IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘මොහාන් පීරිස් හොඳ නෑ : ඒත් අස්කළ හැටිත් හොඳ නෑ‘

අවසානයේ මොහාන් පීරිස්ට යෑමට සිදුවිය.ඔහුගේ තනතුර අහිමි කෙරුණු ආකාරය එක්තරා අතකට පසුගිය රාජපක්ෂ රජයේ හැසිරීම සිහිගැන්වීය.එය කිසිසේත්ම මෙම  නව රජය ගැන යහපත් සිතුවිලි ඇතිකරන්නක් නොවේ.

නීතිවිරෝධී විශ්වාසභංගයක් ගෙනැවිත් ශිරාණි බණ්ඩාරනායකව බලයෙන් පහ කළායින් පසු ඇයගේ තැන පිරවීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු හෝ නීති ක්ෂේත‍්‍රය  හා සම්බන්ධ පුද්ගලයෙකු හෝ පත්කර අඩුම තරමේ ශී‍්‍ර ලංකාවේ අධිකරණයවත් ස්වාධීන යැයි පෙන්වා දීමට රාජපක්ෂ රජයට හැකියාව තිබුණි. නමුත් ඔවුන් එසේ කළේ නැත. ඔවුන් තෝරාගත්තේ රාජපක්ෂ මහතාට චන්දිභට්ටකම් කළ පුද්ගලයෙකු වන මොහාන් පීරිස්වය. රටේ ගරු අධිකරණ පද්ධතිය රාජපක්ෂ ගැති, ඔවුන්ගේ සුචච කීකරු සේවකයෙකු වන මොහාන් පීරිස් අතට පත්වූයේ එසේය.

පීරිස් තම ස්වාමිවරුන් කිසිවිටෙකවත් අසතුටු කළේ නැත.අගවිනිසුරු ලෙස ඔහු පත්ව  සිටියත් ඔහු කි‍්‍රයාත්මක කළේ හිටපු ජනපති රාජපක්ෂ මහතාගේ අණය. නොයෙකුත් ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ඔහු අවසාන ඡන්ද ප‍්‍රතිඵලය ප‍්‍රකාශයට පත්කළ දිනයේ අලූයම් කාලයේ අරලියගහ මන්දිරයේද රැදී සිට ඇත.ඒ ඇයි? එය ගැටලූවකි.මේ  අයුරින් බලන විට මොහාන් පීරිස් තම ධූර කාලයේදී කටයුතු කළ ආකාරයද ගැටලූකාරීය.තම ධූර කාලයේදී චෝදනා රැසකට මුහුණදුන් අගවිනිසුරු සරත් එන්  සිල්වා මහතා මොහාන් පීරිස් හමුවේ සුරදුතයෙකු හා සමය.එයින්ම මොහාන් පීරිස් ගැන හොද වැටහීමක් ලබාගත හැකිය.

පීරිස් හට ගෞරවාන්විතව විශ‍්‍රාම යා හැකිව තිබුණි.නමුත් ඔහු එසේ කළේ නැත.ඔහු බලයෙන් පහ කිරීමට නව රජයට විශ්වාසභංගයක් ගෙන ඒමේ හැකියාවක්ද තිබුණි.නමුත්  එවැන්නක් සිදුවූයේද නැත.හදිසියේවත් එවැන්නක් සිදුවූයේ නම් පාර්ලිමෙන්තුවට ඇතිවන්නට තිබුණු කැළල කිසිදා නොමැකෙන්නක් වන්නට ඉඩ තිබුණි.

එනිසාම විශ්වාසභංගයක සහය නොමැතිව රජය මොහාන් පීරිස්ව බලයෙන් ඉවත් කිරීමට භාවිතා කළ කි‍්‍රයාමාර්ගය නීත්‍යානුකූල වූවා වන්නට පිළිවන. එසේ නමුත්  බලහත්කාරයෙන්,බලයේ අයුතු භාවිතයක් ලෙස මේ ගැන විමසිල්ලෙන් සිටියවුන්ට පෙනෙනා අයුරින්, මොහාන් පීරිස් ඉවත් කිරීමට වත්මන් රජය කටයුතු කිරීම  කිසිසේතම පිළිගත නොහැක.

 

මොහාන් පීරිස්ව ඉවත් කිරීමට ප‍්‍රථමයෙන් ජනපතිවරයාට ඔහුව එසේ ඉවත් කෙරෙන්නේ ඇයි? ඊට හේතු මොනවාද? රටේ ජනතාව හමුවේ ප‍්‍රකාශ කරන්නට තිබුණි.මොහාන්  පීරිස්ව ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමෙන්තුවේ අනුමැතිය ලබාගැනීම හෝ එසේ අගවිනිසුරුවරයෙකු ඉවත් කිරීමට ඇති ඉඩකඩ ගැන නීති විශාරදයින් හා සාකච්ඡුා කිරීම සිදුවිය යුතුව තිබුණි.මේ සියල්ල කියන්නේ එහෙමයි - කරන්නේ මෙහෙමයි අනුව හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් පමණක් වන්නට තිබුණත් ඒ කිසිවක් සිදුනොවුනු නිසා විධායක බලය හා දේශපාලන ශක්තිය අත්තනෝමතික ලෙස භාවිතා කර මොහාන් පීරිස්ව බලයෙන් පහ කළ අයුරක් වඩා වඩා පැහැදිලිව පෙනෙන්නට ගනිමින් තිබේ.

පළාත් සභා මන්තී‍්‍ර අසාත් සාලි පීරිස්ට එරෙහිව නගමින් සිටින චෝදනා චිත‍්‍රය තවත් අවලස්සන කර ඇත. අසාත් සාලි තමන්ට තර්ජනය කරමින් සිටින්නේයැයි පීරිස් පැමිණිල්ලක්ද ගොනු කර තිබෙන අතර එය වහාම විභාගයට ගත යුතුව ඇත. අසාත් සාලි  වරදකරුවෙකු නම් ඔහුව තරාතිරම නොබලා නීතිය හමුවට කැඳවිය යුතුව ඇත.

පීරිස් යනු අපකීර්තිමත් අගවිනිසුරුවරයෙකු බව සත්‍යයකි.නමුත් ශී‍්‍රලංකා  පුරවැසියෙක් ලෙස ඔහුට හිමිවිය යුතු ආරක්ෂාව ලබාදීමට අප රටේ නීති පද්දතිය අපොහොසත් වන්නේ නම් ඔහු ඇතුළු ඔහුගේ රාජපක්ෂ ස්වාමිවරුන් හා නව රජය අතර  වැඩි වෙනසක් නැත.

එකම වැරැද්ද නැවත වරක්.

පසුගිය දින කිහිපයේ සිදුවීම් දාමය ඒවායේ වැඩි වෙනසක් නැතිව අතීතයේදීද සිදුවිය.හරියටම පැවසුවහොත් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන  සමයේදීය.

තම පාලනයට යටත් අධිකරණ පද්දතියක් රටෙහි ඇති කිරීමේ අරමුණින් හිටපු ජනපතිනිය එවක අගවිනිසුරු මාක් ප‍්‍රනාන්දු ධූරයෙන් ඉවත් කොට ඒ වෙනුවට තමන්ට  හිතැති සරත් එන් සිල්වා පත්කරගත්තාය.අගවිනිසුරු ප‍්‍රනාන්දු එවක රජයේ ඇතැම් කි‍්‍රයාකාරකම් වලින් සාමාන්‍ය පොදු ජනතාවගේ අයිතීන් උල්ලංඝණය වූ අවස්ථාවන් වලදී ඔවුන් වෙනුවෙන් 

සෘජුව පෙනී සිටි අයෙක් විය.නිර්භය හා අපක්ෂපාතී පුද්ගලයෙකු ලෙස ඔහු සැළකුනි.

ඔහුට එරෙහිව චෝදනාවක් නගා ගත නුහුණු තැන මාර්ක් ප‍්‍රනාන්දු මහතා කතෝලිකයෙකු හෙයින් අගවිනිසුරු ධුරය දැරීමට ඔහු නුසුදුස්සෙකු බවට රාවයක්  නිර්මානය කෙරිණ.අගවිනිසුරු ධූරය හිමිවිය යුත්තේ සිංහල බෞද්ධයෙකුට යැයි මතයක් මෙමගින් ජනතාව අතර පැතිරුණි.

 

මෙයින් ආරම්භ වූ ආගම්වාදී බෙදීමෙන් ශී‍්‍රලංකා නීති පද්දතියට තවමත් ගැලවීමක් ලැබී  නොමැත.අතීතයේ ජාතික හෙළ උරුමය අගමැති ධූරය මහින්ද රාජපක්ෂ මහතාට හිමිකර දීමට විශාල මෙහෙයක් සිදුකළේ  රටේ වගකිව යුතු ධූරයක් හිමිවිය යුත්තේ සිංහල බෞද්ධයෙකුට යැයි මතයක් මෙලෙසම ඇතිකරවමිනි.ලක්ෂ්මන් කදිරගාමර් මහතාට හිමිවන්නට තිබූ අගමැතිධූරය ඔහුට අහිමිව ගියේ ඒ අනුවය.

අලූත පත්ව සිටින අගවිනිසුරුවරයා රටේ සිටින ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාය.මේ අපහැදිලි කි‍්‍රයාදාමයේ එකම පැහැදිලි ස්ථානය එයයි.අගවිනිසුරු ධූරය හිමිවන්නේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාට යැයි ව්‍යවස්ථාවෙන්ම සම්මත විය යුතුය. ඒ සමග ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවීමත් සිදුවිය යුතුය.රටේ අධිකරණ පද්ධතියට විධායකය හා ව්‍යවස්ථාදායකය කරන ඇගිලි ගැසීම් නවත්වනු හැකිවනු ඇත්තේ එවිටය.

මොහාන් පීරිස් බලයෙන් පහ කෙරුණු ආකාරය හා සමාන ඉරණමක් තවත් විනිසුරුවරයෙකුට කිසිසේතම අත්විය යුතු නැත.මේ අන්තරාය වළක්වා ගත හැක්කේ බලය නිසි ලෙස බෙදා හැරෙන පරිදි අලූතින් සකස් කෙරෙන ව්‍යවස්ථාවකින් පමණකි.

ජනපති බලතල අගමැතිට?

රාජපක්ෂ පවුල් පාලනයෙන් රට මුදවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම එක රැයින් කළ නොහැකි සංකීර්ණ කි‍්‍රයාදාමයකි.එයට ප‍්‍රධාන හේතුව වන්නේ රාජපක්ෂ සොහොයුරන් පසුගිය ජනාධිපතිවරණය දක්වාම රට ගොඩනගාගෙන පැමිණ විත් තිබෙන ආකාරයයි. එක් සොහොයුරෙක් රටේ ජනාධිපතිවරයා ලෙස පත්ව සිටියදී, රටේ ආරක්ෂක අංශ, නීති ක්ෂේත‍්‍රය, පාලන තන්ත‍්‍රය හා ආරථිකය වැනි රටේ පැවැත්මට වැදගත් කෂේත‍්‍ර වල බලය හිමිකරගෙන සිටියේ අනෙක් සොහොයුරනුත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයනුත්ය.

මේ නිසා ශී‍්‍ර ලංකාව බලාපොරොත්තු වන වෙනස පැරණි රජය ඉවත් කර අලූත් රජයක් පත්කිරීමෙන් පමණක් ලබාගත නොහැකිය.ඊට පිළියම් සෙවීමේ අරමුණින් සංවිධානයව සිටින ජාතික විධායක කවුන්සිලය රටෙහි යහපාලනය ස්ථාපිත කිරීමට දරන උත්සාහයේ තැබූ යෝධ පියවරකි. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා ජාතික හෙළ උරුමය මින් කිසිදිනෙක නොදුටූ විරූ දේශපාලන පරිණත භාවයක් පෙන්වමින් රට ඉදිරියට ගෙන යෑමට එක්ව කටයුතු කරමින් සිටිති.

පසුගිය සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍රවරයෙකු වන නිශාන්ත මුතුහෙට්ටිගම කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ නිතර ප‍්‍රචාරය විය.

 

තව මාස 3 හමාරකින් මහින්ද රාජපක්ෂ තමයි රටේ අගමැති වෙන්නේ. ඔහු පැවසීය. (අද දෙරණ පුවත් ජනවාරි 25 වැනිදා)

මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දිවි හිමියෙන් කැපවී සිටින පිරිස නැවත වරක් ඔහුව සකී‍්‍රය දේශපාලනයට ගෙන ඒමට නොතිත් උත්සාහයක නිරත වෙමින් සිටින බව මන්තී‍්‍රවරයාගේ එම ප‍්‍රකාශයෙන් පැහැදිලි වේ.එවැන්නක් වළක්වාගැනීම පසුගිය සමයේ එකට එකතුව මෛතී‍්‍රපාල සිරිසේන මහතා දිනවීමට කටයුතු කළ පොදු විපක්ෂයේ හවුල්කාර පාර්ශවයන්ට මෙන්ම මහින්ද රාජපක්ෂගේ ග‍්‍රහණයෙන් ගිලිහුණු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයටත් එකසේ වැදගත්ය.

ජාතික විධායක කවුන්සිලයට විපක්ෂ නායකවරයාවද එක් කර ගැනීම නිවැරදි මාර්ගයේ තබන පියවරකි.ඔහුව එක්කරගැනීම මගින් ජාතික විධායක කවුන්සිලයේ විනිවිද භාවය තවත් ඔප්නැංවෙනවා සේම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටින රාජපක්ෂ හිතැති පුද්ගලයින් පක්ෂයෙන් කොන්වී යෑම තවත් ඉක්මන් වනු ඇත.

මාධ්‍ය වාර්තාවලට අනුව විධායක ජනපතිධූරය කොටස් දෙකකට බෙදා ද්විත්ව බලතල ඇති පද්ධතියක් ඇති කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයක් කෙරෙහි ජාතික විධායක සභාවේ අනුමැතිය හිමිව ඇත.මෙම සංශෝධනය සම්බන්ධයෙන් තවමත් වැඩිදුර තොරතුරු හෙළිව නැතත් එයින් අගමැතිවරයා හා ජනපතිවරයා අතර විධායක බලය බෙදීයෑමක් සිදුවනු ඇතැයි අපේක්ෂා  කළ හැකිය.පෙර තිබූ ජනපතිවරයා - පාර්ලිමෙන්තුව සබදතාව වියැකී ගොස් ඒ වෙනුවට අගමැතිවරයාට වැඩි බලතල හිමිවන පද්ධතියක් පැමිණෙනු ඇත.

මේ අනුව අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය සෘජුවම පාර්ලිමෙන්තුවට වග කියනු ඇත.තවද ජනපතිවරයාගේ විධායක බලතල කප්පාදුවද මේ සමගම සිදුවනු ඇත.ජනපතිවරයා හා අගමැතිවරයා අතර බෙදී යනු ඇති මෙම බලතල ඔවුනොවුන් කි‍්‍රයාවට නංවන්නේ කෙසේදැයි යන්න ස්වාධීන කොමිෂන් සභා වලින් නිරීක්ෂණය කෙරෙනු ඇත.මෙම පරිසරයේදී රටේ පාලන කටයුතු සම්බන්ධයෙන් විපක්ෂයටද ඔවුන්ගේ මතය ඇගට දැනෙනා ලෙස ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවේ.

තොරතුරු දැනගැනීමේ පණතත්,නව කේවල ඡන්ද ක‍්‍රමයත් ආදී ප‍්‍රතිසංස්කරණ වලින් සන්නද්ද නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවෙන් ධනයට හා බලයට තන්හාවෙන් දේශපාලනයේ යෙදෙන පුද්ගලයින් හට පෙර මෙන් වංචනික කි‍්‍රයාවල යෙදීමට ඇති අවස්ථා සම්පූර්ණයෙන්ම අහුරා දමනු ඇත.

රාජපක්ෂගේ වියදම් අනාවරණය කිරීම

 

මහින්ද රාජපක්ෂව පරාජය කිරීමට වත්මන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට උපකාරීවූ ප‍්‍රධාන සාධකයක්වූයේ රටේ ආර්ථිකයයි.එනිසාවෙන්ම රටේ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා ගැන අවධානය යොමු කිරීම තම පැවැත්මටත්,හිටපු ජනපතිවරයා නැවත වරක් බලයට පැමිණීම වැළැක්වීමටත් යන කරුණු දෙක නිසා නව රජයට වැදගත්ය.කෙසේවුවත් දැනටමත් දුන් පොරොන්දු අනුව ජනතාවට සහන සැළසීමට රජය කටයුතු කර තිබීම අගය කළ යුත්තකි.

රාජපක්ෂවරුන් රටේ ධනය හා සම්පත් භාවිතා කළේ කෙසේද,ඔවුන් රැුස්කරගෙන සිටින්නේ මොනවාද සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ කාලීන අවශ්‍යතාවක් ඇත.දැනට සිදුවන පරිදි රේසිංග් මෝටර් රථයක් හෝ ගුවන්යානයක් හමුවූ විගස ඒ ගැන නැවත නැවතත් සදහන් කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් ඔබ්බට ගිය විධිමත්,නීත්‍යානුකූල කි‍්‍රයාමාර්ගයකින් රාජපක්ෂවරුන්ගේ වියදම් ගැන අනාවරණය කිරීම සිදුවිය යුතුය.

සොරකම් වලට දඩුවම් හිමිවිය යුතුමය.නමුත් වර්තමාන තත්ත්වය සැළකීමේදී අදාළ පුද්ගලයා සැබෑවටම සොකරම් කර ඇතත් ඔහුට දඩුවම් දීමේදී සමාජයේ වැඩි දෙනෙක් එය හදුනාගනු ඇත්තේ පළිගැනීමක් ලෙසය.එය නොවැළැක්විය හැකි දෙයකි.නමුත් එය වර්ධනය වීමට ඉඩ නොදී සොරකම් කළ පුද්ගලයින්ට නීතිය කි‍්‍රයාත්මක කෙරෙන බව සමාජයට පෙන්වාදීම නව රජයේ දේශපාලකයින්ගේ වගකීමය.ඒ සදහා ඔවුන් විප්ලවවාදී අදහස් දරන තම ආධාරකරුවන් මෙල්ල කරගත යුතුය.නීතිය කි‍්‍රයාත්මක කර වැරදිකරුවන්ට දඩුවම් පැමිණවීම යහපාලනයක් පමණක් නොව බුද්ධිමත් පාලනයක්ද වේ.

නීතිය මානව දයාවෙන්,අනුකම්පාවෙන්,ප‍්‍රායෝගික වීමෙන් හා විමසිලිමත්භාවයෙන් පන්නරය ලැබිය යුතු බව සත්‍යයකි.නමුත් එසේ යැයි කියා රාජපක්ෂවරුන් නිදොස් කොට නිදහස් කිරීම සිදුනොවිය යුත්තකි.රටේ නිීතිය මේ දක්වාම රාජපක්ෂවරුන්ට චෝදනා නැගී ඇති දුෂණයක් සම්බන්ධයෙන් විභාග කර බැලීමට යොමුව නැති නිසා නීත්‍යානුකූලව ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ දියත් කිරීම ගැටළුවක්ව තිබේ.නමුත් රටම දන්නා පරිදි ඔවුන් බස් රථ වලට, හෙලිකොප්ටර වලට, මාධ්‍ය වලට, ඡන්ද ප‍්‍රචාරණ කටයුතු වලට වියදම් කළ බිලියන ගණන් මුදල් ගැන සළකන විට එය පදනමේ පිහිටා ඔවුන්ට නැගී ඇති චෝදනා වලට වැඩි විභාගයකින් තොරවම අවසාන තීන්දුව ලබා දිය හැකි බව නම් පැහැදිලිය.



අදහස් (0)

‘මොහාන් පීරිස් හොඳ නෑ : ඒත් අස්කළ හැටිත් හොඳ නෑ‘

අලහකෝන් Friday, 20 February 2015 08:47 AM

මධ්‍යස්ත විචාරයක් කාලෙකට පසුව කියවන්නට පුළුවන් වීම සතුටක්. මෙවන් උදවියට අද සමාජයේ වටිනාකමක් දිය යුතු වෙනවා. (හේ)

:       0       0

කුමාර Friday, 20 February 2015 11:27 AM

කොහොමහරි ගෙදර යැවිය යුතුයි (අ)

:       0       0

ආනන්ද ජයරත්න Friday, 20 February 2015 11:44 AM

මධ්‍යස්ථ විචාරයක් වගේ පෙන්නපු තවත් රාජපක්ෂ විරෝධී අදහසක් (අ)

:       0       0

දිල්ශාන් Friday, 20 February 2015 12:21 PM

මහින්ද රාජපක්ෂ අගමැති වෙන එකේ ඇති වරද මොකක්ද? යුද්ධය දිනා රට ට සාමය ගෙනාවේ ඔහු. අපිට ඕන රටට හොඳක් වෙන එක මිසක් එක එකා රජ කරවන්න නොවෙයි. අගමැති වීමට අනිත් අයට ඇති සුදුසු කම් මොනවාද? (අ)

:       0       0

ප්‍රියන්ත Friday, 20 February 2015 09:45 PM

හරිදේ කරන්න කෙක්කෙන් බැරිනම් කොක්ක පාවිච්චි කළාට කමක් නැහැ (බ)

:       0       0

ප්‍රියන්ත Friday, 20 February 2015 09:45 PM

හරිදේ කරන්න කෙක්කෙන් බැරිනම් කොක්ක පාවිච්චි කළාට කමක් නැහැ (බ)

:       0       0

ගාමිණි Friday, 20 February 2015 07:05 AM

හොද ලිපියක්.(හේ)

:       0       0

ශාන් Friday, 20 February 2015 07:21 AM

අවුරුදු 10 ක් තුල විනාස කළ මහජන සිතුම් යලි යථා තත්වයට පත් කිරීම පහසු කටයුත්තක් නොවේය.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 3 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 36 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 38 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2307 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 2220 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1655 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38313 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25245 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site