ශත සංවත්සර ප‍්‍රංශ සවාරියේ පළමු අදියර ජයගැනීමට මාෂල් කිට්ල් සමත්විය. මාෂල් ජර්මනියේ ආගෝස් ෂිමානෝ කණ්ඩායම නියෝජනය කරයි. නෝර්වේ ජාතික තරගකරුවකු වන ඇලෙක්සැන්ඩර් කි‍්‍රස්ටොෆ් පළමු අදියරේ දෙවන ස්ථානයත් නෙදර්ලන්තයේ ඩැනී වෑන් තෙවන ස්ථානයත් හිමි කර ගත්හ.
ප‍්‍රංශයට අයත් කොසිකා දූපතේ වෙක්චිකෝ වරාය අසළින් ඊයේ (29 වැනිදා) ආරම්භ වූ ප‍්‍රංශ සවාරියේ පළමු අදියර කිලෝමීටර 213 ක දුරකින් යුතුවූ අතර එය බැස්ටියා නුවරින් අවසන් විය.
තවමත් 25 හැවිරිදි වියේ පසුවන මාෂෙල් කිට්ල් පළමු අදියරේ හොදම කෙටිදුර ධාවකයා ලෙස හරිත බැනියමද දක්‍ෂතම තරුණ ධාවකයා ලෙස සුදු බැනියමද ඇගලා ගත්තේය.
”මට හැගෙන්නේ මගේ කරේ රත්තරං තියෙනවා වගේ හැගීමක්. මට කියන්න වචන නෑ. එය විශ්වාස කළ නොහැකියි. මට හරිම සතුටුයි. මෙය ඇත්තටම මගේ ජීවිතයේ ශේෂ්ඨම දිනයක්.” යයි කිට්ල් තරගයෙන් අනතුරුව පැවසීය.
මේ වන විට තරගයේ ඉදිරියෙන් සිටින කී‍්‍රඩකයාද වන මාෂල්, කහ බැනියම ඇගලා ගනිමින් තරගයේ දෙවැනි අදියර වන බැස්ටියා සිට ඇජැකියෝ දක්වා කිලෝමීටර 156 ක දුරක් පාපැදිය පැද යාමට සූදානමින් සිටී.
තරගයේ පළමු අදියර අවසානයේදී කී‍්‍රඩකයන් අනතුරකට මුහුණ දුන් අතර ප‍්‍රංශ සවාරිය දෙවරක් දිනාගත් ස්පාඤ්ඤයේ ඇල්බර්ටෝ කොත්තඩෝර්ද තරගයේ අවසානයට කිලෝමීටර 4 ක් තිබියදී ඇද වැටීමෙන් තුවාල ලැබීය. ඉරුණු බැනියමකින් යුතුව කොන්තඩෝර් තරගය අවසන් කළද ඔහුගේ ආබාධය බරපතළ නොවන බව පැවසේ.
තරග ප‍්‍රතිඵල
1. මාෂල් කිට්ල් (ජර්මනිය)
2. ඇලෙක්සැන්ඩර් කි‍්‍රස්ටොෆ් (නෝර්වේ)
3. ඩැනී වෑන් පොපෙල් (නෙදර්ලන්තය)
4. ඬේවිඞ් මිලර් (මහා බි‍්‍රතාන්‍යය)
5. මාටියෝ ටේරන්ටින් (ඉතාලිය)
6. සුමුවෙල් ඩුමෝලින් (ප‍්‍රංශය)
7. ග්‍රෙග් හෙන්ඩර්සන් (නවසීලන්තය)
8. ජර්ගන් රෝලන්ඞ්ස් (බෙල්ජියම)
9. ජෝස් ජෝකින් රෝජා (ස්පාඤ්ඤය)
10. කි‍්‍රස් බෝක්මන් (බෙල්ජියම)
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාෂල් ප‍්‍රංශ සවාරියේ පළමු අදියර ජයගනී