වයස 17න් පහළ ශ්‍රී ලංකා පාසල් හොකී තරගාවලියේ (2013) බාලක ශූරතාව කොළඹ රාජකීය විදුහල විසින්ද, බාලිකා ශූරතාව කොළඹ විශාඛා බාලිකා විදුහල විසින්ද දිනාගන්නා ලදි.
තරගාවලියේ අවසන් මහ තරග මාතලේ නන්දිමිත‍්‍ර ඒකනායක කෘත‍්‍රිම හොකී පිටියේදී පැවැත්විණි.
මෙම තරගාවලිය සඳහා බාලක හොකී කණ්ඩායම් 26ක් සහ බාලිකා හොකී කණ්ඩායම් 24ක් සහභාගී වූහ. දින හතරක් පුරා තරගාවලිය මාතලේ ක‍්‍රීඩාංගන තුනකදී පැවැත්විණි.
බාලක අවසන් මහා තරගයේදී කොළඹ රාජකීය විදුහල් පිල විසින් මාතලේ ක‍්‍රිස්තුදේව විදුහල් පිල ගෝල 1-0කට පරාජය කරන ලදි. කොළඹ රාජකීය විදුහල් කණ්ඩායමේ මලිත් සාරංග ජයග‍්‍රාහී ගෝලය වාර්තා කළේය.
බාලිකා අවසාන මහ තරගයේදී කොළඹ විශාඛා විදුහල් පිල හා කොළඹ මියුසියස් විදුහල් පිල අතර පැවිත්විණි. එහිදී නිතාන් සෙනෙවිරත්න ලබාගත් ගෝලයෙන් විශාඛා විදුහල 1-0කට තරගය ජය ගත්තේය. කොළඹ ආනන්ද විදුහල ගෝල 1-0කට පරාජය කරමින් මාතලේ සහිරා විදුහල් පිල බාලක තෙවැනි ස්ථානය ලැබීය.
බාලිකා තෙවැනි ස්ථානය මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල පිලට හිමිවිය. ඒ මහනුවර සීතාදේවී බාලිකා විදුහල පරාජයට පත් කරමිනි.
මෙවර තරගාවලියේදී මාතලේ හොකී දස්කම් දක්වන ප‍්‍රබල කණ්ඩායම් පරාජයවීම ගැන විමසීමේදී මාතලේ ශාන්ත තෝමස් ජාතික පාසලේ හොකී පුහුණුකරු ඉන්දික ජයවර්ධන මහතා ලංකාදීපයට කියා සිටියේ මාතලේ කෘත‍්‍රිම හොකී පිටියේ පුහුණුවීම් අවස්ථාව එහි පාසල් ක‍්‍රීඩකයන්ට නොලැබෙන බැවින් එයද පරාජයට හේතුවක් වූ බවය. හොකී ඇකඩමියක් එම කෘත‍්‍රිම හොකී පිටිය පාලනය කිරීමට උත්සාහ දැරීමෙන් එම තත්ත්වය උද්ගතව තිබෙන බවද ඔහු චෝදනා කළේය.
දක්ෂතම ක‍්‍රීඩකයෝ :
කොළඹ රාජකිය විදුහලේ සහිර් බාරී සහ මාතලේ ක‍්‍රිස්තුදේව විදුහලේ චතුරංග චන්ද්‍රසේනද
දක්ෂතම ක‍්‍රීඩිකාව :
කොළඹ විශාඛා විදුහල් කණ්ඩායමේ යෙලනි පෙරේරා
දක්‍ෂතම ගෝල් රකින්නිය :
කොළඹ මියුසියස් බාලිකා විදුහලේ අරුෂි බෝමුල්ලය.
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාජකීය - විශාඛා විදුහල් 17 න් පහළ හොකී ශූරතා දිනති