IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මිහින්තලේ හිටපු ඕඅයිසී වැරදිකරු වෙයි

එවකට මිහින්තලයේ  රජමහා විහාරාධිකාරී වු  වත්මන් විහාරාධිපති  වලවාහැංගුණුවැවේ ධම්මරතන නා හිමියන්ද  මිහින්තලේ  සීලරතන සාමනේර හිමියන්ද  මිහින්තලේ  හිටපු පොලිස් ස්ථානාධිපති විසින් නීතී විරෝධි ලෙස අත්අඩංගුවට ගනු ලැබීමෙන් එම දෙනමගේ  මුලික අයිවාසිකම් කඩ වී ඇතැයි  ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. 

 ඒ අනුව   ධම්මරතන හිමියනට හා සීලරතන හිමියනට රුපියල් විසිපන්දාහ බැගින් වන්දි ගෙවන ලෙස මිහින්තලයේ හිටපු පොලිස් පරික්ෂක ඊ එම් සංජීව මහානාමට ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලයක් නියෝග කළේය.

සලීම්  මර්ෂුක් ,චන්ද්‍රා ඒකනායක හා ප්‍රියශාත් ඩෙප් යන  ශ්‍රේෂ්ඨාධිකරණ  විනිශ්කාරවරු හමුවේ පෙත්සම විභාග විය. 

2009 මාර්තු දොළොස්වැනිදා මිහින්තලයේ රජමහා විහාරයට කම්පුචියාවෙන්  පැමිණි සියයක් පමණ වන්දනාකරුවන්ගේ ගමන් මලු ,මැද මළුවේ තබා තිබියදී , දෙවැනි වග උත්තරකාර චන්දන වීරරත්න වඩුගේ සහ සුසන්ත කපිලරත්න අතපත ගාමින් සිටියදී සීලරතන සාමනේර හිමියන්  හා ඔවුන් අතර ඇති වු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තමා ද සමනේර හිමියන්ද අත්අඩංගුවට ගැනීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම් අහිමි කළැයිද අත්තනෝමතිකව සිර බාරයට ගැනීමෙන් හා රඳවා තබා ගැනීමෙන් තම අයිතිවාසිකම් උල්ලංඝනය කළැයිද ,එම හිමිවරු සිය පෙත්සමෙන් කියා සිටියහ.

 මිහින්තලයේ පොලිස් ස්ථානාධිපති ඊ එම් සංජීව මහානාම,මිහින්තලේ මහනුවර පාරේ චන්දන වීරරත්න වඩුගේ , පොලිස්පති හා නීතීපතිද පෙත්සමේ වග උත්තරකරුවෝය.

ශ්‍රි ලංකා මානවහිමිකම් කොමිෂන් සභාව මේ ගැන පරික්ෂණයක් පවත්වා  මිහින්තලයේ හිටපු පොලිස් ස්ථානාධිපති මහානාම වැරදිකරු කරමින් ධම්මරතන නා හිමියනට රුපියල් දසදහසක වන්දි ගෙවන ලෙස නියෝග කැර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන්වේ.



අදහස් (0)

මිහින්තලේ හිටපු ඕඅයිසී වැරදිකරු වෙයි

චන්ද්‍ර වීරසිංහ Monday, 12 August 2013 01:52 AM

විශ්ව විද්‍යාල සිසුවෙක් වූ පලියට චරිත සහතික දෙන්න යන්න එපා දර්ශන කොලුවෝ. නායක හාමුදුරුවන් අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය වීමක් එතන නැහැ. පොලිසිය හාමුදුරුවන්ගේ අවසරය පළමුව ගත යුතුව තිබුනා. මත්ද්‍රව්‍ය මුවාවෙන් පොලිසිය ගෙවල් වලටත් ඇතුල් වෙනවා. නිවසකට ඇතුල් වීමටත් උසාවි වරෙන්තුවක් තියෙන්න ඕනේ මම දන්නා හැටියට.(නදී)

:       0       0

ගයාන් Sunday, 11 August 2013 05:00 PM

පොල් පොත. පොල් පොත මොකටද ගල් පොත තියෙනවා.(නදී)

:       0       0

උපාලි Monday, 12 August 2013 03:27 AM

මානව හිමිකම් නඩුවලින් වරදකරු වන රජයේ නිලධාරීන්ට රැකියාව අහිමි වෙන්නේ නැහැ නේද? විනය රෙගුලාසි සංශෝධනය කළා නම් හොඳයි එවැන්නන්ට රැකියාව අහිමිකළ හැකි ආකාරයට. (නදී)

:       0       0

කැනඩා දිසා Monday, 12 August 2013 06:35 AM

මේ දෙගොල්ලගේම විනය බිංදුවයි.(නදී)

:       0       0

සමන් කුමාර Monday, 12 August 2013 06:50 AM

ටික දෙනෙක් කරන වැරදි නිසා පොලිසියටත් නිතිය ක්‍රියාත්මක කරන්න බැරිවෙනවා.(නදී)

:       0       0

අසාද් Monday, 12 August 2013 07:01 AM

පොලිස් කාරයාට දැඩි දඩුවම් දිය යුතුයි.(නදී)

:       0       0

ශිලන් Sunday, 11 August 2013 06:06 PM

පොලිසිය විසින් මේ වගේ දේවල් නිතරම සිදු කරනවා. මේවට මෙයට වැඩි දැඩි දඩුවම් දිය යුතුයි.(නදී) .

:       0       0

ධම්ම Sunday, 11 August 2013 06:17 PM

මොකද අපේ හාමුදුරුවනේ වුණේ? (නි)

:       0       0

සුරංග Sunday, 11 August 2013 06:37 PM

තව වැරදි තිබෙන්න පුළුවන්. සොයා ලබන්න (නි)

:       0       0

රූපවතී Monday, 12 August 2013 09:32 AM

පිටිගල මාමේ, ඔය පෝස්ටරේ ගහද්දි අපි ඉපදිලත් නැහැ.(නදී)

:       0       0

විපුල Monday, 12 August 2013 09:37 AM

මේ නිවුස් එක උඩට දාලා තියෙන්නේ අර නිව්ස් එක යට ගහන්නද ? අපේ ගමේදී මම මේ වගේ වැඩක් කලොත් පොඩි කොල්ලෝ මට "අනේ පලයන් මෝඩයෝ යන්න " කියනවා.(නදී)

:       0       0

පිටිගල Sunday, 11 August 2013 07:16 PM

1970 ගණන් වල අපි පේරාදෙණිය ඉදිද්දි ශිෂ්‍ය සංගමයක් පෝස්ටර් වගයක් ගැහුවා. මේක දැක්කම මට ඒ සොඳුරු අතීතය මතක් වුණා (නි)

:       0       0

දම්මික Monday, 12 August 2013 10:11 AM

හොදින් ඉන්න බලන්න (දී)

:       0       0

ඉරා Sunday, 11 August 2013 07:26 PM

රාලහාමිලටත් සියමේ බෑග් වලට ආස හිතෙන්න ඇති. ඒක නිසයි පොඩ්ඩක් අතගාල බලන්න ඇත්තේ. හාමුදුරුවන්න්ට තිබුනේ ප්‍රශ්න ඇති කරගන්නේ නැතිව ආශාව යනකන් අතගාන්න දෙන්න.(නදී)

:       0       0

කේ එන යි දර්ශන Sunday, 11 August 2013 07:28 PM

මම මිහින්තලේ වසර 4ක් වාසය කළ කෙනෙක් ලෙසට මිහින්තලයේ පොලිස් ස්ථානාධිපති ඊ එම් සංජීව මහානාම මහතා ගැන හොදින් දන්නා අතර ඔහු අවංක පොලිස් නිලදාරියෙකි. එසේම මම විශ්ව විද්‍යාල සිසුවෙකි (නි)

:       0       0

කුමාරි Monday, 12 August 2013 10:20 AM

අයියෝ සල්ලි

:       0       0

අසිත Sunday, 11 August 2013 07:55 PM

නීතිය සැමට සාධාරණ වියයුතුයි (නි)

:       0       0

බන්දුල පුන්සක පෙරේරා Sunday, 11 August 2013 08:01 PM

මේක විදේශ කුමන්ත්‍රණයක්, ඒ වගේම මේකට තුන්වන පාර්ශවයක් සම්බන්දයි. මගේ නමින් අදහස් දාන අයට කියන්නේ කුමන්ත්‍රණ වලට සහයෝගය දෙන්න එපා.(නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 11 August 2013 08:56 PM

හොද වැඩේ රාවතාවත්තේ ළමා නිවාසයේ කන්‍යා සොයුරියත් නඩු දාන්න තිබුනේ.(නදී)

:       0       0

ලක්සිරි Friday, 16 August 2013 07:50 PM

මොකද මේ වෙන්න යන්නේ ම නම් තේරෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ.(නදී)

:       0       0

කුමාරි Monday, 12 August 2013 11:26 AM

ඔන්න ඕකනේ කියන්නේ හැමදාම බබරේ කැරකෙන්නේ නැහැ කියලා (දී)

:       0       0

සී.ඩී. Sunday, 11 August 2013 11:06 PM

මමනම් වරදක් දකින්නේ නැහැ ඒ තීන්දුවේ (දී)

:       0       0

ලලිත් Sunday, 11 August 2013 11:52 PM

ඔන්න කනෝ පිනුම්. ඡන්දෙ කිට්ටු වෙද්දී තලගොයි, කබරගොයි වෙනවා.(නදී)

:       0       0

ලලිත් Sunday, 11 August 2013 11:54 PM

අනේ පිටිගල පෝස්ටර් ගහන එක ඔයතරම්ම සොඳුරු වැඩක්ද? (නදී)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Sunday, 11 August 2013 04:12 PM

ශ්‍රී ලංකාවේ පොලිසියද, සංඝයා වහන්සේද විනය හොදින් රැකගැනීම වැදගත්ය.(නදී)

:       0       0

නාලක Monday, 12 August 2013 12:20 AM

එතකොට අත්අඩංගුවට ගන්න තියෙන නීතිමය පසුබිම මොකද්ද (දී)

:       0       0

නීල්-රානා Sunday, 11 August 2013 04:24 PM

පන්සලේ මැද මළුවේ තිබෙන දේත් උස්සන්න හදනවානම්, මෙරට බණ කී කට කුමට? 'එක පුන් සඳින් දුරු වෙයි ලොව ඝණ අඳුරු' කියනවා වගේ කම්පුචියාවෙන් පැමිනි සිය දෙනා වෙනුවට 'පොල්පොට්' ආවනම් කියල හිතෙනවා.(නදී)

:       0       0

ජයසූරිය Friday, 16 August 2013 03:41 PM

මොලේ තියනකොට බලේ නෑ. බලේ තියෙනකොට මොලේ නෑ කියල කියනවනේ අප්පොච්චේ.... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 5370 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 3586 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 4390 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3643 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 845 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1585 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36251 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24152 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 520 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 225 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site