IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


යකඩ යකා ඇතින්නකුත් බිම දමයි

අඹන්පොළ තේක්ක රඬිතයේදී ඇතින්නක දුම්රියේ හැපී බරපතල තුවාල ලැබුවාය. මීට පෙරද මේ ප්‍රදේශයේදී අලි තිදෙනෙක් දුම්රියට බිලිවූහ. මේ මාර්ගයේ ස්ථාන කීපයක අලිමංක ඇති හෙයින් ඉතා සෙමෙන් හා පරිස්සමෙන් දුම්රිය ධාවනය කරන ලෙස උපදෙස් දී ඇතත් මෑත දී අලිඇතුන්ගේ මරණ වැඩිවී තිබේ.      



අදහස් (0)

යකඩ යකා ඇතින්නකුත් බිම දමයි

සරත් Thursday, 20 December 2012 01:57 PM

ඉන්දිකගේ යෝජනාව ක්‍රියාත්මක කරනවා නම් අපිත් උදවු කරන්නම්. (නි)

:       0       0

ජයී තිසර Thursday, 20 December 2012 02:03 PM

රියදුරු තුමනි වන සත්තුත් අපි වාගෙයි දිව රෑ කෑම සෙව්වේ දන්නා පාරේයි නිසි ලෙස තිරිංගය දෑතේ වගකීමයි වරදට පඩිය කැපුවොත් ඔබ අවසානයි (ස)

:       0       0

පාරා Thursday, 20 December 2012 09:35 AM

කෝ මේවට නීතිය ?? (ස)

:       0       0

නතාෂා Thursday, 20 December 2012 02:22 PM

අපේ සත්තු අපි රැක ගන්න ඕනේ (දී)

:       0       0

කුමාර Friday, 21 December 2012 09:46 AM

මේවාට වග කියන්න ඕනේ කවුද (දී)

:       0       0

දර්ශන Thursday, 20 December 2012 10:01 AM

කට්ටියට කාර් රේස් බලනව මිසක් අහිංසක සත්තු ගැන බලන්න වෙලාවක් නෑනේ (ස)

:       0       0

සමන් Thursday, 20 December 2012 10:00 AM

රටකට ගිය කල . මේවට වගකියන්න කවුරුවත් නැද්ද ? (ස)

:       0       0

ජනක Thursday, 20 December 2012 10:06 AM

ඕනෑකමක් තියෙනවා නම් ඔය රේල් පාරවල් යටින් හරි අලින්ට යන්න අලිමංකඩවල් හදන්න පුලුවන්. වැඩි වියදමකුත් යන්නෙ නැහැ. බලධාරීන්ට ඕනෑ මේවා නෙමෙයිනේ ඉතින්. (නි)

:       0       0

දමිත් Thursday, 20 December 2012 10:11 AM

රට සංවර්ධනය වෙනවා නම් එහි ප්‍රතිඵල මෙම සතුන්ටත් ලැබිය යුතුයි. (නි)

:       0       0

සනත් Thursday, 20 December 2012 02:42 PM

අනේ ලංකාදීප,මේ අරමුදල ආරම්භ කරන්න. (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 20 December 2012 10:36 AM

ඇතින්නක් කියන්නේ රටකට සම්පතක්. දුම්රිය රියැදුරන් මීට වඩා පරීක්ෂාකාරී වියයුතුයි. (නි)

:       0       0

ඉන්දික Thursday, 20 December 2012 10:42 AM

කෙන්යාවේ අලින් රැකගන්න හැටි අදාල බලධාරීන්ට මෙම වෙබ් අඩවියෙන් පෙන්නන්න . http://www.savetheelephants.org/diary-reader/items/historic-passage-first-elephant-passes-through-new-mt-kenya-underpass.html (ස)

:       0       0

ජනක Thursday, 20 December 2012 10:56 AM

ඉන්දික, මමත් කියන්නේ ඒකතමයි. එයාලට පුලුවන් නම් ඇයි අපිට බැරි? (නි)

:       0       0

උදය Thursday, 20 December 2012 10:59 AM

රියදුරන්ට සතා සිවුපාවාට සහ ගහට කොළට ආදරය කරන්නට ඉගැන්විය යුතුයි. (නි)

:       0       0

ඉන්දික Thursday, 20 December 2012 11:00 AM

ලංකාදීප මුලිකත්වය අරගෙන දුම්රිය මාර්ගය යටින් අලිමංකඩක් සැදීම සඳහා අරමුදලක් ආරම්භ කරන්න .මෙය රජය හෝ වෙනත් ආයතනයකින් කරනකල් හිටියොත් අලිටික නැති වෙයි. ජනතාව හැටියට මෙය අපේ යුතුකමකි. ලංකාදීප පෙරමුණ ගන්න. (නි)

:       0       0

ජනක Thursday, 20 December 2012 11:30 AM

ඉන්දිකගේ අදහස ඉතා උතුම්ය. අපිත් හැකි පමණින් සහය දෙන්නට කැමතියි. (නි)

:       0       0

රොසාන් Thursday, 20 December 2012 03:50 PM

ගමේ අය එකතු වී කතාකර ඔය ප්‍රදේශයේ ඉන්නා ඇමතිවරයෙකුට මේ බව දැන්වූවා නම් සමහරවිට පාර්ලිමේන්තුව හරහා මීට විසදුමක් ගැනීමට හැකිවේවි. (නි)

:       0       0

සරත් Thursday, 20 December 2012 11:46 AM

දුම්රියට කියන්න සතා එනකොට නවත්වන්න කියලා (ස)

:       0       0

ලංකා Thursday, 20 December 2012 09:53 PM

තිරිසන් සතුන්ට මුකුත් තේරෙන්නෙත් නැහැ, දුම්රිය එක්වරම නවත්වන්නත් බැහැ. (නි)

:       0       0

ජනක Thursday, 20 December 2012 04:06 PM

අජිත් මහත්තයෝ ඔයා සේවය කරන ආයතනකට කියන්නකෝ අලිමංකඩවල් හදන්න මැදිහත් වෙන්න කියලා (ස)

:       0       0

රොෂාන් Thursday, 20 December 2012 11:59 AM

ඒක ඇත්ත ඉන්දික.. ඒ වෙබ් අඩවිය මොවුන්ට හොද උදාහරණයක්.. හැකි ඉක්මනින් අදාල බලධාරීන් ඒ අදාල ස්ථාන අලිමංකඩ දුම්රිය පාරවල් යටින් හදන්න ඕන..!(නු)

:       0       0

චන්ද්‍රා සිඩ්නි Thursday, 20 December 2012 12:11 PM

ජනාධිපතිතුමනි, විධායකබලය යොදා හරි අලි ඇතුන්ට පිහිටවෙන්න..!(නු)

:       0       0

සෙලනිකස් Thursday, 20 December 2012 12:17 PM

ඉන්දික සහ අනිත් අයගේ අරමුණ හොදයි. නමුත් වන සතුන් අප හිතන විදිහටම හැසිරෙන්නේ නැහැ. මොන මංකඩවල් හැදුවත් උන් පුරුදු විදිහට පාර මාරු වේවි. හොඳම දෙය කල්පනාකාරී ක්‍රියාකිරීමේ හැකියාවක් ඇති අපි ප්‍රවේශමෙන් කටයුතු කිරීමයි. වනජීවී එකෙන් හෝ වෙනත් අය කොහොම කිවුවත් දුම්රිය හෙමින් යන්නේ නැහැ. ඒක තමා ඇත්ත. දුම්රියේ වනජීවී නිලධාරීන් ගමන්කරවනවා කිවුවට ඒකත් හරියට කෙරෙන්නේ නැහැ. මට යම් මතකයක් තියෙනවා අඳුරේදී දැකිය හැකි කැමරා එන්ජින් වල සවිකිරීමේ අදහසක් ගැන. අන්න ඒක ක්‍රියාත්මක කර, වනජීවී නිලධාරියෙකුත් දුම්රියේම යැවුවා නම් හරි. (නි)

:       0       0

දිලිනි Thursday, 20 December 2012 12:35 PM

සිංහල ජාතියත් ඉවරයි ලංකාවෙ අලි ඇත්තු ටිකත් ඉවරයි..!(නු)

:       0       0

මධු Friday, 21 December 2012 12:50 AM

අනේ අපොයි! ඌට ඉක්මණින් බෙහෙත් කරන්න. (නි)

:       0       0

හේරත් Thursday, 20 December 2012 12:51 PM

පව් අහිංසක සතා (ස)

:       0       0

දිසානායක ඕමානය. Thursday, 20 December 2012 12:47 PM

මම කියෙව්වා පුවතක් වනජීවි නිලධාරියෙක් දුම්රිය රියදුරු සමග යාමට සැළසුමක් සහ දුම්රිය ඒ අදාළ ස්ථානවල අදාළ වේගයෙන් ගමන් කිරීමටත් සැළසුම්කළ.. නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.. ඒක ඉතාම හොද පියවරක්.. (නු)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 20 December 2012 12:53 PM

කැලෑ දෙපාර්තමේන්තුවේ නිලයක් දරණ කෙනෙක් හැටියට මට මේවා පෙන්නේ මිනීමැරුම් විදියටයි..!(නු)

:       0       0

සිල්වා Thursday, 20 December 2012 12:58 PM

අයි මේවට නිසි පිළියම් ගන්නේ නැත්තේ (දී)

:       0       0

සනුල් Thursday, 20 December 2012 01:07 PM

මේ හැම දෙයකටම මුල අවිධිමත් සංවර්ධනය. අපි සංවර්ධනය කියල කියන්නෙ කුමකටද? හැකි නම් හෙට රට සින්ගප්පූරුවක් කර අනිද්දාට ඇමරිකාව වගේ වීම. ඇමරිකාවේ වෙලා තියෙන දේවල් පේනවනෙ. බටහිර ආකල්ප වලට අනුව අපි පරිසරය දිනිය යුතුයි. එත් සිදුවිය යුත්තේ පරිසරය දිනීම නෙවෙයි පරිසරයත් සමග සහජීවනයෙන් ජීවත් වීමයි. බටහිර සංකල්ප පසුපස දුවනතාක් මේ ලෝකයට සිදුවන්නේ විනාශයක් පමණි (ස)

:       0       0

ර‘ග Thursday, 20 December 2012 06:28 PM

අලිත් ඉවරයි. සිංහල අපිත් ඉවරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 908 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 796 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 437 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 300 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1193 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 994 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site