IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මාවුස්සා කැලේ ඉඩම් අරාබියට දෙන්න යයි

(අංජුල මහික වීරරත්න)

සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් අරාබි  එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්මන්ට් එල්.එල්.සී ආයතනය වෙත දීර්ඝකාලීන බදු පදනම මත ඉඩමක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්මන්ට් ආයතනය විසින් පූර්ණ වශයෙන් සෘජු විදේශ ආයෝජනයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 25ක් යෙදවීමෙන් හෝටල් සංකීර්ණයක් ඉදිකර ඉදිකර පවත්වාගෙන යාමේ ව්‍යාපෘතියක් සඳහා දැනට ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින මාඋස්සාකැලේ ජලාශයට යාබද ව පිහිටි ඉඩම් කොටසක් හා ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් දිගු කාලීන බදු පදනම මත ලබා ගැනීම පිණිස ව්‍යාපෘති  යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අදාළ ආයතන වල එකඟතාවය ලබා ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස එකී සමාගම වෙත එම ඉඩම් කොටස් දිගු කාලීන බදු පදනම මත ලබා දීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.



අදහස් (16)

මාවුස්සා කැලේ ඉඩම් අරාබියට දෙන්න යයි

wedage Tuesday, 27 June 2023 03:40 PM

කොමිස් එක කීයද දන්නේ නෑ නේ

:       3       7

Chathuri Tuesday, 27 June 2023 04:37 PM

කඩල කනවා වගෙ ටික ටික කන්නෙ නැතිව. මී හරක්‍ට මොලයක් තියෙනවානම්. එන්ගලන්තයට. ම දුන්නනම් අහලා ඉවරනේ සම්පුර්න රටම. මුන්ට යටත් වෙලා හිටපු එක හරි ලැජ්ජයි. දැන් වෙන දේවල්. හරි සතුටුඇති. පොකට් පිරෙනවානෙ කපු ටු. රැලගෙ එකෙක් ටවත් සන්වර්දනය කියන. දෙදන්බෙම නැහැ නෙ. හිගා කන්නයි පොලියට ගන්නයි. විකුනන්නයි දන්නෙ. උබලා සේරම පොලී මුදලාලිලා කරන වැඩ. ඒ විදියයි. කොහොමත්. මන්ද බුද්දික කට්ටියක් නෙ රට පාලනය කරන්නෙ. උගතුන් පොරකනවා. රට ඉල්ලලා. මුන් අනිනවා රට දෙන්නෙ නැතිව. ඉන්දියාවේ මුතු ඇටය. මුතු ඇටය අරන් දමලා. මේදයෙන් පිරුනු උබලගෙ පුන්චි මොලේ. තිබ්බා නම් හරි

:       2       10

tharang Tuesday, 27 June 2023 06:32 PM

මේ නම් පිස්සු වැඩක්.බොන්න තියන වතුර ටිකත් නැති වෙන වැඩක් .අපවිත්‍ර දේවල් ජලයට එකතු වෙනවා .ඒක නවත්වන්න බැහැ

:       4       8

Jagath Wickramasekara Tuesday, 27 June 2023 09:28 PM

හොඳ වැඩක් .. අපිට අවශ්‍යයි වැඩි වශයෙන් ආයොජකයින්

:       6       14

Bamunuarachchi Tuesday, 27 June 2023 10:08 PM

මේකට තමයි කියන්නේ බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන්ගොනාට දෙන්නෙත් නැහැ කියලා. අපේ එවුන්ට මෙතරම් විසාල මුදලක් වැය කර ව්‍යාපෘති කරන්නත් බැහැ කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ.

:       4       12

chandima Tuesday, 27 June 2023 11:34 PM

ඒ කාලේ සිංහලයිනි මා නුඹලාගේ ම රජෙක් වී ඇවිත් නුඹලාගේ රටත් ජාතියත් විනාශ කර දමන්නෙමි කිවුවලු නේද ?

:       7       5

chandima Tuesday, 27 June 2023 11:38 PM

අනුමැතිය දුන්නු උන් මහජන නියොජිතයෝ කිවුවට රනිල්ගේම නියොජිතයෝ නේද?

:       4       8

Nimal Wednesday, 28 June 2023 06:50 AM

මෙ අසලම තිබෙන සමනොල කන්දට කුමක්ද කරන්නෙ?

:       6       5

ඩයනා Wednesday, 28 June 2023 06:54 AM

මාවුස්සා කැලේටත් අරාබි වසන්තයක් උදා වෙන්න යන්නෙ. බොහොම හොදයි.

:       1       9

disanayaka Wednesday, 28 June 2023 07:54 AM

දියවන්නාඔයට හරක් ගොවිපළක් හදන්නත් දෙනවා නම් හොඳයි

:       3       9

ලුම්බිණි Wednesday, 28 June 2023 08:10 AM

මේ වගේ ව්‍යාපෘති සඳහා පාරිසරික වාර්තා ගන්නේ නැද්ද? මේවා පුද්ගලික ඉඩම් නොවෙයි.

:       4       8

චිරන්ත Wednesday, 28 June 2023 08:49 AM

ඔය ව්‍යාපෘතිය විදුලි බල මණ්ඩලයට කරන්න බැරිද ඔය වැඩෙන් අපිට ලැබෙන්නේ ඉතාමත් සුලුම බිම් කුලියක් නේද

:       4       6

SAM Wednesday, 28 June 2023 09:07 AM

ලෝකයේ දියුණුම විශාල රටවල් උවද සංවේදී පරිසර කලාපයන් තුල සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම යොදා ගන්නේ නැත, ලංකව කුඩා කුඩා රටකි.එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටකට සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ලබාදුන් පසු වෙනත් රජයන් යටතේ උවද මෙවැනිම හෝටල් හෝ වෙනත් ව්‍යාපෘති ඉදිකිරිම සදහා අවස්ථව ලබාදීමට හැකියාව පවතී .එමගින් ක්‍රමයෙන් ලංකාවේ පවතින සංවේදී පරිසර කලාපය විනාශ වීම සිදුවේ, සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියකින් කොපමණ මුදලක් ලැබුනද විනාශ වන පරිසරය නැවත නගා සිටුවීමට මුදලින් තක්ෂේරු කිරීමට නොහැක.

:       6       10

Samitha Senaka Aluthgamage. Wednesday, 28 June 2023 10:02 AM

අනේ මන්දා .. මොනවා වෙනවද,මොනවා වෙන්න යනවාද කියලා තේරෙන්නේ නැහැ.විපක්ෂයේ අයත් කෑ මොර දුන්නාට හරි අවබෝධයක් ලබාගන්නට බැහැ.ඒ දිනවල ඉන්දියාවෙන් දුන්න ගිලන්රථ සේවයට මොනවද නොකිව්වේ.ඒත් දැන් ඒ ගැන මීක් නැහැ.ඒ නිසා කොයි දේශපාලන පක්ෂ වල අයත් නිතරම දඟලන්නේ තමන් බලයට එන්නයි.හැමෝම කියන්නේ තමන් විතරක් හරි.අනිත් ඔක්කොම වැරදියි කියලයි.ඒ දේ හරියට රූපවාහිනී නාලිකා වල ප්‍රවෘත්ති කියනවා වගෙයි.හැමෝම කියන්නේ හැමෝම අංක එක කියලයි. ඒ වගේම,දේශපාලනයට ගැතිව බොරු කියන අයත් කියන්නේ,පැත්ත ගියත් ඇත්ත කියන අංක එකේ විශ්වාසවන්තම නාලිකාව කියලයි.ඒ නිසා කොයි දේශපාලකයා කිව්වත් රැල්ලට නොයා බුද්ධියෙන් විමසා බලා පිළිගැනීමයි වඩා හොඳ.

:       1       8

මොහොමඩ් රිෆාන් Wednesday, 28 June 2023 10:17 AM

ඔබ කියන කථාව සහතික ඇත්ත. නමුත් මේ යථාර්තය තේරුම් ගන්න තරම් අපේ නායකයින් සංවේදී නැහැ. මේ පරිසර පද්ධතියේ වටිනාකම අරාබියේ ඔවුනට තේරෙන තරමින්වත් අප නායකයින්ට තේරෙන්නේ නැහැ. ඒක පුදුම වෙන්න කාරණයකුත් නෙමෙයි මොකද? ඔක්සිජන් කන්නද කියල අහපු නායකයින් සිටින රටක්නේ මේක.

:       2       6

Raviya Wednesday, 28 June 2023 10:29 AM

කණ්ඩලම හෝටල ආරම්භයේදිත් මේ වගේ රට බයිලා කිව්වා. ඒත් ඒක අවසානයේ හොදම පරිසර හිතකාමී හෝටලයක් විදිහට හැදුවා. අපි බලමු මේකත් එහෙම වෙයිද කියලා. නැති උනොත් තමා ප්‍රශ්නෙ.

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 380 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 196 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 298 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 364 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 212 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 142 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 579 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site