(ඩයනා උදයංගනී)
මිහින් ලංකා ආයතනයේ ආරම්භක අධ්‍යක්‍ෂ මණ්ඩලය ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන යන මහත්වරුන් කටයුතු කර ඇති බව අනාවරණය වූ බවත් ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමටත් කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ බව සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මිහින් ලංකා ආයතනය පාඩු ලබන්නට ද ප‍්‍රධානතම හේතුවක් වී ඇත්තේ ගුවන් යානා සම්බන්ධයෙන් කිසිත් නොදන්නා මෙවන් පිරිසක් අධ්‍යක්‍ෂ මණ්ඩලය ලෙස කටයුතු කිරීම වන්නට ඇතැයි අමාත්‍යවරයා කීවේය.
ශක්‍යතා වාර්තා ආදිය නොමැතිව මෙයට ගුවන් යානා ආදිය මිලදී ගැනීමත් දේශපාලන ගැත්තන් අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත්කරගැනීමත් මෙහි අධික ණය බරක් පැවතීමට හේතුව බව ද ඇමතිවරයා කීවේය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (1) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ
ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මිහින් ලංකා ගැන සොයන්න ජනපති කමිටුවක්
daham Wednesday, 01 November 2017 11:42 AM
මේ ආණ්ඩුව ආපුදා ඉඳල ශ්‍රී ලන්කන් පාඩු වැඩි වෙන එක ගැන. ඒ ගැනත් කොමිසමක් ඉක්මනින්ම දාන්නේ නැතෙයි?
piyal Wednesday, 01 November 2017 12:28 PM
මොන පාඩු සිදුවුනත් මිහින් ලංකා නිසා පිටරටවල ඉන්න කට්ටිය ඉතා අඩු මුදලට ලංකාවට අවා ගියා.
sunil Wednesday, 01 November 2017 02:48 PM
එත් ඉතින් ඒ පාඩු ගෙවන්න අපි මහජනතාව ඉන්නවානේ? ඒ බව නොදැන නොවෙයිනේද ඕක පටන්ගත්තේ කට්ටිය?
AU Wednesday, 01 November 2017 03:12 PM
පියල්, පිටරටවල ඉන්න අය අඩුවට යයි එයි. ඒත් ලංකාවෙ ඉන්න අසරණ මිනිස්සු සදහටම මේ ණය ගෙව ගෙව ඉන්න වෙයි. මුළු රටක් ණය බරෙන් පීඩිත උනත් තමන්ට වාසියක් ලැබුනොත් ඇති කියල හිතන මිනිස්සු ඉන්න රටක්
SLWednesday, 01 November 2017 08:33 PM
AU, පිටරට වල ඉඳන් අඩුවට ආවේ ගියේ මේ රට වෙනුවෙන් කඹුරන මිනිස්සු තමයි
aseThursday, 02 November 2017 08:30 AM
අරාබි රටවල අපේ ශ්‍රමිකයින් සහන ක්‍රමයට ටිකට් ලබා දීමෙන් ඔය ප්‍රශ්නය ලෙහෙසියෙන් විසඳිය හැකියි. එයට වෙනම ගුවන් සමාගමක් අවශ්‍ය නැහැ.
SenarathThursday, 02 November 2017 03:29 AM
ඔව් මතක තබාගන්න, අපේ මිනිස්සු පිටරටවල වැඩකරලා එවන සල්ලි ටික තමයි, රජය කියන මහලොකු සංවර්ධනයෙන් 50% ක විතර දායකත්වය. එහෙම නැතුව අපේ රටේ දැන් කුඹුරු වලින් ආදායමක් ලැබෙනවද ? පසුගිය අවුරුධු 2 කට කිට්ටු කාලයක් තේ මිල වැටිලා , තේ ගොවියට වැලේ වැල් නැතුව තිබුනේ. එහෙම ජාතික ආදායමට දායකත්වය දෙන මිනිසුන්ට රජය මගින් පහසුකමක් දීමේ වරද මොකක්ද ? ඔබල නැගිසිටින්න ඕනේ දේශපාලකයෝ කරන හොරකම් වලට මිස , රටට යම් සේවයක් කරන මිනිසුනට ලැබෙන වරප්‍රසාද වලට නෙමෙයි.
SampathThursday, 02 November 2017 05:04 AM
ඒ ඔබ දන්නා ප්‍රමාණය, නමුත් ලංකාවේ මුළු ආදායමෙන් වැඩිම ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට එවන මුදල් බව ඔබ නොදන්නවා ඇති.... ඔව්න්ට සහනයක් විදියට අඩු මුදලට ගුවන් ගමන් සැපයීමටත් දඹදිව වන්දනාවට අඩු මුදලට ගුවන් මෙම ගුවන් සේවය ලබාදීමටත් තමයි මිහින් ලංකා ආරම්භ කලේ.
chandana Wednesday, 01 November 2017 06:41 PM
මිහින් ලංකා කියන්නේ මොකක්ද කියල රටම දන්නවා.තවත් එක හරි කියන්න ඉදිරිපත් වෙන අයත් ඉන්නවා .පාට කන්නාඩි ගලවල ප්‍රවෘත්තියට අදාලව පමණක් ලියන්න.
Kumar (Galf) Thursday, 02 November 2017 03:42 AM
පාඩු ලබනවනම් ඕක වහල දැම්ම නම් හරිනෙ.
silva Thursday, 02 November 2017 04:50 AM
පිට රටවල වැඩකරන සියලුම දෙනාට ටිකට් එක වැඩකරන කොම්පැනියෙන් හෝ ගෙදරකින් හරි දෙනවා. ඒක ගණන් වැඩි හෝ අඩු ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ ජනතාවට බර පටවල ටික දෙනෙකුගේ ගොඩ පුරවන නිසා.