IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මාස තුනට බූස්සට ජංගම දුරකතන 36 රිංගවලා

බිමල් ශ්‍යාමන් ජයසිංහ 

බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත කලාපයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "කැස්බෑව හල්පිට රැවුල් කුමාර" නැමැති  මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට  ඉකුත් මාස තුනක පමණ කාලයක් තුළ රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා ජංගම දුරකථන 36ක් ඇතුළු උපාංග රැසක් ලබා දී ඇති බවට විමර්ශනයකදී අනාවරණය වී ඇතැයි බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 

ඒ අතර ස්මාට් වර්ගයේ ජංගම දුරකථන 16 ක් සාමාන්‍ය දුරකථන 20 ක් චාජර්, සිම්පත්, ජංගම දුරකථන මතුපිට ආවරණ ඇතුළු උපාංග රැසක් වන බව පොලිසිය කියයි.

එලෙස ලබා දී තිබූ ජංගම දුරකථන 19ක එමි අංක ද ගෙන සිදුකළ මූලික විමර්ශනවලදී  මේ වන විට සොයාගෙන ඇති බව විමර්ශන නිලධාරියෙක් කීය.

ඒ බව අනාවරණය වී ඇත්තේ  බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය වෙත යුක්තිය මෙහෙයුමේ  විශේෂ රාජකාරී සඳහා පත්කර තිබෙන පොලිස් පරීක්ෂක  මුදිත ප්‍රසාද් දල්පදාදු  මහතා ඇතුළු කණ්ඩායමක් ඉකුත් 29 වැනිදා රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනා හෙරොයින් තොගයක් සමග මොරටුව මෙන්ඩිස් පාරේ කොණ්ඩා කපන ස්ථානයක දී අත්අඩංගුවට ගත්  පානදුර පරත්ත රිව් දෙව්ගම පදිංචි 31 හැවිරිදි  වියේ පසුවන කරණවැමියකු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ ගණන් හුවමාරු වූ බැංකු පොත් 3 ක් හා වීසා කාඩ්පත් 5 ක් සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගෙන සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදීය.

රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලට අයත් එම බැංකු පොත්වල රුපියල් ලක්ෂ  ගණන් හුවමාරු වී ඇති අයුරු සටහන්ව තිබීම සම්බන්ධයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවකු වන  රැවුල් කුමාර නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සමීපතමයකු වන කාරණවෑමියාගෙන් සිදු කළ වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව එම බැංකු පොත් සකසා දුන් පුද්ගලයා පිළියන්දල පදිංචි කරුවකු බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

 



අදහස් (1)

මාස තුනට බූස්සට ජංගම දුරකතන 36 රිංගවලා

ලසන්ත Wednesday, 03 July 2024 09:36 AM

මේවා ඉබේ පහළ වෙන්නේ නෑනේ, වැඩ කරන නිලධාරීන්ගෙන්, සේවකයින්ගෙන් හෝ අලුතින් එන රැඳවියන්ගෙන් ලැබෙන එවානේ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1244 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 757 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1850 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 478 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2747 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37156 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24471 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site