දෙහිවලින් මුහුදු ගිය ධීවර යාත්‍රා 25කින් පහකට හෝ 10කට ආසන් ප්‍රමාණයක් සෙවීම සඳහා ගුවන් හමුදාව මින් මඳවේලාවකට කලින් හෙළිකොප්ටරයක් යෙදවීය. මුහුදේ දියරැළ ප්‍රචන්ඩ වී ඇති බව ගුවන් හමුදාව කියයි. ධීවරයන් ගැන සොයන්නේ නැතැයි කියමින් ධීවරයෝ පිරිසක් රත්මලාන දුම්රිය පාරේ බෝට්ටු රැගෙනවිත් විරෝධයක් ද ඇරැඹූහ. ඇතැම් ධීවරයෝ රේල්පාරේ ගිනි ගොඩවල් ද ගැසූහ. ධීවරයන් සොයාගැනීමට රජය හැම පියවරක් ම ගන්නා බව දෙහිවල ගල්කිස්ස පුරපති ධනසිරි අමරසිංහ මහතා ධීවරයන්ට කියා සිටියේය. දැන ගන්නට ඇති තොරතුරු අනුව දෙහිවලින් ගිය 20කට වැඩි පිරිසක් යළි ගොඩට පැමිණ නැත.
ගල්පරයක ගැටීමෙන් තුවාල ලැබූ මෙම කැස්බෑවා දෙහිවල සතුන් වත්තට බාර දීමට පොලිසිය පියවර ගත්තේය.
ඡායාරූප සුමින්ද සුදර්ශන පතිරණ / සිරි මහ බෙල්ලන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණ දෙපාර්තමේන්තුව දන්නේ නම් දාන්න විතරයි .ඕක එනවා මුදුයන්න එපාකියන්න තරම් තාක්ෂනය දියුණු නැතිද ?එයාලට බැරිනම් ඉන්දියාවෙන් හරි ජපානෙන් හරි අහල අනාවැකිය කියන්න ලැජ්ජවෙන්න එපා.(ස)
කරදරයක් නැතිව ඉක්මනටම එන්න ලැබේවා.. (ස)
ඇයි මේ පුරපති මේ ගැන කියන්නේ? ධීවර ඇමතිට මොකද වෙලා තියන්නේ? එයා නේද මේ වෙලාවේ මේ මිනිසුන්ගේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න ඉදිරිපත් විය යුතු කෙනා. (ස)
හැම දේටම ගිනි. මේ මානසිකත්වය වෙනස්විය යුතුයි.(ස)
මේ දවස්වල මුහුදු නොයන ලෙස රජය අවවාද කළා. අවවාද නොතකා ගියා. දැන් රජය පලි. අපේ රටේ මොනවගේ මිනිස්සුද දෙයියනේ ඉන්නේ? (නි)