මහනුවර දළදා මාළිගාවේ ඇසළ පෙරහරරේ සදාතුක කරඬුව වැඩම කරගෙන යෑමට නියමිත රාජා හස්තියාට මෙවර රන් පැහැති ඇඳුමක් නිර්මාණය වේ.
වසර 45ක් පුරා මහනුවර පෙරහරේ අලි ඇතුන් සඳහා ඇඳුම් නිර්මාණය කරන කේ සී තදානි මහතා මේ ඇඳුම නිර්මාණය කරයි.
රාජාගේ ඇඳුමට රෙදි මීටර සියයක් පමණ අවශ්‍ය බව ද, ඇඳුම නිම කිරීමට රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වැය වන බව ද ඔහු පවසයි.
ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු පළමු වැනි දා ඇරැඹීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තදානි මහතා, ඔබ බොහොම පින්වත් පුද්ගලයෙක්. ඔබේ නම ගෙනියන්න ගෝලයෝ ටිකක් බිහි කරන්න. ඔබට මුළු ලාංකික ජනතාවගේම ප්‍රණාමය. ඔබට දීර්ගායුෂ පතමි. (නදී)
රුප නංගි., මේ නිව්ස් එක දැක්කම මට පෙර අපේ අදහස් ටිකක් මතක් උනා, ඔයාට මතකද බුසල් ගේ ගැන ඒ දවස් මොනතරම් සුන්දරව තිබුනද නේද...? (ස)
තදානි මහතා බොහොම පින් ඇති වැඩකට තමයි අත ගහලා තිබෙන්නේ . ඔබට යහපතක් ම වේවා!(දිල්)
පාප් වහන්සේ ලංකාවට අවම අපේ කෙනෙක් වේදිකාව හැදුවට... වතිකානුවේ උත්සව වල වේදිකා හදන්න ගෙන්නන්නේ නැහැනේ... (ස)
ඇඳුමද නිදහසද වැඩිය වටින්නේ කියල සතාගෙන් ඇහුව නම් කියල දෙයි . කට්ටියට ඇඳුම් ගැලවෙන්න . (ස)
මේක ඉතාම විශිෂ්ට දක්ෂතාවයක් (නි)
ඔබට දළදා සමිදුගේ සරණයි (නදී)
සමහරවිට මෙය නිර්මාණය කිරීමට හැකියාව ඇති සිංහල බෞද්ධයෝ ඕන තරම් ඇති. ලංකාවේ තවත් පෙරහැරවල් තියෙනවනේ. එ්ත් මේ මහත්මය අවුරුදු 45ක් තිස්සේ ගෞරවයෙන්, භක්තියෙන් මේ දේ කරන නිසා වෙන කෙනෙක් මොකටද? (නදී)
නාලක, ඔබ වගේ සිටින අය නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. මතකද පාප් තුමා ලංකාවට කලින් වතාවේ වැඩිය වෙලාවේ ගාලුමුවදුර වේදිකාව නිර්මාණය කලේ කව්ද කියලා. බෞද්ද භික්ෂුන් වහන්සේ නමක්. (නදී)
ලේසි නැහැ නේද වැඩේ? (නි)
නාලක, නිර්මාණශීලී හැකියාව, ජාතියකට ආගමකට වංසයකට කුලයකට කොටුකිරීම, සීමාකිරීම මානව වර්ගයාට කරන එක්තරා මදිපුංචි කමක් නොවේද? ශ්‍රී ලංකාවේ සංස්කෘතියේ පදනම ආරම්භ වන්නේත් මිහිඳු මා හිමියන් සමග මෙරටට පැමිණි රාජකාරී සමාජ කොටස් 18 කගෙන් ලැබුණු සේවය නිසානෙ. අපි අපිම දීන ජාතියක් කියල සන්නම් ලකුණු කිරීම බුද්ධි ගෝචර නැහැ කියලයි මම නම් දකින්නෙ. ලෝකයේ සර්ව සම්පුර්ණ සියල්ල දත් ජාතීන් ඉන්න රටක් ප්‍රදේශයක් ඇති කියල හිතන්න තියෙන වටා පිටාවක් තියනවද?. මීට කලින් ඔය ඇඳුම ඕන තරම් සිංහල බෞද්ධයෝ නිර්මාණය කළා. බුද්ධි කීර්තිසේන මහතා එවන් දක්ෂයෙක්. අනාගතයේදී ඔබ අදහස් කරන නිර්මානශීලින් බිහිවෙයි. එදාට ඔබගේ මතය නිෂේදනය වෙන්න පුළුවන්. තදානි මහතාට දීර්ගායු පතමි. (නදී)
තදානි මහතාගේ නිර්මාණ ශීලී දක්ෂතාවය ගැන ස්තුති වනවා. නමුත් ඔහු ශ්‍රී ලංකික සිංහල බෞද්ධයෙකු නෙමෙයි වගේ. වැරදිනම් සමා වෙන්න. අනේ අපේ සංස්කෘතියට ආගම ජාතිය ගැන තියෙන උත්සවයටවත් රෙද්ද මහගන්න බැරි දීන ජාතියක්ද අපි? මගේ අදහස ජාති වාදය නෙමෙයි... අපේ ජාතියේ පිරිහීම. (නදී)
අරහේ දළ පූට්ටුවා අතුරුදහන් වෙලා නේද? (නි)
මේ වසර ගණන පුරාවට අපත් සමඟ තුබුන ආදරය , සාමය මොනවට සාක්ෂාත් වෙනවද? අලුත් පරමපරාවට පැරැන්නෝ කියාදෙනවා නම් සහජීවනය කොතරම් අගේට පවතීද ? (නි)
මේක ලොකු දක්ෂකමක් (නි)
හරිම ලස්සනට ඇති (නි)
බුදු සරණයි! (නි)
හරිම ලස්සනයි. වියදමත් ඒ වගේම සැරයි (නි)