යෝෂිත රාජපක්ෂ මහතා හා ඔහුගේ මිතුරන් තිදෙනෙකු සිව්දින යුරෝපා සංචාරයක් සදහා පැමිණ ඉරිදා නැවත ශ්‍රි ලංකාව බලා පිටත්විය.
ඔහුගේ සංචාරය පිලිබදව එසැණට වර්තා වුවද රෝම තානාපති නිලධාරියෙකු කාරුණිකව ඉල්ලා සිටියේ කිසිදු ආරක්ෂාවක් නොමැතිව ඔවුන් මෙහි පැමිණ සිටින බැවින් ඔවුන්ගේ ආරක්ෂාව පතා ඉතාලියෙන් පිටත්වනතුරු පුවත්පත් වර්තා පළ නොකරන ලෙසයි.
පසුගිය බදාදා ජිනිවා සිට 71123 දරන අලිතාලියා ගුවන් යානයෙන් රෝමයට පැමිණි යෝෂිත ඇතුළු පිරිස රෝමයෙන් මිලාන් නුවරටත් එතනින් ප්‍රංශයටත් ගොස් එමිරෙට්ස් ගුවන් යානයෙන් නැවත ලංකාව බලා පිටත්විය. මෙම මස අවසානයේදී නාපොලි නගරයේ පවත්වන එල්ලේ තරගාවලියක් වෙනුවෙන් යොෂිත රාජපක්ෂ මහතා සහභාගි වන බව සංවිධායකයින් විසින් ප්‍රචාරය කළද යෝෂිත ඇතුළු පිරිස නාපොලි නගරයට නොගොස් නැවත ශ්‍රි ලංකාව බලා පිටත්ව ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්න වං හුං අප කන්නසාමි රාජධූරයේ.... (නි)
එයාලට වියදම් කරන්න නේද අපි කැපවෙලා ඉන්නේ!අපේ ළමයි බඩගින්නේ දුක් වින්දත් අපි එයාලව ඇති තරම් වියදම් කරලා සනසමු (නි)
කවුද ගමනට වියදම් කළේ? (නි)
ෂුවර් එකට එහෙ බඩු මූට්ටු වලට වෙන්න ඇති.(නදී)
ලක්මාල්,අපේ රට බේරාගත් වීරයකුගේ දරුවෙක් අපේ සල්ලි වලින් රට සවාරියක් ගැහුවට කමක් නැහැ. කුහක වන්න එපා.(නදී)
අනේ අපොයි. (නදී)
මේ වගේ ප්‍රවෘත්ති වලට ප්‍රතිචාර දමන අපි වගේ අයට කියන්න දෙයක් නෑ.(නදී)
ඉතින් අපට මොකද?(නදී)
ඉතින් අපිට මොකෝ?(නදී).
මිනිසුනේ, එයාලා කොහොම ගියහම ඔයාලට මොකද? (නි)
මේවාට අදහස් දමන්න පුළුවන්. නමුත් වැඩක් නැහැ. තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි වෙන්නේ. අපි මොකටද බන්දුලලා වගේ අයට එක එක ඒවා ලියන්නේ. (නි)
පුදුම වැඩක් නේ ඒ ගොල්ලන්ට ඉතාලි යන්න එපා කියල නැහැනේ. මටත් හේතුවක් ඒ වගේ යහමින් සල්ලිත් තියනවනම් යන්න කොපමණ තැන තියනවද ??? හා හොදයි ඔයාලට නැද්ද ?? (අ)
නිල සංචාරයක් වෙන්ටැති මයේ හිතේ. (නි)
මෙයා " මිහින්ලංකා " එකෙන්ද ගියේ ?, (අ)
මිනුසුනේ තමන්ට ලැබෙන දෙයින් සත්ටුවෙයල්ල .මම ජනපතිගේ පුතානම් ඔයිට වඩා විනෝදවෙනවා .කුහකවෙන්න එපා .ඔය කව්රුත් දන්නවද ඒවාට වියදම් කල මුදල් මහජන මුදල් කියල . ඔවැනි පුද්ගලයන්ට නිකන් ගුවන් ප්‍රවේස පත් දෙන්නට් ඕනතරම් ජනතාව වගේම ගුවන් සමගමුත් තියන බව නොදන්නවාද ? අදහස් ඉදිරිපත් කරන්න .ඉර්සියාව කුහක කම නොමැතිව .ඔබටට සැපසම්පත් ලගාකර ගත හැකිවේවි .සැවොම ලබාඋපන් හැටි .උත්සාහය අතනොහරින්න . ඔබට ජය. (අ)
ආ.. අතුල මිලානෝ ඔයා හරි කාටකාටත්දෛවය බලපානවා තමුන්ගේ හර්ද සාක්කිය අනුව තමා අතුල කිව හරි පිළිපදින්න ඔබලාට තියනවනම් ඔයිට වඩා වැඩ පෙන්නයි. සාධාරන වෙන්න (අ)
සල්ලි එහෙම තියනවනේ එයාලට. (නි)
අතුල,ඔයාගේ බොලද තර්ක මොන්ටිසෝරි වලට නම් හොදයි. (නි)
යෝෂිත ඉතාලි ඇවිත් ආපසු යනවනේ ඉතින් කොහොමත්.... (නි)
අනේ! අර අහිංසක දක්ෂ කරාටේ ළමයට? (නි)
අනික් ළමයින්ට වඩා මේ ළමයි විනයගරුකයි (නි)
ඉතින්? (අ)
කොල්ලෝ වුණාම ඇවිදින්න එපායැ (අ)
ඒත් දැක්කද ලංකාදීපයේම තිබුනා අර දක්ෂ කරාටේ ශූරයෙකුට තරගයට යන්න ටිකට් එකක් ගන්න සල්ලි දෙන්න කවුරුත් නැහැ. ඕකට තමා කියන්නේ ආශ්චර්ය කියලා (නි)
ඉතාලි නෙමේ කොහේ ගියත් අපිට නම් කමක් නැහැ. නමුත් මේ වියදම් කරන්නේ කාගේ සල්ලිද කියලා අපට දැනගන්න ඕනෑ (නි)
පහුගිය දවසක අර පුංචි දරුවට කරාටේ තරගයට යන්න සල්ලි නැතුව දුක කිවුවා ඇහුනද ..? බැලුවද...? (නි)
කවුද අනේ ඒ? (නි)
ගාඩ් එකක් නැතුව ඇවිදපු එක අපි අගය කරන්න ඕනෑ. (නි)
යෝෂිත නාවික හමුදාවේ නිලධාරියෙක් සහ දක්ෂ රගර් ක්‍රීඩකයෙක්. ඔහුට නාවික හමුදාවෙන් වැටුපක් ලැබෙනවා. ලංකාවේ ඉන්න ඇමති පුත්තු වගේ යෝෂිත බොරුවට මිනිස්සුන්ට , පොලිස් සහ හමුදා නිලධාරීන්ට ගහන්න යන්නේ නැහැ , ගුවන්යානා වල දොරවල් අරින්න යන්නෙත් නැහැ , ඉතාලියේ ඉන්න පාතාලයෝ ඇසුරු කරන්නෙත් නැහැ. ඔහු ලංකාවේ නම කැතවෙන විදියට පිටරට වලදී හැසිරිලා නැහැ. මේ වැනි තරුණයන් යුරෝපයට ඇවිත් මේ රටවල් බලලා මෙහෙ තියන හොද දේවල් ලංකාවේ ඇතිකරාවී කියලා මම හිතනවා (නි)
අපිට මොකෝ මල්ලියේ ඒගොල්ලෝ කොහේ ගියාම? (නි)
යාලුවෝ සල්ලි වියදම් කරනවද? (නි)
අපට කොහෙන්ද බුල් පුසෝ (නි)
කාගේ සල්ලිද මේ? (නි)
මහජනතාවගේ සල්ලිද මේ? (නි)
අපිට බස් එකේ යන්න සල්ලිත් නැහැ. (නි)
ආරක්ෂාව නැතුව ඉස්සර මමත් කොලු කාලේ ගිහින් තියෙනවා.හැබැයි මගේ මුදලින් (නි)
රටවල් වටේ ගියාට අපිට කමක් නැහැ. (නි)
අසරණ දරුවෙකුට කරාටේ තරගයට යන්න සල්ලි හොයා ගන්න බැරිව මොන තරම් දුක් වෙනවද?එහෙව් රටේ මේවා අහනකොට අපිට ඇතිවන්නේ මොකක්ද? (නි)
ඉතින් අපි දැන් මොකද කරන්න ඕනෑ? පිළිගන්න එයාර් පොර්ට් එකට එහෙම යන්න ඕනෑද? (නි)
අපරාදේ! (නි)