ප්‍රංසය මධ්‍යස්ථානය කරගත් " දෙමළ සම්බන්ධීකරණ කමිටුව" නමින් පිහිටුවාගෙන ඇති සංවිධානයක සභාපතියයි කියූ නඩරාජ් මතීන්දිරන් හෙවත් පාරිතී හෙවත් රේගන්ගේ ඝාතනය සම්බන්දයෙන් දැනට ඇගිල්ල දික්වෙන්නේ කොටි සංවිධානයේම ප්‍රධානියෙකි කියාගන්න විනයාගම්ට බව විදෙස් පුවත් අනුව පෙනී යයි.
පැරිස් නුවරදී පාරිතී ඝාතනය කරන ලද්දේ පසුගිය 8 වැනි දා රාත්‍රියේදී ය. මෙම ඝාතනය ශ්‍රී ලංකා රහස් ඔත්තු සේවා පිට පැටවීමට කොටි හිතවාදීන් ඉමහත් උත්සාහයක් ගත්තද එහි ඇත්තක් නැති බව ප්‍රංශ පුවත්පත් කියයි.
මෙම ආරව්ලේ සුල මුල සොයා බැලීමේදී පෙනීයන කරුණක් වන්නේ යුරෝපයේ කොටි සංවිධානයේ නමින් සැප ජීවිත ගෙනියන පිරිස අතරේ ගැයුම් ඉස්මතුවී ඇති බවයි.
ලබන 27 වෙනිදා ලන්ඩන් නුවරදී පැවැත්වීමට සුඋදානම්කර ඇති " මහවිරු " සමරුවේදී නායකත්ව බල අරගලයක පැටලී ඉන්නා රුද්‍රකුමාර් සහ නදියවන් යන දෙදෙනාම ප්‍රධාන දේශනය පවත්වන බවට විශාල ප්‍රචාරයක් පවතී. කොටි මහවිරු උතසවයන්හිදී මින් පෙර සිදුවූයේ වේළුපිල්ලේ ප්‍රභාකරන් පරණ කතා ඉදිරිපත් කිරීම වුවද මේ අව්රුද්දේ එම දේශනා ඉදිරිපත්කිරීමේ අවස්ථාව තමන්ට ලබාගෙන එමගින් දියාරුවී යන යුරෝපා කොටි බලය තමන් අතට පත්කර ගැනීමට මේ දෙදෙනාම උත්සහ කරන බව පෙනීයතියි බොහෝදෙනා කියති.
එංගලන්තයේ හැර යුරෝපයේ අන් හැම නගරයකම මෙම වසරේ එක දිනයකදී මහවිරු උත්සව දෙක බැගින් පැවැත්වීමට කටයුතු යොදා තිබීම මගින්ද විදෙස් කොටි බලය දෙදරා ඇතිබව පෙනීයතියි තතු දන්නෝ කියති.
කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ නැතිවීමෙන් පසුව විදෙස්ගත කොටි හිතවාදීන් කොටිහම පොරවාගෙන සැප ජීවිත ගත කරමින් ඉඳහිට ශ්‍රී ලංකාව කොනිත්තන බව බව යුරෝපයේ ජීවත්වන ශ්‍රීලාංකික දෙමළ ජන කොටස් ද කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කැමති කකුල් 4 කොටීන්ට විතරයි (ස)
කළ කළ දේ.. පල පල දේ... (ස)
බොරුවට ආයුෂ අඩුයි කියන්නේ කට කහනවට නෙමෙයිනේ (ස)
කොටි දැන් කොහෙන් හොයන්නද ? යන එන මගක් නෑ (ස)
අයියෝ සල්ලි නියමයි
රටවලට ජාතිවාදී අදහස් ලියන අයගේ අවදානයට .! කොටි මාවිරු රැළිය කොහේ හරි මුස්ලිම් රටක හෝ මැදපෙරදිග රටක තියන්න ඉඩ දෙනවද. කවදාවත් නැහැ .සියලු යුරෝපා රටවල කොටි සමිති , සංගම් ,රැළි ,කොටි ප්‍රතිමා සියලු දේ කරනවා . ඒඋනාට බනින්නෙම මුස්ලිම් අයට. (ස)
ආයෙත් ඉල්ලන් කන්න හදන්නේ (ස)
අපි ලෝකෙම කොටි හැම ගලෙවුවා
කොහේ උනත් ත්‍රස්තවාදය ඉවර වෙනවානම් හොදයි (දී)
ලංකාවේ දෙමළ මිනිසුන්ට නිසි විසඳුමක් දෙනතුරු මේක ඉවර වෙන එකක් නෑ (ස)
ලෝකෙන්ම තුරන් කරමු
කවුද මේ ෆොටෝ එකේ ඉන්නේ (ස)
තනි අතින් අත්පුඩි ගසන්න බැරිය. අනිත් අයට ඇඟිලි 1ක් දික්කරන විට තමන් දෙසට ඇඟිලි 4 ක් දිශානත වී ඇති බව සිතිය යුතුය. (නි)
ලංකාවට ජයවේවා
ජයවේවා
ලංකාවෙන් පැනපු කොටි කටාර් වලත් ඉන්නවා. (නි)