IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මිස්ටර් බීන්ටත් අලුත් මඟුලක්

20151209-hollywood

20151209-hollywood-01අපිට පුළුවන් නම් තවත් කෙනෙක් සතුටු කරන්න, සතුටින් තියන්න මොන තරම් භාග්‍යයක්ද? මේක ලේසි පහසු වැඩක් නම් නෙවෙයි. කෙනකුගෙන් දෙන්නකුගෙන් සීමා නොවී මුළු ලොවක් සිනාවෙන් පුරවන්න පුළුවන්නම්, නම කියූ සැණින් මුවඟට සිනාවක් නැගෙන්ෙන්නම් ඉන් දැනෙන සතුට, වින්දනය කියලා නිමකරන්න පුළුවන්ද? අකුරැ කරන්නට පුළුවන්ද? එය ඒ තරමටම වින්දනීය හැඟීමක්.

ඒ විදිහට මුළු ලොවක් හිනස්සපු කෙනෙක් තමයි කොයි කවුරැත් දන්න, ආදරය කරන මිස්ටර් බීන්. මිස්ටර් බීන් කියූ සැණින් ඔබට ඔහුගේ ඒ ආකර්ෂණීය හැසිරීම මැවිලා පේනවා ඇති. පුංචි දරැවගෙ ඉඳලා වැඩිහිටියා දක්වාම මිස්ටර් බීන්ගෙන් සතුටු වෙනවා. ඔහු මුළු ලෝකයක්ම සිනහවෙන් තබන්න පුළුවන් වුණ කෙනෙක්. හැබැයි ඉතින් පහුගිය දවසක අපට ආරංචි වුණේ නම් හාත්පසින්ම වෙනස් කතාවක්.

මේ වෙද්දි දිවි සැරියේ හැටවැනි පියවරට මිස්ටර් බීන් පා තබලා. ඒ එක්කම විවාහයක් ගැනත් කියවෙනවා. බීන්ගේ විහිලුවල තරම දන්න අයට ඒ කතාවත් විහිලුවක් වගේ පෙනෙයි. නැහැ. සැබෑවටම 24 වසරක විවාහයට තිත තබලා ඔහු නැවත අලුත් වෙලා. මිස්ටර් බීන්ට ආකර්ෂණය වුණ ඇය තමයි “ලුයිස් ෆෝඩ්". ලුයිස් සිනමා හා ටෙලිනාට්‍ය නිළියක්. මේ වෙද්දි ලුයිස් ගත කරන්නෙ එයාගේ තිස්දෙහැවිරිදි ජීවිත පරිච්ඡේදය.

අපි හැමෝම මිස්ටර් බීන් කියලා කතා කළාට එයාගෙ ඇත්ත නම තමයි Rowan Sebastian Atkinson. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. 1955 ජනවාරි 06 වැනිදා තමයි ඔහු උපත ලබන්නෙ. 1978 වසරේදී තමයි මිස්ටර් බීන් එයාගේ රංගන දිවිය ආරම්භ කරන්නෙ.

මේ අතරතුර ඒ කියන්නෙ 1980 වසරෙදි මිස්ටර් බීන්ට කෙනෙක් මුණගැහෙනවා. ඇය තමයි සුනේත්‍රා ශාස්ත්‍රී. එයා බී.බී.සී. සේවයේ වේෂ නිරෑපණ ශිල්පිනියක්. මුළු ලෝකෙම බීන්ට ආකර්ෂණය වෙද්දී බීන් ආකර්ෂණය වුණේ සුනේත්‍රා ශාස්ත්‍රීට. ඔවුන්ගේ ආදරය මල්ඵල ගන්වමින් 1990 පෙබරවාරියේදී මිස්ටර් බීන් සුනේත්‍රා ශාස්ත්‍රී සමඟ විවාහ වෙනවා. මේ ආදරය තවත් තව තවත් දලුලමින් ලිලී දියණියත් බෙන්ජමින් පුතුත් ලොවට දායාද වෙනවා. වසර 24ක් පුරා ඔවුන් සිනහවෙන් දිවි සැරිය ගෙන යනවා. සුනේත්‍රා ශාස්ත්‍රීට ඔහු පණ මෙන් ආදරය කරනවා. නමුත් අද වෙද්දි මේ කතාවේ වෙනත් පිටුවක් පෙරළිලා. 24 වැනි දිවි සැරියට ඔහු සමුදීලා අලුත් ජීවිතයක් ආරම්භ කරලා. ලෝකයක් හිනස්සපු ඔහු සුනේත්‍රාගේත්, ලිලීගේත්, බෙන්ජමීන්ගේත් ඇස්වලට කඳුළු ගෙනල්ලා. 

සුනේත්‍රාගෙන් වෙන් වෙන බව මිස්ටර් බීන් මාධ්‍යයට අනාවරණය කරලා තිබුණත් ඒ කතාව කවුරැවත් විශ්වාස නොකළේ බීන්ගෙ හැටි දන්න නිසා. ඒ ඔවුන්ගේ පෞද්ගලික තීන්දු තීරණ. ඒවට හරස් වෙන්න අපිට බැහැනෙ. මොනව වුණත් අදටත් ඔහු ලොව හිනස්සනවා. එය වෙනස්වෙලා නැහැ. 2012 වසරේදී ඔහුගේ රංගනයට සමුදුන්නත් අදටත් සුවහසක් ජනතාව සමඟ ඔහු අත්වැල් බැඳගෙන ඉන්නවා.

රංගන ක්‍ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සටහන් කරන්නට මිස්ටර් බීන් හෙවත් රෝවන් සෙබස්තියන් ඇට්කින්සන් සමත් වුණා. ඕක්ස්ෆර්ඩ්හි යාන්ත්‍රික ඉන්ජිනේරැ විද්‍යාවෙන් උසස් අධ්‍යාපනය ලැබුවද ඔහුගේ උරැමය සටහන් වුණේ කලාවත් සමඟින්.

"the Appointments of Dennis Jennings" කෙටි චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් 1988 දී මිස්ටර් බීන් ඔස්කාර් සම්මාන උළෙලේදී සම්මානයටද පාත්‍රවෙනවා.

The secret Policeman's Other Ball Dead on Time, Never say Never Again, The Driven man, four wedding and a Funeral, Rat Race, Scooby – Doo, Mr. Bean's Holiday, Johnny English Reborn ආදී නිර්මාණ රුසකින් මිස්ටර් බීන් ලොව සිනහවෙන් තබන්නට උත්සාහ කළා. එය සාර්ථකත් වුණා. රංගනයෙන් පමණක් නෙවෙයි නිෂ්පාදනයෙන්, අධ්‍යක්ෂණයෙන්, පිටපත් රචනයෙන් මේ හැමදේකින්ම ඔහු සාර්ථක අයෙක්. ඒ මිස්ටර් බීන්. එදා විතරක් නෙවෙයි ඔහු අදටත් අලුත් දේවල් සොයා යන්නෙක්.

හැමදාමත් අලුත් දේවල් මවන්න මේ අය මොනතරම් නම් සමතුන්ද? 24 වසරක විවාහයට සමුදුන් ඔහු නව සහකාරියක් ජීවිතයට ළං කරගෙන. ඉතිං හෙට දවසේ මේ අය මොන මොන පුවත් මවාවිද කියලා කවුද දන්නේ. බලමු නේද? 

 - අශිකා - 

20151209-hollywood-02



අදහස් (0)

මිස්ටර් බීන්ටත් අලුත් මඟුලක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 478 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 585 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1971 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1512 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1471 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1671 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24630 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23335 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 380 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site