IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මහාචාර්ය කොල්වින් සයිටම් පක්ෂපාතියකු බව මහැදුරු කාලෝ කියයි

(ඡායාරූප - ගයාන් අමරසේකර)

වෛද්‍ය සභාවේ සභාපති ලෙස මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කරන්නට ඇත්තේ ඔහු හරහා සයිටම් නීතිගත කිරීමේ අරමුණෙන් විය හැකියැයි වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කියයි.
 
කොල්වින් මහතා ඒ කාලයේ සිටම සයිටම් පක්ෂපාතියකු බව ද ෆොන්සේකා මහතා පවසයි.
 
ඔහු සයිටම් පක්ෂපාතියකු වුවද වෛද්‍ය සභාවේදී බහුතරයේ මතයට එකඟත්වය පළ කරමින් කටයුතු කළ බව ද කාලෝ ෆොන්සේකා මහතා සඳහන් කරයි.
 
හිටපු සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අන්තර් විශ්ව විද්‍යාලය මගින් කොටුව දුම්රිය නැවතුම්පොළ අසල ඉදි කර ඇති අට්ටාලයට පැමිණි අවස්ථාවේදී ය. 

 



අදහස් (28)

මහාචාර්ය කොල්වින් සයිටම් පක්ෂපාතියකු බව මහැදුරු කාලෝ කියයි

kumar (galf) Tuesday, 03 October 2017 10:53 AM

හරිම හොඳයි මොලේ ඇති මනුස්සයෙක්ව දාපු එක.

:       133       1788

Ruwan Tuesday, 03 October 2017 11:02 AM

කාර්ලෝ මහතාණෙනි, ඔබගේ මානසිකත්වය රටක් පෙරට ගෙනයාම නම් අප ලොව පැහැදිලි දර්ශක සමග යා යුතුවේ.

:       1       1189

mahee Tuesday, 03 October 2017 11:04 AM

ඉතින් මොකද? සභාවේ ඉන්න හැමකෙනෙක්ම දොස්තර මාෆියාවට පක්ෂපාත වීමද කරන්න ඕන? වෙනස් මතයක් දරන එක තහනම්ද? මේ මොළවලින් තමයි මෙච්චර කල් සභාව දිව්වේ. මේ වන තුරු අවම ප්‍රමිතීන් හදල දෙන්නවත් බැරිවුනා. රජයේ වෛද්‍ය විද්‍යාලවලවත් නැහැ නේද ප්‍රමිතීන්?

:       1031       1087

Ranjith Silva Tuesday, 03 October 2017 12:14 PM

ඔබතුමා පක්ෂග්‍රාහීව ඉදන් අනිත් අය වෙනත් පක්ෂයක කියන එක සමාජ සාධාරණද

:       68       389

mahinda Tuesday, 03 October 2017 01:07 PM

ඔබ ජනතවට නම්, දොස්තර මාෆියාවේ ජනතාව පෙලන වැඩ වර්ජන, ජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගෙන ලොකු ගණන් අය කරලා පුද්ගලික වෙදකම් කරන එකට, වෙලාවට ඉස්පිරිතාලවල වැඩ නොකරන එකට...අවුරුදු ගානක් ඉඳලත් මොකද කලේ කියල කරුණාකරල කියන්න.

:       1722       1463

banda Tuesday, 03 October 2017 01:14 PM

උගත් මහාචාර්ය කෙනෙක් වශයෙන් එවැනිම උගත් කෙනෙක්ව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම එතරම් සදාචාරාත්මක නොවේ .

:       114       467

බද්රානි Tuesday, 03 October 2017 01:55 PM

1975 වසර දක්වා එංගලන්ත වෛද්‍ය සභාවේ අධීක්ෂණය යටතේ තිබු ඒ ප්‍රමිතිගත වෛද්‍ය අධ්‍යාපනය හා වෛද්‍ය සේවය මෙතරම් පරිහානියට පත් වුනේ එම ආයතනය කළු සුද්දන් අතට පත්වීමෙන් පසු බව අපිට නම් රහසක් නොවෙයි.

:       374       527

රවිඳු Tuesday, 03 October 2017 02:20 PM

එතකොට කොතලාවල වෛද්‍ය පීඨයේ, පිටරට සිසුන්ට පමණක් මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට හැකි, ශ්‍රී ලාංකික සිසුන්ට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට නොහැකි හේතුව මෙතුමා දන්නවද? ඒ කොහොමද එහෙම වෙන්නේ?

:       90       267

one srilankan Tuesday, 03 October 2017 02:58 PM

කොල්වින් මහා ඇදුරුතුමනි සයිටම් ජාතික ගැටලුව විසදන්න.

:       63       182

ධම්ම Tuesday, 03 October 2017 03:00 PM

බහුතරයේ මතයට එකඟත්වය පළ කරන සයිටම් පක්ෂපාතිකයෙකුවීම වඩාත් හොඳයි.

:       340       222

chinta Tuesday, 03 October 2017 04:25 PM

මට තේරෙන්නේ නැත්තේ ඇයි මහාචාර්‍ය කාලෝ ඉන්න කාලේ මේ වසංගතේ ඉවරකර ගත්තේ නැත්තේ ඇයි කියලයි. කාලෝත් විරුද්ධයි මහින්දත් විරුද්ධයි ඒත් සයිටම් එක ජාතියටම ණයක් බවට පත්කරලා ඒගොල්ලා අයින් වුනා, දැන් ඒගොල්ලාම ඒකට සටන් කරනවා

:       75       237

jayath Tuesday, 03 October 2017 11:51 PM

මෙතුමා අප ගරු කරන (තවමත් ) බුද්දීමතෙක්..... ඔබතුමා විකාර කරන එක හිතාගන්න අමාරුයි ! ඔබතුමාව කව්රුහරි "මොළ ශෝදනය " කරල ද මන්දා... මොකද? කාලයකට ඉහතදී MBBS අදිපතිවාදීන් ලියාපදිංචි සහකාර වෛද්‍යවරුන්ට බාල්දි පෙරලන වෙලාවේ ඔබතුම ඔවුන්ගේ පැත්තේ හිටිය ඔබතුම ඒ කලේ පත්තරේකට ලියපු ලිපිය තවම මගේ ළඟ තියනවා (හෙඩිම :බාගෙට ඉගෙනගත් දොස්තරලාත් සිටිත්ද ?).තව දවසක ඔබ මාධ්‍යට කියනවා මගේ ළමයි නම් මම ඔය කාලකන්නි දොස්තර කෙනෙක් කරන්නේ නැහැ කියල එහෙම සුන්දර අතීතයක් තිබුනේ ඔබට." ඒ රුදුරු තුරුවදුලක කටු අතරේ දිලුන -අපට ජීවන සුවඳ දුන්න මහදුරු තුමා ව ආයෙමත් දකින්න හරිම ආසයි !

:       0       0

sumeda Tuesday, 03 October 2017 11:59 PM

මෙතුමාත් නිකන් බලයට පෙරේත දේශපාලකයෙක්ගේ ගනට වැටිලා වගේ....පරිනත, උගත් ජ්‍යෙෂ්ඨ මිනිස්සු රටේ ප්‍රශ්නවලට මැදහත්ව , රටේ දියුණුව සලසමින් ජනතාවට ප්‍රයෝජනවත් විදිහට ගැටලු වලට විසදුම් සෙවිය යුතුයි......

:       0       0

wasantha Wednesday, 04 October 2017 01:39 AM

මහාචාර්ය කොල්වින් මැතිතුමනි. ඔබතුමා නිවැරදි තීන්දුව ගන්න. අපි හිතන්නේ ලංකාවට පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ඇතුළු අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන අවශ්‍ය බවයි. ඔබතුමාගේ තීරණය අවසාන තීරණට විය යුතුයි..

:       1       3

kamal de silvaWednesday, 04 October 2017 09:24 AM

කොල්වින් මහත්තයට තනිව තීරණයක් ගන්න බැහැ වෛද්‍ය සභාවේ අනිත් අය විරුද්ධනම්. එහෙම වුනොත් එතුමාට ඉල්ලා අස්වෙන්නැයි වෙන්නේ.

:       1       1

Rohana Wednesday, 04 October 2017 01:48 AM

මුහුකුරා ගිය දැනුමත් එක්ක ගැටලුව විසදීමට ආධාර කරන්න. ඇවිලෙන ගින්නට පිදුරු දමන්න එපා.

:       0       0

ජනක් Wednesday, 04 October 2017 02:37 AM

ඔබ කියන්නෙ හෑමවිටම SLMC සභාපති විය යුත්තේ පෞද්ගලික සරසවි වලට විරුද්ධ අය කියලද?

:       2       19

Ranjith Silva Wednesday, 04 October 2017 03:03 AM

ලංකාව නිසා කමක් නැහැ. කරපු හොඳ වැඩ ඔක්කොටම තියන කිරි කලේට ගොම දා ගන්නවා.

:       0       14

MP Wednesday, 04 October 2017 05:06 AM

ටිකක් කල යන කොට බලාගන්න පුලුවන් වෙයි. ඖෂධ සංස්ථාවත් කෑවා....

:       0       76

DD Wednesday, 04 October 2017 05:08 AM

කොතලාවල ‍ වෛද්‍ය පීඨයේ අය ගන්නේ හමුදාවට විතරක් බවවත් දන්නේ නැද්ද?

:       1       129

වයස වැරැද්ද Wednesday, 04 October 2017 05:23 AM

හිටපු ජනපති ශ්‍රීලනිප නැවත නායක වීමට සටනක , ජාඇල ජෝසේෆ් මයිකල් තරුණ කාවින්ද ජයවර්දන සමග සටනක , මහාචාර්‍ය කාලෝ, මහාචාර්ය කොල්වින් ගුණරත්න සමග සටනක. තරුණ අය සියදිවි නසා ගැනීමේ තරගයක . නොවිසදෙන රටේ ප්‍රශ්න මොනවද ? අලි මිනිස් ගැටුම , නිදාගෙන රිය පදවා හදිසි අනතුරු .කෝ අපේ ගීත රචකයින්, ගායකයින් නිදිද?

:       2       2

shahiwal Wednesday, 04 October 2017 05:47 AM

පුද්ගලික වෛද්‍ය විද්‍යාල මුළු ලෝකෙම තියෙනවා.

:       3       35

jiffri Wednesday, 04 October 2017 05:50 AM

ලෝකයේ ගොඩාක් රටවල් වල රජයේ සේවකයන් හෝ දේසපාලකයන් තමන්ගේ කාල සිමාව අවසන් වීමන් පසු අලුතෙන් පත්වෙන කෙනාට සුබපතලා ආශිර්වාද කරලා මහත්මා ගුණයෙන් තමන්ගේ රාජකාරියෙන් සමු ගන්නේ . ඒකට අපේ මිනිස්සු ????

:       2       66

gayan Wednesday, 04 October 2017 06:24 AM

අප රටේ විහිළු සපයන්නන් බවට පත්ව සිටියේ දේසපාළුවන්ය, දැන් එම තත්වය වෛද්‍යවරුන්ද පත්ව තිබීම ඉතා කණගාටුදායක තිත්වයකි, මහාචාර්යවරයකු මෙවැනි ක්‍රියා වලට සහබගිවිම අප අනුමත කරන්නේ නැත.

:       2       2

srimala Wednesday, 04 October 2017 06:31 AM

අපරාදේ , හොඳ නමක් තියාගෙන වැදගත් උගත් මහතෙක් ලෙස හිටපු මෙතුමා මේ විශ්‍රාම සුවයෙන් නිදහසින් ඉන්න ඕන කාලේ තමාගේ නම කැත කරගන්නවා .

:       0       12

ආත්මය Wednesday, 04 October 2017 06:55 AM

මොහු කතෝලිකයෙක්, පසුව චාල්ස් අැන්තෝනි සමග දේශපාලනයට විරුද්ධව රැස්වීම් වල නායක කමේ සිටියි. නිරයේ යක්ෂයින් විසින් මොහුගේ ආත්මය දැනගෙන ඇත. රජයට විරුද්ධ කැරලි ගැසීම සඳහා දැන් ඔහු රාජපක්ෂ මහතා පිටුපස සිටියි.

:       1       3

කසුන් Wednesday, 04 October 2017 07:03 AM

සයිටම් එක හොදයි කීවනම්........කොල්වින් ගුණරත්න අපක්ෂපාතී කෙනෙක් නෙවෙයි..... කීවනම් නම කැත කරගන්නැතුව ඉන්න තිබුනා නේ ........

:       5       0

Gune Wednesday, 04 October 2017 08:13 AM

ඒ කතාව ඇත්ත එහෙනම්, ආ? ඒ කිව්වේ, වයසට යනකොට මොළේ උඩ ඉඳන් ටික ටික පල්ලෙහාට බහිනවාද? එතකොට ඉන්න පුටුවෙන්හෙවත් තනතුරෙන් ඉවත්වෙන්න ඕන මොළේට හානි වීම වළක්වගන්න කියන එක ඇත්ත? හ්ම්!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 254 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 195 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 67 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 492 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 709 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site