ඉන්දුනීසියාවේ ජකර්තා නුවර මහා මාර්ගයක සවි කර ඇති විද්‍යුත් ප්‍රචාරක පුවරුවක අසභ්‍ය දර්ශන පෙළක් ප්‍රචාරය වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මෙය අනවසරයෙන් එහි පරිගණක ජාලයට ඇතුළුවූ අයකු කළ දෙයක් බව කියති.
විනාඩි 5ක කාලයක් මෙම දර්ශන එම තිරයේ ප්‍රචාරය වී ඇති අතර බලධාරීන් වහා ක්‍රියාත්මක වී විදුලිය විසන්ධි කිරීම මගින් එය නවතා ඇතැයි වාර්තාවේ.
ජනාකීර්ණ ජාකර්තා නුවර ප්‍රධාන වීදියක බොහෝ පිරිසක් කාර්ය බහුලව සිටි අවස්ථාවක මෙම දර්ශන ප්‍රචාරය වී ඇති අතර ඒ අවස්ථාවේ ධාවනය වෙමින් තිබූ වාහන නවතා එය නැරඹීමට පුදුමයට පත් ඇතැම් පිරිස් කටයුතු කිරීමෙන් අධික වාහන තදබදයක් ඇතිවූ බවද කියති.
මෙය වහා පටිගත කරගත් ඇතැමුන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එම දර්ශන ප්‍රචාරය කර ඇති බවද සඳහන්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට ඕක වාහන නවතාගෙන බලන්න තරම් දෙයක්ද? (නි)
නියමයි (බ)
මාර වැඩ තමයි වෙන්නේ.ලංකාවේ ඔහොම වුනානම්.(හේ)
මාර වැඩ තමයි වෙන්නේ. ලංකාවේ ඔහොම වුණා නම්, එ්කත් මහින්ද මහතාගේ වැඩක් කියයි (නි)
ලංකාවේ ඔහොම වුණා නම් නිල් පාට නිසා එ්කත් මහින්ද මහතාගේ වැඩක් කියාවි (නි)
මෙය හැකර් කරුවෙක්ගේ වැඩක් කියලයි අරන්ච්චි. (ර)
කොහොමද මේක මෙහෙ වුණා නම්