IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


යතුරු පැදි - මෝටර් රථ තරගවල ෂෙහාන් - අශාන් පෙරමුණ ගනිති

දියතලාව නරියා කන්ද ධාවන පථයේදී පසුගිය ඉරිදා (20 වැනිදා) නිමාව දුටු 21 වැනි ‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ තරගාවලියේ යතුරු පැදි සහ මෝටර් රථ අංශ වල දක්ෂතම ධාවකයන් ලෙස ෂෙහාන් සී. අධිකාරි සහ අශාන් සිල්වා, සියැට් - ස්ලාඩාර් කුසලාන දිනාගැනීමට සමත්වූහ.

යතුරු පැදි අංශයේ කණ්ඩාම් ශූරතාව ගයාන් සඳරුවන් ප‍්‍රමුඛ ‘හොන්ඩා’ කණ්ඩායම විසින් දිනාගනු ලබද්දී මොටර් රථ අංශයේ කණ්ඩායම් ශූරතාව අශාන් සිල්වා ප‍්‍රමුඛ ‘මාග්නි රේසිං’ කණ්ඩායම දිනාගත්තේය.

එස්. එල්. එච්. කාණ්ඩයේ සි. ධා. 1600 දක්වා වූ මෝටර් රථ පළමු තරගයේදී ප‍්‍රථම ස්ථානයත්, දෙවැනි තරගයේදී දෙවැනි ස්ථානයත් දිනාගත් අශාන් සිල්වා, එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ සි. ධා. 3500 දක්වා වූ මොටර් රථ දෙවැනි සහ අවසන් මහ තරගය ජය ගනිමින් දක්ෂතම රියැදුරු බවට පත්විය.

පසුගිය වසරේ මෝටර් රථ අංශයේ දක්ෂතම රියැදුරා වූ පසිඳු පීරිස්ට මෙවර දිනාගත හැකිවූයේ එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ පළමු තරගයේ තෙවැනි ස්ථානය පමණි. එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) වූ මෝටර් රථ අවසන් තරගයටද ඔහු සහභාගීවූ නමුත්, ඉතා අවාසනාවන්ත ලෙස ඔහුගේ රථය තරගය ආරම්භයේදීම කි‍්‍රයා විරහිත වීමත් සමග ඔහුට තරගයෙන් ඉවත්වීමට සිදුවිය.

දක්ෂතම යතුරු පැදි ධාවකයා බවට පත්වූ ෂෙහාන් සී. අධිකාරි, එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) යතුරු පැදි තරගය ජයගත් අතර එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) යතුරු පැදි පළමු තරගයේදී දෙවැනි ස්ථානයත්, දෙවැනි සහ අවසන් තරගයේදී ප‍්‍රථම ස්ථානයත් දිනාගත්තේය.

එම අංශයේ පසුගිය වසරේ ශූරයා වූ ගයාන් සඳරුවන් මෙවර (එම්. එක්ස්. කාණ්ඩයේ සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) යතුරු පැදි පළමු තරගය ජයගත් නමුත්, දෙවැනි තරගයේදී තෙවැනි ස්ථානයට පත්වීමත් සමග ඔහුට මේ වසරේ ශූරතාවය අහිමිවිය. එම තරගයේදී අවසන් මොහොත දක්වා ඔහුට ඉතාමත් උණුසුම් තරගයක් දුන් ඉශාන් දසනායක මේ වසරේ ශූරතාවය ගයාන්ට අහිමිකරමින් දෙවැනි ස්ථානයට පත්විය.

ප‍්‍රවීණ මෝටර් රථ රියැදුරකු වන උපුල්වන් සේරසිංහට මෙවර ජයගත හැකිවූයේ ඔහුගේ පි‍්‍රයතම තරග ඉසව්ව වන එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා වූ ෆෝඞ් ලේසර් / මැස්ඩා) මෝටර් රථ තරගය පමණි.

යතුරු පැදි අංශයේ ප‍්‍රවීණතම ධාවකයා වන ආනන්ද වෙඩිසිංහ එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 450 දක්වා) වූ සුපිරි යතුරු පැදි තරගයට පමණක් සහභාගීවූ නමුත් තරග ආරම්භයේදී ඇතිවූ කාර්මික දෝෂයක් නිසා අන්තිමයා ලෙසින් තරගය ඇරඹූ ඔහු තම සොහොයුරු උදේශ් වෙඩිසිංහට පමණක් දෙවැනි වෙමින් විශිෂ්ඨ ලෙස තරගය අවසන් කළේ පැමිණ සිටි පේ‍්‍රක්ෂක ජනතාවගේ ඔල්වරසන් මැදය.

තරගාවලියේ තවත් කැපීපෙනෙන කී‍්‍රඩකයෙකු වූ යොවුන් කී‍්‍රඩක සංජය වීරසිංහ (අවුරුදු 16) පැහැදිළි අනාගතයකට පෙරමං කියමින් එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා වූ ෆෝඞ් ලේසර් / මැස්ඩා) මෝටර් රථ තරගය ජයගත් අතර, උපුල්වන් සේරසිංහ සහ පසිඳු පීරිස් යන ප‍්‍රවීණ කී‍්‍රඩකයන් අභිබවමින් එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) වූ මොටර් රථ දෙවැනි තරගයේදී තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය.

අශාන් සිල්වා, ශෙහාන් අධිකාරි, ජැක් ගුණවර්ධන, ඉශ්රාක් වහබ්, උදෙශ් වෙඩිසිංහ, ශානුක සඳරුවන් යන කී‍්‍රඩකයන් ද්ව්ත්ව ජයග‍්‍රහණ අත්කරගත්හ.

ඉන්දීය ධාවකයන් කිහිප දෙනෙකුද ඇතුළත්ව ධාවකයන් සහ රියැදුරන් 175 ක් පමණ, යතුරු පැදි තරග 14 ක් සහ මොටර් රථ තරග 12 ක් යටතේ තරග වැදුන මෙම තරගාවලියේ ප‍්‍රධාන ආරධිතයන් ලෙස ජනධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, යුද හමුදා පති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මංජුලිකා ජයසූරිය යන මහත්ම මහත්මීහු සහභාගීවූහ.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය සහ ‘ඔටෝ ස්පෝට්ස්’ ධාවකයන්ගේ සංගමය එක්ව මෙම තරගාවලිය සංවිධානය කළහ.
 
සන්නද්ධ සේවා සි. ධා. 125 දක්වා යතුරු පැදි තරගය
1 නිහල් විජේරත්න
2 රංජිත් සමරවීර
3 ඩබ්. ඒ. එම්. නිශාන්ත

‘ජේ’ කාණ්ඩයේ සි. ධා. 85 දක්වා රේසිං යතුරු පැදි තරගය (වයස අවුරුදු 13 න් පහළ)
1 ඉඳුවර සේනාදීර
2 භානුක රත්නායක
3 කවිඳු කැවිටියගල

එම්. එක්ස්. කාණ්ඩයේ සන්නද්ධ සේවා සි. ධා. 125 දක්වා රේසිං යතුරු පැදි තරගය
1 මිතුන් ජයසංක
2 සමීර පේ‍්‍රමරත්න
3 පී. නිහල් විජේරත්න

එස්. එල්. එන්. කාණ්ඩයේ සි. ධා. 1000 දක්වා සමාන්‍ය මොටර් රථ තරගය
1 රෝහිත රාජපක්ෂ
2 බුද්ධික ද සිල්වා
3 උශාන් ද සිල්වා

එස්. එල්. ඒ කාණ්ඩයේ සි. ධා. 1050 දක්වා මොටර් රථ තරගය
1 මයිකල් විජේසූරිය
2 මහේන් මඩුගල්ල
3 සුරින්ද ගුණවර්ධන

එස්. එල්. එන්. කාණ්ඩයේ සි. ධා. 1500 දක්වා සාමාන්‍ය මොටර් රථ තරගය
1 දිනේෂ් සේනානායක
2 සජාඞ් සුහේර්
3 එස්. මනප්පෙරුම

‘එම්’ කාණ්ඩයේ සි. ධා. 125 දක්වා සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරු පැදි තරගය (ස්ටී‍්‍රට් ට‍්‍රයල්)
1 ලහිරු ජීවන්ත
2 ශිවා මාරප්පන්
3 පී. නිහල් විජේරත්න
 
එම්. එක්ස්. කාණ්ඩයේ සි. ධා. 85 දක්වා රේසිං යතුරු පැදි පළමු තරගය (වයස අවුරුදු 16 න් පහළ)
1 ජේක්ස් ගුණවර්ධන
2 එවොන් ගුණසිංහ
3 බිනුල කිතලගම

‘ජේ’ කාණ්ඩයේ සි. ධා. 50 දක්වා රේසිං යතුරු පැදි තරගය (වයස අවුරුදු 10 න් පහළ) (පී.ඩබ්. සහ ක්යු. ආර්.)
1 එම්. ඞී. කල්හාර
2 තාරුක රුමේශ්
3 කේසර තිනෝද්

එස්. එල්. එන්. කාණ්ඩයේ සි. ධා. 1300 දක්වා ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
1 සංජය වීරසිංහ
2 කුෂාන් පීරිස්
3 ප‍්‍රසන්න ද අල්විස්

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ සි. ධා. 3500 දක්වා මෝටර් රථ පළමු තරගය
1 ඉශ්රාක් වහබ්
2 ඩිලාන් සෙනවිරත්න
3 නරේන් කුමාර්

එස්. එම්. කාණ්ඩයේ සි. ධා. 250 දක්වා සුපිරි යතුරු පැදි තරගය
1 උදෙශ් වෙඩිසිංහ
2 ශී‍්‍රමාල් මලවිගේ
3 චමින්ද සිල්වා

එම්. එක්ස්. කාණ්ඩයේ සි. ධා. 85 දක්වා මෝටර් ක්‍රොස් යතුරු පැදි දෙවැනි තරගය (වයස අවුරුදු 16 න් පහළ)
1 ජැක් ගුණවර්ධන
2 එවොන් ගුණසිංහ
3 බිනුල කිතලගම

එස්. එල්. ඒ කාණ්ඩයේ සි. ධා. 1000 දක්වා කුඩා 7 මෝටර් රථ තරගය
1 ශෂික ලක්මාල්
2 කේ. පරමේෂ්වරන්
3 චතුර විජේරත්න

එම්. එක්ස්. කාණ්ඩයේ සි. ධා. 125 දක්වා මෝටර් ක්‍රොස් යතුරු පැදි තරගය
1 ෂෙහාන් සී. අධිකාරි
2 ඉශාන් දසනායක
3 රොමේෂ් බුල්ජන්ස්

‘එම්’ කාණ්ඩයේ සි. ධා. 250 දක්වා සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරු පැදි පළමු තරගය
1 ශානුක සඳරුවන්
2 ලහිරු ජීවන්ත
3 සම්පත් කුමාර

එස්. එල්. එන්. කාණ්ඩයේ සි. ධා. 1500 දක්වා ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
1 උපුල්වන් සේරසිංහ
2 කුෂාන් පීරිස්
3 කෞශාල් සමරසිංහ

එම්. එක්ස්. කාණ්ඩයේ සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා මෝටර් ක්‍රොස් යතුරු පැදි පළමු තරගය
1 ගයාන් සඳරුවන්
2 ෂෙහාන් අධිකාරි
3 කේ. පී. අරවින්ද්

එස්. එල්. එච්. කාණ්ඩයේ සි. ධා. 1600 දක්වා මෝටර් රථ පළමු තරගය
1 අශාන් සිල්වා
2 සජාඞ් සුහේර්
3 පසිඳු පීරිස්

ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය
1 ඉශ්රාක් වහබ්
2 සංජය සෙනරත්
3 මංජුල විජේසිංහ

‘එම්’ කාණ්ඩයේ සි. ධා. 250 දක්වා සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරු පැදි දෙවැනි තරගය
1 ශානුක සඳරුවන්
2 ලහිරු ජීවන්ත
3 ශිවා මාරප්පන්

එස්. එම්. කාණ්ඩයේ සි. ධා. 450 දක්වා සුපිරි යතුරු පැදි තරගය
1 උදේශ් වෙඩිසිංහ
2 ආනන්ද වෙඩිසිංහ
3 සුරාජ් පෙරේරා

එස්. එල්. එච්. කාණ්ඩයේ සි. ධා. 1600 දක්වා මොටර් රථ දෙවැනි තරගය
1 සජාඞ් සුහේර්
2 අශාන් සිල්වා
3 සංජය වීරසිංහ

එස්. එල්. එච්. කාණ්ඩයේ සි. ධා. 2200 දක්වා සුබරු මෝටර් රථ තරගය
1 මංජුල ශිරාන්
2 කාවින්ද ධර්මවර්ධන
3 ශාන්ත සුරවීර

එම්. එක්ස්. කාණ්ඩයේ සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා මෝටර් ක්‍රොස් යතුරු පැදි දෙවැනි තරගය
1 ෂෙහාන් අධිකාරි
2 ඉශාන් දසනායක
3 ගයාන් සඳරුවන්

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ සි. ධා. 3500 දක්වා මොටර් රථ දෙවැනි සහ අවසන් තරගය
1 අශාන් සිල්වා
2 දිනේෂ් දෙහෙරගොඩ
3 රිස්වි ෆාරුක්

ඡයාරූප - ‘කැට්ස් අයි’ අනුග‍්‍රහයෙනි

 

 



අදහස් (0)

යතුරු පැදි - මෝටර් රථ තරගවල ෂෙහාන් - අශාන් පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 567 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 755 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 459 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 951 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1754 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 431 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site