
(නිමල කොඩිතුවක්කු)
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් යොමුකළ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලැබුණු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී අද පැවසීය.
අදාළ ලිපියේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත අධිකරණ අමාත්‍යවරයා සමග තමන් මහනාහිමිවරු බැහැදැක කරුණු පැහැදිලි කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරේ ඉල්ලලාද, ප්‍රකාශ කරලද,?
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරිම පිළිබඳව යෝජිත, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ස්ංශෝධනය පිළිබඳව ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ අදහස් දන්වා ලිපියක් නොලැබුණ බව ආණ්ඩුවේ පාර්ශවයෙන් පසු ගිය දිනවල ප්‍රකාශ විය. හිටි අඩියේ දැන් එවැනි ලිපියක් ලැබී ඇති බව කියයි. මහා නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය මාධ්‍යයට යොමු කළ බවක් දක්නට නොලැබිණි. මහා නායක හිමිවරුන් ජනාධිපතිවරයාට ලිපිය යොමු කළේ කවදා ද? එම ලිපිය ලැබුණේ යයි කියන බැවින් එම ලිපිය ලැබුණේ කවදා ද? එය දැන ගැනීමට මහ ජනතාවට අයිතියක් ඇත්තේ ය. බොරු කියන්නේ කවු ද?
වැඩේ චොර කරගෙන කෙන්දිරිගානවා