ඇම්ස්ටර්ඩෑම් සිට මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවර වෙත පියාසර කරමින් තිබූ මලයාසියා ගුවන් යානයක් යුක්රේන රුසියා දේශසීමාව ආසන්නයේ දී කඩා වැටී ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය කියයි. එම්.එච්.17 දරණ මෙම යානයේ මගීන් 295ක් සිටි බව ද වාර්තා වේ. අවසන් වරට යුක්රේනයට ඉහළ අහසේ දී රේඩාර් තිරයේ මෙම යානය සටහන්ව ඇතැයි ද වාර්තා වේ. මොස්කව් ගුවන් සේවය පවසන්නේ යානය නැගෙනහිර යුක්රේනයේ පොළව මතුපිටට කඩා වැටී ගිනිගනිමන් පවතින බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැලේසියාවට හරිම නැ වගේ. අ)
මෙහෙම ගියොත් නම් ඉතින් මැලේසියානු ගුවන් සේවය වහලා දාන්න වේවි. (නි)
මේකට අනිවාර්යයෙන්ම ඇමෙරිකාව සම්බන්ධ ඇති. ඇමෙරිකාව හැමවෙලාවේම කළ දේවල් වල හැටියට, රුසියාවට ගහන්න ඇමෙරිකාව සහ යුක්රේන හමුදාව එක්ව කළ දෙයක් වෙන්න පුලුවන්. (නි)
මේ ගුවන් මාර්ගයේ ගමන්කිරීම නතර කරන්න වෙයි වගේ (නි)
අපේ ගුවන් සේවයත් ලන්ඩන් යනකොට ඔය යුක්රේණය රට හරහා යන එක නවත්තන්න ඕනේ. (අ)
දැනට මාස කීපයකට පෙරත් මලයාසියානු යානයක් මුහුදට කඩාවැටුනා නේද? (නි)
මියගිය අය වෙනුවෙන් අපේ කණගාටුව! (නි)