IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.

මිය යන විට 72 වැනි වියේ පසු වූ ඒ මහතා ගොඩඋඩ කනිටු විද්‍යාලයෙන්, ගොඩඋඩ මහා විද්‍යාලයෙන්  අධ්‍යාපනය ලබා පසුව රජයේ නැටුම් හා මුද්‍රණ නාට්‍ය විද්‍යාලයට එක් විය.

සෞන්දර්ය  අධ්‍යායන ආයතනයෙන් බිහි වූ  ප්‍රථම ලලිත කලාවේදී උපාධිධාරි  කණ්ඩායමේ සාමාජිකයකු වූ කෝට්ටේගොඩ  මහතා 1978 දී කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශට බාහිර කථිකාචාර්යවරයකු  ලෙසින් එක් වී පසුව සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ  නර්තන හා නාට්‍ය පීඨයේ පීඨාධිපති  මෙන්ම එහි උපකුලපතිවරයා ද විය.

සෞන්දර්ය  අධ්‍යායන ක්ෂේත්‍රයේ  පළමු මහාචාර්යවරයා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයාද වන්නේ  කෝට්ටේගොඩ  මහතාය.

පහතරට නර්ථන සම්ප්‍රදාය මෙන්ම ශාන්තිකර්ම පර්යේෂණ  ක්ෂෙත්‍රය වෙනුවෙන් පර්යේෂණ  කෘති 30ක් එලි දක්වා ඇති අතර ඉන් බොහොමයක්  රාජ්‍ය සහිත්‍ය සම්මානයට පාත්‍ර විය.

කලක් ශ්‍රි ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු, රාජ්‍ය උත්සව හා විදේශිය උත්සවවලදී  නර්තන ඉදිරිපත්  කළ අතර සිංගපූරුවේ  ආසියානු  අධ්‍යාපන විශිෂ්ඨතා සම්මාන උළෙලේ දී අධ්‍යාපන  නායකත්ව සම්මානය හිමිකර ගත්තේය.

කෝට්ටේගොඩ මහතාගේ දේහය අද පෙරවරු 10.00 කොළඹ  සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට  ගෙන එන අතර අවසන් කටයුතු අද පස්වරුවේ බොරලැස්ගමුව සුසාන භූමියේදී සිදු කෙරේ.



අදහස් (1)

මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි

Senarath Friday, 18 April 2025 08:53 AM

එතුමාට නිවන් සුව අත්වේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 197 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


නව විගණකාධිපති කවුද? තීරණය 22
2025 අප්‍රේල් මස 19 216 0

විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මෝටර් රථයක් මතට කළු ගල් වැටිලා
2025 අප්‍රේල් මස 19 863 0

කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම


පියාගේ ටිපරයට යටවී සිඟිත්තා මරුට
2025 අප්‍රේල් මස 19 373 0

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක


වැල්ලවාය - බෙරගල මාර්ගයේ ධාවනය බාධා
2025 අප්‍රේල් මස 19 245 0

වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයේ විහාරගල 184 කිලෝමීටර් කනුව ප්‍රදේශයේ දී අද (19) අලුයම මාර්ගයට විශාල පස්කන්දක් සමග ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ


පළාත් හතරකට දිසා දෙකකට අදත් තද වැසි
2025 අප්‍රේල් මස 19 107 0

සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කලයේ හෝ රාත්‍රී කාලයේ තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 83 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 219 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 389 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site