අගුණුකොලපැලෑස්සේ යකාගල අක්කර එකහමාරක පමණ පලදාව සහිත පැපොල් වගාවක් කපා විනාශ කැර ඇතැයි අයිතිකරු එම් ඒ සමන්ත පොලීසියට පැමිණිලි කැර ඇත.
පැපොල් වගාව කපා දැමී යැයි කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන සිටි ඔහු ඉඩම අයිතිකරුගේ නෑයෙකි.
පැපොල් ගසකින් සතියකට කිලෝ තුනක පමණ පලදාව නෙළාගනී. පැපොල් ගසක ආයු කාලය වසර දෙකහමාරකි.ඒ අනුව තමන්ට රුපියල් ලක්ෂ කිහිපයක හානි සිදු වු බව ඔහු කියයි.මේ දිනවල අගුණුකොලපැලැස්සේ පැපොල් කිලෝවක මිල රුපියල් 55-60 අතර වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර අමාරුවෙන් වෙන්න ඇද්ද මේ මනුස්සයා මේ ටික වවාගන්න ඇත්තේ? මේ වගේ නරුම වැඩ කරන මිනිස්සුත් ඉන්නවානේ ඇත්තට? (නි)
හෙන ගහන්න ඕනා මේ වගේ අයට (නදී)
මීට කලිනුත් මේ වගේම සිද්ධියක් වුනා නේද දකුනේ (නදී)
මල්ලි ගොවිතැනක් කරලා වගාව පළ දරනකොට සිතට හරිම සතුටක් වගේම මේවගේ දෙයක් දකිනකොට ඇතිවෙනනේ හරිම කලකිරීමක් දුකක්. නමුත් ඔබ දක්ෂ උත්සහවන්ත තරුණයෙක්. ඔබට එය දරාගෙන ඉදිරියට යන්න හැකියාවක් ඇතිබව මා තරයේ විශ්වාශ කරමි. ඔබට ජය. (නදී)
කොහොමද බෞද්ධ සිංහල රටක මිනිස්සුන්ගේ වැඩ (නදී)
අනුන්ගේ දුක තමා සමහර අයගේ සතුට (නදී)
මේක සොබාදහමට කරපු අපරාදයක් ඔහුට සොබා දහමෙන්ම වන්දි ලැබෙයි (නදී)
මේ අපරාදය කරපු අයට පඩිසන් දෙන්න ඕනේ (නදී)
තිරිසන් මිනිස්සුනේ ඉන්නේ. කොච්චර මහන්සියෙන්ද මේ පැපොල් ගස් හදල තියෙන්නේ. අද තමන්ගේම කියන අයගෙන් තමයි හානි වෙන්නේ (නදී)
හේමන්ත, බුදුබණ අහන කෙනෙක් නෙවෙයිද දන්නේ නෑ මේක කරලා තියෙන්නේ. (නදී)
පවු! අහිසංක මනුස්සයා වගකළ දේවල් වලට දැන් කවුද වගකියන්නේ? (නි)
ඇයි මිනිසුන් මෙච්චර නරක? (නි)
කුහක රටේ මොන කතාද? මේ වගේ ඉරිසියාව කුහක කම පිරුණු රටක් මේ ලෝකේ නොපවතීවා (නදී)
වැරැද්දට දඩුවම.(අ)
මීට වැඩිය හොදයි ඒ මනුස්සයව මරල දැම්මනම් (අ) ...
වගකිවයුත්තගෙත් ඔය විදියටම කපල දැම්මා නම් හරි. (අ)
සොබාදහම මේවට දඩුවන් දේවි (නදී)
මේවා ඵල දෙන්න ඕනේ කරපු අයට (නදී)
මේ දිහා බලනකොට පේනවා ලංකාවේ මිනිස්සුන්ගේ ඉරිසියාව හා හැගීම් වලදී තිරිසන් ගති පෙරට වඩා දැන් වැඩියෙන් ඉස්මතුව එන බව.(අ)
පැපොල් ගස් ටික මොන වරදක් කලාටද අනේ? (අ)
මේ නරුමයට වැඩි දොහක් නොයා සොබාදහම දඬුවම් දේවි. (අ)
අරාබියේ වගේ අත් දෙකම මුලින්ම කපන්න තියෙන්නේ ආයිත් ජීවිතේටම පිහියක් අල්ලන්න බැරි වෙන්න. (නදී)
වන සිවුපාවන් වැනි මිනිසුන් මැද කොහොම හොඳින් ඉන්නද? (නදී)
ඔය සරුසාර ලැබූ ගස් ටික කපාපු නරුමයාට බොන වතුරත් කන කෑමත් බඩේලිය යන්න ලැබේවා ! (නදී)
කපන්න එක පිහි පාරයි. නමුත් හදන්න මොන දහඩියක් හෙලන්න ඇද්ද? නරුම ක්‍රියාවක්. (නදී)
උදේ, හැන්දෑවේ, මුළු රාත්‍රිය පුරාම බුදුන්ගේ බණ අහන කෙනෙක් නැතත් බලෙන් අස්සන රටක නේද අපි මේ ඉන්නේ (නදී)
මේවා කරන අයට දෙන්න ඕන මරණ දඩුවම. (අ)
ලංකාවේ මිනිස්සුන්ට ආවේනික, දියුනුවෙන්න තියන ක්‍රම වලින් එකක් තමයි මේ. (නදී)
මෙහෙමත් අමන මිනිස්සු (නදී)
තම වපුරන දෙයට අනුව ඵලදාව ලැබේ. මෙම සාපරාධී ක්‍රියාව සිදුකළ අයටද මෙලොවදීම එහි විපාකය ලැබෙනු ඇත. (නි)
හිත්පිත් නැති නරුම ක්‍රියාවක්. ගස් මොනවා කළාටද මෙවන් විනාශයක් කළේ? ඉතාම තිරිසන් ක්‍රියාවක්. දැඩි දඩුවම් පමුණුවන්න. (නි)
දරුවෝ වගේ ආදරෙන් රැක බලාගත්තු මේ වගාව හානි කළ මේ නරුමයට තමාගේම අඹු දරුවන්ටත් මේ දේ කරන්න බැරිවෙයි කියල හිතන්න අමාරුයි. (නදී)
ඉරිසියාව නමැති සුව කල නොහැකි රෝගයෙන් පෙලෙන අයගේ/අයකුගේ ,මහ පොලොව නුහුලන අපරාධ තමා මේවා. (නදී)
බුදුහාමුදුරුවෝ දේශනා කරපු හැමදෙයක්ම ඇත්ත වේගෙනම යනවා. මිනිසුන්ට මිනිසුන් පෙන්නන්න බැරිවෙන කාලය ඉක්මනින්ම උදාවෙනවා වගේ මට දැනෙනවා බුදුහාමුදුරුවනේ. (අ)