අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව ඊයේ (09) කාඞීෆ්හිදී පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයන් දෙදෙනකු වන මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන්, අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නීති රීති උල්ලංඝණය කිරීමේ වරදට දැඩි අවවාද ලබා තිබේ.
මහේල සහ ඩිල්ෂාන් මෙහිදී දිගින් දිගටම දැවී යෑම් සඳහා ඉල්ලීම් කිරීමට වරදකරුවන් කළ තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා දැඩි අවවාද කර තිබේ.
මහේල සහ ඩිල්ෂාන් වරද පිළිගෙන සමාව ඉල්ලා ඇති අතර අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ විනය නීති මාලාවට අනුව මෙම වරදට උපරිම දඩුවම ලෙස තරග මුදලින් 50% ක දඩයකට යටත් කිරීමේ හැකියාව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනිසුරු වරු වැරදි නැද්ද ? හරි ටිරාන් දෙන්න බැරිද? එයාල ගන්න එක තීරණයකින් තරගය වනස් වෙනවා ......... ඒවාට අවවාද නැද්ද ?(ස)
එංගලන්ත ක්‍රීඩකයන් පන්දුව පලුදු කළාලු....කෝ ඒවාට දඩුවම් ? කෝ අපේ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලෙන් ප්‍රතිචාර? (නි)
අයි.පී.එල්. එකට යන්න එපා කියනකොට ගිය අය නේද මේ දෙන්නා? තමිල්නාඩුව ලංකාවේ අයට තමිල්නාඩුවේ තරග වලට සහබාගි වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියනකොට ගිය අයට රට ගැන කැක්කුමක් තියෙන්න පුළුවන්ද කියලා මට නම් හිතාගන්න අමාරුයි (නි)
අයියෝ සල්ලි
වැඩ බැරිනම් වැඩක් නැහැ (නි)
අපේ රටට ඉන්දියන් බෙහෙත් එපා කියල කේස් ඇදපු අධිරාජ්‍යවාදී අය අපේ ජාතික කොඩිය ගෙනයද්දී ගහපු හිංදි සිංදුව අහලා වස පානය කරාවිද?(නදී)
එදා මුරලි වෙනුවෙන් අර්ජුනලා කරපු වැඩ මතක් උනා. ඒ කාලයෙනේ අපේ ක්‍රිකට් තිබුනේ. එදා අධිරාජ්‍ය බලවේග පොරවල් නොහිටපු නිසා අපේ ක්‍රීඩාව හොඳටම තිබුන. අද?(අ)
අපේ කොල්ලන්ට විතරයි ඔය ඔක්කොම නීති...... ඉල්ලීම් කරන්න බැරිද? අපේ අවුට් කීයක් දුන්නේ නැද්ද? (නි)
මෝඩ බණ්ඩා.(ස)
දැන් අද මේ වෙලාවේ පැවැත්වෙන ඉන්දියා/බ.ඉ.කො. තරඟයේ ද්‍රෝනි ඇතුළු පිරිසත් අනවශ්‍ය විදිහට ඉල්ලීම් කළා නේද? බලමු දැන් නීතිය එයාලට ක්‍රියාත්මක වෙන විදිය? (නි)
එත කොට අරම්භක උත්සවේ දවසේ වාදනය උණු හින්දි ගීතයට මොකද කරන්නේ. ඒවාට දඩ නැද්ද?(නදී)
මේ කොල්ලන්ගේ කට නැත්නම් අම්පයෙර්ලා තවත් හොර වැඩ කරලා. පිත්තෙන් බැරිනම් කටින් හරි ගහන්න ඕනේ. මේ දවස්වල අසාර්ථක වෙන්නේ පසුගිය කාලේ අයි.පී.එල් නිසා පුහුණුවීම් කටයුතු නිසිලෙස කරගන්න බැරි උන නිසා. තව මාසේ 2 විතර යනකොට සුපුරුදු රිද්මයට ඒවි.(නදී)
අනික් තරග 2 පරාද වුනාම ගෙදර එන්නකෝ. (නි)
වැරැද්ද පිළිගන්න බොහොම දෙනෙක් අකමැති වගෙයි. (ස)
ඔය අපේ කොල්ලන්ගේ දේවල් මෙට්චර ගණන් ගන්න එපා අනේ (නි)
එතකොට වැරදි තීරණ දුන්න විනිසුරුවන්ට දඩුවම් නැද්ද ? (ස)
ඉල්ලන ඒවා දෙන්නෙත් නැහැ,ඉල්ලුවේ නෙති උනාම කොහොමද දෙන්නේ(අ)
බැට් එකෙන් ගහන්නේ නැතිව මෙයාලා කටෙන් ගහලා මැච් දිනන්න හදනවා වගෙයි.(නදී)
දිල්ෂාන් හැමදාම තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ ඉතින් ඔය වගේ දේවල් ගණන් ගන්න එපා.(නදී)
අයි.පී.එල්. සල්ලි ඇතිනේ..(ස)
අපි කොච්චර කෑගහනවද? ඒත් ඇයි මේ පරදින්නේ.(නදී)
උන් අපිට ගහනවා....අපිට උන් ගහනවා.(නදී)
උන් අපිට ගහනවා, අපි උන්ට ගහනවා කියන්නේ ඕවට තමයි.(නදී)
එතකොට විනිසුරු වැරදි ? (නි)
මේක මහත්වරුන්ගේ ක්‍රීඩාව නේද? (නි)
අමිපයර්ලා හොරකමි කරපු තරගයට චෝදනා නොකර බෑනේ. (ස)
අපේ කට්ටියගේ හම සුදු නෑනේ ඒක නිසා වෙන්න ඇති.(ස)
විනිසුරු ගේ වරද නිසා අපි පැරදුනේ. එව්වට අය කරන්නේ කොහොමද දන් නෑ.(ස)
එතකොට විනිසුරුවන්ගේ වැරදි තීරණ වලට කවුද දඬුවම් දෙන්නේ ? (නි)
ඔය වගේ වෑඩ වලින් වෙන්නෙ කුණු බිත්තර ගහන එක කල් යනව (අ)
ඕවත් ගානක්ද? (නදී)