කොළඹ 7 නිවසක් මිලට ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ රිමාන්ඩ් භාරයේ සිටි හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ රුපියල් 50000ක මුදල් ඇප හා රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (27) නියෝග කළේය.
මේ අතර කරමින් ක්‍රීඩා උපකරණ ආනයනයේදී හා බෙදාහැරීමේදී රුපියල් මිලියන 53ක රජයේ මුදල් අවභාවිත කළැයි අලුත්ගමගේ හිටපු ඇමැතිවරයාට හා 2004 දී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගබඩා පාලකවරයකුව සිටි අජිත් නිශාන්ත පෙර නොතීසි මත අද අධිකරණයේ පෙනී සිටි අතර ඔවුන් රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් රජයේ ගෙවන වාට්ටුව මේ දවස්වල අලුත්වැඩියා කරනවා කියලා තිබුණේ (නි)
දැන් ඉතින් බෞද්ධ භික්ෂුන්ට දොහොත් මුදුන් නොතියා, ගරුබුහුමන් නොදක්වා දැත් මිරිකාගෙන යහළුවකුට වගේ කතා කරන්නට ගිහියකුට පුළුවන් කියලයි පළමු පින්තුරයෙන් මන්ත්‍රී තුමා පෙන්නුම් කරන්නේ.. (බ)