එවකට මිහින්තලයේ රජමහා විහාරාධිකාරී වු වත්මන් විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නා හිමියන්ද මිහින්තලේ සීලරතන සාමනේර හිමියන්ද මිහින්තලේ හිටපු පොලිස් ස්ථානාධිපති විසින් නීතී විරෝධි ලෙස අත්අඩංගුවට ගනු ලැබීමෙන් එම දෙනමගේ මුලික අයිවාසිකම් කඩ වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
ඒ අනුව ධම්මරතන හිමියනට හා සීලරතන හිමියනට රුපියල් විසිපන්දාහ බැගින් වන්දි ගෙවන ලෙස මිහින්තලයේ හිටපු පොලිස් පරික්ෂක ඊ එම් සංජීව මහානාමට ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලයක් නියෝග කළේය.
සලීම් මර්ෂුක් ,චන්ද්‍රා ඒකනායක හා ප්‍රියශාත් ඩෙප් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්කාරවරු හමුවේ පෙත්සම විභාග විය.
2009 මාර්තු දොළොස්වැනිදා මිහින්තලයේ රජමහා විහාරයට කම්පුචියාවෙන් පැමිණි සියයක් පමණ වන්දනාකරුවන්ගේ ගමන් මලු ,මැද මළුවේ තබා තිබියදී , දෙවැනි වග උත්තරකාර චන්දන වීරරත්න වඩුගේ සහ සුසන්ත කපිලරත්න අතපත ගාමින් සිටියදී සීලරතන සාමනේර හිමියන් හා ඔවුන් අතර ඇති වු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තමා ද සමනේර හිමියන්ද අත්අඩංගුවට ගැනීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම් අහිමි කළැයිද අත්තනෝමතිකව සිර බාරයට ගැනීමෙන් හා රඳවා තබා ගැනීමෙන් තම අයිතිවාසිකම් උල්ලංඝනය කළැයිද ,එම හිමිවරු සිය පෙත්සමෙන් කියා සිටියහ.
මිහින්තලයේ පොලිස් ස්ථානාධිපති ඊ එම් සංජීව මහානාම,මිහින්තලේ මහනුවර පාරේ චන්දන වීරරත්න වඩුගේ , පොලිස්පති හා නීතීපතිද පෙත්සමේ වග උත්තරකරුවෝය.
ශ්‍රි ලංකා මානවහිමිකම් කොමිෂන් සභාව මේ ගැන පරික්ෂණයක් පවත්වා මිහින්තලයේ හිටපු පොලිස් ස්ථානාධිපති මහානාම වැරදිකරු කරමින් ධම්මරතන නා හිමියනට රුපියල් දසදහසක වන්දි ගෙවන ලෙස නියෝග කැර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පිටිගල පෝස්ටර් ගහන එක ඔයතරම්ම සොඳුරු වැඩක්ද? (නදී)
මොකද මේ වෙන්න යන්නේ ම නම් තේරෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ.(නදී)
මොලේ තියනකොට බලේ නෑ. බලේ තියෙනකොට මොලේ නෑ කියල කියනවනේ අප්පොච්චේ.... (ස)
ඔන්න ඕකනේ කියන්නේ හැමදාම බබරේ කැරකෙන්නේ නැහැ කියලා (දී)
අයියෝ සල්ලි
හොදින් ඉන්න බලන්න (දී)
මේ නිවුස් එක උඩට දාලා තියෙන්නේ අර නිව්ස් එක යට ගහන්නද ? අපේ ගමේදී මම මේ වගේ වැඩක් කලොත් පොඩි කොල්ලෝ මට "අනේ පලයන් මෝඩයෝ යන්න " කියනවා.(නදී)
පිටිගල මාමේ, ඔය පෝස්ටරේ ගහද්දි අපි ඉපදිලත් නැහැ.(නදී)
පොලිස් කාරයාට දැඩි දඩුවම් දිය යුතුයි.(නදී)
ටික දෙනෙක් කරන වැරදි නිසා පොලිසියටත් නිතිය ක්‍රියාත්මක කරන්න බැරිවෙනවා.(නදී)
මේ දෙගොල්ලගේම විනය බිංදුවයි.(නදී)
මානව හිමිකම් නඩුවලින් වරදකරු වන රජයේ නිලධාරීන්ට රැකියාව අහිමි වෙන්නේ නැහැ නේද? විනය රෙගුලාසි සංශෝධනය කළා නම් හොඳයි එවැන්නන්ට රැකියාව අහිමිකළ හැකි ආකාරයට. (නදී)
විශ්ව විද්‍යාල සිසුවෙක් වූ පලියට චරිත සහතික දෙන්න යන්න එපා දර්ශන කොලුවෝ. නායක හාමුදුරුවන් අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය වීමක් එතන නැහැ. පොලිසිය හාමුදුරුවන්ගේ අවසරය පළමුව ගත යුතුව තිබුනා. මත්ද්‍රව්‍ය මුවාවෙන් පොලිසිය ගෙවල් වලටත් ඇතුල් වෙනවා. නිවසකට ඇතුල් වීමටත් උසාවි වරෙන්තුවක් තියෙන්න ඕනේ මම දන්නා හැටියට.(නදී)
එතකොට අත්අඩංගුවට ගන්න තියෙන නීතිමය පසුබිම මොකද්ද (දී)
ශ්‍රී ලංකාවේ පොලිසියද, සංඝයා වහන්සේද විනය හොදින් රැකගැනීම වැදගත්ය.(නදී)
ඔන්න කනෝ පිනුම්. ඡන්දෙ කිට්ටු වෙද්දී තලගොයි, කබරගොයි වෙනවා.(නදී)
මමනම් වරදක් දකින්නේ නැහැ ඒ තීන්දුවේ (දී)
හොද වැඩේ රාවතාවත්තේ ළමා නිවාසයේ කන්‍යා සොයුරියත් නඩු දාන්න තිබුනේ.(නදී)
මේක විදේශ කුමන්ත්‍රණයක්, ඒ වගේම මේකට තුන්වන පාර්ශවයක් සම්බන්දයි. මගේ නමින් අදහස් දාන අයට කියන්නේ කුමන්ත්‍රණ වලට සහයෝගය දෙන්න එපා.(නදී)
නීතිය සැමට සාධාරණ වියයුතුයි (නි)
මම මිහින්තලේ වසර 4ක් වාසය කළ කෙනෙක් ලෙසට මිහින්තලයේ පොලිස් ස්ථානාධිපති ඊ එම් සංජීව මහානාම මහතා ගැන හොදින් දන්නා අතර ඔහු අවංක පොලිස් නිලදාරියෙකි. එසේම මම විශ්ව විද්‍යාල සිසුවෙකි (නි)
රාලහාමිලටත් සියමේ බෑග් වලට ආස හිතෙන්න ඇති. ඒක නිසයි පොඩ්ඩක් අතගාල බලන්න ඇත්තේ. හාමුදුරුවන්න්ට තිබුනේ ප්‍රශ්න ඇති කරගන්නේ නැතිව ආශාව යනකන් අතගාන්න දෙන්න.(නදී)
1970 ගණන් වල අපි පේරාදෙණිය ඉදිද්දි ශිෂ්‍ය සංගමයක් පෝස්ටර් වගයක් ගැහුවා. මේක දැක්කම මට ඒ සොඳුරු අතීතය මතක් වුණා (නි)
තව වැරදි තිබෙන්න පුළුවන්. සොයා ලබන්න (නි)
මොකද අපේ හාමුදුරුවනේ වුණේ? (නි)
පොලිසිය විසින් මේ වගේ දේවල් නිතරම සිදු කරනවා. මේවට මෙයට වැඩි දැඩි දඩුවම් දිය යුතුයි.(නදී) .
පොල් පොත. පොල් පොත මොකටද ගල් පොත තියෙනවා.(නදී)
පන්සලේ මැද මළුවේ තිබෙන දේත් උස්සන්න හදනවානම්, මෙරට බණ කී කට කුමට? 'එක පුන් සඳින් දුරු වෙයි ලොව ඝණ අඳුරු' කියනවා වගේ කම්පුචියාවෙන් පැමිනි සිය දෙනා වෙනුවට 'පොල්පොට්' ආවනම් කියල හිතෙනවා.(නදී)