සිය නැගෙනියගේ දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තැයි 16 හැවිරිදි සිසුවකු 2000 අප්‍රේල් හතර වැනි දා කපා කොටා මරා දැමූ මල් ශාලා හිමිකරුවකුට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය අද මරණ දඬුවම නියම කළාය.
නඩුවේ දෙවැනි විත්තිකරු නඩු විභාගය අතරතුරදී මිය ගොස් තිබුණු අතර තුන් වැනි විත්තිකරු චෝදනාවලින් නිදහස් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලෝ කෙල්ලෝ ඔහොම තමයි මල් වයසට.(නදී)
ඉතා හොද පුවතක් හුග කාලකින් පස්සේ.(නදී)
මල් හල් හිමිකරුට ඔවැනි ගැටවර කාලයක් තියෙන්න නැතිව ඇති මගේ හිතේ.(නදී)
මලමිනී කපල කොටල එම්බාම් කරන පුරුද්දට මේකත් කරන්න ඇත්තේ.(නදී)
මේ සිද්ධිය උනේ මධ්‍ය මහා විද්‍යාලය ඉස්සරහ කඩ පේලිය ගාව. මැරුණ ළමයයි මරපු කෙනයි දෙන්නම හොද චරිත නෙමෙයි. අද ඔය කියන ගැණු ළමයා බැදලා දරුවොත් ඉන්නවා. ඔතන උනේ ඉස්සර උන කෙනා ජිවිතේ බේරා ගත්තා. .හැබැයි දැන් එයාටත් මරණ දඩුවම ලැබිලනේ.(නදී)
ප්‍රබාත්ට ගොඩක් තුති සැබෑ විස්තර දුන්නට.(අ)
ප්‍රභාත්, චරිතේ ගැන හොයන්න ගියොත් කෙනෙක් මැරිච්ච නැති ගෙදරකින් අබ ටිකක් ගේනවා වගේ දුෂ්කර වැඩක් වේවි. දුෂ්ටයෙක් උනත් ඝාතනය උනොත් නීතියේ සාධාරණය ඔහුටත් උරුමයි.(නදී)
ඒ දැරිවියට තරුණයෙක් ආදරය කිරීම නොරිස්සුව නිසා මෙය සිදු වුනාද? (නදී)
රිස්වාන් ඩුබායි, මාත් සතුටුයි. ඔබ සතුටු වෙන්නේ මිනීමැරුමට කවදාවත් නොකෙරෙන මරණ දණ්ඩනය පැනවූ නිසා නේද? මම සතුටු වෙන්නේ අවුරුදු 13 කට පස්සෙවත් නඩුව ඉවර වීම ගැන. (නදී)
මරණ දඩුවම නියම කරාට අපේ රටේ ක්‍රියාත්මක නොවෙන නිසා සියළු දෙනාම වැරදි කරන්න බය නැහැ. ඔවුන් දන්නවා නිදහස් වෙන්න ක්‍රම අපේ රටේ තියෙන බව. බොහොම කලකිරීමක් ඇති වෙන්නේ අපේ රට ගැන. අහෝ දුකකි ලස්සන රටක විනාශය.(නදී)
ප්‍රබාත්, බොරු කියන්න එපා. මොන මධ්‍ය මහා විදයාලය ලඟද ඕක උනේ. සිද්ධිය ඇස් දෙකින් දැකපු කෙනෙක් වගේ කතා කරන්න එපා. ඔයාට ඕනෙම නම් මේක ගෙන හැම විස්තරයක්ම කියලා දෙන්නම්.(නදී)
තුෂාර මම දන්නේ නැහැ ඔයා මොන ගමේද කියලා. මේක උනේ අපේ ගමට අල්ලපු ගමේ. ඔය මල් ශාලාව තියෙන්නේ වේයන්ගොඩ කිරිදිවෙල පාරේ ෂෙඩ් එක ඉස්සරහ. ඔය මැරුණු ළමයයි මරපු කෙනයි නෑදෑයෝ. ඕක වෙලා දැනට අවුරුදු 10 විතර වෙනවා. කිරිදිවැල සෙන්ට්‍රල් එක ඉස්සරහ ඉස්කෝලවත්ත නිවාස පැත්තට වෙන්නයි සිද්දිය උනේ. මම ඔය දෙන්න ගැනම හොදට දන්නා නිසයි කිව්වේ ඉස්සර උන කෙනා බේරුනා කියලා.(නදී)