IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


රාජගිරියේ වගුරක් නාගරික උයනක් වෙයි

 

(අංජුල මහික වීරරත්න)

රාජගිරිය, බුත්ගමුව පාරට යාබදව පිහිටි ජල රක්ෂිත ඉඩම් කොටසක් නාගරික උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොළඹ හා ශ්‍රී ජයර්වධනපුර කෝට්ටේ ආශ්‍රිත ප්‍රදේශයේ ජල ගැලීම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංර්වධනය කිරීමේ සංස්ථාව විසින් මහ කොළඹ ගංවතුර පාලනය කිරීමේ හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ, ශ්‍රී ජයර්වධනපුර  ‌කෝට්ටේ, කොළොන්නාව හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පිහිටි වගුරු ඉඩම් කොටස් ජල රැඳවුම් ස්ථාන ලෙස පවත්වාගෙන යාම සඳහා රජයට අත්කර ගෙන ඇත.

ඒ යටතේ අත්කර ගන්නා ලද රාජගිරිය, බුත්ගමුව පාරට යාබදව පිහිටි ජල රක්ෂිත ඉඩම් අනවසර ඉදිකිරීම් සහ වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීමට ඇතැම් පාර්ශ්වයන් විසින් උත්සාහ දරන අතර එකී ඉඩම් ආරක්ෂා කර ගනිමින් ඒවා පවරා ගැනීමේ අරමුණු වලට හානියක් නොවන පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංර්වර්ධනය කිරීමේ සංස්ථාවේ මග පෙන්වීම යටතේ යෝග්‍ය සංර්වධන කාර්යයන් සඳහා යොදා ගැනීම සුදුසු බවට පෙනී ගොස් ඇතැයි රජය පවසයි.

ඒ අනුව හඳුනා ගනු ලැබ ඇති ඉඩම් කොටසක් ආදායම් උත්පාදන මාර්ග සහිතව  ‌පෞද්ගලික අංශයේ දායකත්වය ද ලබා ගනිමින් නාගරික උද්‍යානයක් ලෙස සංර්වධනය කිරීම පිණිස යෝජනා කැඳවීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.

 

 



අදහස් (4)

රාජගිරියේ වගුරක් නාගරික උයනක් වෙයි

අරවින්ද මොනරවිල Thursday, 11 July 2024 10:42 AM

වගුරුබිම් ගොඩකිරීමේ සංවර්ධන උපාය මාර්ගය අනුගමනය කෙරුවේ රණසිංහ ප්‍රේමදාස උතුමාණන්ගේ සංකල්පයක් අනුවයි. ඊට පස්සේ කොළඹ හා අවට ප්‍රදේශ වල සුළු වැස්සකට වුණත් පාරවල් ගොඩනැගිලි හා ඉඩම් වතුරට යටවන අභාග්‍යසම්පන්න තත්වයක් උදා විය. ඒක රටේ කවුරුවත් දන්නා ප්‍රකට කරුණක්, ඒ නිසා පසුකාලීනව රටේ වගුරුබිම් ගොඩ නොකිරීමටත් ඒවායේ පරිසර පද්ධති ආරක්ෂා කිරිමටත් යම් යම් පියවරයන් ගත්තා... දැන් මේ කප්පමා ලැහැස්ති වෙන්නේ ඒ තීන්දු තීරණ කනපිට ගසමින් වගුරුබිම් ගොඩ කර විකුණමින් කොමිස් ගහන්නයි. උප්පත්තියෙන්ම විකිණීම හැර වෙන කිසි දෙයක් නොදන්න විකුණුම්සිහ ජනාධිපතිවරණය දිනා ගන්නා අටියෙන් ගෝලයින්ට කැමැති දෙයක් කරන්න ඉඩදීලා බකං නිලාගෙන ඉන්නවාය.

:       0       0

D P P ප්‍රසාද්‍ Thursday, 11 July 2024 10:49 AM

ඡන්දයට පෙර තාව ගාණක්‍ හොයාගන්‍න කරන උප්‍පරවැට්‍ටියක්‍දැයි සැකයි... හොර දේශපාලුවන්‍ට පන්දම් අල්‍ලන ගොට්‍ටෙක්‍ට නාගරික උයන හදන කොන්‍ත්‍රාත්‍ එකත්‍ දෙයි...

:       0       0

Karunajeewa Thursday, 11 July 2024 11:02 AM

ඡන්දෙට කලින් කරගන්න දෙයක්.. තමයි ඉතින්,..ගම්පහ ත් යට වෙන්නේ ඒකනේ

:       0       2

wedage Thursday, 11 July 2024 12:59 PM

ගංවතුර ගලා උතුරලා යයි දෙගොඩ තලා

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2527 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1682 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2423 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 573 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3331 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site