(රොමේෂ් මධුෂංඛ)
‘ඇනෝපීලිස් ස්ටීවන්සායි’ නැමති නව මැලේරියා මදුරු විශේෂයක් මන්නාරමෙන් හා වවුනියාවෙන් හමු වීමත් සමග සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති අතරම ජනතාව තුළ බියක් ඇතිව තිබේ.
මෙම නව මැලේරියා මදුරු විශේෂය ඉන්දියාවෙන් පළමුව වාර්තා වී ඇති අතර මර්ධනය කිරීමටද තරමක් අපහසු බවට සෞඛ්‍ය බලධාරීන් පවසති.
ජාතික මැලේරියා මර්ධන ඒකකය පැවසූවේ නව මැලේරියා වාහක මදුරුවා තලෙයිමන්නාරම ප්‍රදේශයේ පේසාලේ ළිඳක තිබී පළමුව සොයාගත් බවත් පසුව වවුනියාවේ බස්නැවතුම්පල ආසන්නයේ සහ ළිඳක තිබී හමු වූ බවත් ය.
කෙසේ වෙතත් මේ දිනවල අදාල මදුරු කීටයින් සොයා වවුනියාව නගර ආශ්‍රිතව විශේෂ පරික්ෂණයක් කෙරෙන බවත් ඒ නිසා ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවත් ජාතික මැලේරියා මර්ධන ඒකකය පැවසීය.
“ වවුනියාවෙන් එවැනි මදුරු විශේෂයක් හමු වූවත් මේ වන තුරු එවැනි රෝගීන් කිසිවෙක් වාර්තා වෙලා නැහැ.එවැනි රෝගයක් පැතිරීමේ බියකුත් නැහැ.නමුත් මේ මදුරුවා පැතිරීම වළක්වා ගැනීමට තමයි අපි මේ දවස්වල කටයුතු කරන්නේ.මේ මදුරු වාහකයා නගර ආශ්‍රිතව සිටින මදුරුවෙක්.අපි පිටරටින් එන මැලේරියා රෝගීනුත් බොහෝ ප්‍රමාණයක් හඳුනාගන්නවා.පිටරටින් එන රෝගීන් අතර මේ මදුරු විශේෂයේ රෝගීනුත් ඉන්නවනම් මෙය පැතිරෙන්නටත් පුළුවන්. “යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය වෛද්‍ය සරත් අමුණුගම මහතා පැවසීය.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මැලේරියාව ගෙනයන නව මදුරුවෙක් මන්නාරමෙන්