අඹන්පොළ තේක්ක රඬිතයේදී ඇතින්නක දුම්රියේ හැපී බරපතල තුවාල ලැබුවාය. මීට පෙරද මේ ප්‍රදේශයේදී අලි තිදෙනෙක් දුම්රියට බිලිවූහ. මේ මාර්ගයේ ස්ථාන කීපයක අලිමංක ඇති හෙයින් ඉතා සෙමෙන් හා පරිස්සමෙන් දුම්රිය ධාවනය කරන ලෙස උපදෙස් දී ඇතත් මෑත දී අලිඇතුන්ගේ මරණ වැඩිවී තිබේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල ජාතියත් ඉවරයි ලංකාවෙ අලි ඇත්තු ටිකත් ඉවරයි..!(නු)
මේවාට වග කියන්න ඕනේ කවුද (දී)
අනේ අපොයි! ඌට ඉක්මණින් බෙහෙත් කරන්න. (නි)
තිරිසන් සතුන්ට මුකුත් තේරෙන්නෙත් නැහැ, දුම්රිය එක්වරම නවත්වන්නත් බැහැ. (නි)
අලිත් ඉවරයි. සිංහල අපිත් ඉවරයි. (නි)
අජිත් මහත්තයෝ ඔයා සේවය කරන ආයතනකට කියන්නකෝ අලිමංකඩවල් හදන්න මැදිහත් වෙන්න කියලා (ස)
ගමේ අය එකතු වී කතාකර ඔය ප්‍රදේශයේ ඉන්නා ඇමතිවරයෙකුට මේ බව දැන්වූවා නම් සමහරවිට පාර්ලිමේන්තුව හරහා මීට විසදුමක් ගැනීමට හැකිවේවි. (නි)
අනේ ලංකාදීප,මේ අරමුදල ආරම්භ කරන්න. (නි)
අපේ සත්තු අපි රැක ගන්න ඕනේ (දී)
රියදුරු තුමනි වන සත්තුත් අපි වාගෙයි දිව රෑ කෑම සෙව්වේ දන්නා පාරේයි නිසි ලෙස තිරිංගය දෑතේ වගකීමයි වරදට පඩිය කැපුවොත් ඔබ අවසානයි (ස)
ඉන්දිකගේ යෝජනාව ක්‍රියාත්මක කරනවා නම් අපිත් උදවු කරන්නම්. (නි)
මේ හැම දෙයකටම මුල අවිධිමත් සංවර්ධනය. අපි සංවර්ධනය කියල කියන්නෙ කුමකටද? හැකි නම් හෙට රට සින්ගප්පූරුවක් කර අනිද්දාට ඇමරිකාව වගේ වීම. ඇමරිකාවේ වෙලා තියෙන දේවල් පේනවනෙ. බටහිර ආකල්ප වලට අනුව අපි පරිසරය දිනිය යුතුයි. එත් සිදුවිය යුත්තේ පරිසරය දිනීම නෙවෙයි පරිසරයත් සමග සහජීවනයෙන් ජීවත් වීමයි. බටහිර සංකල්ප පසුපස දුවනතාක් මේ ලෝකයට සිදුවන්නේ විනාශයක් පමණි (ස)
අයි මේවට නිසි පිළියම් ගන්නේ නැත්තේ (දී)
කැලෑ දෙපාර්තමේන්තුවේ නිලයක් දරණ කෙනෙක් හැටියට මට මේවා පෙන්නේ මිනීමැරුම් විදියටයි..!(නු)
මම කියෙව්වා පුවතක් වනජීවි නිලධාරියෙක් දුම්රිය රියදුරු සමග යාමට සැළසුමක් සහ දුම්රිය ඒ අදාළ ස්ථානවල අදාළ වේගයෙන් ගමන් කිරීමටත් සැළසුම්කළ.. නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.. ඒක ඉතාම හොද පියවරක්.. (නු)
පව් අහිංසක සතා (ස)
කෝ මේවට නීතිය ?? (ස)
ඉන්දික සහ අනිත් අයගේ අරමුණ හොදයි. නමුත් වන සතුන් අප හිතන විදිහටම හැසිරෙන්නේ නැහැ. මොන මංකඩවල් හැදුවත් උන් පුරුදු විදිහට පාර මාරු වේවි. හොඳම දෙය කල්පනාකාරී ක්‍රියාකිරීමේ හැකියාවක් ඇති අපි ප්‍රවේශමෙන් කටයුතු කිරීමයි. වනජීවී එකෙන් හෝ වෙනත් අය කොහොම කිවුවත් දුම්රිය හෙමින් යන්නේ නැහැ. ඒක තමා ඇත්ත. දුම්රියේ වනජීවී නිලධාරීන් ගමන්කරවනවා කිවුවට ඒකත් හරියට කෙරෙන්නේ නැහැ. මට යම් මතකයක් තියෙනවා අඳුරේදී දැකිය හැකි කැමරා එන්ජින් වල සවිකිරීමේ අදහසක් ගැන. අන්න ඒක ක්‍රියාත්මක කර, වනජීවී නිලධාරියෙකුත් දුම්රියේම යැවුවා නම් හරි. (නි)
ජනාධිපතිතුමනි, විධායකබලය යොදා හරි අලි ඇතුන්ට පිහිටවෙන්න..!(නු)
ඒක ඇත්ත ඉන්දික.. ඒ වෙබ් අඩවිය මොවුන්ට හොද උදාහරණයක්.. හැකි ඉක්මනින් අදාල බලධාරීන් ඒ අදාල ස්ථාන අලිමංකඩ දුම්රිය පාරවල් යටින් හදන්න ඕන..!(නු)
දුම්රියට කියන්න සතා එනකොට නවත්වන්න කියලා (ස)
ඉන්දිකගේ අදහස ඉතා උතුම්ය. අපිත් හැකි පමණින් සහය දෙන්නට කැමතියි. (නි)
ලංකාදීප මුලිකත්වය අරගෙන දුම්රිය මාර්ගය යටින් අලිමංකඩක් සැදීම සඳහා අරමුදලක් ආරම්භ කරන්න .මෙය රජය හෝ වෙනත් ආයතනයකින් කරනකල් හිටියොත් අලිටික නැති වෙයි. ජනතාව හැටියට මෙය අපේ යුතුකමකි. ලංකාදීප පෙරමුණ ගන්න. (නි)
රියදුරන්ට සතා සිවුපාවාට සහ ගහට කොළට ආදරය කරන්නට ඉගැන්විය යුතුයි. (නි)
ඉන්දික, මමත් කියන්නේ ඒකතමයි. එයාලට පුලුවන් නම් ඇයි අපිට බැරි? (නි)
කෙන්යාවේ අලින් රැකගන්න හැටි අදාල බලධාරීන්ට මෙම වෙබ් අඩවියෙන් පෙන්නන්න . http://www.savetheelephants.org/diary-reader/items/historic-passage-first-elephant-passes-through-new-mt-kenya-underpass.html (ස)
ඇතින්නක් කියන්නේ රටකට සම්පතක්. දුම්රිය රියැදුරන් මීට වඩා පරීක්ෂාකාරී වියයුතුයි. (නි)
රට සංවර්ධනය වෙනවා නම් එහි ප්‍රතිඵල මෙම සතුන්ටත් ලැබිය යුතුයි. (නි)
ඕනෑකමක් තියෙනවා නම් ඔය රේල් පාරවල් යටින් හරි අලින්ට යන්න අලිමංකඩවල් හදන්න පුලුවන්. වැඩි වියදමකුත් යන්නෙ නැහැ. බලධාරීන්ට ඕනෑ මේවා නෙමෙයිනේ ඉතින්. (නි)
රටකට ගිය කල . මේවට වගකියන්න කවුරුවත් නැද්ද ? (ස)
කට්ටියට කාර් රේස් බලනව මිසක් අහිංසක සත්තු ගැන බලන්න වෙලාවක් නෑනේ (ස)