IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘‘ මහ බැංකු හොරකම කළේ රනිල් කියා මා කියා නෑ‘‘

(කේ. බුද්ධික කුමාරසිරි)

මම කිසිම වෙලාවක කියලා නැහැ මහා බැංකු හොරකම කළේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. එතුමා  පත් කරපු අය නිසා තමයි ඒක වුණේ. මම පත් කරපු කෙනෙක් වැරැද්දක් කළාට ඒකට මම පලි නෑනේ . ඒ වගේ දෙයක් තමා එතැන වෙලා තියෙන්නේ යැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ දී පැවසීය.

විනය පරීක්ෂණවලට ලිපි ෙ තවම නම් ම‍ෙ ලැබිලා නෑ.මධ්‍යම කාරක සභාව රැස්වීමේදී අපි විරුද්ධ වුණා පොහොට්ටුවෙන් අපේක්ෂකකු දානවට. විනය පරීක්ෂණ කරනවට අපි පක්ෂව ඡන්දය දුන්නා.අපි විනය විරෝධි දෙයක් කරලා නැහැ.

රටක් ගොඩ ගන්න වැඩපිළිවෙලක්  හදලා. ඒක නීතියක් ලෙස කරල තියෙන එකම ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා පමණයි.ඕනෑම පක්ෂයක සාමාජිකයන් හා මධ්‍යම කාරක සභිකයන් ඒ පක්ෂවල වහල්ලු නෙමෙයි.

අපි තීන්දු තීරණ ගන්න කොට පක්ෂ පුද්ගලයන් පිළිබඳ නෙමෙයි රට පිළිබඳවයි හිතන්න ඕන. අපි රනිල් වික්‍රමසිංහ මහත්මයට නෙමෙයි සහය දෙන්නේ ජාතික වැඩසටහනටයි.

 



අදහස් (42)

‘‘ මහ බැංකු හොරකම කළේ රනිල් කියා මා කියා නෑ‘‘

සෙනෙවිරත්න Sunday, 04 August 2024 06:02 PM

මෙන්න මේ වගේ කතා කියන අයගෙ වගකීම් ගැන දැන්වත් සිතන්න. මා පත් කල අය කරන වැරදි වලට මා පලි නැත. හැබැයි මම දඬුවම් කරන්නෙත් නැහැ. රනිල් කලේ ඒක නොවේද ඉතිං රට බංකලොත් වීම ගැන කව්ද වගකීමක් ගන්නෙ.

:       0       0

විජිත් Sunday, 04 August 2024 06:02 PM

ටියුෂන් කරපු කාලේ අවුරුද්දට කෝටි 2 ක ආදායම් බද්දක් ආපුවෙලේ චන්ද්‍රිකාව හම්බවෙලා " අනේ මේකට මොනවාහරි කරන්න මැඩම් " කියලා ඇඩුවේ රටගැන හිතලාද? චන්ද්‍රිකා ඒ ප්‍රශ්නෙට අත නොදාපු නිසා නේද ඊ කාලේ තිබුන ආණ්ඩුවෙන් අස්වුනේ ? රටේ බුද්ධිමත් ජනතාව ඕවාට ගෙඩි පිටින්ම ඡන්දෙන් උත්තරදේවී. දුෂිත හොරුන්ගෙන්,මිනීමරුවන්ගෙන් තොර වාසනාවන්ත රටක් උදෙසා මාලිමාවට ජයවේවා !!!

:       0       0

Ruitha Sunday, 04 August 2024 06:14 PM

ඒ ගමන අර හත් පොලක මොනවද කරපු බළල්ලු වගේ කට්ටියම කෑගහන්න අරන්. මේ මිනිස්සුන්ට සහ ගෑණුන්ට ප්‍රතිපත්තියක් කියලා දෙයක් නෑ වගේම මතකය කියන දේ පවා නෑ. ඒත් ඡන්ද දායකයන් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියනවා. අපිට නම් මතකයි විතරක් නෙමෙයි ඔය කියපුවා හැන්සාඩ් වාර්තාවල, පුවත්පත්වල සහ ඉන්ටනෙට් එකේ තියනවා. ඒ ඉස්සර කාලේ තමයි පච කෙලලා අපිව මෝඩයන්ට අන්දලා දිනුවේ. දැන් ඉන්න ජනතාව එච්චරම මෝඩ නෑ. ගියා නම් ගිය තැනකට වෙලා ඉන්න. අර නාමල්ට විරුද්ධව විනය පියවර ගන්න කියලා පොලිසි ගියා වගේ හතර බීරි කතා නොකියා ඉන්න.

:       0       0

sugath Sunday, 04 August 2024 06:21 PM

රනිල් වික්‍රමසිංහ ඒ අය පත් කරේ තමන්ට ඕනේ වැඩේ කරගන්ට. තමුන්ට හැමදාම රටේ මිනිස්සු රවට්ටන්ට බැහැ.

:       0       0

රංබොඩ Sunday, 04 August 2024 06:30 PM

මෙයා සරම ඇඳගෙන පිණුුම් ගහනවා. දන්නවනේ වෙන දේ? දේශපාලනයට ආවාම ලැජ්ජාව නැති වෙනවා. වාසි කියලා හිතාගෙන කට්ටියම හෝයියා කියනවා. බලමු..!

:       0       3

යෝගා Sunday, 04 August 2024 06:32 PM

නෑ නෑ එහෙම කියලාම නෑ. 2019 දී හැම වේදිකාවකම රනිල්ගේ හොඳමයි කිව්වේ... රටේ ජනතාව මැරිලා උපන්න අයනේ...!

:       0       4

Prabha Sunday, 04 August 2024 06:32 PM

මහ බැංකුව හොරා කෑවා කිව්වෙත්, 2500 මාසයක් ජීවත් වෙන්න පුළුවන් කිව්වෙත් මේ බන්දුල ඇමැති නෙවේ... ඒ මම ප්‍රභා... ඇමැතිතුමා කවදාවත් ඒ වගේ කතා කියන්නේ නැති ආචාරියෙක්..

:       0       2

මහසෙන් Sunday, 04 August 2024 06:41 PM

පහුගිය කාලේ ඉඳලා විටින් විට මෙයා කියන කතා අනුව මේ කතාව ගැනත් පුදුම වෙන්න් ඕන නෑ. තමාගේ ආසනේ තමාට නොකියා රැස්වීම් තිබ්බා කියලා පොලිසි ගිය අය මේ...?

:       0       1

අරවින්ද මොනරවිල Sunday, 04 August 2024 06:46 PM

ඔබලා වගේ නිවටයින්ට එහෙම කියන්න හයියක් නැහැ කියලා අපි දන්නවා. දැන් අසුචිත් සුවඳ ඇති ඌරාට.

:       0       2

ranjith Sunday, 04 August 2024 06:53 PM

මහත්තයෝ ඔයා කටින්ද කතා කරන්නේ... මේ වගේ දේශපාලඥයෝ ඉන්න රටකනේ අපි ඉන්නේ...

:       0       2

ජයනාත් Sunday, 04 August 2024 07:06 PM

මේ වගේ දෙපිටකාට්ටුවෝ පාර්ලිමේන්තුවෙන් පන්නලා දාන්නම ඕනෑ...

:       0       3

Rata Perata Sunday, 04 August 2024 07:20 PM

එහෙනම් ඒක කරේ මහඵකාද?

:       0       2

Lakvidu Sunday, 04 August 2024 07:23 PM

කක්කුස්සි කටවලුත් මීටවඩා පිරිසිදුයි...

:       0       3

reks Sunday, 04 August 2024 07:24 PM

කන්ජිපානි පත්කළ අය තමයි ක්ලබ් වසන්න මැරුවේ. ඒක නිසා ක්ලබ් වසන්තගේ වරදක් නැහැ.

:       0       1

කමල් Sunday, 04 August 2024 07:41 PM

මහ බැංකුවේ මංකොල්ලය කලේ කවුද කියල හොඳටම හොයල බලන්න පුලුවන් රනිල් වික්‍රමසිංහ මහත්තය හොරකමක් වුණාද කියල බලන්න දාපු ත්‍රිපුද්ගල කමිටු වාර්තාවයි ජනාධිපති කොමිසමේ වාර්තාවයි සැසඳුවාම.

:       1       94

Chinthaka Monday, 05 August 2024 08:10 AM

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ එක පුද්ගලයෙකුගේ ප්‍රචාරක පත්‍රිකාවක මහදවල් මහ බැංකුවේ මුදල් කොල්ලය හෙලිකල මගේ අංකය 16 කියලා දක්වා තිබුනා එහෙම නම් ඒ අපේක්ෂකයා කවුද කියලා බැලුවොත් හදුනාගන්න පුළුවන් වේවි ලිඛිත ශාක්ෂි තියෙද්දි කට බොරු කිව්වට සත්‍ය තත්වය වහන්න අමාරුයි ඇදුරෝ ඉතින් මෙහෙම එවුනුත් එක්ක රටක් හදන්නෙ කොහොමද ඊළඟ මැතිවරණය වෙලාවෙ රට ගැන හිතන නුවනැති ජනතාවක් හෝමාගම හා කොළඹ දිස්ත්‍රික් ඡන්ද බල ප්‍රදේශයේ ඉන්නවා නම් මෙහෙම එවුන්ට නැවතත් රට කන්න ඉඩ දෙනවද කියලා සිතා බලන්න කියලා මතක් කරනවා

:       0       40

Shashika519 Sunday, 04 August 2024 07:42 PM

යු ටියුබ් එකේ හෙව්වම කියපු දේවල් තියෙනවා.

:       1       103

ravin Sunday, 04 August 2024 07:59 PM

දේශපාලකයෝ එදා මෙදා තුර කියපු දේවල් මෙරට වැසියන් අමතක කරපු එකේ පතිඵලය අද පොදු වේ විදිනවා...

:       1       102

ගයාන් ගුණසේකර Sunday, 04 August 2024 08:07 PM

කතාවට කියන්නෙ රට ගැන හිතනව කියල තමයි.ඒ වුනාට හිතන්නෙ ඊළඟ ඇමතිකම ගැන.ඒකයි ඇත්ත.ඔහෙලට අතීතය අමතක කරන්න පුළුවන් වුනාට මේ රටේ ජනතාවට එහෙම කරන්න බැහැ.

:       0       109

lalindra Sunday, 04 August 2024 08:12 PM

ඔබතුමා 2019 ඡන්දේ ඉල්ලුවෙත් මහ බැන්කු හොරකම ජනගත කල බන්දුල කියලනේ. ඔලුව මොකක හරි හැප්පුනාද නැත්නම් ඔබතුමා හිතනවාද අපෙ ඔලුව මොකේක හරි වැදිලා කියලා.

:       0       128

sachith Sunday, 04 August 2024 08:42 PM

ඊගාව ඡන්දෙදී පාර්ලිමේන්තු අසුන දිනාගන්න පුළුවන් කියලා හොඳටම දන්නවා. ඒකයි ඉතින් ඔහේ කියවන්නේ...!

:       0       0

කිරූ Sunday, 04 August 2024 08:58 PM

හොරෙක් තව හොරෙකුට හොරා කියන්නේ නෑනේ. මොකද ඒ දෙන්නාම දන්නවා උඩ බලාගෙන කෙළ ගැහුවාම වැටෙන්නේ තමන්ගේම ඔලුව උඩට කියලා...!

:       0       4

Rohana Sunday, 04 August 2024 09:20 PM

බන්දුල කවදත් කතාකලේ වාසි පැත්තටයි. මහදවල් මහබැංකු මහා මංකොල්ලය කියලා එදා ප්‍රසිද්ධියේම කියපු බන්දුලට වාසි පැත්තට පනින නිසා එහෙම කිව්වේ නෑ කියලා දැන් කියනවා...

:       0       3

ප්‍රියා Sunday, 04 August 2024 09:21 PM

වයසට යනකොට අමතක වීමේ (අල්සයිම) ලෙඩේ හැදුණාම ඒ අයව ගෙදර තියන් බලාගන්න ඕනේ.. ඔය පවුල්වල අයගේ වගකීමයි...!

:       0       4

ashok Sunday, 04 August 2024 10:02 PM

වරෙල්ලකෝ ඔය කතා කියාගෙන ඡන්දෙ ඉල්ලන්න ගෙවල්වලට...

:       0       5

Indika Sunday, 04 August 2024 10:14 PM

පාර්ලිමේන්තුවේ කියපු ඒවා හැන්සාඩ්ගත වෙනවා... ඒවා චෙක් කරලා කියන්න ඕනෙ. බොරු කියලා ජනතාව මුලා කරනවා.

:       0       2

Prabha Sunday, 04 August 2024 11:05 PM

ලලින්ද්‍ර, ඇයි ඔබතුමා කියලා කියන්නේ...?

:       0       1

Remal Sunday, 04 August 2024 11:29 PM

කටින්ද කතා කරන්නෙ නැත්නම්,... මේ වගේ අයට ඡන්දය දෙන අය කකුල් දෙකේ මී හරක්...

:       0       3

ජනරළ Sunday, 04 August 2024 11:40 PM

මේ කතාව ඇහුවාම ඔබ යන්තම් හෝ බුද්ධිමත් නම් තේරෙන්න වැටහෙන්න ඕනෑ... අපි මොනතරම් මුලාවක වැටිලාද? මේ වගේ තක්කඩි කතා කියන බොරුකාර, වංචනික කන්න ඕනෑ වුණාම කබරයා තලගොයා කර ගන්න අවස්ථාවාදී කාලකන්නි රැළකට බලය දීලා බලන් ඉඳලා තියෙනවා නේද කියලා. ඒ නිසා වෙනදාටත් වඩා මොවුන් මේ එන මැතිවරණයේදීම මේ රටේ දේශපාලනයෙන් සදහටම අතුගා දැමීමේ දැඩි අවශ්‍යතාවක් ඇති වී තිබෙන බව වටහා ගත යුතුයි...

:       0       4

Banda Sunday, 04 August 2024 11:57 PM

බොරුම කියලා දැන් මෙයාගේ මූණ කැලෑ සතෙක් වගේ...

:       0       4

Janahitha Monday, 05 August 2024 12:19 AM

ජනතාව පාවාදෙන දිව හතරේ වාචාලයෝ මේ අයට ඡන්දෙ දෙන හැමෝගේම ජනතාවටත් ලැජ්ජාවක්...

:       0       4

Perera Monday, 05 August 2024 12:19 AM

මේ වගේ අවස්ථාවාදී, බඩගෝස්තරවාදීන්ට ආයේ ඡන්දෙ නොදීම ජනතාව සතු වගකීමක්.

:       0       4

Swene Haputhantirige Monday, 05 August 2024 05:12 AM

අනේ tution master, දැන් ඔයාගේ පන්තියක් දැම්මොත් එක ළමයෙක්වත් නැති බව හිතාගන්න.

:       0       5

sam Monday, 05 August 2024 07:20 AM

සුදු ලූනු වලටත් කිව්වේ ඕකම තමයි .අන්තිමට කියලා තියෙන්නේ කට හැරෙන හැරෙන පැත්තට එක එක විහිලු කතා සපයනවා

:       0       14

saman Monday, 05 August 2024 07:25 AM

ඒ උනාට මහින්ද හොරා නේද දැන් ?

:       0       18

පොඩිඑකා Monday, 05 August 2024 07:51 AM

මමත් කිව්වෙ නෑ

:       0       17

Pradeep Kumara Monday, 05 August 2024 08:30 AM

හැම දේශපාලකයම කියන්නේ තමන් වැඩ කරන්නේ රට ගැන හිතලා කියලා. නමුත් තියන පුදුමය නම් එහෙම හිතලා වැඩ කරන පිරිසක් ඉන්න රටක් මේ තරම් බංකොලොත් වුනේ කොහොමද කියන එක.

:       0       19

Kazi Shajahan Monday, 05 August 2024 09:38 AM

ඇමතිධූරය හැමදාම තියාගන්න තමන්ගේ ආත්මය පාවා දෙන්න එපා.ඔබතුමා උගත් කෙනෙක් නේ ?ඕක අහලා ෂුවර් එකටම හෝමාගම මෝඩ ජනතාව නැවත ඔබතුමාව පාලිමන්ට් එවනවා , ෂුවර් එකටම

:       0       24

J R Randeniya Monday, 05 August 2024 09:42 AM

හෝමාගම බත් කන මිනිසුන්ගේ අවධානයට......

:       0       25

CC Monday, 05 August 2024 09:50 AM

මෙයා මනුස්සයෙක් නම් වෙන්න බැහැ. මේ වගේ දිව දෙකේ කථා කියන වංක දේශපාලුවන් අපේ රටට විපත මේ මට්ටමින් නැවැතී තිබීම සතුටට කරුණක්... මොවුන් රටම විකුණලා කියයි. මං එහෙම දෙයක් කලේ නැහැ කියලා. අර හඬ පටියක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ කියපු... එතකොට රටේ ජනතාවද හොරුවෙලා තියෙන්නේ. මෙයාට ඡන්දේ දෙනවුන් බත් කෑම නැවතිය යුතුමයි...

:       0       6

Perera Monday, 05 August 2024 10:22 AM

ඇත්තනේ... මෙයා නෙවෙයි කියලා තියෙන්නේ... මෙයාගේ කටනේ කියලා තියෙන්නේ.

:       0       8

ගමේ එකාලා Monday, 05 August 2024 01:34 PM

රු.2500කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියපු ආර්තික ඔස්තාර් කියන කතා කවුද විශ්වාස කරන්නේ?

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1073 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6652 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3644 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 307 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1532 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1641 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28674 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site