බොදු බල සේනාවෙන් බව කියමින් අද සවස හතරට මාවනැල්ලේ පවත්වන්නට ගිය රැස්වීමක් උසාවි නියෝගයකින් නැවැත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මාවනැල්ලේ දී පවත්වන්නට යන බව කියන රැස්වීමට තම සංවිධානයේ කිසිම සම්බන්ධයක් නැතැයි බොදු බල සේනාවේ සම්බන්ධීකාරක දිලන්ත විතානගේ මහතා කියයි.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේ මහසෙන් නම් සංවිධානයකට අද මාවනැල්ලේ දී රැස්වීමක් පැවැත්වීමට අවසර දී ඇත්ද යන්නයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ලටම වඩා වැදගත් රටේ සාමයයි (නි)
ඉවසීමෙන් වැඩ කරමු යුද්ධ ඕන නැහැ (දී)
මෙහි අදහස් පළකර ඇති සියලුම ශ්‍රි ලාංකිකයින්ට මගේ උතුම් ස්තුතිය. ඒ මන්ද යත් ජාතිවාදයෙන් තොර අදහස් ප්‍රකාශ කළ නිසා. (නදී)
හන්දියක් හන්දියක් ගානේ කුඩු, ගංජා, කසිප්පු විකුනනවා, ඕව නවත්තන්න බැ. අහිංසක කොල්ලෝ ටික බාර ගන්න ඕන නම් කුඩු ගෙන්න එවුන් අල්ලලා එල්ලලා දාන්න.(අ)
අප රටේ තියෙන නීති පද්ධතිය ශක්තිමත්.වැඩේ තියෙන්නේ එක හරියට ක්‍රියාත්මක නොකිරීමයි. පොලිසිය ස්වාධින කර, පොලිසියේ ඔලු සෝදා ආකල්පමය වෙනසක් ඇති කර, වැරදිකරන පොලිසියට වෙනම නීතියකින් දැඩි දඬුවම් දෙන රටාවක් ඇති කිරීමට සැවොම පෙළ ගැසිය යුතුයි.(අ)
ලංකාවේ සිට ක්‍රියාත්මක වෙන ත්‍රස්තවාදී සංවිධාන තහනම් කරන්න ඕන නැද්ද? මිනිස්සු නීතිය අතට ගන්නේ රටේ නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවන නිසා බවයි මගේ අදහස, (අ)
සමහර අදහස් දුටුවහම පුදුමත් හිතෙනවා (නි)
නීතියට ගරු කරන්න (දී)
අපි ඔක්කොම එකයි යුද්ධය එපා (දී)
කුමත්‍රණ වලට හසු නොවී බුද්ධිමත්ව වැඩ කරන්න ඕනේ කාලයක් දුප්පත් රටවල් යුද්ධ කරන කොට ලොකු රටවල් වල ආයුධ විකිනෙනවා (දී)
සියලුම ත්‍රස්තවාදී සංවිධාන මර්දනය කළ යුතුයි (නි)
රටේ සාමය නැතිවෙන ආකාරයේ කිසිදු සිදුවීමකට ඉඩදෙන්න එපා (නි)
මිනිසුන්ට තමන්ගේ ජාතිය ,ආගම ගැන ආදරයක් නොමැති එක තමා අපේ අවාසනාව (නි)
රටේ සාමය සමගිය ස්ථාපිත කරවන ආකාරයේ සිදුවීම් හැරෙන්න වෙනත් කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබමු (නි)
මුහුණු පොතෙත් ලොකු වීරයන් ගොඩක් ඉන්න බව පෙනෙනවා. මේවා ගැන ජාත්‍යන්තර රටවල් හිතන ආකාරය ගැන සමහරු හිතන්නේ නැහැ (නි)
සියලු දෙනාම එක මවකගේ දරුවන් මෙන් සිටිමු (නි)
මෙහි අදහස් පල කරන ගොඩක් අය බුද්දිමත් විදියට හිතනවා. රටට වැඩි වැඩියෙන් බුද්ධිමතුන් පහල වේවා! එතකොට හෙට දිනය සුන්දර දිනයක් වේවි. (දී)
මීට පෙර අප කියනා ලද දේවල් ඒ කාලයේ කවුරුත් ඇසුවේ නැහැ. නමුත් දැන් දැන් සියල්ලන්ම වටහාගන්නා බව පෙනේ. සතුටුයි. නමුත් දැන් ගොඩාක් ප්‍රමාදයි. (විශ්ව විද්‍යාල සිසුවෙක්)
මමත් රසිකට එකඟයි (නි)
අපේ රටට මුලින්ම අවශ්‍ය හැම දෙනාටම එක වගේ ක්‍රියාත්මක වෙන නීතියක්. (නි)
පියුමි මෙහෙරා, ඔයාට පිස්සුද?මොනවාහරි කරලා එහෙනම් ඔයා ඔයාගේ ගෙදරට මොකක්හරි කරගන්න.එතකොට ඔයාට ගතියක් එයි. අනුන්ගේ ගිනි ඇවිළෙනතුරු බලා ඉන්න එපා. (නි)
අපිට නැවතත් මේ පුංචි රටට විනාශවෙන්න දෙන්න බැහැ. අපි කවුරුත් සමගියෙන් සහ සමාදානයෙන් මැරෙනකම් ජීවත්වෙමු. (නි)
ඉතාමත් බුද්ධිමත් කාලෝචිත තීරණයක්. මම පොලිස් මහත්වරුන්ට ස්තූතිය ප්‍රකාශ කරමි (නි)
මෙහිදී රටේ සාමය ස්ථාපිත කිරීමට පොලිසිය වැනි වගකිවයුතු අංශ වලට පැවරී ඇත්තේ ලොකු වගකීමක් (නි)
මේකේ මේ ප්‍රතිචාර දාලා තියෙන්නේ බෞද්ධ අයද කියා පොඩි ප්‍රශ්ණයක් ඇති වෙනවා (නදී)
රටේ ජාති වාදී ප්‍රශ්ණ ඇති වේ යැයි සිතන සියළු ආගමික සංවිධාන තහනම් කළ යුතුයි (නදී)
ඉම්රාන් අපි කියන්නෙත් එකට ඉමු කියලා තමයි. ඔයාලගේ කට්ටිය තමයි එක එක ඒවා ගෙනැල්ලා හර්තාල් දාලා එක එක දේ කරන්නේ (නදී)
දැන්වත් ඇති තේරුණා ජාතිවාදී සංවිධාන සියල්ල තහනම් කරන්න (නදී)
බහුජාතික රටක් වන අපි මීට වැඩිය බුද්ධිමත් විය යුතුයි. (නි)
ඔව් ඔව් සියලු සංවිධාන තහනම් කරවන්න. බඩගින්නේ මිනිස්සු මැරෙන්න අරින්න. වකුගඩු පිළිකා වලින් මැරෙන්න අරින්න.ඒකට කමක් නැහැ, කට අරින එක නවත්වන එකයි වැදගත්. දේශපාලු තුමාලට වැජඹෙන්න අමාරුයි මිනිස්සුන්ට කතා කිරීමේ නිදහස ලැබුනොත්.(නදී)
බොහොම හොඳයි (නි)
අවුරුදු 30 ක් දුක්වින්දා ඇති. මැරෙන්නයි කකුල් දන් දෙන්නයි කොල්ලෝ නැහැ (නදී)
මේ වෙලාවේ සිහි බුද්ධියෙන් වැඩ කරන්න (දී)
එහෙම කාටවත් තීරණය කරන්න බැහැ නමුත් මේ වෙලාවේ ගත්තු කාලෝචිත තීරණයක් (දී)
නීතියට අවනතව වැඩ කරන්න එතකොට කාටවත් වරදින්නේ නැහැ (දී)
අපි කාටවත්, කිසිවෙකුටත් දොස් නගා ගන්න බැහැ අපි සියලු දෙනාගේම අතේ වැරදි තියෙනවා, මේ අදහස් පල කරපු මගේ අතේ පවා (දී)
සියලු සංවිධාන තහනම් කරන්න ඕනේ (දී)
මෙම සංවිධාන සියල්ලම තහනම් කරන්න ඕන රටේ අනාගතය වෙනුවෙන් ජාති ආගම භේදයක් නැතුව (දී)
මම හරි කියන්නෙ නැහැ, නමුත් වැරදියි කියන්නෙත් නැහැ, කාලෝචිත තීන්දුවක් (දී)
සියලු අනත්වාදී සංවිධාන තහනම් කරන්න වැඩේ ඉවරයි (දී)
ආගම් හා ජාතිකත්වය පදනම් කර සිදු කරන සියළු රැස්වීම් හා වෙනත් අන්තවාදී ක්‍රියාකාරකම් තහනම් කිරීම වඩා කාලෝචිත බව සිතමි .(දී)
නියමයි (දී)
දේශපාලනය අවශ්‍ය තැනට නැහැ (දී)
ආගමට මුවාවී ජාතීන් අතර ගෙටුම් එතිකරන සියලු සංවිදාන තහනම් කිරීමෙන් මෙවෙනි දේවල් වැළක්විය හැකිය (දී)
මමත් ප්‍රදීප්ගේ ඒ කියමනට එකඟයි. (ස)
දැන් කරන්න තියෙන හොදම දේ තමයිි රැස්වීම් තහනම් කිරීම. කල්ලි ගැසීම තහනම් කිරීම. ඒ වගේම මෙම නීති උල්ලංඝනය කරන්නවුන් ජාති ආගම් තාරාතිරම් නොබලා අත්තඩංගුවට ගන්නත් ඕනා. රට මහා ව්‍යසනයකට ඇද දමන "රත් වූ ලේ" මේ විධියටවත් පාලනය කලයුතුයි.(නදී)
ඉතා බුද්ධිමත් පිරිසක් ලංකාදීපයට සමීප බව පැහැදිලියි. (නදී) .
ඔහොම තමයි වෙන්න ඕනේ (නදී)
තුනක් මැරිලා. තව බරගානක් තුවාල වෙලා. තව දේපල විනාශ වෙලා. ඊටත් අමතරව ජාත්‍යන්තරයේ අපේ රටගැන කළු පැල්ලමක් ඇති කළාටත් පස්සේ නැගිටලා තියෙන්නේ. (ස)
දැන්නම් තේරෙනවා මොනවද වෙන්න යන්නේ කියා (නදී)
හොඳ අදහස. (ස)
අන්තවාදී සියළු කල්ලි තහනම් කරන්න (නදී)
නීතියට ගරු කරන්න ඕනේ (දී)
මොනතරම බාධා ආවත් නොනවතෙනු (දී)
ප්‍රශ්න දුර දිග යන්න දෙන්න එපා....කල දේ හොදයි (දී)
කව්රුවත් නීතිය අතට ගන්න එපා (දී)
ඇත්ටටම හොඳම ප්‍රතිචාර දැක්කේ අද.බුකියට ගියොත් බහුතරය ජාතිවාදීන්.මේ වගේ පිරිසක් ලංකාවේ ඉන්නවනම් කොච්චර හොදද?. (දී)
දෙපැත්තේම අන්තවාදින්ව අත් අඩංගුවට ගත යුතුයි (නදී)
නිදහසින් පසු නිදහසේ ඉන්න නොදී ජාතිවාදී අදහස් කරපින්නා ගෙන දගලන එක හොඳ වැඩ නොවේ. තවත් මිනිස් සංහාරයකට පාර කැපෙන බව පෙන්නපු අයට ඒ අය කිව්වේ උඹලත් කොන්ද පන නැති අය කියා. මන් අහන්නේ දැන් සනීපද කියලා. (නදී)
තවත් ජීවිත අහිමි වෙන්න ඉඩ දෙන්න එපා. අපි ඔක්කොම එකා වගෙ ජීවත් වෙමු (නදී)
ඔය ජාතිවාදී සියලු සියලු සංවිධාන තහනම් කරන්න. ආයෙත් අපිට යුද්ධයක් එපා. (නදී)
කාලෙකට මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕනනේ නැත්නම් කිසිම ගතියක් නැහැ (දී)