IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මහ බැංකු අධිපති රවීට උත්තර දෙයි

(රංජන් කස්තුරි)

‘‘මහ බැංකුවට හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඔවුන්ගේ දැනුම ඉතා ඉහළයි. වැඩකට නැති ප‍්‍රකාශවලට පිළිතුරු දීමට මා කාලය නාස්ති කරන්නේ නැතැ’’ යි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොළඹ මහ බැංකු ශ‍්‍රවණාගාරයේදී ඊයේ (26) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මහ බැංකු අධිපතිවරයා එසේ පැවසුවේ, එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී මාධ්‍යවේදියා මහ බැංකු අධිපතිවරයාගෙන්විමසා සිටියේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ සිටින අදක්ෂ හොරුන් නිසා උද්ධමනය ඉහළ යන බවට රවි කරුණානායක මන්ත‍්‍රීවරයා ඉකුත් දා කළ චෝදනාව පිළිගන්නේ ද යන්නය. එම ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මෙසේ කීය.

ඔය වගේ වැඩකට නැති ප‍්‍රකාශවලට පිළිතුරු දෙන්න මම කාලය නාස්ති කරන්නේ නැහැ. මහ බැංකුවට හොඳ විශිෂ්ඨ කාර්යමණ්ඩලයක් ඉන්නවා. ඔවුන්ගේ දැනුම, අවබෝධය, තාක්ෂණික ඥානය ඉතාම ඉහළයි. කිසි ප‍්‍රශ්නයක් නැහැ. කළ යුත්තේ කුමක්ද කියා අපේ නිලධාරීන් හොඳින් දන්නවා. මුදල් අමාත්‍යාංශය වැට් බදු සංශෝධනය කළා. වැට් බද්ද ඉහළ යාම නිසා උද්ධමනයත් වැඩිවුණා. මුදල් අමාත්‍යාංශය තමයි වැට් බදු ඉහළ නැංවූයේ. එය මහ බැංකු තීරණයක් නොවේ යැයි ද අධිපතිවරයා කීය.



අදහස් (20)

මහ බැංකු අධිපති රවීට උත්තර දෙයි

Rizwan DUbai Wednesday, 27 September 2017 04:50 AM

කතාවනම් හරියට හරි

:       0       76

dharshana Wednesday, 27 September 2017 04:59 AM

සම්පුර්ණ ඇත්ත රවී වගේ දුෂිතයෙකුට උත්තර දෙන්න කාලය නාස්ති කරන එක අපරාදේ ,,,,,,,,

:       0       101

Vijitha Bulathsinghala Wednesday, 27 September 2017 05:01 AM

ඉතා නිර්භීත පිළිතුරක්. කෙලින් කතා කිරීම ගැන ස්තුතියි .

:       0       143

sudantha Wednesday, 27 September 2017 05:02 AM

හා හා එහෙම කියන්න එපා. එතුමාට ඔයා මතක නැති වුණොත් ඇරෙන්නේ නැත්නම් බොරු කියන්නේ නැහැ. රවී තමයි දකුණු ආසියාවේ හොඳම මුදල් ඇමති වුණේ. ඒක අමතක කරන්න එපා.

:       9       111

Indrajith Wednesday, 27 September 2017 05:06 AM

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිටින අදක්ෂ හොරුන් නිසා උද්ධමනය ඉහළ යන බවට රවී කරුණානායක කළ ප්‍රකාශය ගැන සඳහන් කරන්න තිබෙන්නේ... රවී කරුණානායකට හොරුන් ගැන කතා කිරීමට අයිතියක් නැති බව... ඔහු ඇමැතිකමත් නැතිකරගත් පුද්ගලයෙක් නිසා...

:       0       163

Silva Wednesday, 27 September 2017 05:28 AM

මුදල් අමාත්‍යාංශය තමයි වැට් බදු ඉහළ නැංවූයේ. එය මහ බැංකු තීරණයක් නොවේ යැයි ද අධිපතිවරයා කීය. පට්ට පට පට ලොක්ක ඕකම ඇවිත් බැදුම්කර කොමිසමට කියන්නකෝ... අපරාදෙන එකට මුදල් ඇමතිය ඇල්ලුවේ... මහා බැංකුවේ වැඩ වලට මුදල් අමාත්‍යාංශය හවුල් නැහැ කියන්නකෝ...

:       321       445

indikaWednesday, 27 September 2017 08:06 AM

මහා බැංකුව එහෙම උනාට මුදල් අමාත්‍යංශයේ එහෙම නැහැ. දැක්කනේ රවී විදේශ ඇමති උනාම ලොතරැයි මන්ඩලෙයි වතු සමාගමුයි එයාගේ යටතට ගත්තේ. එයා එහෙමයි.

:       0       54

Sarath silva Wednesday, 27 September 2017 05:34 AM

රවී කොහොමද? මහා බැංකුවට ඇඟිල්ල දික් කරන්නේ එයා තමයි බැදුම්කර විභාගයේදි මතක නැහැ කියලා හොරකම පිළිගත්තෙ මුලු රටෙම ජනතාව එය හොදින් දන්නවා

:       1       261

Missaka Wednesday, 27 September 2017 05:42 AM

නියම ආකාරයේ පිළිතුරක් මේකයි. රවී කියනවා එයා උද්ධමනය අඩු කරලාලු. VAT වැඩි කරලා කොහොමද උද්ධමනය අඩු කරන්නේ ඇත්තෙන්ම. මේ වගේ බොරු කියල මහජනතාව රවට්ටන්ට තවත් හිරිකිත නැද්ද.?

:       0       156

vajira Wednesday, 27 September 2017 05:56 AM

හොඳ දක්ෂ කට්ටිය හිටියා නම්, අවංක නම් හිටපු අය වනසනකම් ඉන්නේ නැතුව මංකොල්ලය නවත්වන්න තිබුණා නේද?

:       6       52

ramanWednesday, 27 September 2017 09:30 AM

කොහොමද? ඔය කියන දේ කරන්නේ මහ ලොක්කා එයාගේ යාළුවාව පැරෂුට් එකෙන් ගෙනත් උඩට දැම්මාම.

:       0       67

lalSaturday, 30 September 2017 07:12 AM

ඇහුවේ නැද්ද නිලධාරින් දුන්නු සාක්කි, මහේන්ද්‍රන් හැසිරිලා තියෙන්නේ වළං කඩේට රිංගපු ගොන් තඩියා වගේ නොවැ...

:       0       1

Chandana Fernando Wednesday, 27 September 2017 05:57 AM

දැන් තමයි යථාර්තය පොඩ්ඩ පොඩ්ඩ එළිවෙන්නේ... සත්‍ය කවදාහරි එලිවේවී. එ්ත් අපි දුම්රියපළට එනකොෙට කෝච්චිය ගිහිල්ලා තියේවි..

:       0       57

Rohana Wednesday, 27 September 2017 06:12 AM

ඔබතුමා වැනි කොන්ද පන ඇති බැංකු අධිපති කෙනෙකු සිටීම ගැන ලක් පුර වැසියන් වන අපි සතුටට පත්වෙමු . ඔබතුමාට දිගාසිරි පතමි!

:       1       103

Ruwan Wednesday, 27 September 2017 06:12 AM

දේශපාලකයන්ගේ මෝඩ ප්‍රකාශ නොබලා රට පෙරට ගෙනයාමට මහා බැංකු අධිපති ලෙසට ඔබට ශක්තිය සහ දැනුම ඇත. එයට යහපාලන රජයෙන් ඔබට ලැබෙන සහයද ඉතා වැදගත්. රවී වගේ කෙනෙක් කියන ප්‍රකාශ එතරම් ගණන් ගත යුතු නොවන්නේ ඔහුගේ ඇති පටු මතවාද නිසාමය. පසුගිය අයවැයේදී මෛත්‍රී නොසිටින්නට ඔහු විදුලි රථවලට විශාල බද්දක් ගැසීමට තරම් නුගත් බව ඔප්පු කර පෙන්වන ලදී. මෙවර එය නිවැරදි කරගැනීමට යහපාලන රජයට අවස්ථාවක් ඇත නිවැරදි මුදල් ඇමති කෙනෙකුගේ ආශීර්වාදය මත.

:       106       191

kumar (galf) Wednesday, 27 September 2017 06:15 AM

මහ බැංකු අධිපති හොඳ උත්තරයක් දී තිබෙනවා, මහ බැංකු අධිපති දෙශපාලඥයන්ට යටත් වියයුතු නෑ.

:       0       114

mahee Wednesday, 27 September 2017 07:11 AM

මහජන මුදල් කොල්ලකාපු අයට ලැජ්ජාවක් කියල එකකුත් නැද්ද? එහෙම එවුන් රට රවටන්න කියන විකාර වලට මිනිස්සු කන්දෙයි කියල තවමත් හිතන එකනේ පුදුමේ.

:       0       41

N. Fernando Wednesday, 27 September 2017 10:30 AM

දේශපාලකයන්ගේ කීම් වලට තවත් රැවටෙන්න එපා.

:       0       35

Raveendra Wednesday, 27 September 2017 12:04 PM

මේ උන්දැ කල් ඉකුත්වෙලත් තවමත් අනිත් අයට අදක්ෂයෝ කියන්නේ කෙසේද ??? මේහාදය දක්ෂයෙක් නම් ලැගල හිටිය තැන හොදින් ගොඩ ගන්න තිබුන නේද ?? ඔබ අප කවුරුත් දන්නා සතොසට මොකද වුනේ ??? එතනත් අදක්ෂයෝ ඉන්න ඇත්තේ. නොදකින් මෙහෙමත් හිගන්නන්ටනේ රට පාලනය කරන්න දීල තියෙන්නේ.

:       0       140

TILAK Wednesday, 27 September 2017 02:16 PM

ඒකාබද්ද විපක්ෂය හරි දේ කරන්නේ නැහැ, දැන් අර රවී බාප්පට විරුද්දව නඩු දැම්මද අල්ලස් ගත්තට, නෝනට දැම්මද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 227 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 174 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 59 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 480 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 702 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site