කොළඹ මහනුවර මාර්ගයේ පස්යාලේදී අද අලුයම වෙඩි තැබීමෙන් යතුරුපැදිකරුවෙකු මිය ගිය බව පොලීසිය කියයි.
අණ නොතකා දාවනය කළ යතුරුපැදියකට වෙඩි තබන්නට ඇතැයි දැනගන්නට ඇත.
මිය ගිය ඉන්දික ජයසිංහ සමඟ යතුරුපැදියේ පසුපස ගිය තරුණයා (18) කියනුයේ පොලිසියේ අණට කීකරු වී යතුරු පැදිය නැවැත්වූ පසු ඔහුට වෙඩි වැදුණු බවයි. එහෙත් පොලිසිය කියනුයේ අන නොතකා නොනවත්වා ගිය හෙයින් වෙඩි තැබූ බවයි.
මීරිගම පදිංචි මිය ගිය ඉන්දික මාස 14 දරුවකුගේ පියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසේල, ඔබ නිවැරදියි. පසුපස ගිය තරුණයා දුන් සාක්ෂිය නිවැරදි ලෙස පිළිගත හැකියි. පොලිස් නිලධාරීන් සමහර අවස්ථාවලදී ගස් වලට මුවා වී සිට හා සැඟවී සිට එකවරටම පාරට පැන අත දමනවිට වාහන හා විශේෂයෙන් යතුරු පැදි ක්ෂණිකව නවත්වා ගන්නේ කොහොමද? (නි)
මෙම සිද්ධිය සම්බන්දව පලවී ඇති සැමගේ ප්‍රතිචාර ඉතා වැදගත්ය. පුවත් පතක සාමන්‍ය ප්‍රවෘත්තියක් කියවනවාට වඩා ඊට අදාල ප්‍රතිචාර සමග එය කියවීම තුල, පාටකයා වඩා නිවැරදි දේ අවබෝද කරගන්නවා ඇත. උසස් අදහස් දක්වන සැමටත්, පාටකයාට වඩා හොද සේවයක් සපයන "ලංකාදීප"පුවත් පතටත් ස්තුතියි. (නදී)
යන්න ඇරලා වෙඩි තියලා පොලිස් අණ නොතකා ගිය නිසා වෙඩි තිබ්බ කිව්වොත් මොකක්ද තියෙන සාක්කිය. මරණකරු පොලිස් අණ නොතකා ගියා කියන්න. හඳුනා ගත් තරහ කාරයෙක් මරන්න තියෙන හොඳම නීතිමය කපොල්ලක් මේක. හොඳයි එහෙම වෙන්න බැරිද? (නදී)
අනේ පව්. අහිංසක තරුණ පියෙක් (දිල්)
මොනවා වුණත් අන්තිමේදී අහිංසක බිරිඳක සහ බිළිඳෙකු ලොව තනිවුණා (නි)
අනේ පවු! අහිංසක පොඩි එකාට තාත්තා කෙනෙක් නැතිවුණා (නි)
මොකද දන්නෙ නැහැ නොනවත්වා යන්න හේතුව? (නි)
කවුරු වුණත් මනුෂ්‍යයෙක්. ඔහුට නිවන් සුව! (නි)
මෙතන ඇත්තටම මොකක්ද දන්නෙ නැහැ සිද්ධ වුණේ? (නි)
අහෝ! මේ තුවක්කු පත්තු වෙන්නේත් මේ අහිංසකයන්ටමනේ. (නි)
ඇත්ත. මෙහෙම තදින් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. (නි)
ඉතින් කොහොමද යතුරු පැදිය පිටුපස ගිය කෙනා බේරුණේ? පැදවූ කෙනාට වෙඩි වැදිලා තියෙන්නේ කොහොමද? හැබැයි නොනවත්වා යනකොට වෙඩි තැබුවලු.දෙයියෝ සාක්කි! (නි)
ඇත්ත. ලංකාවේ පොලිස් නිලධාරීන්ට දුරට වෙඩි තියන්න පුලුවන්ද? (නි)
කොහොමද ඉස්සරහ කෙනාට වෙඩි වැදුනේ? පසුපස ගියේ සූර සරදියෙල් වගේ දක්ෂයෙක්ද දන්නෙ නැහැ (නි)
මේවාට දැඩි පියවර ගන්න ඕනෑ. නැත්නම් මේවා දිගටම වෙනවා (නි)
නිතීය හා සාමය රැකීම කියන්නේ මේකද......? (දී)
ඉලක්කය වැරදිලා (දී)
ශාන් ඒකනායක ඔබ නිවැරදියි ඔබට ස්තුතියි (දී)
මොන අපරාධයක්ද මේ (දී)
අහිංසක මනුස්සෙක් මැරුණා එච්චරයි උනේ (දී)
මේක අපරාදයක් මිනීමැරුමක් (දී)
කොහොමද ඉස්සරහ කෙනාට වෙඩි වැදුනේ? ඉලක්කය වැරදිලා කියයි ................ මේකද රටේ නීතිය ? අපිටත් බයයි දැන් බයික් පදින්න. ඇයි ඉතින් මොනවෙලේ වෙඩි කන්න වෙයිද දන්නේ නැහැනේ ................. නිතිය අකුරටම ඉටු කරන්න පොලිස්පති තුමනි. (දී)
නිතිය හරියට ක්‍රියාත්මක කරන්න පොලිසිය කියලා බලන්න එපා (දී)
අවසානයේ වුණේ තවත් ජීවිතයක් අහිමිවීමයි. ඔබට නිවන් සුව! (නි)
ආශ්චර්යට දැන් නම් හොඳටම ළං වෙලා වගෙයි (නි)
අහිංසක අයට තමයි ඔක්කොම සෙල්ලම් (නදී)
අන්ත්මේදී උනේ අහිංසක නොදරුවට තාත්තෙක් නැති උන එක (දී)
තමන්ටම මේ වගේ දෙයක් වෙන්න ඕනෑ මෙවැනි දේක ඇති වේදනාව තේරෙන්න (නි)
අන්තිමට අහිංසක පොඩි එකාට තාත්තා කෙනෙක් නැතිවුණා (නි)
අරගොල්ලන්ගෙන් ගුටිකනවා. මේ පැත්තේ ඇවිල්ල මිනිමරනවා.(දී)
වාහනය නැවැත්තුවේ නැත්තම් මෙහෙම කරනවද? (නි)
පොලිසිය හැමවෙලේම ඉන්නේ පාරේ පෙනෙන්නේ නැති තැන්වල. විශේෂයෙන් තනි ඉර තිබෙන තැන් වගේ ස්ථාන වල.ඉතින් එහෙම අහු-මුලු වල ඉඳලා මිනිසුන් පෙනෙන්නේ නැතුව වාහන නතර නොකළ විට වෙඩිතියන එක නම් මහා අපරාධයක්. (නි)
ඒ වුණාට තුවක්කුත් තියාගෙන ගුටිකන වාරත් අනන්තයි. (නි)
අර අධිවේගයේ යන සමහර අයගේ ඒවාටත් මේ නීතිය පොදුයිද? (නි)
මම ඕක හැමදාම විශ්වාස කරන දෙයක් අපි කොච්චර අශීලාචාර ජාතියක්ද (අතීතයේ කෙසේවෙතත්) කියනවනම් සිදු වෙන්න පුළුවන් සිදුවීම් දිහා මේ විදියට බලන අය හරිම අඩුයි . ඕනෙම එකෙක් ආයුද පෙන්නන්න ගිහිල්ල හරි මෙහෙම හරි මරල පොලිස් මාද්‍ය ප්‍රකාශක ටීවී එකේ ඒ මනුස්සය කුඩුකාරයෙක් මිනීමරුවෙක් කියල කිවුවම මිනිස්සු හරි ෂෝයි ඕකුන්ට ඔහොම තමා වෙන්න ඕනේ කියල උඩපනිනවා එකේ බරපතලකම තේරුම් ගන්නේ නැතිව .....කවදාහරි තමන්ටම ඔහොම දෙයක් උනාම තමයි බරපතලකම තේරෙන්නේ .. අනිත් එක මම දන්නා තරමින් කිසිම ශිෂ්ටසම්පන්න රටක තමන්ගේ පුරවැසියන් මෙහෙම මරන්නේ නෑ අනිත් පාර්ශවයෙන් ආයුදයක් එල්ලවුණේ නැත්නම් එහෙම එල්ලවුනත් වටේ නිරායුද මිනිස්සු ඉන්නවනම් ඒ අයට හානියක් වෙනවා කියල පේනවනම් ඔවුන් පුළුවන් තරම් උත්සහ කරන්නේ වෙඩිතැබීමක් වලක්වා ගන්න ........................ පොලිසියේ ගොන් වැඩ නිසා මහා දවාලේ මිනිස්සු ඉන්න තැන් වලත් ඔහේ වෙඩි තියනවා . දැනට අවුරුදු දෙකකට විතර කලින් මතුගම පැත්තක ත්‍රීරෝද රථයක හිටපු පොඩි එකෙක් මැරුණා එහෙම සිද්දීයකදී ................................. දවසින් දවස මේවගේ වැඩිවීමක් මිසක් අඩුවීමක් නැහැ දැන්නම් (දී)
මොකක්ද රාළහාමි පෝය දවසේ උදේම කර ගත්තේ (දී)
හැකි තරම් මිනි නොමරා අත්අඩංගුවට ගත්තා නම් හොඳයි. දියුණු රටවලනම් මිනිස් ජීවිතයට වටිනා කම තිබෙනවා. අර පොලිචසියේ රාළහාමිලාට ගහන දෙසපල්කයින්ට සහ මිනීමරුවන්ට වෙඩි තිබ්බාට කමක් නැහැ පොලිචසියත් මරන්නේ අර අහින්සකින්වම තමා (දී)
වැරදි කරුවන්ට පලායද්දී අහසට වෙඩි තියනවා.අතදාල වාහනේ නැවැත්තුවේ නැත්තම් ඔලුවට වෙඩි තියනවා.අනේ අම්මපා මෙහෙමත් රටක්.(දී)
පුදුම නීති මෙව්වා .... මෙහෙම කරන්ඩ පුලුවන්ද ? වෙඩි තියන්ඩ .... ඒ කියන්නේ මෙහෙම පැනල යන අපරාධ කාරයෙක්වත් අල්ල ගන්ඩ පොලිසියට බෑ . වෙඩි තියන්ඩම ඕනේ දැන් ඔය තියන වෙඩිල්ල මිස් උනොත් ? ආය ඒ අපරාධ කාරයව අල්ල ගන්ඩ තරම් හැකියාවක් ලංකාවේ පොලිසියට නෑ කියන එකද මේ කියන්නේ? (දී)
අසාධාරණ මිනි මැරුමක් (දී)
මොන අපරාදයක්ද ?.ටයරයකට කකුලකට වෙඩි තියන්න තිබුනේ නැතිද ?.(දී)
උපකල්පනයක් - මාර්ගයේ ගමන් ගන්නා යතුරු පැදියක් පොලිසිය විසින් නවත්වනු ලැබේ. එහි ධාවකයා හට නීතිය කඩ කලේ යැයි අසාධාරණ චෝදනවාක් එල්ල වේ. දඩ කොලය නොදී සිටීමට නිළධාරීයා විසින් අල්ලස් ඉල්ලයි. යතුරුපැදිකරුට මෙය කෝපයට කරුණකි. ඔහු පොලිස් නිළධාරීන් සමග වාදයක් ඇති කර ගනී. ඔහු පොලිස් නිළධාරීන්ට බැන වදී. කෝපයට පත් වූ ඔහු තම යතුරු පැදියට නැගී යයි. පොලිස් නිළධාරියෙක් ඔහුගේ පිටුපස සිට වෙඩි තබයි. ඔහු මරණයට පත්වේ. මෙවැන්නක් සිදුවිය නොහැකිද? යතුරුපැදියක් හෝ වාහනයක් පොලිස් අණ නොතකා ධාවනය කලේ නම් වෙනත් රටවල කෙරෙන්නේ පසුපස හඹා යෑමයි. පසුපස හඹා යෑමේදී අණට කීකරු වන්නේ නැත්තම් පමණක් ගිනි අවි භාවිතා කරති. යමෙක් පොලිස් අණ නොතකා ධාවනය කරන්නේ ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු වරදක් කිරීමට යැයි පොලිස් නිළධාරීන් තීරණය කරති. තීන්දු ගැනීමට පොලිසියට අධිකරණ බලයක් තිබේද? 1. ශරීරය එල්ල කර වෙඩි තැබිය යුත්තේ යටත් කර ගත නොහැකි ආයුධ සන්නද්ධ අපරාධ කරුවෙකු සෙසු අයට අනතුරක් කරමින් සිටින අවස්ථාවක පමණක් නොවේද? 2. පාරේ යන මිනිසෙක් මේ ආකාරයට "නිකරුනේ" වෙඩි තබා මරා දැමිමට පොලිසිටය නීතිය විසින් ඉඩ දිය යුතු ද? (දී)
මෙරටේ ඉන්නේ බහුතරය නිවටයෝ. පිස්තෝලයක් අතට දීල කියනව පොලීසියේ අාරක්ෂාවට කියල. ඒ කියන්නෙ අද දෙපාර්තමේන්තුවකට මිනී මරන්න අවසර දීල. මොකද පිස්තොලයක් තුවක්කුවක් කියන්නෙ බට තුවක්කුවක් නෙමෙයිනෙ. ඒකෙන් කියන්නෙ ගිනි අවියක් නැතිව පොලීසියේ අාරක්ෂාව වත් සපය ගන්න බැරි තරමට සමාජයේ අවිනීතිය මැරකම දූශනය පිරිල කියන ඒක. ඒහෙම බලන කොට සමාජයේ සාමාන්‍ය ජනතාවගේ අාරක්ෂාව කොතැනද කියලත් හිතාගන්න පුලුවන්. ඒ කියන්නෙ පොලීසියේ කාරනවා හරිහැටි ඉටුවෙලා නැහැ කියන ඒක. අණ නොතකා ධාවනය කලා කියල ඕනම මිනිහෙක්ව මහ මග තිරිසන් විදියට මරල දාන්න නීතියෙන් ම අවසර දීල තියනව. සමහර විට රියදුරා අණ නොතකා ධාවනය කරන්න හේතූන් ගනනාවක් තියන්න පුලුවන්. ලංකිකයො කියන්නෙ අතෘප්තිමත් ජීවත ගත කරන කොටසක් නිසා විවිද මානසික අාතතිවල මෙන්ම දැඩි පීඩාවට පත්ව සිටිනව. ඒවැනි සාධාරන හෙතුවක් අැතිව හො නොමැතිව මිනිසෙකුගෙ ජීවිතේ නැති වෙනව කියන්න මේ රටේ මිනිස්සුන්ගෙ මානව හිමිකම් කොතැනකද කියල මේ රටේ පාලකයින්ට,පාලකයින් පත් කරන ජනතාවට,උගතුන්ට බුද්ධිමතුන්ට, මිනිසුන්ගෙ අභිවෘද්ධිය මෙනුවෙන් පෙනී සිටින විවිධ සංවිධාන වලට නොපෙනෙන්නෙ අැයි කියන ඒකයි ගැටලුව. මොකද කාටත් අැස් අැරෙන්නෙ තමන්ට මොනව හරි වුනදා. (දී)
පොලිසියෙන් අත දැම්මොත් මගෙ යාලුවනේ, අනේ නවත්වන්න. නැත්නම් ජීවිත ගමන නවත්වන්න වෙයි. (නි)
ආයෙමත් අවම බලය පාවිච්චි කරල වගේ. (දී)
පොලිස් අණ නොතකා ධාවනය කරන අයට මැරෙන්නම වෙඩිතැබිය යුතුද? ඔහුට කකුලට හෝ වෙඩි තබා අත් අඩංගුවට ගන්න තිබුණා. පන තිබුනානම් අණ නොතකා ධාවනය කල හේතුව දැනගන්න තිබුන.(දී)
කියන විදියට මේක වෙලා තියෙන්නේ අලුයම. යතුරුපැදිකරු මෙයාලගේ සිග්නල් එක දැක්කේ නැද්ද දන්නේ නෑ. පොලිසිය කරන්න ඕනේ ලුහුබඳින එක මිසක් වෙඩි තියන එක නෙවේ. කවුද දන්නේ අහිංසකයෙක්ද කියල. අපරාද කාරයෙක් උනත් වෙඩි තියන එක පලවෙනි පියවර නෙමෙය්. (දී)
අරුන, ඔබ කියනදේ ඇත්ත.පොලිසිය ඔයවගෙ වන්ගුවල ගස් අස්සෙ හැන්ගිලා වාහනය මාරුවෙනකොටම වගෙ තමය් පාරට පනින්නෙ.අනිත් එක දුප්පත් මෝටර් සය්කල් කාරයන්ට තමය් ඔයඔක්කෝම සෙල්ලම්. (දී)
තව විස්තර ටිකක් දාන්න (දී)
මෙය මිනි මැරුමක්සේ සලකා කටයුතු කල යුතුම දෙයක්. පොලිස් මාද්‍ය ප්‍රකාශකට කිසිදු බොරු ප්‍රකාශයක් කලොත් ඔහුද අනියම් ආකාරයෙන් මිනීමැරුමට උදව්කල ලෙස නිතිය ඉදිරියේ සැලකුව නම් මේ අය ටික නිසිමග දක්කන්න පුළුවන් (දී)
දිනය 12-06-2014 (පොසොන් පොහෝ දිනය ) වේලාව - පෙ.ව. 10.00 ට පමණ ස්ථානය - නුගේගොඩ දෙල්කඳ කොමර්ෂල් බැන්කුව ඉදිරිපිට සිදුවීම 1. යතුරු පැදි කරුවෙකු තරමක වේගයෙන් පැමිනේ.පාර අයිනේ සිටි පොලිස් නිළධාරීන් දෙදෙනා යතුරු පැදිකරු නවතා කුමක් හෝ වරදකට දඩ කොලයක් ලියනු පෙනේ. සිදුවීම 2 යතුරු පැදි කරු යනවාත් සමගම අධික වේගයෙන් විදුලි පහන් දල්වාගත් කැබ් රථ 2ක් පැමිනේ.පලමු කැබ් රථයේ අංක තහඩුවේ ගරාජ් නම්බර් එකකි. පොලිස් නිළධාරීන් දෙදෙනා වේගයෙන් යන කැබ් රථ දෙක වේගයෙන් යන අයුරු විශ්මයෙන් මෙන් බලා සිටී. 1. ලියාපදිංචි නොකල වාහනයක් මහ මග ධාවනය කිරීම සපුරා තහනම්ය. 2.අනතුරුදායක ලෙස අධික වේගයෙන් නාගරික ප්‍රදේශයක ධාවනය කරන වාහනයක් නවත්වා අඩුම තරමේ අවවාද කිරීමටවත් පොලිසියට කොන්දක් තිබිය යුතුය. දුප්පත් අහින්සකයෙක් දුටු විට ගිරිය පුප්පා සද්ද දමන පොලිසිය හෙඩ් ලයිට් දමා ගෙන සුඛෝපභෝගී වහනයකින් යන ඕනෑම පිම්පියෙකුට නැට්ට වැනීමට සූදානම් බව මම සියැසින් දැක්කෙමි.(දී)
පොලිස්සියට කිසිම අවසරයක් නැහැ පළමු පොලිස් අණ නොතකා දාවනය වන වාහනයකට,පුද්ගලයෙකුට වෙඩිතබන්න [ටයරයකටවත්]ඔහු අනෙත් සියලුම පොලිස්සිවෙත පණිවිඩය දියයුත්ය.සියලු තොරතුරු සමග.මෙය සාවද්‍ය මිනිස් ඝාතනයකි,දැනටමත් මෙම පොලිස් නිලදාරියා පොලිස්අත් අඩංගුවේ ඇති.(දී)
මොනවා උනත් මනුස්ස ජීවිතයක් නේ (දී)
කුඩු පැකට් කර කර හිටපු මුදලාලි පැනල යනකොට අහසට වෙඩි තියපු පොලිසිය අණ නොතකා ගිය මෝටර් බයිසිකලයට වෙඩි තියල ඒ මනුස්සයව මරලා. කාටද මේවා කියන්නේ. ලංකාව දැන් මානව හිමිකම් අතින් අන්තිමයි. ජාත්‍යන්තරය මීට මැදිහත් විය යුතුයි (නදී)
හැම ට්‍රැෆික් රාලහාමි කෙනෙක්ටම මෝටර් සයිකලයක් දීලා තියෙන්නේ, වෝකි ටෝකී එකක් දීලා තියෙන්නේ ඔය වෙලාවට භාවිත කරන්නයි. ඇයි පස්සෙන් ගිහින් අල්ලන්න බැරි? පස්සෙන් පන්නනකොට නැවැත්තුවෙත් නැත්තම් අනෙක් පොලීසි වලට දැනුම් දී ඔවුන් කැදවා ගන්නට පුලුවන්. මේ නිකරුනේ වෙඩි තියන්නේ බල්ලෝ බලල්ලුන්ටද. මම අපේ ලංකාවේ පොලීසියට ආදරෙයි. ඒත් මේ වැඩේ කරපු කෙනාට මරණ දණ්ඩනය දෙන්න ඕනි. අහිංසක මනුස්සයෙක්නේ. ඔයිට වඩා අර කුඩු මුදලාලිලා, දේශපාලන හෙන්චයියලා පාට් දාන්න ඇවිත් හරි නීති කඩ කරා කියලා හරි වෙඩි තිබ්බා නම් අද අපිට සතුටු වෙන්න තිබ්බා. අන්න දැන් පොලීසියට පණ ඇවිත් කියලවත් (නදී)
මේවා බොරු චෝදනා (දී)
වෙඩි තැබීමක් කලා නම් නියත වශයෙන්ම ඔහු නවත්වා ප්‍රශ්න කිරීමෙන් පසු නිසැකවම ඔහු දෙශපාලන හෝ.මුදල් හෝ පවුල් බලයක් නොමැති බව හදුනාගත් පසු කරන බව ඕනෙම කෙනෙක් දන්නවා. (නදී)