IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රංගිරි දඹුල්ල ලෝක උරුමයෙන් නොහැළේ

රංගිරි දඹුල්ල රජමහා විහාරස්ථානය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරිමේ කිසිදු සැලසුමක් නොමැති බවත් මෙය කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවයක් ඉටු කර ගැනිමේ උත්සහායක් පමණක් බවත් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරිය මහතා ඊයේ 15 රංගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරස්ථානයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ඉනාමළුවේ සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක හිමියන් හමුවේ කියා සිටියේය.

ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථානය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍යංශ ලේකම් නන්දා වික‍්‍රමසිංහ මහත්මිය පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක අතිරේක ලේකම් විජිත නන්දකුමාර රසායන සංරක්‍ෂණ වැඩබලන අධ්‍යක්‍ෂ ඩබ්ලිව් වතුගේ මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්‍ෂ පුරාවිද්‍යා ඒ ගුණතිලක රසායන සංරක්‍ෂණ නිළධාරි යු ඒ විජේසිංහ කලාප භාර පුරා විද්‍යා නිළධාරි ජී නීලපේ‍්‍රම යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙහිදි පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා රංගිරි දඹුල්ල රජමහා විහාරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරිම පිළීබඳව රටේ පැතිර යන ප‍්‍රචාරය පිළීබඳව අදහස් පළ කරමින් කියා සිටියේ උයන්වත්ත රජමහා විහාරස්ථානයේ ඉදිකර ඇති ස්වර්ණාලේපිත බුද්ධ ප‍්‍රතිමාවහන්සේ හෝ ඒ ආශ‍්‍රිතව ඉදිකර ඇති කිසිදු ඉදිකිරිමකින් රංගිරි දඹුලූ රජමහා විහාරස්ථානයේ ඓතිහාසිකත්වයට හානියක් නොමැති බවත් ඇතැම් පිරිසක් යුනෙස්කෝ සංවිධානයට යවා ඇති පැමිණිලි පිළිබඳව එරට පැවති විශේෂ රැස්වීමකදී තමන් ඒ බව පැහැදිලි කල බවයි.

බෞද්ධ බැතිමතුන්ට වන්දනාමාන කිරිම සඳහා විකල්ප ස්ථානයක් ලෙස උයන්වත්ත රජමහා විහාරය සංවර්ධනය වී ඇති බව තමන් විසින් යුනෙස්කෝ නිළධාරින්ට පෙන්වා දිමත් සමග ඒ අය තම ප‍්‍රකාශය පිළිගත් බවයි.

ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරිය මහතා කියා සිටියේ ස්වර්ණාලේපිත බුදු පිළිමය ඉවත් කරන ලෙස යුනෙස්කෝවට පෙත්සම් හා කරුණු ඉදිරිපත් කළ අය පිළිබඳව දන්නේ අස්ගිරියේ මහානායක හාමුදුරුවන් බවත් කෙසේ වෙතත් ලෝක උරුමයෙන් දඹුල්ල ඉවත් කරන බවක් මේ වනතුරුත් අනාවරණය වී නොමැති බවයි.

විවිධ මාධ්‍ය ඔස්සේ මේ සඳහා විශාල ප‍්‍රචාරයක් රැගෙන ගිය ද එහි සත්‍යතාවයක් නොමැති බව හෙතෙම අවධාරණය කළේය.

අමාත්‍යංශ ලේකම් නන්දා වික‍්‍රමසිංහ මහත්මිය මේ පිළිබඳව පැහැදිලි කරමින් කියා සිටියේ යුනෙස්කෝ සංවිධානය හෝ අමාත්‍යංශය මෙතෙක් දඹුල්ල පිළිමය  ඉවත් කිරිමට හෝ පුරාවිද්‍යා ස්ථාන විනාශ වී හෝ ඇති බවට තහවුරුකරගෙන නොමැති බවයි.

මෙහිදි ඉනාමළුවේ සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ මහා නායක හිමිපාණන් කියා සිටියේ ලෝක උරුමයෙන් දඹුල්ල ඉවත් කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදලට පුරා විද්‍යා දෙපාර්මේන්තුවට හෝ රංගිරි දඹුලූ රජමහා විහාරයට දැනුම් දී නොමැති බවත් ලෝක උරුම නාම ලේඛනයේ රංගිරි දඹුල රජමහා විහාරය භාරකාරත්වය ලෙස නම්කොට ඇත්තේ තමන් වහන්සේ බවත් පැවසුහ.

විවිධ අයගේ අවශ්‍යතාවයන් මේ හරහා ඉටු කර ගැනිමට උත්සහ දැරුව ද අවසානයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් රංගිරි දඹුල රජමහා විහාරස්ථානයත් ඒකාබද්ධව දඹුල්ල රජමහා විහාරස්ථානය ආරක්‍ෂා කරමින් එහි ඇති පිළිම බිතුසිතුවම් ආදි සියළු දෑ සංරක්‍ෂණය කළ යුතු බව ද පැවසුහ.

ලෝක උරුම ලැයිස්තුවෙන් දඹුල්ල රජමහා විහාරය ඉවත් කිරිමේ කථාබහෙන් පසුව රංගිරි දඹුලූ රජමහා විහාරයේ සංරක්‍ෂණ කටයුතු පිළිබඳ මෙම පිරිසේ අවධානය යොමුවිය.

ඒ අනුව මෙතෙක් දඹුලූ විහාරයේ සංරක්‍ෂණ කටයුතු සිදුකළමධ්‍යම සංස්කෘතික අරමුදල පිළිබ`දව සෑහීමකට පත්විය නොහැකි බව මහා නා හිමියෝ පෙන්වා දුන්හ.

ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාත් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයාත් දැනුම් දි සිටියේ මින් ඉදිරියට දඹුලු රජමහා විහාරස්ථානයේ සංරක්‍ෂණ කටයුතු විහාරභාරකාර හිමියන්ගේ අධික්‍ෂණය යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට පත්තොට සංරක්‍ෂණ කටයුතු සිදුකරන බවයි.

ඒ අනුව මුලික අවශ්‍යාතවයන් පිළිබඳ සොයා බැලිම සඳහා කාලරාමු වෙන්කර ගැනිමත් මාස දෙකකට වරක් සියළු නිළධාරින් එක මේසයකට පැමිණ සංරක්‍ෂණ ක‍්‍රියාවලිය පිළිබඳ ප‍්‍රගති සමාලෝචනයක් කිරිමටත් එකඟත්වය පළ කළහ.

 

 

 

 

 

 

           



අදහස් (0)

රංගිරි දඹුල්ල ලෝක උරුමයෙන් නොහැළේ

ගාමිණී ඇෆ්රික Tuesday, 15 July 2014 06:22 PM

කවුද මේ කීප දෙනා..........මේ ය ගැන රට දැනගන්න ඕනා.(ස)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Wednesday, 16 July 2014 05:46 AM

මේ අයගෙ නම් හෙලිකිරීම මහජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතියට ගරු කිරීමක්. මේ රටේම ජීවත් වෙන ගමන් ආගම දහම රට ජාතිය පාවලා දෙන අය හෙලිකල යතුයි. (නදී)

:       0       0

වසන්ති Wednesday, 16 July 2014 02:33 PM

හොඳ ප්‍රවෘත්තියක් (නි)

:       0       0

pitigala Wednesday, 16 July 2014 04:17 PM

ඔය කීප දෙනා තමයි බෞද්ධයෝ ත්‍රස්තවාදියෝ කියා කියා ලෝකෙට කිව්වේ, ඒ උනත් ඒ ගොල්ල අද අපට වඩා බලවත්. අපේම අය තමයි ඒ ගොල්ලට මේ තරම් බලවත් වෙන්න පාර හදා දුන්නේ. ඉදිරියේදී තව තව දේවල් අපට පෙනේවි. දළදා මාලිගාව, ශ්‍රී පාද ස්ථානය, කතරගම දේවාලය වගේ තැන් ගැන. හැබැයි එතකොට පෙරහැර ගිහින්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 103 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1021 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 201 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 899 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3589 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2269 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site