යාපන සරසවියේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය අමිර්තලිංගම් රාසකුමාර හා සෙසු ඇදුරන් ද, සිසුන් ද වව්නියා පොලීසියේ ත්‍රස්ත විමර්ශන අංශයෙන් ප්‍රශ්න කිරීම හෙලා දකින බව ලංකා ගුරු සංගමය කියයි.
අත්අඩංගුවේ සිටින සිසුන් නිදහස් කර සරසවිය විවෘත කරනු වෙනුවට මෙවැනි දේ කිරීමෙන් බරපතල තත්ත්වයක් උද්ගතව ඇති බවත්, සරසවි ඇදුරන් හා සිසුන් මර්දනය හා බිය ගැන්වීම නැවැත්විය යුතු බවත් සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා කරන්න ඕනි නෑ ඉගෙනගන්න ළමයි (ස)
හොමොටම සම තැන ලැබෙන්න ඕනේ (දී)
ආරක්ෂක අංශ වලට අවශ්‍ය සහය ලබාදීම සියල්ලන්ගේම යුතුකමයි. (නි)
මානව අයිතීන් සුරැකෙන අයුරින් ප්‍රශ්ණ කිරීම් කළයුතුය. අතීතයේත් අවශ්‍යය දෙය කුමක්ද අනවශ්‍යය දෙය කුමක්ද කියා තෝරාබේරා නොගෙන තීරණ ගැනීම නිසාත්, එක් එක් අයගේ පුද්ගලික අවශ්‍යතා මත කටයුතු කිරීම නිසාත් සිදු වු විපාකයන් ඉතා විශාල බව අපි දනිමු. නැවතත් එවැනි දේ සිදුනොවීමට වග බලා ගැනීම වගකිවයුතු කාගේ කාගේත් යුතුකමක් මෙන්ම වගකීමක්ද වන්නේය. (නි)
ඔය ප්‍රශ්න දිහා ප්‍රජාතන්ත්‍රවාදීව බලලා හරියන්නෙ නැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)
ආයෙත් රට ගිනිතියන්නද ඕනෑ? (නි)
සිසුන්ගේ සාධාරණ අරගලයන් එල්.ටී.ටී.ඊ. ගිණුමට බැරකිරීම වැරදිය. (නි)
සදුන්, ප්‍රනාන්දු, නදුන්, ලලින්ද, ඔබ සැම නිවැරදියි. (නි)
ආයෙත් පරණ බෙරේම ගහන්නේ නැතුව අවබෝධයෙන් කටයුතු කරන්න. (නි)
සමරන්න දැනට ඉඩ දෙන්න. දැන් සමරා පසුව වෙනත් ක්‍රියා පටන් ගත් විට , පුළුවන්නේ කියන්න, සහනය සළසන්න රට දෙන්න කියලා දෙමල ජනතාවට. (නි)
කොටි සැමරීම් අවශ්‍ය නැහැ. ළමයි ඉගෙනගත්තහම ඇති හොදටම. (නි)
මේ සිසුන් පසු පස යම් බලවේගයක් ඇතැයි මට සිතේ (ස)
ඇත්ත එකතාව ඇත්ත (දී)
මේ ප්‍රශ්න ඔක්කොම විසඳ ගන්න ක්‍රමයක් තියෙනවා (ස)
ප්‍රභාකරන් කිවුවේ ඇත්ත තමයි. සිංහලයාට බොහොම දේවල් සුමාන දෙකෙන්අමතකයි. (නි)
ආචාර්ය අමිර්තලිංගම් රාසකුමාර මහතාණෙනි , ඔබ යාපනය සරසවි සිසුනට දෙන අවවාදය කුමක්ද? (නි)
කෝ නිදහස් අධ්‍යාපනය (දී)
ආයෙත් පරණ සෙල්ලම පටන්ගන්න නම් එපා (ස)
සදුනි....ඔබ හරි (ස)
කොටි සමරන්න ඉඩ දෙන්න කියලාද ඔබතුමා කියන්නේ...!(නු)
ඇහුවොත් ලංකාවේ තමයි හොදම අධ්‍යාපනය තියෙන්නේ (දී)