IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘මහේස්ත්‍රාත් වෙන්නත් ජනතා කැමැත්ත ඕනෑ‘

ඉදිරියේදී අධිකරණ සේවය සඳහා බඳවා ගැනීමේදී මහේස්ත‍්‍රාත්වරුන් පිළිබඳව මහජන අදහස් හා තොරතුරු විමසීමේ ක‍්‍රමවේදය යළී සක‍්‍රීය කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කර ඇතැයි අධිකරණ ආරංචි පවසයි.

එම සේවයේ පවතින මහේස්ත‍්‍රාත්වරුන්ගේ පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනීමේ තරග විභාගය ඉකුත්දා පැවති අතර , නීතීඥයින් හාරසීයකට ආසන්න පිරිසක් එම විභාගයට පෙනී සිටියහ. ඉන් 61 දෙනකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඉන් 23 දෙනකු මහේස්ත‍්‍රාත්වරුන් ලෙස පත් කර ගැනීමට අධිකරණ සේවා කොමිසම පියවර ගෙන තිබෙන අතර ඔවුන් බඳවා ගැනීමේ දී මෙම ක‍්‍රියාවලිය යළි සක‍්‍රිය වනු ඇතැයි ද සඳහන් වේ.

එලෙස අධිකරණ සේවා කොමිසම විසින් මහේස්ත‍්‍රාත්වරුන් ලෙස තෝරා පත් කර ගත් අයගේ නම් ඇතුළත් ප‍්‍රසිද්ධ දැන්වීමක් හරහා ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් පිළිබඳ මහජන අදහස් හා තොරතුරු විමසීම සිදු කෙරෙන බවද කියති.

මීට පෙර එනම් 2000 / 2001 වර්ෂයේදී අධිකරණ සේවය සඳහා මහේස්ත‍්‍රාත්වරුන් බඳවා ගැනීමේ දී එම කොමිසම තෝරාගත් මහේස්ත‍්‍රාත්වරුන් පිළිබඳ ජනතාවගෙන් තොරතුරු විමසීමේ ක‍්‍රමවේදය පැවති බව කියති.

මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තම සංගමය අගවිනිසුරු ප‍්‍රමුඛ අධිකරණ සේවා කොමිසම වෙත දැඩි ප‍්‍රසාදය පළ කරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ අමල් රන්දෙණිය මහතා පැවසීය.



අදහස් (0)

‘මහේස්ත්‍රාත් වෙන්නත් ජනතා කැමැත්ත ඕනෑ‘

සුසිල් Wednesday, 12 October 2016 02:47 PM

ඔන්න නියම වැඩක්, දියුණු රටවලත් විනිසුරු නම් මහජන ඡන්දයකට දානව, දැන් පත්තර මල්ලිල අවදියෙන් ඉන්න නම් ලැයිස්තුව එලියට එනකම්, වැරදි තියෙන අය ගැන ජනතාව දැනුවත් කරන්න. (බ)

:       0       0

දුමින්ද Thursday, 13 October 2016 05:29 AM

අන්තිමට ඊනියා ජනතා නියෝජිත කැමැත්ත බලාවිද (බ)

:       0       0

සංජය Wednesday, 12 October 2016 03:32 PM

මහජන ඡන්දෙන් පැරදිලා පාර්ලිමේන්තු ගිය අය එතකොට (බ)

:       0       0

සමන් Wednesday, 12 October 2016 03:57 PM

අධිකරණ සේවය ස්වාධීනව මේ තියන විදිහට තියන එක හොඳයි. ඒවත් මනාප වලට පත් වෙන්න ගියොත් අන්තිමට දේශපාලකයෝ, සුපර් ස්ටාර්ල තෝරනවා වගේ ඒවත් සල්ලි කාරයන්ට යට වෙයි (බ)

:       0       0

පැල්පොල Wednesday, 12 October 2016 04:04 PM

ප්‍රසිද්ධ රූපවාහිනී සංවාද පිටි වල දේශපාලන සාකච්ඡා කළ සහ මුහුණු පොතෙන් දේශපාලනය කරපු අයටත් මේ වතාවේ පත්වීම් දීලා. ඒ වගේ අය මේ තරම් සමාජ සම්බන්ධතා තියාගෙන කොහොම මේ තනතුර ස්වාධීනව කරයිද දන්නේ නැහැ. (බ)

:       0       0

ලලිත් Wednesday, 12 October 2016 04:05 PM

ඒ කියන්නේ පලවෙනි වතාවේ ඡන්දෙන් මහේස්ත්‍රාත් වුනාම එතන ඉඳන් එ්කත් තාත්තාගෙන් පුතාට යනවද? (බ)

:       0       0

අනිල් Wednesday, 12 October 2016 06:03 PM

ජනප්‍රිය ඡන්දෙන් මහේස්ත්‍රාත්ලා තෝරන්න ගියාම කොහොමද? ජනතාවට අදහසක් තියනවද ඒ අයගේ සුදුසුකම්, දැනුම, පළපුරුද්ද පිළිබඳව? අච්චු කරපු හොරු, මංකොල්ලකාරයෝ, දේශපාලකයෝ ඊළඟට එහෙම ස්වාධීන අයට විරුද්ධ මඩ ප්‍රචාර ගෙනිහින් ඔවුන්ව ජනතාවගෙන් ප්‍රතික්ෂේප කරවාවි! (නි)

:       0       0

ජයා Wednesday, 12 October 2016 09:00 PM

ඇමෙරිකාවේ වුණත් මේ ක්‍රමය තියනවා. හොඳ දෙයක් (නි)

:       0       0

සමන් Wednesday, 12 October 2016 10:53 PM

මේක ඡන්දයක් නොවෙයි. නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කළාම, විරෝධතා දක්වන්න පුලුවන්. එතකොට වැරදි කළ අයට විනිසුරුවරුන් වෙන්න බැරි වෙනවා. කළ වැරදි ධනයට බලයට යට කරන්න බැරි වෙනවා. (නි)

:       0       0

කෝනාර Wednesday, 12 October 2016 10:57 PM

විනිසුරුවරු කොපමණ පත්කළත්, උසාවි කොපමණ විවෘත කළත් වැඩක් නැහැ මේ නඩු විසඳන ගොලුබෙලි ක්‍රමය වෙනස් නොකර. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 950 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1568 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 342 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1422 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1209 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site