වැලිවේරියේ ජනතා උද්ඝෝෂණයට සම්බන්ධ කම්හල වසා දැමීමට තමා වෙත ඉල්ලීමක් කැර ඇති බවටත් තමා එය ප්‍රතික්ෂේප කැර ඇති බවටත් පොලිසිය මහජනයා හමුවේ කියා සිටින සිද්ධියක් අන්තර්ජාලයේ යු ටියුබ් විඩීයෝවක් ලෙස මුදා හැර ඇතැයිද තමා එවැනි නියෝගයක් නොකර තිබියදී ජනතාව නොමග යැව්වේ කවුදැයි සොයා බලා වාර්තා කරන්නැයිද ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
මේ සිද්ධිය මීට කළින් තමා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එවැනි කිසිදු ඉල්ලිමක් ඉදිරිපත් නොවු බව කි මහෙස්ත්‍රාත්වරයා ඊට පටහැනි දෙයක් අන්තර්ජාලයට මුදාහැර ඇත්තේ කෙසේදැයි සොයා බලන ලෙස ඔහුට දැන්වීය. මහෙස්ත්‍රාත් කියා සිටියේ තුන්දහසක් පමණ එය නරඹා ඇති බවයි. මේ නිසා තමා මේ සිද්ධියේ පරීක්ෂණ පැවැත්වීම ගැන මහජනයා අතර සැකයක් ඇතිවිය හැකි බවද යු ටියුබ් වීඩියෝවේ අදහස්වලට සමාන අදහස් ඇතැම් මුද්‍රිත මාධ්‍යවලද පළ වී ඇතැයිද මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේය.
යු ට්යුබ් වීඩීයෝවද නරඹා පුවත්පත්ද බලා මේ කරුණු ගැන අධිකරණයට වාර්තා කරන්නැයි මහෙස්ත්‍රාත් කොළඹ අපරාධ කොට්ඨාසයට දැන්වීය.
සහකාර පොලිස් අධිකාරි ජයලත් බලගල්ල මහතා සාක්කි දෙමින් වැලිවේරියේ විරෝධතා ගැන මුල සිට අග දක්වාම කරුණු විස්තර කළේය.
අගොස්තු පළමු වැනිදා සිද්ධිය ගැන ඔහු කීවේ යුද හමුදා බළ සේනාධිපති බ්‍රිගේඩ්යර් දේශප්‍රිය ගුණවර්ධන ඔහුගේ පොලිස් අධිකාරි සමග සාකච්ඡාකැර ඇති බවයි.
‘උද්ඝෝෂණය කරන පිරිස කොළඹ මහනුවර මාර්ගයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බව බ්‍රිගේඩ්යර් ගුණවර්ධන පොලිස් අධිකාරිට කියා තිබෙනවා.‘
‘එදා (අගොස්තු 01) ගල් , මුල් හා වැලි බෝතල් ගැහුවා.පිරිස දෙසින් වෙඩි හඬ ද ඇසුණ.කදුළු ගෑස් හා ජල ප්‍රහාරද එල්ල කළා . හමුදාව පිරිස විසිරවීමට ක්‍රියා කළා.‘ වෙඩ් වැදි මිය ගිය ෂමිල රවිෂාන් පෙරේරා සිසුවාගේ සිරුර හඳුනාගත් බව කී ඔහුගේ ඥාති සොහොයුරු ක්‍රිෂාන් තරංග පෙරේරා සිය සාක්කියේදී කියා සිටියේ සාධාරණය ඉෂ්ට කැර දෙන ලෙසයි.
රවිෂාන්ගේ පියා ඇන්ටන් පැට්‍රික් පෙරේරා මහතාද සාක්කි දුන්නේය. වෙඩි වැදී මිය ගිය අමිල දිනේෂ්ගේ මව, ප්‍රියංගනී ශිරෝමණි ජයවර්ධන මහත්මිය හා ලොකු මව නිරුද්ධිකා කුමුදිනී ජයවර්ධන මහත්මියද සාක්කි දුන්හ.
වැඩි දුර විභාගය ලබන 22 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම සමන්තගේ කතාවට එකගි වෙනවා. රණවිරුවෝ තමන්ගේ පවුල ගැන තියා තමන් ගැනවත් නොසිතා රට බේරන්න යුද්දෙට ගියේ. එහෙම අයට තමා ගල් වලින් ගැහුවේ. කාටද පුළුවන් ඒවා මතක් වෙනකොට ඉවසන්න. අන්තිමට මැරුණේ අහක හිටිය අය. ගහපු අය කොහොම හරි අල්ලාගෙන දඩුවම් දෙන්න ඕනෑ. (නි)
නිමල් මහත්තයෝ, ඔයාගේ ඔය සංවේදී කෙනා ගැන එහෙම ටිකක් ඔය ගැන තියෙන අන්තර්ජාල පුවත් වලින් හොයලා බලන්න. අපි චරිත ගැන කියවන්නේ උඩින් දකින දේ ගැන විතරයි. චරිත හැම එකකටම යටින් ලොකු නොකී කතා තියෙනවා. (නි)
සිදු නොවිය යුතු කම්පා විය යුතු කනගාටු දෑ සිදු උනා, ඊට ශෝක වෙමු කනගාටු වෙමු. ලොකුම අවිය සංවේදී කම අමෝරා තැන තැන වමාරයි සමනලයෝ.(නදී)
සමන්ත,බන්දුල පෙරේරා,ඔහෙලා දෙන්නා පිස්සන් කොටුවෙන් පැනලා ගිහින් කියලා අන්න පොලීසියෙන් හොයනවලු. දෙන්නටම දරුණු මොලේ උණක් තියෙනවා කියලත් කියනවා. (නි)
බන්දුල උන්නැහේ අඩුම තරමින් ඉස්සර පාසැල් පොතක්වූ ප්‍රජාචාරය පොතවත් කියවලා නැහැ කියලා මට හිතෙනවා. මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් සහ අවශ්‍යතාවයන් පාලකයින් මෙන්ම ජනතාවත් දැන ගන්න අවශ්‍යමයි. එහෙම නැති සමාජය හැමවිටම ඉන්නේ ගෝත්‍රික සමාජයක ලක්ෂණ අතරයි. අපි දියුණු සමාජයක සිටිනවා කියන්නේ දේශපාලකයින්ට ආවඩන පිරිසක් නොවිය යුතුවාක් මෙන්ම අනෙකා කෙරෙහි සංවේදී වීම ඉබේම සිද්ධ වන්නක්.සංවේදී මිනිසුන් හැමවිටම සමාජයේ බුහුමනට ලක්වෙනවා.එයට හොදම උදාහරණය නෙල්සන් මැන්ඩෙලා. (නි)
අනේ බන්දුල , මල්ල කරේ තියාගෙනම බරටම 'කඩේ යනවා' වගේ (නි)
ටෙනිසන් මහත්තයෝ, ඔය කුලියට කහින කීප දෙනෙක් අපේ හමුදාව දඩුකදේ ගහන්න දැගලුවට මේ රටේ සමස්ත ජනතාවගේ හමුදාවට තිබුණු ගෞරවය තාමත් ඒ විදියම තමයි. මේ අය අද නිදහසේ සාමකාමීව හරි පාරවල් හරස් කරලා පාරේ යන එන අය උඩින් පලයල්ලා කියල හරි උද්ගෝෂණයක් කරන්න එලියට බහින්න පුළුවන් උනේ කව්රු හින්දද කියලා මේ ගුණ මකුවන්ට අමතක උනාට රටේ මිනිස්සුන්ට මතකයි. අවරුදු 16/17 අයට තියෙන උන අපි දන්නවා. අපි ඒ වයස පහු කරලා ආව නිසා. තව එකෙකුට බෝතලයක් කඩල අනින්න පුළුවන් එව්වොත් ඔය වයසේ ඉන්නවා කියල අන්න අද පුවත්වලම තියෙනවා. දැන් ඔක්කොම අහිංසකයෝ. කව්රුවත් පාර හරස් කරලා නැහැ, උද්ගෝෂණ කරලා නැහැ. ආමි එකට ගහල නැහැ. ආමි එකේ කට්ටියත් තමන්ටම ගහ ගෙන ඉස්පිරිතාලේ ඉන්නේ. මේ උද්ඝෝෂණේ මෙහෙයවපු අය ගැන කතා නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ඔය වීඩියෝ බලල අල්ලා ගත්තනම් මේකේ මුල මද අග දැන ගන්න තිබුනා. ප්‍රශ්නේ සෑහෙන දුරට විසදිලා තිබියදීත් ප්‍රස්නේ විසදන්න තීරණාත්මක සුබවාදී රැස්වීමක් පැවත්වෙද්දීත් අන්තිම දවසේ පාරට බැස්සේ වතුර හින්ද නෙමෙයි එක්කෝ මදාවි කමට ,එහෙම නැත්නම් උසි ගැන්වීමකට.(නදී)
අපේ ළිදටත් කවුරුහරි ඇසිඩ් දායිද දන්නෙ නැහැ මාත් සමග තිබෙන තරහට? (නි)
රජිත, අපි තවමත් එයාලට කියන්නේ නියම රණවිරුවෝ. එදා වගේම අදත් මෙයාලා තම උසස් නිලදරුවන්ගේ අණ හරියට පිළිපැද්දා.එසේ අණ නොපිළිපැද වකුටු වෙලා පදුරකට මුවා වුණා නම් අපේ යුද්ධය තවත් ඉවර නැහැ.ලැබෙන අණ හරි හෝ වැරදි හෝ එය සොල්දාදුවාට ප්‍රශ්නයක් නොවෙයි. තිස් වසරකට වැඩි යුද්ධයේ ආදීනව දන්නේ අපි. එම යුද්ධය පටන් ගන්නකොට, ඔයා ඉපදිලාවත් නැහැ.නොදත්කමට වරදක් කියන්න බැහැනේ (නි)
අපේ අයගේ හැම වැරද්දකටම මුල කුහකකම. (නි)
පොලිසිය මීට වැඩිය කොන්ද පණ ඇතුව වැඩ කළ යුතුයි නේද? (නි)
රටේ ජනතාවට නීතිය ගැන තිබෙන විශ්වාසය දැන් දැන් පිරිහිලා (නි)
මෙයාලට නේද අපි නියම රණ විරුවෝ කිව්වේ. දැන් කොහොමද තත්ත්වය? තව සෙල්ලම් ඉස්සරහට බලා ගන්න පුළුවන්. (නි)
සමන්ත, ඔයාගේ මොලේ ලොකු අඩුවක් තියෙනවා. අංගොඩට ගිහිල්ලා පොඩ්ඩක් බලවා ගත්තොත් ඉස්සරහට හොදයි. (නි)
දාලා තියෙන අදහස් කියවනකොට රාජිතගේ ඔලුව තියෙන්නේ අදුරේ පෙනෙන්න විතරයි කියලා දැනෙනවා. පුවතට අනුව නෙවෙයි අදහස්. (නි)
විවාහක රු රැජිණක් මට මතකයි ඉස්සර ඉදලම කියනවා පුර්ණ යොදය සහිත කිරි පිටි නවසීලන්තයෙන්ම පමණයි කියලා රුප පෙට්ටියේ පෙනී හිටලා. අපේ ගම් තුලානවල අහිංසක මිනිස්සු ඕක විශ්වාස කළා. ඒ කාලේ අපි විශ්වාස කළේ මේවා හොදම ප්‍රමිතියේ දේවල් කියලා (නි)
රණ විරුවෝ, රණ මරුවෝ වුණ හැටි? (නි)
ඉතාම කණගාටුදායකයි. (ස)
රාජිත , සියල්ලටම කලින් විස්තරය හොදට කියවා බලා අදහස් ලියන්න (නි)
කට්ටියම එකතුවෙලා රටේ ගෞරවයට මොකද කරන්නේ? (නි)
දැන් මොනවා කළත් වැඩක් නැහැ. ජීවිත 3 ත් අවසානයි. ලෝකය ඉදිරිපිට අපිව වනචාරී ,වර්ගයක් හැටියට නැවතත් අපි ඔප්පු කර හමාරයි (නි)
පව් අනේ අපේ අහිංසක පොලිසිය. දේශපාලකයන්ගෙන් ගුටි කනවා.අමාරුවෙන් අත්අඩංගුවට ගත්ත සැකකරුවෝ පැහැරගෙන යනවා.මැරයන්ගේ අඩන්තේට්ටම් වලට ලක් වෙනවා. මෙහෙම අපේ පොලිසියට කරන එක හොඳ නැහැනේ අම්මපා. (නි)
ඕක තමයි අපි මුලසිටම කිව්වේ. සාමකාමී උද්ගොෂනයක් නම් වැලි බෝතල්, පෙට්‍රල් බෝම්බ අරන් එනවද? මේ ලංකාවේ සුපුරුදු පරිදි නුවර කොළඹ පාර ඇරලා දුන්නු හමුදාවටම බනිමු. කොහොමත් සිංහලයා කෙලෙහිගුණ නොදත් ජාතියක් බවට ප්‍රසිද්ධයිනේ (නි)
එතකොට අහවල් නාලිකාවේ කියපු පැට්‍රල් බෝතල් ? (නි)