IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


මහින්ද - ගෝඨා සමග ඉන්දීය අගමැති මෝදි සාකච්ඡාවක

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වා ඇතැයි ඉන්දීය තානාපති ආරංචි පවසයි.

ඊයේ(11) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැතිවරයා ගංගාරාමයේ වෙසක් කලාපය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති මන්දිරයේ පැවැත්වූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගිවීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස හමුවී තිබේ.

මෙවැනි සාකච්ඡාවක් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ  නිල න්‍යාය පත්‍රයේ නොතිබුණු නමුත් හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත මෙම අවස්ථාව ලබාදී ඇති බව තානාපති  ආරංචි මාර්ග කියා සිටී.


ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය, මහාචාර්ය  ජී.එල් පීරිස් මහතාද එක්ව ඇති බව සඳහන්ය. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් දොවාල්, විදේශ ලේකම් එස්. ජයශංකර් ඇතුළු පිරිසක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම සාකච්ඡාවට එක්ව ඇත.



අදහස් (40)

මහින්ද - ගෝඨා සමග ඉන්දීය අගමැති මෝදි සාකච්ඡාවක

wedige Friday, 12 May 2017 08:18 AM

කෝ අපේ කලින් හිටපු කළු කොඩි කරුවෝ...

:       1959       4133

ravin Friday, 12 May 2017 08:22 AM

අර වීරවංස මහත්තයාගේ කළු කොඩියත් අරගෙනද ගියේ?

:       545       5085

Kari Friday, 12 May 2017 09:56 AM

වීරවංස මහත්තයා දැන් ඉන්නෙ කොහේද හැබෑටම .....

:       131       371

asanka Friday, 12 May 2017 10:33 AM

ජාත්‍යන්තර වශයෙන් කෙරෙන කටයුත්තක් වගෙයි ....

:       1       15

K Perera Friday, 12 May 2017 10:49 AM

මේ කුමන දේශපාලනයක්ද?

:       0       30

ranjithdaya Friday, 12 May 2017 11:11 AM

දැන් ගම්මන්පිල මහතාට මොනවා වෙයිද දන්නේ නැහැ... නේද?

:       8       63

viki Friday, 12 May 2017 11:17 AM

ඉතාමත් හොඳ වැඩක්... මෛත්‍රි ජනපතිතුමනි ඔබතුමාගේ කර්තව්‍යයද ඉතා අගේ කොට සලකමි...

:       235       155

daham Friday, 12 May 2017 11:39 AM

දේශපාලන උපාය උපක්‍රම ගැන හුඟ දෙනෙකුට තේරුමක් නැති බවයි, මේ ප්‍රතිචාර වලින් පෙනෙන්නේ....

:       509       615

shanthaSunday, 14 May 2017 05:43 AM

ආරංචියේ හැටියට නම් හොඳ වචන ටිකක් කතාබහ කරගෙන තියෙනවා.

:       0       2

aravinda Friday, 12 May 2017 11:42 AM

බලාගෙන ගියාම එළියේ ඉන්න මහජනයා පමණයි පක්ෂ වලට ඇනකොටා ගන්නේ.... ඉතින් කොහොමද මේ විදිහට වැඩ කරන්නේ?

:       2       29

sisira Friday, 12 May 2017 11:52 AM

අපේ රට ගැන බලන්න කලින් ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න කියල කියන්න ඇති.....

:       271       217

ජයන්ත Friday, 12 May 2017 12:50 PM

මම හිතන්නේ ඒ රටේ වැසිකිළි හදන්න යෝජනා ක්‍රමයක් ගැන කතා කර ගන්නවා වගේ... මෙහි ගෙවල් එතුමා හදන නිසා....

:       73       65

KamalFriday, 12 May 2017 03:45 PM

මම දැකල නැනේ සත්‍යපාල ඇත්ත කියනවා...

:       8       32

channna Friday, 12 May 2017 12:57 PM

මොනවද දන්නෑ කතා කළේ නේද?

:       2       5

chaminda Friday, 12 May 2017 01:41 PM

මහින්ද මහත්තයා එහෙම ඉල්ලීමක් කළා කියල අපිට නම් දැනගන්න ලැබුණේ නැහැ, කොටින්ම අනිත් ප්‍රධාන කිසිම මාධ්‍යයක තිබුණෙත් නැහැ, හැබැයි සාමාන්‍යයෙන් වෙන රටක රාජ්‍ය නායකයෙක් ආවහම ඒ රටේ ප්‍රධාන විපක්ෂේ හමුවෙලා බහුතර ජනතාවකගේ අදහස් උදහස් දැන ගන්නවා, සමහර විට රජය නොදන්නවට මෝඩි මහත්තයා දැනගනද දන්නේ නැහැ... රටේ ප්‍රධාන විපක්ෂය පවතින්නේ මහින්ද මහත්තයා අතේ කියලා...

:       924       441

shanthaSunday, 14 May 2017 05:38 AM

අනුකම්පා කරලා දීපු විනාඩි 20 ක කතාවක... කළුකොඩි කතාවට සමාවත් අරගෙන....ගිය අනිත් දෙන්නා එක්ක එක වචනයක්වත් කතා කරලා නැහැ....

:       0       3

susil Friday, 12 May 2017 01:52 PM

කළු කොඩි ගැන අදහසක් නම් නැහැ...

:       0       17

dik Friday, 12 May 2017 02:12 PM

මහින්ද මහත්තයා තමයි "මෑන් ඔෆ් ද මැච්"...ඒ හින්දනේ මෝදි මහත්තයත් සාකච්ඡා කළේ...අන්තිමට බලාගෙන ගිහාම යහපාලනය මොකක්ද කරලා තියෙන්නේ...

:       89       164

ජයන්ත Friday, 12 May 2017 02:39 PM

Dik, ඔබ හරි.... ඉස්සෙල්ලා ආණ්ඩුව කාලෙත් අප රට ණය බරින් වැඩිවුණානේ....

:       50       9

kasunSaturday, 13 May 2017 12:06 AM

2002 රනිල් මහත්තයාගේෙ රට යුද්දෙත් ඉවර කරලා මෙහෙමවත් ඉතුරු කළා මදැයි ....

:       11       6

Susil Friday, 12 May 2017 03:08 PM

මහින්ද මහත්තයා කරන්නෙ මේවාගෙ දේවල් තමයි, පැරදුණ දවස්වල කිව්වෙ එයාව පැරැද්දුවේ 'රෝ ' එක කියල, දැන් ඉල්ලගෙන ගිහින් කතා කරනවා.

:       25       63

sathyapala Friday, 12 May 2017 03:08 PM

ඕනෙම කෙනෙකුට තවමත් ලංකාවේ නායකයා විදිහට දැනෙන්නේ මහින්ද... ඒ වගේම ඔවුන් දන්නවා ලඟදීම ඔහු බලය අතට ගන්නවා කියලා...ඒ නිසා ඕනෙම කෙනෙක් ඔහු ඉදිරියේ හිස නමනවා. මේක තමයි ඇත්ත.

:       1405       1403

sathyayaa Friday, 12 May 2017 10:04 PM

සත්‍යපාලගේ නම වෙනස් කරන්න කාලය ඇවිල්ල වගේ.... මම යෝජනා කරනවා චේතිය පාල හොඳයි කියලා...

:       19       3

shan saudi Saturday, 13 May 2017 06:42 AM

අනේ අපේ රටේ මේවගේ බත්කන ගවයෝ කොපමණ ඉන්නවද රටට හෙනගැහිලා තියෙන්නේ මුන්වගේ උන් හන්ද මුන්ගේ සිහින ලෝක නිසා දෙසපලුවන්ගේ කයිරාටික කම නිසා අපේරට වැඩිකල් නොගොස් ඉතියෝපියාවක් වෙනවා නියතයි

:       13       118

Gamage Friday, 12 May 2017 03:37 PM

මේ තරම් කථා කරන්නට දෙයක් මේ අයට ඉතුරු වෙලා තියෙන එකනේ වැඩේ...

:       7       12

Chanak Los Angeles Friday, 12 May 2017 03:42 PM

මෙවැනි නායකයන් නැවත හරිගස්සවා වත් පෙරළියට ගෙන යා යුතුයි...

:       4       16

Chanak Los angeles Friday, 12 May 2017 03:57 PM

සමහර මැති ඇමතිවරුන්ට පාරේ යන්න වෙන්නේ දැන් මුහුණු වසාගෙන...

:       12       2

ජයන්ත Friday, 12 May 2017 04:01 PM

හරියටම හරි, එතුමා එන්නම ඕන. එතකොට හොරකම් කරපු අය අල්ලා දඬුවම් දෙනවා නොඅනුමානයි..

:       2       11

shyama arachchige Friday, 12 May 2017 11:23 PM

වැඩකට ගත හැකි, සෙවණක් දිය හැකි, ශක්තිමත් වටිනා ගසක් පිළිල නිසා විනාස වෙනවා නම් කල යුත්තේ ගස කපා දැමීම නෙවෙයි... පිළිල ඉවත් කර ගසෙන් ප්‍රයෝජන ගැනීමයි.. අපි කලේ ගස කපා දැමීමයි..

:       4       43

Thushar Saturday, 13 May 2017 02:32 AM

මේක ඇත්තටම හොඳ දෙයක් .... ආණ්ඩුවට වගේම විපක්ෂයටත් ඒ තැන ලබා දිය යුතුයි...

:       1       7

ආරියපාල බෙන්තොට Saturday, 13 May 2017 03:32 AM

ජන.8. වැනිදා ඡන්දෙන් පරදවාගත්තේ ඔබතුමාලා කියල කිව්වට එය ඇත්තටම නොවෙයි කියලා මෝදි මහත්තයත් එක්ක කතා කර ගන්ට වෙන්න ඇති ... අයිය මලෝ ගිහින් හම්බ වුනේ නේද? .

:       7       2

gamini Saturday, 13 May 2017 03:55 AM

සත්‍යපාල..., මම කළු කොඩි සේරම ඉවත් කළා. මහින්ද මහත්තයත් තෙල් ටැංකි දෙනවා. ඒක නම් ගොඩක් හොඳයි.

:       0       3

anura Saturday, 13 May 2017 05:39 AM

අනාගතය පිළිබඳව මෝදි මහත්තයාට පෙනෙන නිසයි එතුමා එම හමුවීම පැවැත්වුවේ....

:       51       118

wasantha Saturday, 13 May 2017 06:21 AM

මහින්ද මහත්තයා බුද්ධිමත් නායකයෙක්....එතුමා දන්නවා ඉන්දියාවේ වටිනාකම....

:       0       22

shanthaSunday, 14 May 2017 05:41 AM

වටිනාකම දැන්ද තේරිලා තියෙන්නේ? දැන්වත් ගිහින් තියෙන්නේ ඒක නිසා වෙන්න ඇති....

:       0       0

Susil Saturday, 13 May 2017 06:30 AM

කළුකොඩි වංශට මොකද වෙන්නෙ ?

:       30       61

卄丹ち卄工匕卄丹 爪丹刀卄∪ち丹れK丹 Saturday, 13 May 2017 07:21 AM

අනේ මන්දා ඉතිං ඔය ඔක්කොගෙන්ම එකදේමනේ වෙන්නේ...

:       0       0

Shan Saturday, 13 May 2017 07:45 AM

කොහොමහරි බලයට එන්න හදනවා වගේ පේන්නේ... ඒක අපි හොඳට දන්නවා...

:       11       69

රොමේෂ් Saturday, 13 May 2017 10:21 AM

මේ විදියට ඉල්ලද්දී පොඩි හමුවක් නොදී ඉන්න බැරිවෙන්න ඇති. මෝදි මහත්තයලත් දේශපාලකයෝනේ....

:       0       25

Saman Sunday, 14 May 2017 02:19 AM

ඊනිව්ස් එකේ තිබුනු මේක බොරුද ? "කෙසේ වෙතත් කොටහළු මගුලකට ගියත් ‘වොයිස් කට්‘ දෙන මහින්ද රාජපක්ෂ මෝදිගේ හමුවෙන් පසු කෂාය බිව් ගොලුවා සේ ඒ ගැන කෙළ බිඳක් හෙළුවේ නැත."

:       0       47

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 786 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 833 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 357 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 881 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට
2024 සැප්තැම්බර් මස 19 248 0

ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප


ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි
2024 සැප්තැම්බර් මස 19 1814 0

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 71 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site