IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රජ පවුලට තව සාමාජිකයෙක් අද?

ප්‍රසව වේදනාවෙන් පසුවූ කේට් කුමරිය රෝහල් ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මින් මද වේලාවකට පෙර වාර්තා වූයේ ඇය පැඩින්ටන්හි ලින්ඩෝ වින්ග් ශාන්ත මේරි රෝහලේදී සාමාන්‍ය දරු උපතකට සූදානම් වන බවයි.

විලියම් කුමරු උපත ලබා ඇත්තේ ද මෙම රෝහලේදීය.

කෙනිස්ටන් මාලිගයේ සිට පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඇය රෝහලට රැගෙන විත් ඇත.

කේට් කුමරිය යනු කේම්බ්‍රිජ් ආදිපාදවරියයි.

රාජකීය දරු උපත ගැන මුලින්ම දෙවැනි එළිසබෙත් රැජිනට දැන්වීමට නියමිත බවත්, ඉන් පසු බකින්හැම් මාලිගයේ දැන්වීම් පුවරුවේ විස්තර පළ කරන බවටත් වාර්තා වේ.

දින දහයක සිට පැපරාසි කැමරාකරුවෝ හා වෘත්තීය මාධ්‍යවේදීහු රෝහල අසළ කඳවුරු බැඳ සිටිති.

බිහිව දරුවාට කේම්බ්‍රිජ් කුමරා හෝ කුමරිය ලෙස හැඳින්වෙනු ඇති බවත්, එහෙත් නම් තැබීමට දින 10ක් පමණ ගත වනු ඇති බවත් දැනගන්නට ඇත.

කේටේ කුමරිය දරුවා බිහි කිරීමට තිබූ කාලය  සතියකින් ඉක්ම ගොස් ඇතැයි වෛද්‍යවරු කියති.

 



අදහස් (0)

රජ පවුලට තව සාමාජිකයෙක් අද?

සමන්ත Tuesday, 23 July 2013 01:34 AM

අපේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ලංකාව මහා ලොකු රටක් කියලා. අපි දුපතක ඉන්න දුපත් මානසිකත්වයක් තියෙන ජාතියක්. එංගලන්තේ මිනිස්සු හරිම විනීත ජාතියක්. ඒ අයව ආශ්‍රය කරපුවහම තමා දන්නේ අපි මොන තරම් උද්දච්ච ජාතියක්ද කියලා. සුද්දා අපේ දේවල් අරගෙන ගියාට ඒ මිනිස්සු ගොඩක් දේවල් ඉතිරි කරලා ගියා. අපි හිතාගෙන ඉන්නේ අපි සිංහයෝ කියලනේ. නමුත් එංගලන්තේ මිනිස්සු හිතාගෙන ඉන්නේ එයාලා මිනිස්සු කියලා. දැන්වත් මේ මෝඩකම් අත් හැරලා අලුත් විදිහට හිතලා නිහතමානී ජාතියක් වෙන්න උත්සාහ කරමු.කියවපු ඔබ සැමට පින් (නි)

:       0       0

අනුර Tuesday, 23 July 2013 01:50 AM

සුද්දන්ගේ පුද්ගලික දේවල් ගැන අදහස් දාන්නේ දැන් ඔය අදහස් දාන අයගේ ගෙවල්වල ප්‍රශ්න විසදලද දන්නෙ නැහැ (නි)

:       0       0

සීල Tuesday, 23 July 2013 02:06 AM

අපේ රටෙනුත් පිරිසක් යාවි එංගලන්තෙට, සුබ පතන්න නේද? (නි)

:       0       0

ලික් Tuesday, 23 July 2013 02:19 AM

පුතෙක් නේද? (නි)

:       0       0

රත්න Tuesday, 23 July 2013 02:33 AM

තිස්තුන් කෝටියක් දෙවියො සුරකී සුන්දර කුමරිය.. ලන්ඩන් පුර එකළු වුණා වීමෙන් විලියම් සොඳුරිය.. දැක්මෙන් ඔබ සැනසෙයි සිත නගනා මදහස මිහිරිය...(නදී)

:       0       0

නදුන් Tuesday, 23 July 2013 02:49 AM

ඕක ඔය තරම් පත්තර වල දාන්න තරම් දෙයක් ද ළමයෙක් හම්බ වෙන එක. (නදී)

:       0       0

ධම්ම Tuesday, 23 July 2013 02:58 AM

ඇත්තෝ කති,බොති,නටති! නැත්තෝ බලා සැනසෙති, නැත්නම් හුල්ලති! (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 23 July 2013 03:15 AM

ළමය හම්බවෙන්නේ කෙනෙකුට. විලි රුජාව හැදිලා තියෙන්නේ වෙනත් අයට. යුරෝපයේ ටීවී සති තුනක් තිස්සේ ගිනි අව්වේ බලාගෙන ඉන්නවා. මිනිස්සු නිවාඩු දමලා ඉස්පිරිතාලේ එළියේ බලාගෙන ඉන්නවා. ඒ මදිවට ලංකාවේ කට්ටියකුත් ඉන්නවා මේවා ගැන ඉතාමත් ආශාවෙන් උනන්දුවෙන් ආදරයෙන් බලාගෙන ඉන්න. (නි)

:       0       0

ප්‍රියා Tuesday, 23 July 2013 03:36 AM

උපන් සිඟිති කුමරාට සුභ පැතුම්. (නි)

:       0       0

දිලීප Tuesday, 23 July 2013 04:03 AM

එන්ගලන්තෙ අය බබා හබ්බ වෙන කම් කට ඈරගෙන බලන් ඉන්නෙ. ඒකටඅපේ අය තවත් යටත්විජිත මානසිකත්වය. සුද්ද වැඩ පෙන්නනව අපි චීයර්ස් කරනවා. ඉතින් අපිට කවද්ද හරියන්නේ.(නදී)

:       0       0

විජය කුමාර Tuesday, 23 July 2013 04:11 AM

එංගලන්තේ රජ පවුලට තවත් පුංචි කුමාරයෙක් දැන් ටික වෙලාවකට ඉස්සෙල්ල එකතු උනා.(නදී)

:       0       0

කරු Tuesday, 23 July 2013 04:39 AM

රජ කුමාරයෙක් ඉපදිලා ලංකාවේ වේලාවෙන් රෑ 8.54 ට. (නදී)

:       0       0

සුදත් ශ්‍රි Tuesday, 23 July 2013 04:46 AM

විලියම්-කේට් නිහතමානී රජ යුවලක්. මේ දෙපලට සහ අලුත උපන් කුමරුට දීර්ඝායුෂ පතමු. (නදී)

:       0       0

මල්කාන්ති Tuesday, 23 July 2013 04:55 AM

කේට් කුමරියට හොද වස පුතෙක් ලැබේවා. පස්සේ දවසක රජ වුනාට පස්සේ ලංකාව නැවත ආක්‍රමණය කරවීමට සිතක් පහළ වෙත්වා. එසේ කොට ලංකාවේ පාලනය බාර ගනිත්වා. එසේ කොට නැවත ලංකාව එතුමාගේ මී මුත්තලාගේ කාලයේ තිබුනා මෙන් හොද රටක් බවට පත් කරත්වා. එසේ කොට අඩුම ගානේ අපේ මී මුනුපුරන්ටවත් හොද රටක් සාදා දෙවත්වා.(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Tuesday, 23 July 2013 05:21 AM

රජ කුමරා ඉපදුනා, මගේ 60 වෙනි උපන් දිනේ අද උනා.(නදී)

:       0       0

අරුසියා Tuesday, 23 July 2013 05:41 AM

සත්‍යපාල ඔයාට අමු කැවිලද මේ පුවත බලලා ඔයාගේ අදහස් ලියන්න. අනිත් අය මොනවා ලීවත් ඔයාට මොකද? (නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 23 July 2013 06:12 AM

මගේ සුභ පැතුම්! (නි)

:       0       0

රොෂාන් Tuesday, 23 July 2013 06:28 AM

මේක හොද අවස්ථාවක් අපේ රටට බ්‍රිතාන්‍යයෙන් හිමි විය යුතු වන්දි අය කර ගැනීමට නඩු පැවරීමට. බ්‍රිතාන්‍ය ජාතිකයන් පවා දැඩි ස්වයන් ලැජ්ජාවකින් පසු වෙනවා. ඔවුන් මේ සැප විදින්නේ වෙනත් රට වලින් හුරා ගත් මුදල් වලින් නේද කියල. මේ මොහෙතේ අපෙන් වසර ගණනාවක් තිස්සේ ගාසා කන ලද මුදල් අය කර ගැනීමට අප ඉදිරිපත් විය යුතුය. මගේ මිතුරු බ්‍රිතාන්‍ය ජාතික මහතාද මෙම වන්දිය ලබා දීම සාදාරනයි විශ්වාස කරනවා.(නදී)

:       0       0

ප්‍රදීප් Tuesday, 23 July 2013 07:21 AM

ගජරාමෙට ලිං මැඩියෝ අදහස් දාලා. පත්තර වලට විතරක් නෙමෙයි මුලු ලෝකෙම මේක ප්‍රධාන පුවතක් (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 23 July 2013 08:44 AM

රොෂාන්,ඔයා ඔය කියන්නේ සුද්දන්ටද? නැත්නම් අපේ රටේ වෙන කාට හරිද? (නි)

:       0       0

ශ්‍යාමිලා Tuesday, 23 July 2013 09:12 AM

මේ ප්‍රතිචාර බලනකොට පේනවා ලංකාවේ ඉන්නේ මොන තරම් මෝඩ මිනිස්සුද කියලා. කිසිම වැදගත් දේක වැදගත්කමක් තේරෙන්නේ නැති මිනිස්සු (නි)

:       0       0

ඩී.උපුල් Monday, 22 July 2013 09:10 PM

අමාරු කාරයෙක් වගේ, ඒකයි පරක්කු. (අ)

:       0       0

කර්ත්ලිස් අප්පුහාමි Monday, 22 July 2013 09:17 PM

මේ උපදින කුමාරයාවත් තුන්වන ලෝකේ රටවල් දෙස සානුකම්පිතව බලා අපට බාල්දි නොවැටෙන ලෙස කටුතු කරත්වා. (අ)

:       0       0

නීල් රණා Monday, 22 July 2013 09:19 PM

තිස්තුන් කෝටියක් දෙවියො සුරකී සුන්දර කුමරිය.. ලන්ඩන් පුර එකළු වුණා වීමෙන් විලියම් සොඳුරිය.. දැක්මෙන් ඔබ සැනසෙයි සිත නගනා මදහස මිහිරිය.. (අ)

:       0       0

අබේරත්න Monday, 22 July 2013 09:20 PM

පිරිමි දරුවෙක් ලැබෙවා.(අ)

:       0       0

වීර Monday, 22 July 2013 09:25 PM

කවුරු වුනත් අපිට මොකෝ.ඔය රජපවුල් අය අපිව හූරන්කාල ලස්සනට හිනාවෙන හැටි. මෙච්චර මිනිස්සු මේ ගැන උනන්දු අතීතයේ තිබුණු පරගතිකම් නිසයි.අපේ සිංහලයෝ ලක්ෂ ගණන් මැරුවේ මේගොල්ලෝ තමයි.(අ)

:       0       0

ගාමිණී-සිරි Monday, 22 July 2013 09:37 PM

රාජ පරම්පරාවේ තුන්වෙනි කිරුළට හිමිකපාන විලියම් කුමරුටත්,කේට් කුමරියටත් දාව උපදින කුමරිය හෝ කුමරා තව ස්වල්ප වෙලාවකින් මෙලොව එලිය දකිනු ඇත.මාගේ විශ්වාසය නම් කුමරියක් බවයි.අපේ අම්මා ජීවතුන් අතර සිටියා නම් ගම්මිරිස් හොද්දක් කේට් කුමරියට යවනවා ..යවනවා මයි !! (අ)

:       0       0

හිරු Tuesday, 23 July 2013 09:57 AM

කේට් කුමරියට බබා හම්බුවෙනකොට අපිටත් මොනවහරි හම්බු වෙනවා ඇති ? මෙච්චර මේ සමරන්නෙ ඒක නිසානෙ.‍ (නි)

:       0       0

නීල් රානා Tuesday, 23 July 2013 09:55 AM

සත්‍යපාල, කියා ඇති දේට මගේ පිළිතුර ඉතා කෙටියි. ඒ මගේ සෙත් කවියේ ප්‍රසිද්ධ නොකළ අවසන් පදයයි. ඒ "දැන්නං සිතෙනවා ඔයත් කරගන්නට මගේ බිරිය" .(නදී)

:       0       0

කටුවන Monday, 22 July 2013 09:48 PM

මේ අයට පිස්සු (අ)

:       0       0

සිරිමල් Monday, 22 July 2013 09:51 PM

අපේ පල්ලෙහා ගෙදර සිරියාවතී කෙල්ලටත් අද අමාරු වුණ පත්තරේ දාන දෙයක් මේක විලි රුදාව නිසා වෙන්න ඇති අපිට මොකද (අ)

:       0       0

පහන් Monday, 22 July 2013 09:52 PM

මගේ යාලුවෙකුගේ බිරිදත් මේ රෝහලේම දරු ප්‍රසුතියක් සදහා මේ මොහොතේ ඇතුලත් වී සිටිනවා .දෙදෙනාටම අංගුලිමාල පිරිතේ බලයෙන් කරදරයක් නැතුව නිරෝගී දරුවන් ලැබේවා!!! (අ)

:       0       0

අනුර Monday, 22 July 2013 10:04 PM

අනේ මේවා විහිලු එයට විතරද බබාල හම්බ වෙන්නේ (අ)

:       0       0

මිනිපෙ Monday, 22 July 2013 10:14 PM

අපි අපේ ආණ්ඩුවල නාස්තිය ගැන කතාකරනවා, මෙන්න රටේ සල්ලි නාස්තිකරන සුදු අලි පව්ලක්. (අ)

:       0       0

අචිනි Tuesday, 23 July 2013 10:40 AM

වීර, ඔයාට ඇත්ත තත්ත්වය පෙනෙන්නේ නැද්ද..? (නි)

:       0       0

පුරන් Monday, 22 July 2013 10:36 PM

ඕවා අපිට වැඩක් නැහැ. අපේ ප්‍රාදේශීය සහාපතිට මොකද වෙන්නේ කියලා අපිට හොයන්න තියෙනවා (නි)

:       0       0

චාමි Monday, 22 July 2013 10:39 PM

මිනිපේ, හීනෙන්ද කතා කරන්නේ.අපේ රටයි මහා බ්‍රිතාන්‍යයයි අහසයි පොළවටයි දෙකට වැඩිය වෙනස්.ඒක නිසා වෙනස හොදට වටහා ගන්න.තියෙන මිනිස්සු කරන දේවල් නැති අපි කරපුවම හරියනවද.උපදින කුමරා හෝ කුමරිය නිදුක් නිරෝගී ලෝකෙට වැඩදායක දරුවෙක් වේවා. (නි)

:       0       0

අමාලි සිල්වා Monday, 22 July 2013 10:59 PM

ලංකාවේ සිටින අප ඔවුන් ගෙන දුක් විය යුතු නැත. එංගලන්තයේ රටවැසියන්ද අප මෙන් නොව අපට වඩා හොඳ ජිවිත කෑම බිම නිදහස බුක්ති විඳිති (නි)

:       0       0

දම්මික පෙරේරා Monday, 22 July 2013 11:00 PM

කවුරු උපන්නත් දේව පිහිට ලැබේවා පතමි (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 July 2013 11:06 PM

මම ඒත් බයවුණේ ලංකාවේද කියලා.එහෙනම් හෙට ඉදලා පාන්,පරිප්පු වල මිල තව ඉහල යාවි කියලා. (නි)

:       0       0

ටිකිරි Monday, 22 July 2013 11:08 PM

ලංකාවෙ සමහර පැතිවලනේ නියම රජ පවුල් තියෙන්නේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 22 July 2013 11:11 PM

අපේ ගෙවල් ගාව තරුණයෝ දෙන්නෙක් එකසතියේ කසාද බැන්දා.ඒ එක්කෙනෙක් බැංකු නිලධාරියෙක් අනෙක් කෙනා කම්කරුවෙක්. දෙන්නගෙම නෝනලට පස්සේ කාලෙක බබාලා ලැබෙන්න හිටියා. කම්කරුවා බොනවා බිරිද හුගක් අමරුකම් මත ප්‍රසුතියට සුදානම් වුනා. නිතරම ගියේ රජයේ රෝහලට. බැංකු නිලදාරියගේ බිරිද ගියේ චැනෙල් සෙන්ටර් වලට. හුගක් ඉහළින් හැමදේම කෙරුනා. එයාගේ බිරිඳ ප්‍රසුතියට දවස් 5කත් කලින් නර්සින්ග් හෝම් ඇඩ්මිට් වුනා. දවස් 15කට පස්සේ බබා ලැබුනා. කම්කරුවාගේ බිරිද කොස් එක්ක බත්පතක් කාලා ආයුවේද රෝහලක පැයක් ඇතුළත බබා ලැබුන. නිරෝගී දරුවෙක්. බැංකු නිලදාරියාගේ දරුවා හරියට ඉගෙන ගන්නෙත් නැතිලු. දැන් වයස අවුරුදු 5ක් විතර ඇති . දුප්පත් දරුවා හැමසැරේම පන්තියේ පළවැනියා. ක්‍රීඩා වලටත් දක්ෂයි. එහෙමයි වෙනස (නි)

:       0       0

සත්‍යපාල Monday, 22 July 2013 11:21 PM

නීල් රණා කවුද කියල කාට කාටත් දැන් තේරෙනවා.ළිදෙන් වතුර බීලා මුහුදට ආවඩන නීල් රණාලා මෙයාල කුමාර කුමරියෝ කරලා අපි ලවා වන්දවන්නට හැදුවට ලංකාවේ දැන් එතරම් මෝඩයෝ නැහැ.දැන් ඔන්න තවත් මොනවා හරි දිග උතරයක් ලියන්න හදයි. (නි)

:       0       0

චන්දි Tuesday, 23 July 2013 12:14 AM

මේ මවටත් නුපන් දරුවාටත් තිස් තුන් කෝටියක් දෙවි රැකවරනයි. අපි ලංකාවේ වුනත් පිට රටක වුනත් එකම වේදනාව විදලයි දරුවෙක් බිහිකරන්නේ. ඒක මේ පිරිමි දන්නේ නැති නිසා {මේ දමාපු අදහස් අනුව බැලුවම}මට නම් දුකයි මගේ රට ගැන. කිසිම කරදරයක් නැතුව පුංචි කුමරියක් බිහිවේවා කියලයි මම පතන්නේ (නි)

:       0       0

සත්‍යාපාල Tuesday, 23 July 2013 12:55 AM

ලංකාවේ බඩ දරු අම්මලා මන්දපෝෂණයෙන් පෙළෙද්දී කිරි වීදුරුවක් අරන් නොදී පිටරට අයට සුබපැතුම් යවන ලංකාවේ අය ඉන්න බව අපි දන්නවා චන්දි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1808 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1149 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2063 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 516 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2952 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site