යාපනය කෝපායි නීර්වේලියේ හය හැවිරිදි දරුවෙකුට ඇයගේ මව අමානුෂිකව පහරදෙන අයුරු අසල් වැසියෙකු විසින් වීඩියෝ කර ෆේස්බුක් වෙබ් අඩවියට එක්කරනු ලැබීමෙන් පසු දැරියගේ මව වන රාජන් පුවනේෂ්වරී (38) අත්අඩංගුවට ගත් බවට කෝපායි පොලීසිය පවසයි.
මව දැරියට පහර දෙන්නේ දිය නෑමට අකමැත්ත පළ කිරීමෙන් ඇති වන කේන්තියෙන් බව කෝපායි පොලීසිය කියයි. 'මම තාත්තා වාගේ නෙමෙයි 'යනුවෙන් පවසමින් ඇය දැරියට පහර දෙතියි ද පොලිසිය කියයි.
කෙසේ වෙතත් එම කාන්තාව නිතරම මෙම දැරියට පහර දෙන බව අසල්වැසියෝ කියති.
මෙම දැරියට පහර දෙනුයේ කුඩම්මා බවට පළවූ වාර්තාව වැරදි බව කෝපායි පොලිසිය කියයි. දැරියගේ මව ඇයට පහර දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ද තහවුරු කරයි.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් මධුෂංක










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්වී ඉපදුනාට තිරිසන් ගති ඇති අය බොහෝ ඇත. හිත්පිත් නැති ආදරය කරුණාව නැති වංක දුර්ජනයන් මිහිපිට කොතකුත් ඇත. ඔහුන්ට නිතැතින්ම මතුවන්නේ කෝපය ඊර්ෂ්‍යාව, තරහව, වෛරය පමණි. පංච ඉන්ද්‍රියන් සංවර කරගත් පුද්ගලයා සෑමවිටම සතුටින් සිටී. අසංවර අය දුකින්ම සිටී (නි)
අනේ දෙයියනේ! මට නම් බලන්නත් බැහැ. පව්! (නි)
මම ළඟපාත හිටියනම් විඩියෝ කර කර ඉන්නෑ, ගෑණිට අාය දත් නැතිව තමයි බත් කන්න වෙන්නෙ (බ)
මේ ගැනිව නයාම කන්න ඕනේ (බ)
අනේ මේ වගේ උන් මොකටද අපේ මේ ලස්සන රටට. ඒ ළමයට මොනවා තේරෙනවටද ඔහොම ගුටි කන්නේ දුක් විදින්නේ. (බ)
උතුරු මහා ඇමතිගේ අවදානය පිණිස අපි මේක යවමු! (බ)
මිනිස් වෙස් ගත් යක්ෂණියක්. පව් මේ අහිංසක දරුවා (බ)
වතුකරයේ දමිල පාසල් තත්වය මම දැක ඇත්තෙමි.... දරුවන්ට පහර දෙන්නේ කොසු මිටෙනි...(බ)
මේක දැක්කහම මටත් සීමාරහිතව තරහ එනවා! මම ළඟ පාත හිටියනම්? (බ)
තමන්ට මෙහෙම වුණා නම් මොන තරම් වේදනාවක් දැනෙනවද එහෙම හිතුවනම් මේ මනුස්සයා කවදාවත් ඒ දරුවට මෙහෙම කරන්නේ නෑ (ම)
ඔන්න ඔය විදියේ අසහනකාරී වාතාවරණයක් මැද උස් මහත් වෙන දරුවෝ තමා ලොකු වුණාම සමාජයෙන් පළිගන්න ත්රස්තයෝ වෙන්නේ...... (ම)
බලදාරින්ගේ අවධානය යොමු වේවා! මේ දැරියට සාධාරණයක් ඉටුවේවා! (නි)
විග්නේෂ්වරන් නිහඬ මොකද? (නි)
මම දැක්කා මේක. ඊයේ රාත්‍රියේ මට නින්ද ගියේ නැහැ. (නි)
පරණ පුරුදු ක්රියාවේ යොදවනවා වගෙයි. (බ)
මේක පෙන්වන්න ඕනේ විග්නේශ්වරන්ට. (බ)
මට හරිම දුකයි, අසරණ දරුවෙක් මොනව කරන්නද මේ වගේ ගෑනුන්ට දඬුවම් දෙන්න ඕනේ නීතියෙන් (බ)
සහජීවනය පටන් ගන්න ඕනේ මුන්ගෙන් (බ)
චුටි දුවේ, ඔයාගේ ගතේ ,සිතේ ඇවිලුණු වේදනා ගින්දර මගේ හිතෙත් ඇවිලුනා. අද පටන් ඔබේ පුංචි ලෝකය සුන්දර වේවායි කදුළු වැල් අතරින් පතමි. පොලිස්පති තුමනි. ඔබේ අවංක සේවය ඇයට ලබා දෙන්න. (බ)
කදුළු දෙන්න මට හඩන්න සත් සමුදුරු ගොඩ ගලන්න....... මුළු රැයම ඔබ ගැන සිතුවා මගේ දුවේ. (බ)
මේ වීඩියෝ ක්ලිප් එක රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න කාන්තා රැඳවියන්ට දකින්න සැළැස්වූවා නම් මේ කාන්තාවට වෙනත් කිසිම දඬුවමක් අවශ්‍ය වෙන්නේ නැහැ (නි)
ලහිරු ජයකොඩි, ඇත්තමයි. මේ අහිංසක දරුවට තම මවු සිහිවෙනවා ඇති මේ හැම මොහොතකම. මේ දරුවට සාධාරනයක් ඉෂ්ට විය යුතුයි. (නි)
හැමදේටම රණවිරුවන්ට ඇඟිලි දික්කරන්න විග්නේශ්වරන්, ශිවාජිලිංගම්, ආනන්දී ශශිදරන්ලා මේවා ගැන මොනවද කියන්නේ? (නි)
කිසිම මනුස්සකමක් නැති ගැහැණියක්. (නි)
කෝ විග්නේෂ්වරන්ලාගේ මානව හිමිකම්? (නි)
අම්මා ළමයට කරන්න යන්නේ හොඳක්. නමුත් ඒක කරන විදිහ හරිම නරකයි. (නි)
අනේ පොඩි දුවෙක්. දරුවෝ ඉන්න අම්මා කෙනෙක් නේද මේ? අමතක නොවන දඬුවමක් දෙන්න ඕනෑ. (නි)
ධනුෂ්ක තරිදු, බැරිවෙලාහරි ඔයා ළඟපාතක ඉඳලා ඔය කාන්තාවට ගැහුවා නම් එයාට කලින් ඔයා හිරේ. (නි)
මෙයා නම් මිනිස් ගති ඇති කෙනෙක් වෙන්න බැහැ (නි)
ඔන්න හැටි පේනවා නේද? මේවා ලෝකෙට පෙන්නන්න ඕනෑ (නි)
ළමයි දඟ නම් මොනවා කරන්නද (නි)
මෙයා නම් අම්මා වෙන්න බැහැ (නි)
ළමයින්ට වද දෙන්නෙ මානසික රෝගීන් (නි)
උතුරු මහා ඇමති මේ වගේ දේවල් ගැන නේද බලන්න ඕනෑ. මේක එයාගේ කලාපේ එයගේ කට්ටියට වුණ දෙයක්. (නි)
මීටත් වඩා කුඩා ළමයෙක් වද දිදී කකුලෙන් පාගාගෙන නාවනවා මම ෆේස් බුක් එකේ දැක්කා. තමන්ට හදාගන්න බැරිනම් ඇයි මෙහෙම ළමයි හැදුවේ? (නි)
ඔය වගේ යක්ෂණියෝ තමයි කොටි විදියට අායුධ අතට අරන් මිනිසුන්ව මැරුවේ. (නි)
ස්තුතියි මේක එළිදරව් කළාට. ළමුන්ට සාධාරණයක් වෙන්න ඕනෑමයි (නි)
මම නම් කියන්නෙ මේ අම්මාව වෛද්‍යවරයකුට පෙන්විය යුතුයි කියලා. අපි දන්නෙ නැහැ ඒ අයගේ ප්‍රශ්න මොනවද කියලා. අත්දැකීමෙන් කියන්නෙ. මානසික අවපාතනය ගැන අපේ සමාජය දැනුවත් කිරීමට යම් අයෙකු ඉදිරිපත් වේ නම් මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු ඉබේටම ලැබේවි (නි)
සමහරු තමන්ගේ කේන්තිය යවන්නෙ දරුවන්ගේ පිටින් (නි)
අසල්වැසියන්ට තිබුණේ වීඩියෝ කිරීම පැත්තක දාලා මේ අහිංක දැරිවිව අර යක්ෂණියගෙන් බේරාගන්න. ඔයිට වැඩි නපුරක් වුණත් එච්චර තමයි. (නි)
මේ වගේ අය සමාජයේ ඕනෑතරම් ඉන්නවා. බොහෝවිට පන්න පන්නා සපාකන සත්ව හෝ අමනුෂ්‍ය ආත්මවල හෝ කුකුල් කේන්තිකාර මනුෂ්‍ය ආත්මවල සිට ඇති බව පේනවා. ඒ ගතිය නොදැනුවත්වම හෝ ඉස්මතු වෙනවා. එවන් කෙනෙක් මැරුණුවිටත් ඒ අාත්මබාවයේදී ප්රගුණකළ ගතියට සම්බන්ධ වියහැකි මට්ටමේම උප්පත්තියක් ලබනවා. (නි)
අමරසිරි මහත්මයා, ඔබ එක්ක තමා මමත්. මේක තිත්ත කසායක් වගේ පෙනෙන්නේ. (නි)
මේ වගේ අමානුෂික වැඩ වෙන රටක ජීවත්වෙනවනේ අපි? (නි)
මිනිස් වෙසින් සිටියත් සිත තුළ සිටින්නේ අමනුෂ්‍යයෙකි (නි)
මහ ඇමතිතුමනි, ප්‍රදේශ වෙන්කර ගන්නට පෙර මේ දරුවන්ගේ දුක්ගින්දර නිවා දමන්න. රටේ අනාගතය බාර ගන්න සිටින්නේ මේ දරුවන් නොවේද?මේ මවගේ මනස කිසියම් හේතුවක් නිසා ව්‍යාකූල වෙලා ඇති. පව් අහිංසක දරුවෝ මේවට පළිද? (නි)
මට දුවලා දෙන්නෙක් ඉන්නවා. ඔය දරුවා මට දෙන්න. ස්වීඩන් රටේ අපි ඉන්නේ. මෙහෙ ළමයින්ට තියෙන නිදහස ගැන දන්නා කෙනෙක්ගෙන් අහලා බලන්න (නි)
පුනරුත්ථාපනය කිරීමකට යොමුකළොත් නේද හොඳ? (නි)
මේ වගේ අය තව කොපමණ ඇද්ද? (නි)
හරිම සංවේදියි. පුංචි දරුවෙකුට ආදරයෙන් කරුණාවෙන් කරුණු අවබෝධ කරලා දෙන්න ඕනෑ හැම වෙලාවකදීම. ඔය වගේ කෘර විදියට කුපිත වෙන්නේ නැතුව. ළමයින්ගේ සිත් හරිම අහිංසකයි. මේ අම්මා ඉවසීම ප්‍රගුණ කළයුතුයි (නි)
දඬුවම් දෙනවා කියලා මෙහෙමත් ගහනවද? (නි)
මේ දරුවා නැවත මේ කුරිරු මව ළඟට යවන්න එපා. (නි)
මේ අම්මා ළමයට මුලින්ම ගහන්නේ පිහියක මුවහත නැති පැත්තෙන්. ඒක දැක්කද? (නි)
දුප්පත්කමින් මිරිකිලා, එදා වේල හොයාගන්න වෙර දරන සමාජයක මේවැනි සිදුවීම් සුලබයි. හිත ඇතුළේ කැකෑරෙන මානසික පීඩාව දරුවන්ගේ පිටින් යැවීමක් තමයි මෙතන වෙන්නේ. මෙතන පෙන්නුම් කරන්නේ සමස්ත සමාජය තුළම නිවැරදි වියයුතු තැනක්. අම්මව හිරේ දාලා ලෝකයට පෙනෙන්න නඩු කියනවට වඩා හොඳම දේ මේ මිනිසුන්ගේ සැබෑ ජිවන තත්වය හොයලා උදවු උපකාර කරන එක (නි)
අනේ මගේ පැටියෝ, මටත් ඇඬෙනවා (නි)
මෙය හරිම අමානුෂිකයි. දරුවෙකුට මේ වගේ ගහනවා මම මේ දැක්කමයි. මේක වීඩියෝ කළ පුද්ගලයට මගේ ප්‍රණාමය. මෙවැනි දේවල් ඉක්මනටම ප්‍රසිද්ධ කරන්න. ළමයි නැතුව තැවෙන අය කොපමණ ඉන්නවද (නි)
ජාතිය ආගම මොකක් වුණත්, මට මෑතකදී මෙවැනි වේදනාවක් හිතට දැනිලා නැහැ. මටත් මේ වයසේම දුවෙක් ඉන්නවා. මට දෙනවා නම් මේ පුංචි දුවව මගේ දෙවන දුව ලෙස මම බලාගන්නවා. දෙයියන්ටවත් පේන්නේ නැද්ද මේවා. (නි)
පවු! තාත්තා මේවා කොහොම ඉවසනවද මන්දා (නි)
දුප්පත්කමේ අධික පීඩනය රුදුරු ලෙස පුපුරා ගිය අවස්ථාවක්. අපි ඒ අහිංසක දරුවා ගැනත් හිතමු. ඒ ගැහැනිය ගැනත් හිතමු. (අ)
මේ ගැනිනම් කවදාවත්ම අම්මා කෙනෙක් නම් වෙන්න බැහැ. තමන්ගේ දරුවකුට නෙවෙයි තිරිසන් සතෙකුටවත් මෙහෙම අමානුෂික විදියට ගහන්න පුලුවන්ද. අම්මා කියන අකුරු තුනටත් නින්දාවක් මේ ගැනී කරන්නේ. (අ)
ඔය අදහස් දාන අය කවදාවත්ම අම්මා තාත්තාගෙන් ගුටි කාලම නැද්ද? (නි)
අනේ පවු මේ අහිංසක මල් කැකුළු! (නි)
චුටි දුවේ, ඔයාගේ ගතේ සිතේ ඇවිලුණු වේදනා ගින්දර මගේ හිතෙත් ඇවිලුනා. අද පටන් ඔබේ පුංචි ලෝකය සුන්දර වේවායි කඳුළු වැල් අතරින් පතමි (නි)
මේ අම්මගේ දැන උගත්කමේ තරම. නිසි පරිදි දැනුවත් නොකිරීමේ වරදට දඬුවම් විදින්නේ අහිංසක දරුවෝ. මේක ඊළඟ පරම්පරාවටත් යන එක නවත්වන්න වැඩපිළිවෙලක් අපිට තියෙනවද ? (නි)
අයියෝ! දැන් සංහිඳියාවට බාධාවෙයිද දන්නෙ නැහැ. අනික මේ උතුරේ වෙන්න පුලුවන්ද? මම හිතන්නේ මේක ෂුවර් එකටම දකුණේ... (නි)
මේක තමයි උතුරේ සහ නැගෙනහිර බොහෝ දමිළ පවුල් වල තත්වය. පිළිගන්න අකමැති අය ඉන්නවා නම් ගිහිල්ලම බලන්න. වීඩියෝ නොකරපු දේවල් කියන්න තියා හිතන්නත් අමාරුයි. මේ අයගේ සාමාන්‍ය තත්වයක් ඒක. කිලිනොච්චියේදි දැක්ක දෙයක් තමයි ළමයින්ට මවුපියන් තලනකොට හමුදා කදවුරට දුවගෙන එන එක. (නි)
දෙවි හාමුදුරුවනේ, මට නම් ඒ වීඩියෝ එක බලන්න බයේ බැහැ. මගේ මනසට මොකක්දෝ වුණා එ්ක දැකලා. මේ පළාත් වල මිනිසුන් මානසික අතින් මීටවඩා උසස් තැනක තබන්නට වගකිවයුත්තන් සැළකිලිමත් වියයුතුයි (නි)
දෙවියනේ, අැයි මේ වගේ කාන්තාවන්ට ළමා වරම දෙන්නේ? තමන්ගේ කුසෙන් බිහිවුණු දරුවෙකුට මේ තරම් අමානුෂික විදියට පහරදෙන ගැහැණුන්ට මේ අාත්මයෙන්ම දෙවියෝ ප්‍රතිඵල දේවී. (නි)
මේ අම්මා අධික මානසික පීඩනයකින් සිටින මවක් වියහැකියි. (නි)
මේ දරුවා මින් ඉදිරියට මෙවැනි පහරදීම් වලින් වළකාගන්නට වගකිවයුත්තන් වගබලා ගතයුතුයි. මේ දරුවන්ගේ මානසික තත්වයට හරි පිළියමක් කළයුතුයි. මවට නීතිය අනුව කටයුතු කළයුතුයි (නි)
මවක් නොවේ, යක්ෂණියක් (නි)
අහක දමන්නට දරුවන් හදනා ලෝකය, කා වනසන් පුතුනේ ....... (නි)
කටේ කිරිසුවඳවත් නොගිය කුඩා දැරියට මෙලෙසින් පහරදෙන ගැහැණිය මනුලොව උපන් යක්ෂණියකි. පුංචි දියණියට යහපත් අනාගතයක් සළසා දෙන්න වගකිවයුත්තන් ක්‍රියා කළයුතුයි (නි)
මේ නම් මව විය නොහැක. තම කුසෙන් වදාපු දරුවෙකුට මෙවැනි ආකාරයෙන් පහරදිය හැකිද? (නි)
මේ මිනිස්සු හරි දරුණුයිනේ... (නි)
මේ අම්මාට අනිවාර්යයෙන්ම මානසික රෝගයක් ඇති. අවුරුදු ගණනක යුධ මානසිකත්වයක්. මානසික වෛද්‍යවරයෙකුට පෙන්නලා බෙහෙත් අරන් දුන්නා නම් ඔය පැත්තට ඉන්න කරුණාවන්තම අම්මා වෙන්නත් පුළුවන් (නි)
වතුකරයේ පමණක් නොව කොළඹද උසස් රැකියාවල් කරන වැදගත් යැයි සිතන අම්මලාද තම සිඟිති දියණියට අසභ්‍ය වචන කියමින් තරවටු කරනු මම දැක ඇත. දරුවන්ට නිකරුනේ තරවටු කිරිම, ලොකු අයට බනින ආකාරයෙන් බැනිම කළනොහැකි බවට ප්‍රචාරණය කළයුතුවේ. නීති තද කළයුතුවේ. පාසල් ගිය පසු සෑම දරුවෙකුගෙන්ම පන්තිභාර ගුරුතුමිය මෙවැනි දේ නිවසේ සිදුවනවාද යන්න කාරුණිකව අසා දැනගෙන පිළියම් යෙදිම වටී. අසරණ දරුවො පව්. (නි)
අද ඉන්න බොහෝ තරුණ සහ මැදිවියේ අම්මලා තමන්ගෙ කේනිතිය පිට කරගන්නේ අසරණ දරුවන්ගෙන්. සැමියට පේන්න්ත එක්ක අසරණ දරුවන්ට තඩිබානවා. කුණුහරුප කියමින් බනිනවා. මේක රට පුරාම වෙනවා. (නි)
ඕක තමයි මම හැමදාම කියන්නේ අම්මයි කිව්වට හැමෝම අම්මලා නෙමෙයි. තමන්ගේ දරුවට ගෙදර පරිසරය කොහොම ඇද්ද? මේ වගේ ගෙවල් මිහිපිට අපායන් කරන සමහර ගැහැණුම තමයි, අනේ මට ගැහුවා කියන සැමියාට එරෙහිව පැමිණිලි දාලා අහිංසකාවියො වෙන්න හදන්නේ. (නි)
“ආදරයේ උල්පත වු අම්මා“ කියලා මෙහෙම ගැහැණුන්ට නම් කියන්න එපා. දරුවෙක් වැදූ පමණින් අම්මා කෙනෙකු නොවේ. උසාවි වලත් නඩත්තු, දික්කසාද පිරිලා තියෙන්නේ මේ වගේ අය තව රටේ බොහෝ තැන්වල සිටිනා නිසයි. (නි)
මොවුන්ගේ හැම ප්‍රශ්නයම පිටකරන්නේ අසරණ දරුවො පිටින්. (නි)
ලහිරු ජයකොඩි කියනවා ළඟපාත හිටියා නම් කියලා. ඇත්ත. මට වුණත් එහෙම හිතෙනවා. හිතන්න තම සිඟිති දියණියට තරවටු කරනු බලාසිටිය නොහැකි සැමියන් මෙවැනි ගැහැණුන්ට ගහන එක සාධාරණ නැද්ද කියලා. නමුත් අපේ රටේ නීතියෙන් ගැහැණුන් බේරෙනවා. තමන්ට ගැහුවා කියලා විතරයි කියන්නේ. තමන් කළ වරද කියන්නෙ නැහැ. (නි)
දසුන් හරි. මෙයාට මානාසික රෝගයක් ඇති. නමුත් වැඩේ කියන්නේ මෙවැනි නපුරු ගැහැණුන්ව දොස්තරවරයෙක් ළඟට ගෙනියන්න බැහැ. යමුද කියලා ඇහුවහම සැමියාට බැනලා මඟඅරිනවා. මේකට මොකද කරන්නේ. මෙවැනි අයගෙන් බැටකන අසරණ දරුවො කොළඹත් ඉන්නවා. ඒ අයගෙ තත්වය මිට වඩා බරපතලයි. (නි)
මේ ගැහැණියට නම් පිස්සු හැදිලා වගෙයි (නි)
"මම තාත්තා වගේ නෙමෙයි" කිය කියා දරුවට තඩිබාන්නෙ මේ තාත්තා කරුණාවන්ත ඇති. මෙයා දරුවාට මෙහෙම නම් සැමියාට කොහොම ඇද්ද? අනේ මේ අද කාලේ ගැහැණුන්ට මොකද වෙලා තියෙන්නේ? මේ වගේ අය පිරිලා ඉතිරිලා නිසා තමයි අද දික්කසාද වැඩිවෙලා තියෙන්නේ. පිරිමියෙක් වසන්නේ කොහොමද මෙහෙම අම්මණ්ඩිලා එක්ක. (නි)
වදක භාර්යාවක්. වදක අම්මා කෙනෙක්. මොන කරුමයක්ද මේ දරුවා මෙයත් එක්ක ගෙවනවා ඇත්තේ. දරුවා කාට කියන්නද? මොනවා තේරෙනවද? දරුවා හිතනවා ඇති මෙහෙම තමයි ජීවිතේ කියලා. අනේ ඇයි දරුවන්ට ආදරේ නැති ගැහැණුන්ට “අම්මා“ කම ලැබෙන්නේ කියන එක මට ප්‍රශ්නයක්? (නි)
අවුරුදු 6 තමන්ගෙ දරුවා දිය නෑමට අකමැත්ත පළකිරීමට මෙයාට මෙහෙම කේන්ති යනවා නම් අනික් දේවල් වලට කොහොම කේන්ති යනවා ඇදද්? මෙයාගෙ සැමියා මොන කරුමයක් ගෙවනවා ඇද්ද? (නි)
දරුවො අම්මා තාත්තා ළඟම ඉන්න ඕනෑ නැහැ කියන එකට මේක හොඳ උදාහරණයක්. මේ දරුවා විධිමත්ව ඇති නේවාසිකාගාරයක හැදුනා නම් මීටවඩා යහපත් මානසිකත්වයෙන් නිදහසේ හැදෙනවා. නමට අම්මලා ගාව ඉඳලා වැඩක් නැහැ. මේවා ආදර්ශයට අරන් මේ දරුවත් කවදාහරි තමන්ගෙ දරුවන්ට ගහන්නෙ මෙහෙමම තමා. (නි)
දරුවට වයස 6 යි. ඒත් ගහන්න අරන් තියෙන කෝටුවෙ ලොකු. (නි)
මේ අහුවුණේ එකයි. තව කොච්චර ඇද්ද? අසරණ දරුවො බහුතරය වදවිදින්නේ තමන්ගේ අම්මලාගෙන්මයි. මෝඩකම, නූගත්කම, ඉවසිම නැතිකම තමයි මේවට මුල (නි)
මෙ රූප රාමු බලා විතරක් මේගොල්ලන් ගැන පටු තීරණ වලට එන්න එපා. මෙයට ගොඩක් කාරණා තියෙන්න පුලුවන්. අපේ අම්මලත් අපිට ගහලා තියනවා. ක්‍රියාව දරුණු වුණත් සිතිවිල්ල හොඳ ඇති. (නි)
"රත්තරන් දුවේ මගේ රත්තරන් දුවේ....ඔබයි දිවිය අර්ථවත් කළේ....“ මෙහෙම හිතන්න බැරි ඇයි මේ අම්මලාට. (නි)
දැන් ලංකාවේ තිබෙන ලොකුම ප්රශ්නය තමා මේ. (නි)
අනේ මොන සිතිවිලිද? දැක්කම පේන්නෙ නැද්ද ඉවසිමක් නැති ගැහැණියක් බව. දියුණු රටක වුණා නම් මේ අම්මා හිරේ සහ තවත් බොහෝ නීති වලට දඩුවම් විදිනවා (නි)
පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදි. මගේ ඇස්වලට කදුළු ආවා. මගේ කෙලි පොඩ්ඩත් ඔය වයසෙමයි. (නි)
හරිම දරුණුයි සහ මිලේච්ඡයි (නි)
මේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ වගකීමකි. එයට නිසි ආරක්ෂාව සහ පහසුකම් ලබාදී මේ නපුරු දෙමාපියන්ට නැවත බාරදියයුතු නොවේ. (නි)
ළමයි හදන්න පුලුවන්නම් දෙමව්පියන්ට දඬුවම් කරන්නත් පුලුවන් බව අමතක නොකළ යුතුයි. මෙය ළමයාගේ විනය පිළිබඳ කාරණයකි. (නි)
දරුවන්ට දෙමාපියන්ගේ ආදරය කරුණාව පොඩි කාලෙදිම නොලැබෙනකොට ඒ දරුවෝ නොමඟ යන්න බලනවා ගොඩක් දුරට. ඒ කුඩා හිත්පිත් ලොකුවෙද්දී දරුණු වෙන්නේ ඒකයි (නි)
මේ වගේ කෘෘරකම් කරන්නේ ඇයි? අහිසක දරුවෝ ලොකු වෙද්දී සමාජයට එක්කම වෛර බදිනවා. ඒ හරහා අන්තවාදීන්ට මේ දරුවන්ව ගොදුරක් කරගන්න අවස්ථාව ලැබෙනවා. ළමයව හදාගන්න බැරිනම් හදාගන්න පුළුවන් කෙනෙකුට බාරදෙන්න. (නි)
මට මගේ පියා මතක් වෙනවා. එක අතකින් ඒ කාලේ ගොඩක් දරුවෝ හැදුනේ හමුදා ආණ්ඩුවක් යටතේ ඉන්නවා වගේ තමා (නි)
මේ දසුන් වීඩියෝ කරලා දාපු කෙනා නම් මේ කරගත්තේ මහා පිනක්. (නි)
දරුවෝ හැදුවට මදි. පාලනය / අනාගත සැළසුම් ගැන හොඳ දැනීමක් අපේ අධ්‍යාපනය තුළින් දියයුතුය. එංගලන්තය වැනි දියුණු රටවලින් ක්‍රමවේදයක් මේ සඳහා අධ්‍යයනයට සුදුසු යැයි සිතමි. (නි)
දරුවෝ වැරදි කළාට මේ විදියට දඬුවම් කරන එක අමානුෂිකයි (නි)
ක්‍රියාව දරුණු වුණත් සිතිවිල්ල හොඳ ඇති කියලා මොහොමඩ් පාසිල් කියනවා. එහෙනම් ප්රභාකරන්ගේ සිතිවිල්ලත් හොඳ ඇති නේද සමූහ ඝාතන කළාට. (නි)
මේ දරුවා මිහිපිට අපායකනේ ජීවත්වෙන්නේ (නි)
මහේෂ්, සුසන්ත හරි. අපි තේරුම් කරගන්න ඕනෑ මානසික පීඩනය. එදාවේල හොයාගන්න මහන්සි වෙනකොට ඒ අස්සෙන් මේ වගේ දේවල් වුණාම ඒ තත්වෙට පත්වෙනවා. හැමෝම නෙමෙයි. ෆිදෙල් කස්ත්‍රෝගේ කතාව කියවන්න. (නි)
මහේෂ්, සුසන්ත කියන අදහස් වල සැබෑ අර්ථයක් තියෙනවා. මේ පහර දීමට සිංහල දෙමල කියල භේදයක් නැහැ. (හේ)
නොගහ හදන දරුවත් හැදී නොග හදන කිරි හොද්දත් වැඩක් නැහැ කියල කියමනක් තියෙනවා. අද මේ රටේ හිරගෙවල් වල ඉන්න වැඩි දෙනෙක් ගැන හොයල බැලුවොත්, දෙමව්පියන්ගේ දඩුවම් නොලබපු ය වැඩිය ඉන්නත් පුළුවන්. (ම)