විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පරාජයටත්වීමත් සමගම විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයෙන් තමන් ඉවත් වන බව ශී‍්‍ර ලංකා පිලේ නායක මහේල ජයවර්ධන පැවසීය. ”මෙම තරගාවලිය ආරම්භ වීමට පෙරම මා තේරීම් කමිටු නිලධාරීන් සමග සාකච්ඡා කළා. විස්සයි 20 කි‍්‍රකට් කී‍්‍රඩාවේදී අප ඉදිරියට යන්න ඕනෑ නම් තරුණ නායකයෙක් මෙතැන් සිට වගකීම බාර ගත යුතුයි” ”මගේ යෝජනාවට තේරීම් කමිටු නිලධාරීන් එක`ග වුණත්, අවසන් මහ තරගයට පෙර ඒ ගැන නිල වශයෙන් ප‍්‍රකාශයක් කිරීමට මා උත්සුක වූයේ නෑ” යයිද මහේල ජයවර්ධන ඊයේ රාති‍්‍රයේ පැවති පුවත් පත් සාකච්ඡාවකදී පැවසීය. කෙසේ වෙතත් ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් වල නායකයා වශයෙන් බාරගත් වසරක කාලය තමන් කටයුතු කරන බවත් අලූතෙන් පත්වන නායකයා තමන්ගේ සේවය අපේක්‍ෂා කරන්නේ නම් විස්සයි 20 තරග සඳහා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට සූදානම් බවත් මහේල වැඩිදුරටත් පැවසීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේල, ඔබ විශිෂ්ටයි. තව ටිකක ඉවසුවා නම් ඔබට ලංකාව ගොඩගන්න තිබුණා. ඔබ දැවී ගියාට පසු අප අනාථ වුණා. මැද පෙළ මේ තරඟය පුරාවටම කිසිම වගකීමකින් ක්‍රීඩා කළබවක් අප දුටුවේ නැහැ. එහෙම නොවුණා නම් අපි අද ජයග්‍රාහකයෝ. මෙය ඔබේ නායකත්වයේ අඩුවක් නොව අපේ තිබුණු දුර්වලම තැන බලා ඔවුන් හරියටම එතනට ගැසීමයි. අපි ඔබටත් ලංකා පිලටත් එදා වගේම ආදරෙයි. වසර පහක් තුළ අවසන් මහා තරඟයට පස් වතාවක් පැමිණි පිළක් වීමම අප රටට ආඩම්බරයකි. (නි)
ඔවු. ඔබ හොද කාර්යභාරයක් ඉටු කළා. (නි)
කනගාටුයි මහේල
අපේ වෙලාව හොඳ නෑ නැතුව අපිට බැරුව නෙමෙයි . මහේලගේ මහන්සිය වතුරේ ගියා. කමක් නැ 2013 කප් එක ගමු (ස)
මහේල නෙමෙයි, මාලිංගයි, ඩිල්ෂානුයි ලංකා ක්‍රිකට් වලින් සමුගෙන ඉන්දියාවට ඇරියොත් නරකද? (නි)
මහේල ඔබ විශිෂ්ඨ නායකයෙකි. ඔබගේ තීරණය කාලෝචිතය. ඔබ ටෙස් හා එක්දින තරඟ සඳහා නායකත්වය ලබාදෙන්නේනම් ඔබට අර්ජුනගෙන් ඉගෙනගැනීමට තව බොහෝ දේ ඇත.. (ස)
අනේ! ඔය ටික අපේ පාලකයින්ටත් හිතෙනවා නම්....? (නි)
ඔබ නියම නායකයෙක්. හැබැයි දේශපාලනයට සම්බන්ධ වෙන්න නම් හිතන්නවත් එපා. (නි)
දිනුවා නම් ඔය කතාව කියන්නේ නැහැනේ. (නි)
කවුරු නායකයා වුණත් වැඩක් නැහැ ඔලුව නැත්නම්. මාලිංගට තුන්වන, හතරවන ඕවර් දෙන්න කලින් මහේලට ටිකක් හිතන්න තිබුණා. (නි)
මහේල, ඔබ නියම නායකයෙක්. අපි සුභ පතනවා ඔබට! අපේ නායකයොත් ඔබගේ චරිතයෙන් යමක් ඉගෙනගනීවි යැයි හිතනවා. (නි)
මාලිංග ගැනත් තවටිකක් හිතුවොත් හොදයි. (නි)
දුක්ඛිත පුවතක්. (නි)
පරාජයට, මාලිංග වගකිව යුතුයි. (නි)
ඔබ කළ සේවයට අපේ හදපිරි භක්ති ප්‍රණාමය පුද කරනවා. (ස) .
නියමයි නියමයි විශිෂ්ටයි. (නි)
පරාජයට වගකිව යුතු කෙනා හිටියේ ක්‍රීඩාගාරයේ. දැක්කේ නැද්ද? මුහුණ පෙන්නුවා විතරයි. අපේ කඩුලු වැටුණා බලන් ඉඳිද්දී. (නි)
මාලිංගට ipl විතරද ...මහේල ඔබ විශිෂ්ඨයි (ස)
ඒක නම් ඇත්ත , කලින් හොඳට සෙල්ලම් කලා. ඊට පස්සේ එක එක වැටෙන්න පටන්ගත්තා .(ස)
නරඹන්නෝ දන්නවා මොන ක්‍රීඩකයාද ඉදිරියට යවන්න ඕනි කියලා , ඒත් නායකයා දන්නේ නෑ (ස)
මහේල හොඳයි...දිල්ෂානුයි, මාලිංගයි තමයි 20/20 මැච් එක විනාසකරේ ..මේ දෙන්නව ඉන්දියාවට පන්නාදමන්න ඕනේ (ස)
කූඩැල්ලෝ වගේ නායකත්වයේ එල්ලිලා සිටීම හොඳ නෑ නේද ? (ස)
රකිත කියන දේ මමත් කියනවා (ස)
බෝල හයක් හරියට දමන්න බෑරි ලෝ ක පූජිත පන්දු යවන්නා (ස)
ඔබ විශිෂ්ට නායකයෙක් එක අවිවාදයෙන් පිලිගන්නවා.ඒ වගේම ලංකාවේ ක්‍රිකට් ගැන හිතල ඔබ ගත්ත තීරණය හරි.අපිට 2පෙල නායකත්වයක් අවශයි ඔයාල නැති දවසට කණ්ඩායම මෙහෙය වන්න.නායකත්වයට අවශ්‍ය අත්දැකීම් අලුත් නායකයට ගන්න 20-20 තරග හොද අවස්ථාවක් වෙයි.මොකද පන්දුවාර 50 හා ටෙස්ට් තරග වලදී නායකත්වය එක පාරටම අත්හදා බලන එක එච්චර නුවණට හුරු නෑ.20-20 අලුත් නායකයට කවදාහරි මහේල 50-50 හා ටෙස්ට් තරඟ වල නායකත්වයෙනුත් ඉවත් වෙනකොට හොඳ පරිනත නායකයෙක් වෙලා ලංකාව ජයක්ග්‍රහනය කර මෙහෙයවන්න පුළුවන් වෙයි. (ස)
ඔබ විශිෂ්ට නායකයෙක් එක අවිවාදයෙන් පිලිගන්නවා.ඒ වගේම ලංකාවේ ක්‍රිකට් ගැන හිතල ඔබ ගත්ත තීරණය හරි.අපිට 2පෙල නායකත්වයක් අවශයි ඔයාල නැති දවසට කණ්ඩායම මෙහෙය වන්න.නායකත්වයට අවශ්‍ය අත්දැකීම් අලුත් නායකයට ගන්න 20-20 තරග හොද අවස්ථාවක් වෙයි.මොකද පන්දුවාර 50 හා ටෙස්ට් තරග වලදී නායකත්වය එක පාරටම අත්හදා බලන එක එච්චර නුවනට හුරුනෑ.20-20 අලුත් නායකයට කවදාහරි මහේල 50-50 හා ටෙස්ට් තරග වල නායකත්වයෙනුත් ඉවත් වෙනකොට හොද පරිනත නායකයෙක් වෙලා ලංකාව ජයක්ග්‍රහණය කර මෙහෙයවන්න පුළුවන් වෙයි.(ස)
අයියෝ මහේල එතකොට ලංකාවේ ක්රිකට්
අයියෝ සල්ලි
රකිත ඔයා හරි (ස)
මහේල නෙමෙයි මේ පරාජයට වගකිව යුත්තේ අර ඔලුව උදුම්මවාගත් හාදයයි (ස)
මොන විහිලුවක්ද මේ , රට වෙනුවෙන් ක්‍රීඩා කරානම් පරාජයේදි පැනලා යන එක නෙමෙයි හපන් කම, වැරදි හදාගෙන ඉස්සරහට යන එකයි ,නායකත්වයෙන් අස්වීම මෝස්තරයක් වෙලාද ? (ස)
පරාජයට වග කිව යුත්තේ මාලිංග. ලකුණු 138 න් 53 ක් ම මාලිංග නිසා. අනෙක් පන්දුයවන්නන් හොඳට පන්දු යැව්වත් මාලිංග ඒ දේවල් නැති කළා. මහේලගේ නායකත්වය අගය කළත් ඊයේ හරි දුර්වලයි. තිසර පෙරේරාව දාන්න තිබුණා මාලිංගට ගහද්දිත් එයාව දැම්මා. 100 ට අඩුවෙන් ගත්තා නම් දිනන්න තිබුණා. (ස)
ඔබ ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම නායකයෙක්. නමුත් එක් පන්දු වාරයක අසාර්ථකවූ මාලිංග නැවත නැවත යෙදෙව්වේ නැත්නම් අද කුසලානේ අපේ. ඔබ ඔය අනුවන කම කල පලමු වතාව මෙය නොවේ. මාලිංග කණ්ඩායමේ සිටින එකම පංදු යවන්නා නොවේ.(ස)
සල්ලි වලට රට යන අත. දුකයි දුකයි (ස)
අපේ ක්‍රීඩකයන්ට ශක්තියක් වෙන්න ඔබ ඔවුන් සමග ඉන්න
රසික ඔයාගේ අදහස මරු .ඒ නැටුම පුරුදු උනානම් මහේලත් ගොඩ (ස)
ඇත්තටම මහේල හොද නායකත්වයක් දුන්නා සහ හොද නායකයෙක්. ඒ ගැන සතුටුයි.එත් ඔබ නායකත්වයෙන් සමුගන එකට නම් කැමති නෑ.කෙසේ වුවත් ඔබ ගැන අපිට ආඩම්බරයි.ඔබේ නායකත්වය යටතේ අවසන් තරගය දක්වා පැමිණියා. ඔබ සිදුකරපු මහගු සේවයට අපේ උත්තමාචාරය!!!(ස)
මාලිංගට දිගට හරහට පහර දුන් සැමුවෙල්ස් දවා ගත් දනංජයට තව පන්දු වාරයක් තිබියදීත් මාලිංගව නැවත කැඳවීම මහේල කල ලොකු අනුවන කමක්. ක්‍රිකට් කියන්නේ ඔහොම තමා. ඔබ විශිෂ්ට නායකයෙක්. (ස)
මම මාලදිවඉනේ සිටයි තරගය නරබුවේ. රට ගැන ලොකු ආදරයකින් හැගීමකින්.., නමුත් එක මොහොතකින් ඒ බලාපොරොත්තු සුන් වෙලා ගියා.., මගේ ජීවිතේට අවුරුදු (19) කවදාවත්ම අපේ රත්තරන් ක්‍රිකට් පිල ලෝක කුසලානයක් ගන්නවා සජීවීව දැකල නෑ..., නමුත් අපේ පිලේ මට ක්‍රිකට් වලට මතක ඇති කාලයේ සිටම 1998 මහේල ඔය කණ්ඩායමට අවේ.., එදා ඉදන්ම මහේල ඔයාගේ විලාසයට මම බෙහෙවින් අගය කලා ඒ වගේම ඉදිරියටත්.., ඔබ තරම් අදටත් අපේ කණ්ඩායමේ ලේකේ කට් පහර , ෆොර්වෙර්ඩ් ඩිෆෙන්ස් පහර ලස්සනට කාටවත් ගහන්න බෑ.., මේ වගේ සුළු දෙයකට ඔබ වගේ දක්ෂ නායකයෙක්.., සමු ගත්තොත් මම මගේ ජීවිතේට අපහු ක්‍රිකට් බලන්නේ නෑ....,, (ස)
දුකයි ..කණගාටුයි...කමක් නෑ අපි ලෝකශූරයෝ (ස)
දැන් මොනවා කිවුවත් අපිට කප් එක ලැබෙන්නෙ නැහැනේ (නි)
හොද තීරණයක් (නි)
එදා මුලින්ම ලාරා ජනපති හමුවෙලා තියෙන්නේ එතුමාට අවසන් තරගය බැලීමට විශේෂ ආරාධනයකටයි. ඔබතුමා නොවරදවාම එනවා නේද කියලයි අහල තියෙන්නේ. ලාරා දැනගන තියනවා පසුගිය ලෝක කුසලාන දෙකම බලන්න එතුමා ගිය වග.(ස)
අපිට අනිවාර්‍යයෙන්ම දිනන්න තිබුණා . ඒත් අවාසනාවන්ත දෙයක් සිදුවුණා (ස)
මහේල දක්ෂයි. නමුත් මෙහෙම තරගයක් පැරදුණු එක ගැන දුකයි. කමක් නැහැ මොනවා කරන්නද? සුභ පැතුම්! (නි)
වැරැද්ද මාලිංගගේ නෙමෙයි. එළව එළවා ගහද්දිත් එයාටම පන්දුව දුන් මාලිංගගේ. (නි)
මෙයාලා ලංකාවේ මිනිස්සුන්ට ක්‍රිකට් එපා කළා (නි)
යන එක හොඳයි. මෝඩ වැඩකරන නායකයෙක් විදියට තවත් නොයිද ,(ස)
නවකයන්ට අවස්තාව
ඊ ලග නායකයා කවුද
මහේල, ඔය අයින් වෙන්න එපා (නි)
ජය පරාජය දෙකම බේදා ගැනීම මහත්මා ගුණයකි (ස)
ඇත්තටම මහේල මහත්තයෝ, ඔබට කිසිම දේශපාලන බලපෑමක් නැද්ද? (නි)
තමන්ගේ වරද පිළිගෙන මාලිංග ටී20 වලින් සමුගන්න ඕනෑ. (නි)
මමත් රඛිත සහ ලලිත්ගේ අදහස් 100%ක් අනුමත කරනවා. (නි)
මාලිංග ගෙදර ගියානම් හොදයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
රඛිත කියපු දේ හරි. මොනවා හෝ දෙයක් මෙතන වී තියෙනවා. (නි)
දනුවත් පැරදුනත් සල්ලි හම්බවෙනවනේ ,(ස)
මාලිංගට ගහද්දීත් එයාටම බොලේ දුන්නේ ඇයි .මහේල මාලිංගට බයද ?මාලිංගගේ කට විතරයි .මාලිංගගේ තුන් ඉරියව්වම දුර්වලයි .එක ඉරියව්වක්වත් බැහැ.,(ස)
මහේල නෙමෙයි යන්න ඕනෑ මාලිංගයි. මම මාලිංග නම් මුලු ක්‍රිකට් දිවියෙන්ම සමුගන්නවා. (නි)
නොඅසුනු මැන ඔය නාඩම් වෙන සුදුස්සො නැහැ තවනම් මහේල ඔබ නොසිටියානම් දෙවන තැනත් අවදානම්... (නි)
ලංකාවට පහලවූ විශිෂ්ට නායකයින් කිහිප දෙනාගෙන් එකෙකි ඔබ (දී)
මහේල කියන්නේ බුද්ධිමත් නායකයෙක්. ඔබේ අයින්වීම ගැන දුකයි. (නි)
අපේ කණ්ඩායමට ඕනෑ දෙයක් කරගන්න දීලා අපි තරග නොබලා ඉමු. (නි)
අයියෝ මහේල
ලෝක කුසලානය වෙනුවෙන් රටවල් කීයක් නම් තරග වැදුණද? අපි අවසන් තරගය තෙක් ආවා. කවුද කියන්නේ අපි පැරදුනා කියලා. අපි පැරදුනේ නැහැ. අපි දිනුවා. (නි)
අපි තමයි නියම ලෝක ශූරයෝ. අවුරුදු පහක් තුළ අවසන් තරගාවලි හතරක් තෙක් පැමිණී එකම කණ්ඩායම අපි. සත්කාරක රටක් වෙලත් වෙනස් තණතීරු වල, වෙනස් ක්‍රීඩාංගන වල දස්කම් දක්වපු එකම කණ්ඩායම අපි.කොල්‍ලනේ, ඔහොම යමු. (නි)
මහේල ඉන්නකම් කණ්ඩායම පරදි, වහාම ඉවත් කරන්න. (අ)
මහේල විතරක් නොවේ දිල්ෂාන්, මාලිංග, මැතිව්ස් අයින් කරන්න ඕනේ. (අ)
මහේල නියම නායකයෙක් වුණත් වැරැද්ද තිබුණේ තරගය බලන්න පැමිණි ප්‍රේක්ෂකයන්‍ගේ පැත්තෙනුයි. (නි)
මහේල ගත්ත තීරණය හරි වුණත්, තරගයේදී ගත් තීරණය වැරදියි. (නි)
ඔයාලා අපිට කවදත් වීරයෝ. අවසන් තරගය දක්වා පැමිණි එකම ඇති. (නි)
මහේල කියන්නේ හොද නායකයෙක් වුණත් එදා ලොකු අවාසනාවක් අත වැණුවා අපේ කොල්ලන්ට. (නි)
මහේල, අනෙක් තරුණ කට්ටිය ගැන හිතලා එයාලට තැනක් දුන්නොත් හොද නැද්ද? (නි)
ඇයි මහේල ඔයා මාලිංගට දැන දැනම බෝල දාන්න දුන්නේ? මේ වැරැද්ද ඔයා කී පාරක් නම් කළාද? ආයිත් සෙල්ලම් කරද්දී මීට වැඩිය පරිස්සම් වෙන්න. (නි)
මහේල ඔබ හොඳ නායකයෙක් (ස)
මහේල ඔබ විශිෂ්ඨ ක්‍රීඩකයෙක් වගේම දක්ෂ නායකයෙක් , ..ඔබ වැනි පරිනත නායකයෙකුගේ හදිසි සමුගැනීම අපිට ලොකු කණගාටුවක් වගේම ලංකා ටීම් එකට දැරිය නොහැකි පාඩුවක් (ස)
මට නම් මහේල අවසන් තරගය මෙහෙයවපු ආකාරය පිළිබද සතුටු වෙන්න බැහැ. ඒක ලබා ගන්න අසීරු ළකුණූ මට්ටමක් නෙමෙයි. (නි)
දිල්ෂාන්ද ගෙදර යායුතු බවයි මගේ හැගීම. (නි)
දිල්ශාන්නම් අනිවාර්‍යයෙන්ම ගෙදර යවන්න ඕනි, දැන් හරියට ක්‍රිකට් ගහන්නෙත් නෑ (ස)
පිස්සන් වගේ කණ්ඩායමට බනින්න එපා. හැබැයි මාලිංග ගැන කියපු කතා වලට මමත් එකගයි. (නි)
මම මොනවද කියන්න ඕනි (ස)
මහෙල ගත්තෙ හොඳ තිරණයක් , පැරදුනා තමයි, තරුණ කෙනෙක්ට දෙන්න වෙනවා. ඡේෂඨ ක්‍රිඩකයෝ සහය දෙන්න වෙනවා නැත්තම් අයින්වෙන්න වෙනවා.(ස)
අපිට කාටවත් බණින්න බැහැ. හැම තරගයකදීම අවසානයේ වුණේ මේකයි. මාලිංගටත් වුණේ පීඩනය දරා ගත නොහැකි වීම නොවේද? (නි)
මහේල, අපි ඔබට සැමදා ආදරෙයි. පන්දුවට පහර දෙද්දී තව ටිකක් හිතන්න තිබුණා. (නි)
මහේල කොහොම උනත් එයාගේ යුතුකම ඉෂ්ඨකරා (ස)
මහේලට නායකත්වය මීට වඩා බුද්ධිමත්ව කරන්න තිබුණා.. මාලිංග මේවගේ ගහද්දි හතර වැනි ඕවරයට මාලිංගටම දෙන්වා.. තේරෙන්නේ නැද්ද? කල්පනාව නැද්ද? අකිලට තව ඕවරයක්, මෙන්ඩිස්ට දෙකක් කුලසේකරට එකක් ඕවර ඉතිරි වෙලා තිබුණා. ඒ කෙනෙක් දැම්ම නම් ඔහොම ගහන්නේ නැහැ.. බලා හිටපු අපිට තේරෙනවා.. පාසල් යන කාලෙ ඉදලා සෙල්ලම් කරපු මහේලට තේරෙන්නේ නැහැ.. සියල්ලමට කලින් අපේ කණ්ඩායමට පීඩනයක් දරාගෙන සෙල්ලම් කරන හැටි කියා දෙන්න ඕන.. අපේ අයට පුදුම හදිස්සියක්නේ තිබුණෙ. කල්පනාවෙන් ගැහුවනම් දින්නන තිබුණා.. මාලිංග 54 ක් ගැහුවා තමයි ඒත් අපිට හරියට පහරදෙන්න තිබුණා.. අර්ජුන, අරවින්ද ඉන්න කාලේ පන්නලා ගැහුවා.. දැං එහෙම නැහැ.. අපට ක්‍රිකට් එපා වෙයි මෙහෙම ගියොත්..!(නු)
මම ජයා එක්ක එකගයි.. (නු)
මාලිංග පසුගිය තරඟ දෙකේදීම උවමනාවකින් ක්‍රීඩා කල බවක් පෙන්න තිබුණේ නෑ . නිකන් මෝඩ හිනාව දාගෙන වගකීමක් නැතුව ක්‍රීඩා කරා (ස)
මාලිංග යොදා ගත යුත්තේ අයිපීඑල් තරග සදහා පමණ්‍යි..!(නු)
ඔය ක්‍රීඩා පිටියේ තිබුණ තේක්ක ගස් වගයක්. ඒ ගස් වල හිටිය දෙවිවරු මගෝඩිස්ල එම ගස් කපාගෙන ගියාට පසුව දෙවිවරු කෝපවෙලා ඉන්නේ (ස)
මහේල, ඔබගේ තීරණය ගැන මට සතුටුයි. (නි)
මාලිංගට බණින අය පොඩ්ඩක් මේක බලලම අදහස් දාන්නකෝ. http://www.youtube.com/watch?v=N597rYWRt8E (නි)
මේ ඔක්කොටම මුල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. අපේ කට්ටිය ඒ ගැන කල්පනා කර කර දෙගිඩියාවෙන් සිටි නිසයි තරගය පැරදුණේ. (නි)
හරිනම් ටීම් එකම සියදිවි හානි කරගන්න ඕනි.මොකද කොදෙව්වන්ට අන්නත ලෙස පරාද වූ නිසා. අනික 4 වෙනි වතාවටත් 20/20 පැරදුනු නිසා. නමුත් මැරිලා තියෙන්නේ අපේ මෝඩ කොල්ලෝ 2 ක් නේ (ස)
දිල්ශාන් වෙනුවට වෙන කෙනෙක් ගැන ඉදිරියේදී හිතුවොත් නේද හොද? (නි)
අලුත් නායකයෙක් තෝරා ගන්න එක තමයි දැන් තියෙන ගැටලුව. මොකද අලුත් නායකයෙකුට තියෙන්න ඕනෑ කිසිම සුදුසුකමක් මේ කාටවත් නැහැ. (නි)
20-20 විතරක් නෙමෙයි. සියල්ලෙන්ම සමු ගත්තොත් නරකද? (නි)
වැරදි තීරණයක් සහ දුර්වල නායකත්වයක්. (නි)
මහේල, චැම්පියන් කුසලානයේ දිල්ලි පිලේ නායකත්වයෙනුත් ඉල්ලා අස්වෙනවාද? (නි)
ඇයි මෙහෙම වැඩ කරන්නේ? (නි)
මාලිංග මේ ටූනමන්ට් එකේදිනම් සෙල්ලම් කලේ අපිට නෙමෙයි අනිත් ටීම් එකටයි , මහේල නියමයි. එයා ගැන හොයාලා බලන්න .(ස)
මහේල කියන්නේ හොඳ නායකයෙක්, නමුත් අර්ජුන තරම් දක්ෂ නෑ. මාලිංග ගැන කියනවානම් එයා අනෙක් තරඟ වලදී කොච්චර හොඳට සෙල්ලම් කරත් ලෝක කුසලානයේ අවසන් මහා තරඟය අනාගන්නවනම් වැඩක් නෑ........(ස).
තේරීම් කමිටුවට මාලිංග ගැන හිතන්න කාලය ඇවිත් වගෙයි. (නි)
අනේ නිකන් ඉන්න. අපි නොදන්න චෙස්.... (නි)
ස්තූතියි මහේල. ක්‍රීඩාවෙන්ම සමුගත්තා නම් තමයි අපිට තවත් සතුටු. (නි)
ඔබ හොද නායකයෙක්
ඩිල්ෂාන් ළකුණු නොලබා දැවීයාම අපට බොහෝ අවාසිදායක තත්වයක් වුවා. (නි).
අපේ කණ්ඩායමේ වේග පන්දුයැවීමේ පුහුණු කරුත් අස් කළ යුතුයි..!(නු)