IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මහබැංකුවේ මහ වෙනසක් ගැන රජයේ අවධානය

මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් ගැඹුරින් පරීක්ෂණ පැවැත්විය යුතුයැයි රාජිත සේනාරත්න ඇමතිවරයා කියයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පාර්ශවවල මතවාද ඇති බවත් නැවත එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා මෙම පරීක්ෂණ යොදා ගත යුතු බවත් ඇමතිවරයා කීවේය.

ඔහු එසේ කීවේ මාධ්‍යවේදීන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවක දී ය.

බැදුම්කර නිකුත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකු ඉහළ නිලධාරීන්ගේ ආචාරධර්ම කඩවීමක් ඇත්දැයි සොයා බැලිය යුතු බව ද මහ බැංකුව පාර්ශවයෙන් යෝජනා ඉදිරිපත් වී ඇතැයි ද පැවැසේ. මහ බැංකු ආරංචිමාර්ග පවසන අන්දමට බැඳුම්කර නිකුතුව වැනි ඉතා සංවේදී තොරතුරු ජනතාව අතට පත්වූයේ කෙසේ දැයි සොයා බැලිය යුතු බවට මහ බැංකුවේ නිලධාරීන් පිරිසක් අගමැතිවරයාට පැමිණිලි කර තිබේ. අගමැතිවරයා මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා සමග ද මූල්‍ය මණ්ඩලය සමග ද සාකච්ඡා කර ඇතැයි ද මහ බැංකුවේ ඉහළ පෙළේ නිලධාරියකු ලංකාදීපයට කීවේය.

ඒ අනුව ඉදිරිකාලයේ දී මහ බැංකුවේ ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුවිය හැකි බව ද එම නිලධාරියා පවසයි.



අදහස් (0)

මහබැංකුවේ මහ වෙනසක් ගැන රජයේ අවධානය

ජනිත Thursday, 06 October 2016 04:16 AM

කාටවත් නැති ආචාර ධර්ම ඇයි මහා බැංකුවට විතරක්. ඔතනින්නේ එය පටන් ගන්න ඕන. ගමේ පවුලෙන් පටන් ගන්න ආධාර ධර්ම පාර්ලිමේන්තුව දක්වා යනව. එකට ඉන්න පාර්ලිමේන්තු නියෝජිතයෝ ගහගෙන උසාවි යනවනම්, වෙන්වෙලා ගියාට පස්සේ එකට උන්න කාලේ කරපු වැඩ ගැන කියනවනම් තව මොන ආචාර ධර්මද.(බ)

:       0       0

දිසා Thursday, 06 October 2016 04:27 AM

පේන විදියට නම් ආණ්ඩුවේ ලොක්කන්ගේ නෑදෑයෝ ටිකක් මහබැංකුවට වැඩට එයි වගේ හෙට අනිද්දා. (බ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 06 October 2016 06:21 AM

මහබැංකුවේ බැඳුම්කර වංචාවට අදාළ සියල්ල නීතිය ඉදිරියට ගෙනෙන්න.(ම)

:       0       0

දීපාල් නිරෝෂ් Thursday, 06 October 2016 06:54 AM

බැඳුම්කර වංචාවට වගකිවයුත්තන් නීතිය හමුවට කැඳවීමයි පළමුව සිදුවිය යුත්තේ. ඊට පස්සේ ඔය ප්‍රතිසංස්කරණ යෝජනා කරමු. (බ)

:       0       0

ප්‍රදීප් Thursday, 06 October 2016 06:56 AM

මෙය සමග තොරතුරු දෙන්න බය වෙන්න එපා කියල තියෙන පුවත බලලා අපි සමාජයක් විදියට ඔය වගේ පලවන පුවත් එක්ක වැටිලා කෙටි කාලීන වින්දන ගන්න විදියත් හිතල බලන්න.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 174 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 104 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 263 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 117 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 612 1

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 1282 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39610 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25774 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site