IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


මැහුමක ප‍්‍රශ්නයක්

සාමාන්‍ය දරු ප‍්‍රසූතියකින් පසුව ගුද මාර්ගයේ අවහිරයක් නිසා යළි සැත්කමක් සඳහා මවක අනුරාධපුර රෝහලට ඇතුළත් ඇත. අනුරාධපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දොස්තර අයන්ති කරුණාරත්න පැවැසුයේ දරු ප‍්‍රසූතියේ දී වැකියුම් කරද්දී ගුද මාර්ගයේ බිත්තියක් දක්වා ඉරීයෑම නිසා යම් වෙනසක් වී ඇති බවයි. එය සුළු සැත්කමකින් යථා තත්ත්වයට පත් කළ හැකි බව ද ඇය කීවාය.



අදහස් (0)

මැහුමක ප‍්‍රශ්නයක්

Fernando Thursday, 01 September 2011 06:10 PM

කොහොමත් දොස්තරලා මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා. වෙන රටක උනා නම්, ඕවට නඩු දානවා!

:       0       0

jayampathi Thursday, 01 September 2011 07:00 PM

ප‍්‍රනාන්දු මහත්තයෝමේ වගේ දේවල් කොයි රටෙත් වෙනවා ඩොක්ටර්ස්ලා ලෙඩ්ඩු මරන්න හදන්නෙ නැහැ අනික ලෙඩාට යම් අසාධාරණයක් උනානම් වෙන රටක නෙවෙයි මේ රටෙත් උසාවියට යන්න පුලුවන්

:       0       0

ප්‍රනාන්දු Friday, 02 September 2011 12:08 PM

මගෙ අදහස් එක නොදාන්න පත්තරේට අයිතියක් තියෙනවා. සීනි බෝල අදහස් වලට විතරක් නම් ඉඩ ලැබෙන්නේ, අපේ කාලය මීට වඩා මිනිසුන් විශ්වාසයෙන් විවෘතව අදහස් බෙදා ගන්න තැනක යොදන්න කාලය වැය කිරීම හොඳ යැයි සිතෙ!

:       0       0

දොස්තර හලහාකෝන් Friday, 02 September 2011 05:01 PM

.නොදන්න දේ ගැන නිකම් අසත්‍ය කියන්න යන්න එපා පුවතත් පැහැදිලි නෑ අත් වැරදීමක් බවයි කියනනේ නමුත් සිදු වී ඇත්තේ වෙන දෙයක් දරු ප්‍රසූතියක දී වැකුම් සිදු වනනේ නැත එම දරු ප්‍රසූතිය කළ තැනැත්තියට වැකුම් කිරීමක් වන්නට ඇත්තේ නිස පරිදි ප්‍රසූතිය නොවීම නිසාය අනෙක් කරුණනම් වැකුම් කිරීමක් සිදු වන්නේ දරු ප්‍රසූතිය සිදු වන අවස්ථාවේදීය පසුව නොවේය. එවැනි අවස්ථාවලදී සැත්කම් සිදුවන අවස්ථාද ඇතිවිය හැකියි

:       0       0

දොස්තර හලහකෝන් Friday, 02 September 2011 04:57 PM

.වැකුම් කිරිම ගැන වැඩි විස්තර දැන ගැනීමට පහත වෙබ් අඩවි වෙත පිවිසෙන්න http://www.babycenter.ca/pregnancy/labourandbirth/labourcomplications/assisteddelivery/

:       0       0

ක්‍රිස් Friday, 02 September 2011 06:16 PM

ඔව් ඔව් ඒක ඇත්ත

:       0       0

අසංක Friday, 02 September 2011 09:16 PM

කොහොම උනත් වෛද්‍ය වෘත්තිය තමයි මේ ලොකයේ වඩාත් සැලකිලිමත් ලෙස කළයුතු ‍රැකියාවක්. සුළු වැ‍රැද්දකින් හෝ අවධානමට ලක් වෙන්නෙ මනුෂ්‍ය ජීවිතයක්. මම මෙහෙම කියන්නෙ මමත් ලබපු අත්දැකීමක් නිසා. මගේ බිරිඳ අපේ පළමු දරුවා ප්‍රසූත කළේ අගෝස්තු 26 පාන්දර 2.00 ට. 25 වෙනිදා උදේ සිට ඇයට තිබුනේ වරින් වර දැනුන තුනටියෙ වේදනාවක්, හවස් වන විට තුනටිය වේදනාව වැඩිවුන නිසා, ඇය සහභාගීවන ප්‍රදේශයේ වෛද්‍ය සායනයට පැමිණෙන වෛද්‍ය වරයා පෞද්ගලික ප්‍රතිකාර ලබාදෙන ස්ථානයට ගොස් මෙම තුනටියේ වේදනාව පිළිබඳ පැවසු‍වේය ඔහු ඇසූ ප්‍රශ්න වලට අප පිළිතුරු ලබා දුන්නෙමු. (දරුවා ඉපදීමට දින ලබාදී තිබුනේ තවත් සති දෙකක් ඉදිරියෙනි) ඉන් පසු ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා පැවසූවේ ''දරුවාගේ හිස පහතට හැරීමේදී තුනටිය අසල හිරවුන විට මෙවැනි වේදනාවක් ඇති විය හැකි බවත්, නමුත් තම පරීක්ෂාවෙන් දරුවාගේ හිස නිසි ලෙස පිහිටා ඇති බව සනාථ වූ බවත්ය" එමෙන්ම "අවශ්‍යනම් රෝහලට යන ලෙසත්, ඔවුන් ඇයව නවත්වා ගනු ඇති බවත් පැවසුවේ එය අනවශ්‍ය දෙයක් බව ඇඟවෙන ස්වරයෙනි". මුත්‍රා පරීක්ෂාවක් කළ ඔහු එහි වෙනසක් නොමැති බව පැවසූ අතර ලබා දුන් වේදනා නාශක ලබාගෙන ඇඳට වී විවේක ගන්නා ලෙසද පැවසීය. නැවත නිවසට පැමිණි නමුත්, දිගින් දිගටම දැඩි තුනටිය වේදනාවක් ඇතිවිය. රජයේ රෝහලට ගියහොත් නවත්වා ගන්නා බැවින් තුනටිය වේදනාව සඳහා ප්‍රතිකාරයක් ගෙන පැමිණීම සඳහා පෞද්ගලික රෝහලකට ඇතුලත් වුනෙමු. නමුත් එහිදී ඇයම මනාව පරීක්ෂා කළ වෛද්‍යවරුන් පැවසූවේ "දරුවාගේ පෙකනිවැළ අවශ්‍ය ප්‍රමාණයට වඩා කොට බවත් එම හේතුවෙන් දරුවාගේ හිස පහතට හැරීමට එම දිග ප්‍රමාණවත් නොවන බවත් වහාම සැත්කමක් මගින් දරුවා එලියට ගත යුතු බවත්ය. එමෙන්ම එම පරීක්ෂණ පැවැත්වුණු කාලයේදී නිරන්තරයෙන් දරුවාගේ හෘදස්පන්ධනය පරීක්ෂා කරන ලදි. එහිදී පැය බාගයක පමණ කාලයක් අතරතුරදී වරක් දරුවාගේ හෘදස්පන්ධන දුර්වල තත්වයකට පත්වී ඔක්සිජන් ලබා දුන් පසු යථා තත්වයට පත් විය, ඔවුන් පැවසුවේ එම තත්වය මෙහි පැමිණීමට පෙරද ඇති වී ඇත්නම් එය කළලයට අහිතකරව තිබිය හැකි බවයි. පාන්දර 1 ට රෝහලට ඇතුලත් කළ ඇය සැත්කමක් මගින් 26 පාන්දර 1.47 දරුවා බිහි කලේය. වාසනාවකට දරුවා නිරෝගී විය. රෝගියා හෝ ඥාතීන් වන අපි වෛද්‍යවරයකු සතු දැනුමින් සන්නද්ධ නොවෙමු. අප දන්නේ රෝග ලක්ෂණ පැවසීමට පමණි. බඩ රිදීමක් නොවූ බැවින්ද, දරුවා ඉපදීමට දින ඉතිරිව තිබුන නිසාද, තුනටිය අමාරුව දරුවා බිහි කිරීම සඳහා ඇතිවූවක් ලෙස අප නොසිතුවෙමු. නමුත් රෝහලට පැමිනීමට පෙර ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා, රෝහලේ වෛද්‍යවරුන් තෙරුම් ගත් දෙය තෙරුම් නොගත්තේ ඇයි? අඩුම වශයෙන් බඩ රිදීමක් නොමැතිව තුනටිය වේදනාවක් පමනක් ප්‍රසූත වේදනාව ලෙස ඇතිවිය හැකි බවටවත්, ඔහු අපව දැනුවත් නොකළේය. මුත්‍රා පරීක්ෂාවක් කර වේදනානාශක කිහිපයක් ලබා දී රුපියල් 600 ක් සාක්කුවේ දාගත් ඔහු පැවසූ ලෙස ඇඳට වී විවේක ගත්තේ නම් දරුවා කුස තුළ මිය යනවා පමනක් නොව බිරිඳගේ ජීවිතයට ද අනතුරක් විය හැකිව තිබුණි. වඩාත්ම බරපතළ කාරණය ඔහු ප්‍රාදේශයේ ගැබිණි සායනයට පැමිනෙන වෛද්‍යවරයා වීමයි. මෙය ඔහුගේ අපරික්ෂාකාරී බවද? නොදැනුවත්කමද? මෙම වෛද්‍යවරයා අනතුරෙ හෙලන්නට හැදුවෙ ජීවිත දෙකක් නොවේද? ජීවිත නැතිවූ පසු නීතියෙන් එම ජීවිත නැවත ලබාගත හැකිද? එවැනි දෙයක් සිදුවුනි නම් මාහට කිරීමට ඉතුරුව තිබුන එකම දෙය මෙවැනි අනිකුත් වෛද්‍යවරුන්ටද පාඩමක් ලෙස ඔහුව ප්‍රසිද්ධියේ මරා දැමීම පමණි.

:       0       0

බණ්ඩාර Friday, 02 September 2011 10:55 PM

"අපේ කාලය මීට වඩා මිනිසුන් විශ්වාසයෙන් විවෘතව අදහස් බෙදා ගන්න තැනක යොදන්න කාලය වැය කිරීම හොඳ යැයි සිතෙ!"

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශිෂ්‍යත්ව පේපරේ වට්ස්ඇප් යැවූ ගුරන් තිදෙනකු පන්නයි
2024 සැප්තැම්බර් මස 19 1034 1

අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද ප


අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 1353 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 1231 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 500 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 1226 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට
2024 සැප්තැම්බර් මස 19 310 0

ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 46 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site