පන්දු 52 කදී ලකුණු 66 ක් ලබාගනිමින් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක යෙදීමට මහේල ජයවර්ධන සමත් වුවද, 2013 අයි. පී. එල්. තරගාවලියේ පළමු තරගයේදීම කඩුලූ 6 ක ජයක් ලබාගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් වූ හෙයින් මහේලගේ උත්සහය අපතේ ගියේය.
මහේල දියත්කළ නායකත්වයේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් ඇතුළත්විය.
කොල්කටාහීදී පැවති මෙම තරගයේ පළමු පන්දුවේදීම (තරගාවලියේ පළමු පන්දුව) දිල්ලි කණ්ඩායමේ අන්මුක්ත් චන්ද් දවාලීමට බ්‍රෙට්ලී සමත්වීම නිසා දිල්ලි කණ්ඩායම ආරම්භයේදීම අමාරුවේ වැටිණ.
තරගයේ වීරයා බවට පත්වූ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ සුනිල් නරේන් ලකුණු 23 කට කඩුලූ 4 ක් දවා ගනිමින් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ලකුණු 128 කට සීමා කිරීමට සමත්විය.
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ නායක ගෞතම් ගම්භීර් පන්දු 29 කදී වේගවත් ලකුණු 42 රැස්කළ අතර ඉයන් මොර්ගන් (13) සහ යූසෆ් පතන් (18) නොබිඳුන ලකුණු 30 සම්බන්ධතාවයක් ගොඩනගමින් ජයග‍්‍රහණය තහවුරු කළහ.
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ඕවර 20 තුළදී සියලූදෙනා දැවී 128
(මහේල ජයවර්ධන 66, ඬේවිඞ් වෝනර් 21, සුනිල් නරේන් 23/4, බ්‍රෙට් ලී 40/2)
කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඕවර 18.4 ක් තුළදී කඩුලූ 4 ක් දැවී 129
(ගෞතම් ගම්භීර් 43, ජැක් කාලිස් 23, මනෝජ් තිවාරි 23, ඉයන් මොර්ගන් 13, යූසෆ් පතන් 18, ශාභාස් නදීම් 22/2)
(**)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම දේශපාලනයි ක්‍රීඩාවයි සම්බන්ධ නොවෙනවා නම් කොච්ච්ච්ර හොදද? (නි)
අපි කාටවත් බිය විය යුතු නෑ. මොකද අපි මොන රටකටවත් වැරද්දක් කරලා නෑ. ඒ නිසා ම අපේ කොල්ලෝ ඉන්දියා වට උගන්නපු පාඩම ගොඩක් වටිනවා. මම සඟ මහේල මාලි දිල්ෂාන් ඇන්ජි හැමෝටම හිස නමා ආචාර කරමි.(නදී)
මහේල,සගා,මැතිවු හොද පාඩමක් ඉගැන්නුවා ජයලලිතාට ,ඉන්දියා වලම අපේ කොල්ලෝ ඉන්දියා අයට නායකත්වය දෙනවා,,,(අ)
ඉන්දියාවේ දෙමළ මිනිස්සු විඳින දුක් ලංකාවේ දෙමළ මිනිස්සු විඳින්නේ නැත. (ස)
කොල්ලෝ කරපු දේ වැරදි නැහැ. (නි)
ඉරිසියා කරන්න එපා දක්ෂතාවයෙන් වෙනත් රටකින් සල්ලි හම්බකර ගන්න එකට. ඉන්දියාවේ අතිමහත් බහුතරය අපව ඉහලින්ම පිළිඅරන් තියනවා නායකයන් තුන්දෙනෙක්ව පත් කරලා. අපට කලින් තිබුන ප්‍රශ්නය දැන් ඉන්දියාවට ඇවිත්. ඔහුන්ට දකුණු ඉන්දියාව පාලනය කරගන්න බැරිවෙලා. අපි පටු ජාත්‍යාලයට මුළු ඉන්දියාවත් එක්ක තරහ කරගන්න කුමකටද. ඉන්දියාවට ප්‍රශ්නය බේරගන්න කියල අපි සමගියෙන් ඉමු. බොරු ජාත්‍යාලයට පටලවගන්නේ නැතුව. (ස)
පුලුවං කාලෙ උපරිම හම්බු කරගන්නෙක තමා හොදම දේ... සල්ලි නැතිඋනාම කව්රුවත් ගනං ගන්න එකක්යැ.. (ස)
ලකුණු වෑඩියෙ ගෑහුවොත් කුණු බිත්තර ගහන්නෙ නෑ. (අ)
ඔය ගෙනෙන සල්ලි කෙලින්ම යන්නේ කොහේටද නොදැන අපි මෙහෙ බොරුවට තප්පුලනවා. (නි)
ඇත්තටම මෙයාලා ගියේ ජයලලිතට අභියෝග කරන්නද? එහෙමනම් චෙන්නායි වලත් සෙල්ලම් කරලා පෙන්නන්න. (නි)
ඔය විදියට හැමෝම ජයලලිතාට වැඩ පෙන්නුවා නම් තමයි මම කැමති. (නි)
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ නායක ගෞතම් ගම්භීර්? එහෙනම් මහේල කල්කටා නයිට් රයිඩර් ද? (නි)
ඔය ගිය කට්ටිය ආයෙමත් එද්දී, සල්ලි ටික පිටරට ගිණුමකට දාලා වෙනත් රටකට ගිහින් කාටත් කියන්නේ නැතුව ලංකාවට ඒවිද දන්නෙ නැහැ. (නි)
ඉන්දියන් සල්ලි ටිකක් කොහොමහරි ලංකාවට රැගෙන එන්න. ඔය එපා කියලා කෑ ගහන අය මාලිංගට, මහේලට, සංගට තියා හිගන්නෙක්ටවත් රුපියලක් දෙයිද? ඔබට ජය. (නි)
ලංකාවේ කොල්ලන්ගේ වැඩ කවදත් පෙන්වනවා. ඉන්දියාවේ ඔය තරම් ක්‍රීඩකයෝ ඉඳලත් ඒකනේ අපේ තුන්දෙනෙක් කණ්ඩායම් නායක විදියට ගත්තේ.. (ස)
මොන වැඩ පෙන්නුවත් වැඩක් නැහැ. ලංකාවට මෙච්චර කෙනෙහෙලිකම් කරන තමිල්නාඩුව ඉන්දියාවේ කොටසක් කියන එක කාටවත් අමතක කරන්න බැහැ. අඩුම තරමේ තමන්ගේ ටීම් එකේ දෙන්නෙක් අස් කරලා තියෙද්දිවත් එකට ඉන්න අය ගැන හිතලා හරි නිවැරදි තීරණයක් ගන්න තිබ්බා. හැමදේම සල්ලිවලින් මනින්න බැහැ. වෙනත් වෘත්තියක නම් දෙන්නෙක් ඉවත් කලොත් අනිත් සියලුම දෙනාත් ඒ දෙන්නාගේ පැත්ත ගන්නවා. අපේ කිකට් ක්‍රීඩකයෝ ගත්තේ ඉන්දියාවේ කලු සල්ලි පැත්ත. අපි නම් ආයෙත් මහේලලට අප්පුඩි ගහන්නේ නෑ. (නි)
කරුණාකර අපිට එයාලා ගැන තවත් විස්තර එපා. අපිට තවත් අපේ රටේ ක්‍රීඩකයන් ගැන කිසිම හැගීමක් නැහැ. රට පාවා දුන් එයාලා ගැන ජනතාව බුද්ධිමත්ව බලනු ඇති. මට දුක සංගා සහ මහේල ගැනයි. ඔයාලා දෙන්නට තව දුරටත් සිතන්න තිබුනා. (නි)
ඕව ඉන්දියාවෙන් අපිට එන සල්ලි. අපි ගත්තේ නැත්නම් ඕවා වෙන රටකට යනවා. (නි)
අපේ කොල්ලන්ගේ දස්කම් විතරයි අපි බලන්නේ. අපේ එකෙක් නායකයා වෙන්න කණ්ඩායම දිනුවොත් නම් නියමයි. (නි)
මේ කට්ටියට ලංකාවට නම් සෙල්ලම් කරන්න බැහැ. නමුත් ඉන්දියාවට?? (නි)
ඔය සල්ලි ටික ඔයාලට හම්බ උනොත් නිකන් ඉඳීවි. (ස)
ඉන්දියාව උපදෙස් දෙන්නේ ඉන්දියාවට ඕනෑ වැඩ කරන්න මිසක්, අපේ රටේ හොඳට නෙමෙයි. (නි)
නියමයි. දේශපාලකයන්ට ඉන්දියාවේ ගිහින් එන්න හොඳයි... ණය ගන්න හොඳයි.අ පේ කොල්ලන්ට ක්‍රීඩා කිරීම හොඳ නැහැ... (නි)
96 දී ඉන්දියාව හොඳයී ..... දැන් නරකයී. ක්‍රිකට් සහ දේශපාලනය යනු 2 ක් .... (ස)
අපි අයෙත් ඩොලර් වලට අත්පුඩි ගහන්නේ නැහැ. (ස)
දැන් ඉතින් අයි.පී.එල්. ඉවර වෙනකල් කට්ටියගේ ඈඬියාව බලන්න වෙයි වගේ. මම නම් කියන්නේ ගිය එකමයි හොඳ. ජයලලිතාල පරාජයලලිතා වුනා. (නි)
කසුන් ගේ කතාව හරියට හරි. (ස)
මම නම් කියන්නේ අපේ කොල්ලෝ ඉන්දියාවේ ගිහින් වැඩ පෙන්වන්න ඕන තමිල්නාඩුවට උන ගැනෙන්න. (ස)
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නායකත්වය දරන කණ්ඩායම් 3 අන්තිම 3 න් දෙනා අතරට එන්න ඕනෑ කියලා මම පතනවා. (නි)
තමිල්නාඩුව කියන්නෙ ඉන්දියාව නෙමේයි. අනෙක් ප්‍රාන්ත අපිට සපෝර්ට්. ජයලලිතා නෝනා මෝඩකමට ගොන් පාර්ට් දැම්මා කියල අපේ කොල්ලන්ගෙ වැඩ පෙන්නන එක නවත්තන්න නරකයි. අපි මෙහෙමයි පෙන්නන ඔනෙ මේ පුන්චි රටේ ලංකාවේ කොල්ලන්ගෙ වැඩ.(නදී)
පුතේ, උඹ ඔය ගමන නොගියා නම් තමයි හොඳ. ඒත් උඹේ දක්ෂතාව ගැන නම් මම ආඩම්බර වෙනවා. (නි)
හොද වැඩේ. සල්ලි වලට ආශා කලාම ඔහොම වෙනවා.(නදී)