(එන්. පරමේෂ්වරන්, වන්නි රොමේෂ් මධුසංක සහ තරිඳු ජයවර්ධන)
අද සවස 5.00 ට පමණ යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතාගේ ආරක්‍ෂක නිලධාරියාට වෙඩි තබා තිබේ. යාපනය නල්ලූර් කෝවිල පිටුපස පිහිටි අතුරු මාර්ගයකදී සිදුවූ මෙම වෙඩිතැබීමෙන් සැරයන්වරයා බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි යාපනය පොලිසිය කියයි.
වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා දැනට යාපනය ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත්තේ පොලිස් සැරයන් හේමචන්ද්‍ර නැමැත්තෙකි. මෙම සිද්ධිය වන අවස්ථාවේදී එතැන සිටි අනෙක් පොලිස් නිලධාරියා අනතුරකින් තොරව ගැලවී තිබේ.
මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා මේ දිනවල විභාග කෙරෙමින් පවතින විද්‍යා ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සාමාජිකයෙකි. මෙම නඩුව අවසන් වරට පසුගිය බ්‍රහස්පතින්දා (20) විභාගයට ගනු ලැබුණ අතර නැවතත් ලබන අඟහරුවාදා (25) සිට විභාගයට ගැනීමට නියමිතය.
යාපනය මහාධිකරණ විනිසුරුවරයා අද සවස සිය නිවසට යමින් සිටියදී මාර්ගය හරස් කර තිබේ. එම අවස්ථාවේදී ආරක්‍ෂක නිලධාරියා පොලිස් යතුරුපැදියෙන් බැස මාර්ගය පාදා ගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරියාගේ පිස්තෝලයම ගෙන ඔහුට වෙඩි තබා ඇත. පසුව වෙඩි තැබූ අය කාන්තා යතුරු පැදියක් පැහැරගෙන පළා ගොස් ඇතැයි යාපනය පොලිසිය කියයි.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එක්ව පරීක්‍ෂණ පවත්වයි.
ඡායාරූප සිරාජ් හසීම්
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යාපනය මහාධිකරණ විනිසුරුගේ ආරක්‍ෂක නිලධාරියාට වෙඩි තබයි
බණ්ඩාර - කැකිරාව Saturday, 22 July 2017 04:13 PM
පාතාලය දැන් උතුරටත් ගිහිල්ලද ?? ,මෙම සිදුවීම සන්හිදියාවට බාධාවක් කරගන්න එපා
saman Sunday, 23 July 2017 01:44 AM
රටේ ආරක්ෂාව නැතිවේගෙනයි යන්නේ. ඔක්කොටම කලින් ඔය පාතාලයේ ලොක්කො ටික නිරායුධ කරලා ඉන්න ඕනේ.
saman Sunday, 23 July 2017 02:33 AM
අනේ!!! අපේ පොලිසිය .... තමන්ගේම පිස්තොලේ උදුරාගෙන තමන්ටම වෙඩි තියලා යනකම් එක්කෙනෙක්වත් කිසිම සුදානමක නෑ. අනිත් නිලධාරියාත් ඔච්චර දෙයක් කරලා යනකන් මොනවද කරලා තියෙන්නේ.. ?
raveendra Sunday, 23 July 2017 03:39 AM
මෙම සිදුවීම පිළිබඳව දැන් අපහට තිරනාටකයක් මගින් නාට්‍ය අනුසාරයෙන් අනේකවිධ හේතුකාරණා අපගේ සමහර ආරක්ෂකවරු විසින් තම පැවැත්ම උදෙසා ඉදිරිපත්කරනු ඇත. මෙය අත්වැරදීමකි.., කුරුල්ලෙකුට තබනලද එකකි. අඟහරු ලෝකෙන් එවන ලද උණ්ඩයකි. ආදී වශයෙන් නොයෙකුත් නිදහට කරුණු දක්වනු අැත.