ප්‍රසව වේදනාවෙන් පසුවූ කේට් කුමරිය රෝහල් ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මින් මද වේලාවකට පෙර වාර්තා වූයේ ඇය පැඩින්ටන්හි ලින්ඩෝ වින්ග් ශාන්ත මේරි රෝහලේදී සාමාන්‍ය දරු උපතකට සූදානම් වන බවයි.
විලියම් කුමරු උපත ලබා ඇත්තේ ද මෙම රෝහලේදීය.
කෙනිස්ටන් මාලිගයේ සිට පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඇය රෝහලට රැගෙන විත් ඇත.
කේට් කුමරිය යනු කේම්බ්‍රිජ් ආදිපාදවරියයි.
රාජකීය දරු උපත ගැන මුලින්ම දෙවැනි එළිසබෙත් රැජිනට දැන්වීමට නියමිත බවත්, ඉන් පසු බකින්හැම් මාලිගයේ දැන්වීම් පුවරුවේ විස්තර පළ කරන බවටත් වාර්තා වේ.
දින දහයක සිට පැපරාසි කැමරාකරුවෝ හා වෘත්තීය මාධ්‍යවේදීහු රෝහල අසළ කඳවුරු බැඳ සිටිති.
බිහිව දරුවාට කේම්බ්‍රිජ් කුමරා හෝ කුමරිය ලෙස හැඳින්වෙනු ඇති බවත්, එහෙත් නම් තැබීමට දින 10ක් පමණ ගත වනු ඇති බවත් දැනගන්නට ඇත.
කේටේ කුමරිය දරුවා බිහි කිරීමට තිබූ කාලය සතියකින් ඉක්ම ගොස් ඇතැයි වෛද්‍යවරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කේට් කුමරියට හොද වස පුතෙක් ලැබේවා. පස්සේ දවසක රජ වුනාට පස්සේ ලංකාව නැවත ආක්‍රමණය කරවීමට සිතක් පහළ වෙත්වා. එසේ කොට ලංකාවේ පාලනය බාර ගනිත්වා. එසේ කොට නැවත ලංකාව එතුමාගේ මී මුත්තලාගේ කාලයේ තිබුනා මෙන් හොද රටක් බවට පත් කරත්වා. එසේ කොට අඩුම ගානේ අපේ මී මුනුපුරන්ටවත් හොද රටක් සාදා දෙවත්වා.(නදී)
අපේ රටෙනුත් පිරිසක් යාවි එංගලන්තෙට, සුබ පතන්න නේද? (නි)
පුතෙක් නේද? (නි)
තිස්තුන් කෝටියක් දෙවියො සුරකී සුන්දර කුමරිය.. ලන්ඩන් පුර එකළු වුණා වීමෙන් විලියම් සොඳුරිය.. දැක්මෙන් ඔබ සැනසෙයි සිත නගනා මදහස මිහිරිය...(නදී)
ඕක ඔය තරම් පත්තර වල දාන්න තරම් දෙයක් ද ළමයෙක් හම්බ වෙන එක. (නදී)
ඇත්තෝ කති,බොති,නටති! නැත්තෝ බලා සැනසෙති, නැත්නම් හුල්ලති! (නි)
ළමය හම්බවෙන්නේ කෙනෙකුට. විලි රුජාව හැදිලා තියෙන්නේ වෙනත් අයට. යුරෝපයේ ටීවී සති තුනක් තිස්සේ ගිනි අව්වේ බලාගෙන ඉන්නවා. මිනිස්සු නිවාඩු දමලා ඉස්පිරිතාලේ එළියේ බලාගෙන ඉන්නවා. ඒ මදිවට ලංකාවේ කට්ටියකුත් ඉන්නවා මේවා ගැන ඉතාමත් ආශාවෙන් උනන්දුවෙන් ආදරයෙන් බලාගෙන ඉන්න. (නි)
උපන් සිඟිති කුමරාට සුභ පැතුම්. (නි)
එන්ගලන්තෙ අය බබා හබ්බ වෙන කම් කට ඈරගෙන බලන් ඉන්නෙ. ඒකටඅපේ අය තවත් යටත්විජිත මානසිකත්වය. සුද්ද වැඩ පෙන්නනව අපි චීයර්ස් කරනවා. ඉතින් අපිට කවද්ද හරියන්නේ.(නදී)
එංගලන්තේ රජ පවුලට තවත් පුංචි කුමාරයෙක් දැන් ටික වෙලාවකට ඉස්සෙල්ල එකතු උනා.(නදී)
රජ කුමාරයෙක් ඉපදිලා ලංකාවේ වේලාවෙන් රෑ 8.54 ට. (නදී)
විලියම්-කේට් නිහතමානී රජ යුවලක්. මේ දෙපලට සහ අලුත උපන් කුමරුට දීර්ඝායුෂ පතමු. (නදී)
සුද්දන්ගේ පුද්ගලික දේවල් ගැන අදහස් දාන්නේ දැන් ඔය අදහස් දාන අයගේ ගෙවල්වල ප්‍රශ්න විසදලද දන්නෙ නැහැ (නි)
රජ කුමරා ඉපදුනා, මගේ 60 වෙනි උපන් දිනේ අද උනා.(නදී)
සත්‍යපාල ඔයාට අමු කැවිලද මේ පුවත බලලා ඔයාගේ අදහස් ලියන්න. අනිත් අය මොනවා ලීවත් ඔයාට මොකද? (නදී)
මගේ සුභ පැතුම්! (නි)
මේක හොද අවස්ථාවක් අපේ රටට බ්‍රිතාන්‍යයෙන් හිමි විය යුතු වන්දි අය කර ගැනීමට නඩු පැවරීමට. බ්‍රිතාන්‍ය ජාතිකයන් පවා දැඩි ස්වයන් ලැජ්ජාවකින් පසු වෙනවා. ඔවුන් මේ සැප විදින්නේ වෙනත් රට වලින් හුරා ගත් මුදල් වලින් නේද කියල. මේ මොහෙතේ අපෙන් වසර ගණනාවක් තිස්සේ ගාසා කන ලද මුදල් අය කර ගැනීමට අප ඉදිරිපත් විය යුතුය. මගේ මිතුරු බ්‍රිතාන්‍ය ජාතික මහතාද මෙම වන්දිය ලබා දීම සාදාරනයි විශ්වාස කරනවා.(නදී)
ගජරාමෙට ලිං මැඩියෝ අදහස් දාලා. පත්තර වලට විතරක් නෙමෙයි මුලු ලෝකෙම මේක ප්‍රධාන පුවතක් (නි)
රොෂාන්,ඔයා ඔය කියන්නේ සුද්දන්ටද? නැත්නම් අපේ රටේ වෙන කාට හරිද? (නි)
මේ ප්‍රතිචාර බලනකොට පේනවා ලංකාවේ ඉන්නේ මොන තරම් මෝඩ මිනිස්සුද කියලා. කිසිම වැදගත් දේක වැදගත්කමක් තේරෙන්නේ නැති මිනිස්සු (නි)
කේට් කුමරියට බබා හම්බුවෙනකොට අපිටත් මොනවහරි හම්බු වෙනවා ඇති ? මෙච්චර මේ සමරන්නෙ ඒක නිසානෙ. (නි)
සත්‍යපාල, කියා ඇති දේට මගේ පිළිතුර ඉතා කෙටියි. ඒ මගේ සෙත් කවියේ ප්‍රසිද්ධ නොකළ අවසන් පදයයි. ඒ "දැන්නං සිතෙනවා ඔයත් කරගන්නට මගේ බිරිය" .(නදී)
වීර, ඔයාට ඇත්ත තත්ත්වය පෙනෙන්නේ නැද්ද..? (නි)
ඕවා අපිට වැඩක් නැහැ. අපේ ප්‍රාදේශීය සහාපතිට මොකද වෙන්නේ කියලා අපිට හොයන්න තියෙනවා (නි)
මේ උපදින කුමාරයාවත් තුන්වන ලෝකේ රටවල් දෙස සානුකම්පිතව බලා අපට බාල්දි නොවැටෙන ලෙස කටුතු කරත්වා. (අ)
තිස්තුන් කෝටියක් දෙවියො සුරකී සුන්දර කුමරිය.. ලන්ඩන් පුර එකළු වුණා වීමෙන් විලියම් සොඳුරිය.. දැක්මෙන් ඔබ සැනසෙයි සිත නගනා මදහස මිහිරිය.. (අ)
පිරිමි දරුවෙක් ලැබෙවා.(අ)
කවුරු වුනත් අපිට මොකෝ.ඔය රජපවුල් අය අපිව හූරන්කාල ලස්සනට හිනාවෙන හැටි. මෙච්චර මිනිස්සු මේ ගැන උනන්දු අතීතයේ තිබුණු පරගතිකම් නිසයි.අපේ සිංහලයෝ ලක්ෂ ගණන් මැරුවේ මේගොල්ලෝ තමයි.(අ)
රාජ පරම්පරාවේ තුන්වෙනි කිරුළට හිමිකපාන විලියම් කුමරුටත්,කේට් කුමරියටත් දාව උපදින කුමරිය හෝ කුමරා තව ස්වල්ප වෙලාවකින් මෙලොව එලිය දකිනු ඇත.මාගේ විශ්වාසය නම් කුමරියක් බවයි.අපේ අම්මා ජීවතුන් අතර සිටියා නම් ගම්මිරිස් හොද්දක් කේට් කුමරියට යවනවා ..යවනවා මයි !! (අ)
මේ අයට පිස්සු (අ)
අපේ පල්ලෙහා ගෙදර සිරියාවතී කෙල්ලටත් අද අමාරු වුණ පත්තරේ දාන දෙයක් මේක විලි රුදාව නිසා වෙන්න ඇති අපිට මොකද (අ)
මගේ යාලුවෙකුගේ බිරිදත් මේ රෝහලේම දරු ප්‍රසුතියක් සදහා මේ මොහොතේ ඇතුලත් වී සිටිනවා .දෙදෙනාටම අංගුලිමාල පිරිතේ බලයෙන් කරදරයක් නැතුව නිරෝගී දරුවන් ලැබේවා!!! (අ)
අනේ මේවා විහිලු එයට විතරද බබාල හම්බ වෙන්නේ (අ)
අපි අපේ ආණ්ඩුවල නාස්තිය ගැන කතාකරනවා, මෙන්න රටේ සල්ලි නාස්තිකරන සුදු අලි පව්ලක්. (අ)
අමාරු කාරයෙක් වගේ, ඒකයි පරක්කු. (අ)
මිනිපේ, හීනෙන්ද කතා කරන්නේ.අපේ රටයි මහා බ්‍රිතාන්‍යයයි අහසයි පොළවටයි දෙකට වැඩිය වෙනස්.ඒක නිසා වෙනස හොදට වටහා ගන්න.තියෙන මිනිස්සු කරන දේවල් නැති අපි කරපුවම හරියනවද.උපදින කුමරා හෝ කුමරිය නිදුක් නිරෝගී ලෝකෙට වැඩදායක දරුවෙක් වේවා. (නි)
ලංකාවේ සිටින අප ඔවුන් ගෙන දුක් විය යුතු නැත. එංගලන්තයේ රටවැසියන්ද අප මෙන් නොව අපට වඩා හොඳ ජිවිත කෑම බිම නිදහස බුක්ති විඳිති (නි)
කවුරු උපන්නත් දේව පිහිට ලැබේවා පතමි (නි)
මම ඒත් බයවුණේ ලංකාවේද කියලා.එහෙනම් හෙට ඉදලා පාන්,පරිප්පු වල මිල තව ඉහල යාවි කියලා. (නි)
ලංකාවෙ සමහර පැතිවලනේ නියම රජ පවුල් තියෙන්නේ. (නි)
අපේ ගෙවල් ගාව තරුණයෝ දෙන්නෙක් එකසතියේ කසාද බැන්දා.ඒ එක්කෙනෙක් බැංකු නිලධාරියෙක් අනෙක් කෙනා කම්කරුවෙක්. දෙන්නගෙම නෝනලට පස්සේ කාලෙක බබාලා ලැබෙන්න හිටියා. කම්කරුවා බොනවා බිරිද හුගක් අමරුකම් මත ප්‍රසුතියට සුදානම් වුනා. නිතරම ගියේ රජයේ රෝහලට. බැංකු නිලදාරියගේ බිරිද ගියේ චැනෙල් සෙන්ටර් වලට. හුගක් ඉහළින් හැමදේම කෙරුනා. එයාගේ බිරිඳ ප්‍රසුතියට දවස් 5කත් කලින් නර්සින්ග් හෝම් ඇඩ්මිට් වුනා. දවස් 15කට පස්සේ බබා ලැබුනා. කම්කරුවාගේ බිරිද කොස් එක්ක බත්පතක් කාලා ආයුවේද රෝහලක පැයක් ඇතුළත බබා ලැබුන. නිරෝගී දරුවෙක්. බැංකු නිලදාරියාගේ දරුවා හරියට ඉගෙන ගන්නෙත් නැතිලු. දැන් වයස අවුරුදු 5ක් විතර ඇති . දුප්පත් දරුවා හැමසැරේම පන්තියේ පළවැනියා. ක්‍රීඩා වලටත් දක්ෂයි. එහෙමයි වෙනස (නි)
නීල් රණා කවුද කියල කාට කාටත් දැන් තේරෙනවා.ළිදෙන් වතුර බීලා මුහුදට ආවඩන නීල් රණාලා මෙයාල කුමාර කුමරියෝ කරලා අපි ලවා වන්දවන්නට හැදුවට ලංකාවේ දැන් එතරම් මෝඩයෝ නැහැ.දැන් ඔන්න තවත් මොනවා හරි දිග උතරයක් ලියන්න හදයි. (නි)
මේ මවටත් නුපන් දරුවාටත් තිස් තුන් කෝටියක් දෙවි රැකවරනයි. අපි ලංකාවේ වුනත් පිට රටක වුනත් එකම වේදනාව විදලයි දරුවෙක් බිහිකරන්නේ. ඒක මේ පිරිමි දන්නේ නැති නිසා {මේ දමාපු අදහස් අනුව බැලුවම}මට නම් දුකයි මගේ රට ගැන. කිසිම කරදරයක් නැතුව පුංචි කුමරියක් බිහිවේවා කියලයි මම පතන්නේ (නි)
ලංකාවේ බඩ දරු අම්මලා මන්දපෝෂණයෙන් පෙළෙද්දී කිරි වීදුරුවක් අරන් නොදී පිටරට අයට සුබපැතුම් යවන ලංකාවේ අය ඉන්න බව අපි දන්නවා චන්දි. (නි)
අපේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ලංකාව මහා ලොකු රටක් කියලා. අපි දුපතක ඉන්න දුපත් මානසිකත්වයක් තියෙන ජාතියක්. එංගලන්තේ මිනිස්සු හරිම විනීත ජාතියක්. ඒ අයව ආශ්‍රය කරපුවහම තමා දන්නේ අපි මොන තරම් උද්දච්ච ජාතියක්ද කියලා. සුද්දා අපේ දේවල් අරගෙන ගියාට ඒ මිනිස්සු ගොඩක් දේවල් ඉතිරි කරලා ගියා. අපි හිතාගෙන ඉන්නේ අපි සිංහයෝ කියලනේ. නමුත් එංගලන්තේ මිනිස්සු හිතාගෙන ඉන්නේ එයාලා මිනිස්සු කියලා. දැන්වත් මේ මෝඩකම් අත් හැරලා අලුත් විදිහට හිතලා නිහතමානී ජාතියක් වෙන්න උත්සාහ කරමු.කියවපු ඔබ සැමට පින් (නි)