ඉවර කළ නිසා මොනතරම් ජීවිත හා දේපල ඉතුරු වුණාද ? (අ)

:       0       0

ගයාන් නෙත්මි Friday, 04 December 2015 07:49 AM

හැමෝම මුලින් එනකොට ඔහොම කිව්වා.. බලමු.. දැන් අවුරුද්දකට ආසන්න කාලයක් ගෙවිල ගියා.. තව මාස 6-7ක් බලමු.. ඔබතුමාත් ඔය කියනවා වගේ රට ස්ථාවරයකට ගෙනේවිද කියලා.. අපි ඔබෙන් සරුසාර හෙට දිනක් බලාපොරොත්තු වෙන්නෙමු. (අ)

:       0       0

දුමින්ද Friday, 04 December 2015 07:48 AM

වසරක 30ක මල්වඩන් යුගේ අවසන්ය (බ)

:       0       0

ලක්මාල් Friday, 04 December 2015 07:59 AM

මොකද දෙයියනේ දැන් ගසා කන්නේ නැත්නම් හැම එකටම මෙච්චර බඳු ගහන්නේ.(හේ)

:       0       0

සේන Friday, 04 December 2015 07:39 PM

මහින්ද පාලන යුගයේ අඩුපාඩු, දුෂණ, වංචා ගැන කිසිම කෙනෙක් කට ඇරියේ නැහැනේ. තමන්ට හිමිව තිබු ව්‍යවස්ථාපිත වරප්‍රසාද වලට මුවාවෙලා තම තමන්ගේ අනාගත අපේක්ෂාවන් මුදුන්පත් කරගත් එක තමා කළේ (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 04 December 2015 10:01 PM

කතාව පමණනේ. කෝ 10 ගුණයේ සංවර්ධනය?අපි බලාපොරොත්තු තබාසිටින්නේ රට සංවර්ධනය වෙනවා දකින්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1193 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 499 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 635 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2188 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2153 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 901 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22605 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22533 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 357 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site