ශ්‍රී ලංකාවේ උතුරු මැද වකුගඩු ලෙඩ ඇති ගම්වලට පිරිසිදු ජලය දීමේ හා මහරගම හා යාපනය පිළිකා රෝහලේ රෝගීන්ට වෛද්‍ය උපකරණ හා අත්‍යවශ්‍ය බෙහෙත් සඳහා අරමුදල් තර කිරීම සඳහා ප‍්‍රංශ ලංකා සුභ සාධන සංවිධානය යුරෝපයේ ප‍්‍රථම වතාවට යුරෝපා ලක් රූ රැජින අභිෂේකය පැරීසියේදී පැවැත්විණි.
ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කරුණාරත්න හඟවත්ත ආරාධිතයා විය.
උපේක්ෂා ස්වර්ණමාලි මන්ත‍්‍රීවරිය, 2008 ශ්‍රී ලංකා රූ රැජිනිය ෆේත් ලැන්ඩර්ස් මෙනවිය සමග දෙරණ රූ රැජින සෝලන්ග ගුනෝවිජය මෙනවිය , යොවුන් පරපුරේ හොදම ගායක දුමාල් වර්ණකුලසූරිය, එංගලන්තයේ ජනප‍්‍රිය ශ්‍රී ලාංකික ගායක අර්ජුන්, එරික් සූරියසේන, රංගන ශිල්පී සුරාජ් මාපා ද , උත්සවය ආලේකවත් කළහ.
පැරීසියේ චමින්ද ලිවේරා ප‍්‍රමුඛ ඡායා වයිබ්‍රේෂන් සංගීත කණ්ඩායම සංගීතය සපයා දුන්නේය. එක් වූයේය. පැරීසියේ සරසවි, තිසරාවි, හා ජයමිණි රංඟ කලායතයන්හී විචිත‍්‍ර නර්තන වලින් සැඳෑව අලංකාර විය.
ස්ටෙෆාන් ,නීරා හා දිමිත‍්‍රි දසිල්වාගේ රූ රැජිනි තේමා ගීතයන් සැඳෑවට මිහිරක් ගෙන දුන්නේය. යුරෝපයේ රටවල් 11 ක තරග කාරියෝ 21ක් දෙනෙක් තරග බිමේ සිටියහ. තරග තුනකින් පසු ප‍්‍රංශය නියෝජනය කළ මෙලනි හේවාවසම් මෙනවිය 2014 යුරෝපයේ ප‍්‍රථම ශ්‍රී ලාංකික රූප රැජින ලෙස ජයගෙන කිරුළ හිමි කැර ගත්තාය.
දෙවැනි, තුන්වැනි, සිව්වැනි, හා පස්වැනි ස්ථාන අනු පිළිවෙළින් නෙදර්ලන්තයේ සෙව්වන්දි එල්ලේවෙල ඉතාලියේ එඞ්නා ඩයස් , ප‍්‍රංශයේ දියනා ආරියරත්න, ජර්මනියේ නිරෝෂා කාරියවසම් හිමි කැ ගත්හ.
විශේෂ කුසලතා පරීක්ෂණ ප‍්‍රථිපල අනුව හොදම මෝස්තර නිරූපනය හා විශේෂ දක්ෂතා ලෙස ප‍්‍රංශයේ දියනා ආරියරත්න, බුද්ධිමත් තරුණිය ලෙස එංගලන්තයේ මිනෝලි රණසිංහ, ජනප‍්‍රිය තරුණිය ජර්මනියේ නිරෝෂා කාරියවසම්, හොදම ඡායාරූපීය නිරූපනය නෙදර්ලන්තයේ සෙව්වන්දි එල්ලේවෙල , හොදම රූප දේහය ස්වීඩනයේ නෙලන්කා සමරසිංහ, හොදම කෙස් කළඹ ජර්මනියේ ජෙස්මින් ජයතුංග, හොදම ඇවිදීම ඉතාලියේ ඬේලියා වරාගොඩ දර්ශනීය අංශය ප‍්‍රංශයේ මෙලනි හේවාවසම්, ජය හිමිකර ගත්හ. මිනෝලි මිරැන්ඩා ප‍්‍රධාන ඉනෝකා පොන්සේකා , තෙල්මා තිලකරත්න , රමණී මහවාසල , සුනේත‍්‍රා වීරසිංහ , නිලූ වර්ණකුලසූරිය රූපලාවන්‍යය බාරව සිටියහ.
ප‍්‍රථම ස්ථාන තුනට හිමි කිරුළු පැරීසියේ සිරස වෙළද ආයතනයේ ප‍්‍රධානි පීරිස් හා ජීන් ප‍්‍රනාන්දු මහත්මිය විසින් පරිත්‍යාග කැරිණි.
නේෂන් ට‍්‍රස්ට් බැංකුව, ඩිල්මා ලංකා, කුවේට් ගුවන් සේවය, ප්‍රයිම් ලෑන්ඩ්, ඇක්සස් ඉන්නියර්ස්, සෙලාන් හෑන්ඩ් ලූම්ස්, එරික් බතික්, මොහාන් හා යුනික් ජුවලරි,ජොසපින් හොටල් සමුහ ව්‍යාපාරය, ආරාධනා මල් වෙළඳ සල, ඊ.ඒ නැව්බඩු ප‍්‍රවාහන සේවය, ඉන්දික දුනුසිංහ මුද්‍රණ ආයතනය, ලංකාදීප පත්‍රය , එසැණ වෙබ් අඩවිය,ජොනට් වීඩියෝ, ඡායාරූප සදහා පුර්ණිමා අතුකෝරාල , රෙෂාන් , අන්තොනි ඩයස් අනුග‍්‍රහකයෝ වුහ.පනස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම උත්සවය සාර්ථක කර ගැනීමට සහායවු අතර ඔවුන්ට හා ඉහත අනුග‍්‍රහාක භවතුන්ට ප‍්‍රංශ ලංකා සුභසාධක සංවිධානය වෙනුවෙන් සනත් මුතුනමගොන්නගේ මහතා ස්තූති කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි මුඛ්‍ය පරමාර්ථය මුදලක් එකතු කර ගෙන අහිංසක මිනිසුනට උපරිමයෙන් උදව් පදව් කිරීමයි. යුරෝපය වැනි රටක මෙවැනි අවස්ථාවක් මනාව පෙළ ගැස්වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. අංක 01 ට වැටෙන්නේ පිරිවැයයි. සංවිධායකයිනට විශේෂ තිළිණයක් පුද කළ යුතුමය. මෙය ඇස් කන් පිනවන ලද විසිතුරු සැණකෙලියක සිරියක් උසුලා ඇති අයුරු පින්තුර දෙස් දෙයි. පිටරටකදී මෙවැන්නක් සංවිධානය කිරීමේදී මතුවන ගැටළු, ප්‍රශ්න වල ප්‍රායෝගික බව හරිම සංකීර්ණයි. සීමිත ඉඩකඩ,සීමිත කාලය සහ අසීමිත පිරිවැය ආදී වූ පරාසයන් මෙම භුමිකාවේදී ඉදිරියට එයි. ලෙස්ලි. හා විජේසිංහ 2014-06-16 7:30:05 කණිසමෙන් ඉදිරිපත් කර ඇති අදහස මැදිහත්ව බැලීමේදී කිසිවකුට ලඝු කළ නොහැක්කකි. ශ්‍රී ලංකාදීපයත්, ප්‍රන්සයේ ශ්‍රී ලංකා තානාපති අපේ මහාචාර්ය හඟවත්ත මැතිතුමාත් මෙයට සජීවී දායකත්වයක් දරා ඇති බැවින් මෙම පරාර්ථකාමී මෙහෙවර තුළින් උපයාගත් ශුද්ධ ප්‍රතිලාභ පිලිබඳ සංෂිප්තයක් පාඨක දන මන පිනවීම සඳහා 'ලංකාදීප එසැණ' තුළින් ඉදිරිපත් කිරීම සංවිධායකයින්ගේ වගකීම සහ වගවීමද වනු ඇත. ස්තුතියි! (නදී)
අපේ රටේ ඇමතිලා මිටි ගහලා තියෙන සල්ලි ඇද්දා නම් මුළු ලෝකෙම ඉන්න වකුගඩු රෝගීන්ට ආධාර කරන්න පුළුවන් ඇති (නදී)
මෙවන් වැඩ අපි අගය කළ යුතුයි. ප්‍රංශය අනිත් යුරෝපා රටවලට හොද ආදර්ශයක්. මෙවන් සුහද සහයෝගී වැඩ තවත් ඉදිරියට කරන්න ශක්තිය ලැබේවා! (නදී)
මේක චාම් උත්සවයක් ෆොටෝ වලින් එ්ක තේරෙනවා වියදම් අඩුවෙන් කරන්න ඇත්තේ. අරමුණ ප්‍රදාන කරගන්න සුභ පතනවා සැමටම (නදී)
හොඳයි වැඩේ. කව්රුත් කැත කතා ලියා නැහැ (නදී)
අහෝ ලෙස්ලි නොදුටු මොක් පුර. (නදී)
ලෙස්ලි මහත්මාණෙනි !! ඔබ කව්ද කියා මා නොදනිමි, නමුත් මෙවන් වටිනා මෙහෙවරක් ගැන ලියා ඇති ඔබේ අදහස ටිකක් හොද මදි වගේ.., මින් පිරිසිදු වතුර ටිකක් ලැබුනම ඒ දිළින්දන් මොවුන් හට පින් දේවී.., ඇත්තටම මමත් මේ මොහොතේ ඒ සියලු දෙනාටම පින් දෙනවා..,!! (අ)
ආධාර දීම ගැන මං විරුද්ද නැහැ මගේ අදහස ඒක තේරුම් ගැනීමට නොහැකි වීම ගැන කණගාටුයි ඒ ඔබගේ බුද්ධිය මට්ටමේ දෝසයක්ද මම නොදනිමි මා කිවේ මේ උස්සවය කිරීමට වියදම් මුදලට වැඩ වැඩි මුදලක් මින් උපාය ගන්න බැරුව ගියා කියායි ඒ හෙයින් මෙවැනි දෙයක් නොකර ඇත්ත අවශ්‍යතාවය කියා ආධාර ඉල්ලුවා නම් ඒවා වඩා පලදායක බවයි මොකද 100 වියදම් කරලා 60 සොයනවා නම් වැඩක් නැහැ වියදම නොකර 50 ලැබුනත් ඇති වගකිවයුතු කෙනෙක් සියලු වියදම් අදායම් මේ උස්සවයේ පෙන්නුවානම් ඔය කෑ ගහන සැමගේ කටවල් වැහෙයි (අ)
මේවායේ චේතනාව පිරිසිදු නැත. තරඟය සහ එකට එක කිරීම මේ සංවිදාන තරග ලෙස මම දකිමි. ගනුදෙනු ගැන බලල කොරන වැඩ ගැන තක්සේරු කොරමු . ලබන අවුරුද්දේ මේ විදිහට ක්‍රියාත්මක වෙයිද කියලත් බලමු. (නදී)
සුජීව පද්මකුමාර හිතේ තියාගන ඉන්නේ නැතිව ලියපු එක ඉතා හොඳයි. මෙවන් දැවැන්ත නිර්මාණයක් ඇස්,කන් ඉදිරියට මනරම්ව ගෙන එන්න 50 කට වැඩි පිරිසක් මෙය ඉදිරිපත් කල ප්‍රංශයේ උත්සව සංවිධාන කමිටුව වැඩ කර බව තමයි සඳහන් කර ඇත්තේ. කියවීම ඉතා හොඳයි, තේරුම් ගැනීම ඉතා දුරුවලයි. (දී)
ලස්සන වගේම වටිනා කර්තව්‍යයක්. (නි)
ඉතාමත් හොඳ කටයුත්තක්. අපගේ ප්‍රණාමය! (නි)
හොඳ දෙයක් එයාලා ලංකාව වෙනුවෙන් කරන්නේ. අපි ආඩම්බර වෙනවා (නි)
ලංකා නාමය දිදුලනවාට ඔබට පින් (දී)
විදුසක මහතාණෙනි මෙම පිටුව අදහස් පලකිරීමට මිස අය වැය පලකරන පිටුවක් නොවේ . (නදී)
මිනිසුන් තමන්ගේ රැකියා කරන ගමන් මේ වගේ කටයුතුත් කරන්න වෙලාව හදාගෙන. කළේ ලොකු පින් වැඩක්. ඒ ගැන නොදන්නා අය ලැබුණු මුදල් ගැන අහනවා... (නි)
මතු භවයේදීත් රූ රැජිණියන් වේවා! (නදී)
විදෙස් රටවල ජීවත්වෙලා... මව් රටේ දුකට පත්වුවන් වෙනුවෙන්..සේවයක් කිරීමට .ඉදිරිපත්වෙන මෙම දුවනියන් මතු ආත්මවලදීද ... රුප රාජනියෝ ම වේවා (අ)
අරමුණ ඉතා විශිෂ්ටයි (දී)
ලෙස්ලි වගේ හිතන අය මේ ලෝකේ ගොඩක් ඉන්නවා. අඩුම ගානේ අපේ රටේ අසරණ ජනයට මේකෙන් එක පිරිසිදු ජලය බෞසරයක් හම්බ උනත් ඇති මොකද එක දුක් විදින ජනයට වටිනා නිසා. මේකට ඉදිරිපත් උන සියලුම දෙනාට බොහොම පින්. (අ)
අපේ පම්පෝරි ගහන ලෝකයට හොද මුණ පෙන්නන සමහරක් සංවිධානවලට හොඳ උත්තරයක්. දූ වරුණේ ඔය ගොල්ලන්ට දීර්ඝායුෂ වේවා! මෙය මගේ ප්‍රාර්ථනයයි (නදී)
මෙහි සාර්තකත්වය බලන්න එකතුවූ මුදල කියන්න. මට නම් හිතෙන්නේ මෙයට වියදම් වූ මුදල එකතු කල මුදලට වඩා වැඩියි. ලංකාවේ ඉන්න කීප දෙනක් මෙම චාරිකාවට සහභාගි වෙලා විනෝද වෙලා ඇවිල්ල හම්බ වෙනවට වඩා වියදම් කරලා ඇති කියා මම හිතනවා. මෙය සංවිදානය කරපු කෙනෙක් ඉන්නවා නම් කියන්න කියක් ලැබුනද ? කීයක් වියදම් කලාද කියලා. ඔය විදයට උස්තවයක් තියන්නේ නැතුව ආධාර ඉල්ලුවා නම් ලොකු මුදලක් ඉල්ලා ගන්න සොයා ගන්න තිබ්බා (නදී)
දැන් ඉතින් ඔක්කොම පැත්තක තියලා සුජීවගේ ප්‍රශ්ණයට උත්තර සොයමුකෝ. (නදී)
මෙහි මූලිකත්වය ගෙන ක්‍රියාකළ සියලු දෙනාටත්, ශ්‍රී ලාංකීය නංගිලා සැමටත් හදවතින්ම සුභ පතනවා! (නි)
ඔබ සැමට බොහොමත්ම ස්තූතියි! (නි)
පනස් දෙනෙකුට ප්‍රංශයට ගිහින් එන්න අඩුම ගන්නේ රුපියල් ලක්ෂ 250ක් වත් යනවා. මේ අය කොපමණ මුදලක් එකතුකරලද දන්නේ නැහැ. (අ)
මෙච්චර නම් ගොඩවල් දැම්මට මේ සුරුපිකාවන් පාවිච්චි කරලා හම්බ කරන මුදල් හරියටම හරි තැන් වලට යනවා කියල අපිට තිබෙන සාක්ෂිය කුමක්ද? ‘(අ)
බොහොම හොඳ පරාමාර්ථයක් (නි)
බලන්න කොච්චර හොඳද කියලා? හැමෝම මෙහෙම හිතනවා නම් මොනතරම් අගනේද? (නි)
ඔබ සැම දෙන එකතුව කර ඇත්තේ මහඟු ක්‍රියාවක් මාගේ ප්‍රණාමය ඔබ සැම දෙනාට . ගුනවර්දෙන නෙදෙර්ලන්තයෙන් (දී)
ගාමිණීගේ කතාවට මාත් එකගයි,ලංකාවේ ප්‍රශ්න වලට පිටරට වලින්ම විසදුම මිසක ලංකාවේ කිසිම විසදුමක් නැහැ.උතුරු මැද ප්‍රශ්නය කොච්චර බරපතලද,මිනිසුන් පිරිසිදු වතුර නැතුව ලෙඩවෙලා මැරෙනවා.තවම විසදුමක් නැහැ.(දී)
චන්දයක් කාලෙට විතරක් එන මිනිස්සු කෝ නැද්ද (දී)
ජනතාව මිරිකලා ගන්න බදු මුදල් වලින් කොමිස් ගහන, අපේ දේශපාලක උතුමන්ලාට මේක කනේ පහරක්.(දී)