IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මල්ෂා රවිහාරි ”නර්ථන කිරුළ” දිනූ රහස

  SAN_1257

 

මෙවර සිරස ඩාන්සින් ස්ටාර් කිරුළ හිමිකර ගනු ලැබුවේ දිවුලපිටියේ මල්ෂා රවිහාරි විසිනි. ඇය මෙලෙසින් නර්තන කිරුළ හිමිකර ගැනීම එක්තරා විදියක දෛවෝපගත සිදුවීමක් ලෙස සඳහන් කළ හැකිය.
ඩාන්සින් ස්ටාර් තරගය සඳහා අයදුම් කළ පසුව සිරසින් ලැබුණු කැඳවීමේ ලිපිය ඇයගේ තාත්තා විසින් සඟවා තබණු ලැබිණි. නමුත් දෛවය යනු හරි පුදුමාකාර දෙයකි. එසේ වූ පසු මල්ෂා නැවත මේ නර්තන කිරුළ දක්වා ගමනක් ගියේ කෙසේද? මල්ෂා රවිහාරි නර්තන ශිල්පිණිය සමග අපි කතාබහකට එක්වෙමු.

 

fj
button ඔබ ගැන විස්තර ටිකක් කිව්වොත්?
මම ඉගෙන ගත්තෙ මීගමුව ආවේ මරියා කන්‍යාරාමයෙන්. පවුලේ හය දෙනයි. අම්මයි, තාත්තයි, අයියයි, මල්ලිලා දෙන්නයි. අම්මා ගුරුවරියක්. තාත්තා ව්‍යාපාරිකයෙක්. අයියා දුම්රිය ස්ථානාධිපතිවරයකු ලෙස සේවය කරනවා. පාසල් ගිය කාලයේදී මම ගොඩාක් ප‍්‍රසිද්ධ වෙලා හිටියෙ මලල කී‍්‍රඩිකාවක ලෙසයි. දුර පැනීමේ ඉසව්වට වඩා දක්ෂ වුණා. නාවික හමුදා මලල කී‍්‍රඩා සංචිතයේ වසර හතරක් කටයුතු කළා. දුර පැනීමේ අංශයෙන් දකුණු ආසියාතික මලල කී‍්‍රඩා උළෙල 2010 ශ්‍රී ලංකාව නියෝජනය කළා. බස්නාහිර පළාත් තුන් පිම්ම අංශයේ වාර්ථාවකට හිමිකම් කියනවා.

 


button එතකොට ඔබ නර්තනයට සම්බන්ධ වුණේ?
කුඩා කාලයේ ඉඳලාම නර්තනයට ආසා කළා. උසස් පෙළට මුහුණ දුන්නෙත් නර්තන විෂයයන්ගෙන්. පසුව ජාතික තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායමට සම්බන්ධව කටයුතු කළා. මේ අතරවාරයේදී තමයි සිරස ඩාන්සින් ස්ටාර් තරගයට අයදුම් කළේ.

 


button ඇයි කී‍්‍රඩිකාවක ලෙස ඉදිරියටම නොගොස් නර්තනය ගැන හිතුවෙ?
එය කී‍්‍රඩාව වගේම ජීවිතය හා බැඳී තිබුණු දෙයක්. කුඩා කාලයේ ඉඳලාම ගෙදර සාරි පටලවාගෙන කොහේ හරි උඩක නැගලා නර්තනයේ යෙදුණු බව අම්මා අදටත් කියන දෙයක්.

 


button හරි, අපි ඒ ගැන අම්මාගෙන් අහමු? ඇත්තද දුව මේ කියන කතාව?
එතකොට එයාට අවුරුදු එකහමාරක් විතර ඇති. අපේ පාසලේ ප‍්‍රසංගයක් තිබුණා. ඒ ප‍්‍රසංගයේදී මෙයාටත් නටන්න  ඕනැය කියලා ඇඬුවා. ඊට පස්සෙ එක වසරෙ පුංචිම ළමයකුගේ ඇඳුමක් අන්ඳවලා මෙයාව වේදිකාවට යැව්වා. එදා ප‍්‍රසංගයේ තිබුණු සෑම නැටුමකටම මෙයා නැටුවා. අන්තිමට බොහෝම අමාරුවෙන් වේදිකාවෙන් ගත්තෙ. මෙයා හරි නිර්භීත චරිතයක්. කුඩා කාලයේදී බිම තැබුවාම මෙයාව අල්ලන්න අපි දුවන්න  ඕනෑ. මෙයා ගිහින් කොහේ හරි උඩක නැගලා හිටියෙ.

 


button මල්ෂා මේ තරගාවලිය සඳහා අවසන් මහා තරගය තෙක් ඉසව් කීපයකට ඉදිරිපත් වුණාද?
නර්තන ඉසව් 22 කට විතර මුහුණදීමට සිදුවුණා.

 


button ඒ නිර්මාණ සැලසුම් කළ විදිය ගැන සහ වියදම් දැරූ විදිය ගැනත් කිව්වොත්?
එකින්-එකට එක් එක් විදියෙ නිර්මාණ සහ වියදම් දරන්න සිදුවුණා. ඒ අතරින් ගොඩාක්ම විශේෂිත දේ වුණේ ජල තටාකයක කළ නර්තන අංගයයි. ඒ තටාකය නිර්මාණය කර දුන්නේ අපේ තාත්තා. ඒකට ලක්ෂ දෙකක විතර වියදමක් දැරුවෙත් තාත්තා. ඒ තටාකය සිරස පරිශ‍්‍රයට ගෙනාවාම ජලය පිරෙව්වෙ බවුසර්වලින්. ඇත්තටම එවැනි දෙයක් කිරීමට අවකාශය දුන්න සිරසට අපි ස්තුතිවන්ත වෙන්න  ඕනෑ. ඒ වගේම කේබල් (රැහැන්) පද්ධතියක එල්ලි කළ නිර්මාණයන් රියැලිටි තරගයක කළ පළමු වැන්න වුණා. නැවක් කුණාටුවකට හසුවූ දර්ශන ඉසව්වත් වෙනස්ම නිර්මාණයක් වුණා. ඇත්තටම මේවා එකින් එකට ගිය වියදම අපි ගණන් බැලූවේ නැහැ. නිර්මාණය ගැනයි හිතුවෙ.

 


button ඇයි මේ විදියට ලොකු වියදමක් දරලා නර්තන අංග ඉදිරිපත් කරන්න හිතුවේ?
එකින් එකට වෙනසක් කරන්න සහ නිකම්ම නර්තනයක් පමණක් ඉදිරිපත් කරන්න මට  ඕනෑ වුණේ නැහැ.

 


button මේ විදියට වෙනස්කම් කරමින් කළ නර්තන අංග වෙතින් ඔබට වඩා අසීරු වුණේ?
ජල ටැංකියේ කළ නර්තනය ගොඩාක් අසීරු වුණා. මොකද වතුර ටැංකිය ඇතුළට ගියාම ගීතයෙහි හඬ ඇසුණෙ නැහැ. නමුත් සජීවි පටිගත කිරීම නිසා එය නිවැරැුදිව කරන්න සිදුවුණා.

SAN_1254

 


button දැන් කියමු බලන්න, ඇයි එදා තාත්තා ඔයාගෙ අයදුම්පතට සිරසෙන් ලැබුණු කැඳවීමේ ලිපිය ඔබට නොදුන්නෙ?
ඇත්තටම මම පවුලේ එකම ගැහැණු ළමයා. අම්මයි-තාත්තයි හරිම කාර්යබහුලයි. මේකට තේරුණොත් මාව එක්කගෙන යන්න එන්න වෙන්නෙ එයාලටයි. ඉතින් අම්මා තමයි ඒක හංගලා තියෙන්නෙ. කොහොම වුණත් සිරසෙන් ඇමතුමක් ආවා. ශ්‍රීමනි ලියනගේ මගේ නැන්දා. ඇය තමයි මුලින් මාව එක්කගෙන ගියේ. හොඳම 32 අතරට ආවාම අපේ තාත්තා කිව්වෙ අනිවාර්යයෙන්ම ඔයා තමයි ජයගන්නෙ කියලා. තාත්තා කිව්වොත් දෙයක් වෙනවා. අන්තිම මොහොතේ මම බැලූවෙ තාත්තාගෙ මුහුණ දිහා. තාත්තාගේ හිිනාවෙන් මට තේරුණෙ මම තමයි ජයගන්නේ කියලයි.

 


button තාත්තාගෙන් අපි දැන ගන්න කැමැතියි ඇයි එදා මෙයාට සිරසින් ලැබුණු කැඳවීමේ ලිපිය හැංඟුවේ?
එකම දුවනෙ. දරුවෝ හතර දෙනාටම මම ගොඩාක් ආදරෙයි. මම හරිම කාර්යබහුලයි. ඉතින් දුව අරගෙන යන්න වේලාව නැති නිසා තමයි එහෙම කළේ. මාත් වෙස් බැන්ඳ නැට්ටුවෙක්. නර්තනයට ආසයි.

 


button මල්ෂා අන්තිමට තව මොනවද කියන්න තියෙන්නෙ?
මගේ නර්තන සර් සංඛ ප‍්‍රසාද්, විලාසිතා කළ සංජු (සතිස විලාසිතා) අයියා, මගේ දෙමාපියන්, සහෝදරයින් මට ගොඩක් උදව් කළා. ඇත්තටම මේ කිරුළ තවම මට සිහිනයක්.

sadun-gamage



අදහස් (0)

මල්ෂා රවිහාරි ”නර්ථන කිරුළ” දිනූ රහස

හර්ෂණ දිනේෂ් Tuesday, 30 June 2015 05:02 AM

මමත් ආසයි නැටුම් වලට.ඔයාට මේ ලැබුන අවස්ථාවෙන් අනාගතය හදාගන්නවට මම ගොඩක් කැමතියි .ඔයාට දැන් ගෙදරින් ප්‍රශ්නයක් නැහැ කියල මම හිතනවා ඒ හින්ද හොද අනාගතයක් හදා ගන්න හොදින් වැඩ කටුතු කරගෙන යන්න.ඔයාට සුබම සුබ අනාගතයක් මම ප්‍රර්ථනා කරනවා. (බ)

:       0       0

සරා Thursday, 25 June 2015 10:13 AM

කාවින්ද මල්ෂාගේ අසංවරකම කොහෙද තියන්නේ? නිකන් ඊර්ෂියා කරන්න එපා (ම)

:       0       0

පැටි ටොරොන්ටෝ Monday, 29 June 2015 01:46 PM

ඔබගේ ජයග්‍රහණයට හදවතින්ම සුබ පතමි. (බ)

:       0       0

රසල් හේමන්ත Tuesday, 30 June 2015 08:03 AM

සුභ පැතුමි මල්ශා නංගි ඔයා හැමදේකටම දක්ෂයි. ඔගස්ටින් සර් ඔයා ගැන ආඩමිබර වෙනවා ඇති. අපිටත් ගොඩක් ආඩමිබරයි ඇත්තටම සතුටුයි රසල් අයියා....(නදී)

:       0       0

සමන්ත Saturday, 04 July 2015 05:02 PM

ආදරණීය මල්ෂා,සුභ පැතුම් අපෙන්! (නි)

:       0       0

සෙනරත් Wednesday, 01 July 2015 12:40 PM

ඔබට මගේ සුභ පැතුම්, හොද දිගු ගමනක් යන්න වාසනාව ලැබේවා (නදී)

:       0       0

සජීව Thursday, 25 June 2015 07:10 AM

ඔයා තමයි නියම ස්ටාර්... (නි)

:       0       0

රංගනාත් වෙදගේ Thursday, 25 June 2015 05:26 PM

කාවින්ද, ටිකක් උපේක්ෂාවෙන් ගැහැණු ළමයි දිහා බලන්න පුරුදු වෙන්න.එයාලා දක්ෂතා තිබෙන අපේ ළමයි. (නි)

:       0       0

කවින්ද Thursday, 25 June 2015 07:42 AM

ඡායාරූප වලට සිටියදී මේ වගේ පාසල් යන ළමයෙක් ටිකක් සංවර විදියට හිටියොත් නරකද? (නි)

:       0       0

දිනේශ් Thursday, 02 July 2015 06:17 AM

මල්ෂා ඔයාට මගෙන් උණුසුම් සුභ පැතුම් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 833 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 941 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1659 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2081 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 526 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1075 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35824 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site