IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රාජගිරියෙන් තහනම් කිරිපිටිත් අල්ලයි

වේ ප්‍රෝටීන් හා  ඩී සී ඩී  කෘෂි රසායනය අඩංගු කිරි පිටි හා ශක්තිජනක ආහාර තොගයක් රාජගිරියේ  වෙළෙද සල්වලින් වලින් ඉවත් කළ බව ශ්‍රී ජයවර්ධනපුර නගර සභාවේ සෞඛ්‍ය අංශය කියයි.

‘වේ ප්‍රෝටීන් යනු කිරි මෝරුවලට තවත් නමකි. ආහාර කල් තබා ගැනීමේ ක්‍රියාවලියේදි වැරැදි ලෙස කිරි නිස්සාරණය කිරීමේදී  හටගන්නා බැක්ටීරියා වලින් ආහාර  විස විම සිදු වේ.ඩී සී ඩී ඩයිසයන්ඩයමයිඩ් යනු  විෂ සහිත කෘෂි රසායනයකි‘

මෙම කිරිපිරි හා ආහාර වර්ග විකිණිම අත්හිටුවන බව රජය සෞඛ්‍ය අමාත්‍යංශය කඩිනමින් උපදෙස්  දුන්නේය.නගරාධිපති ජනක රණවක මහතා ද මේ සෝදිසියට එක්විය.

ඔහු  කඩ හිමියනට පැවසුයේ  තහනම් කළ ආහාර  විකුණන වෙළෙදසල් සීල් තැබීමට හැකි වුවත් පළමුවරට එසේ නොකරන බවයි

කෝට්ටේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව් එල් සී ජේ වන්නිනියක,මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් කුමාර සහ නාගරික මන්ත්‍රී ඩබ්ලිව් සෝමදාස මහත්වරු මෙම සෝදිසියට එක් වුහ.

 



අදහස් (0)

රාජගිරියෙන් තහනම් කිරිපිටිත් අල්ලයි

නීලා Friday, 16 August 2013 09:17 AM

මේවා තහනම් කලාම මොනවද වැඩට යන අම්මලා ළමයින්ට දෙන්නේ. මම කියන්නේ දින 84 න් පස්සේ වැඩට යන අම්මලා. ඒ ගොල්ල මාර අසරණ වෙලා ඉන්නේ. නිවාඩු දෙන්නෙත් නැහැ. (ස)

:       0       0

අස්මිත් Friday, 16 August 2013 05:02 PM

කරුණාකර රජය මීට වඩා විද්‍යුත් මාද්‍ය පුවත්පත්,හරහා ජනතාව දැනුවත් කළ යුතුයි!උපාලිගේ අදහස් අගය කරනවා. (නි)

:       0       0

අස්මිත් Thursday, 15 August 2013 09:15 PM

ඔය මොනවා කිව්වත් රුපියල් විස්සක් තිහක් අඩුකරලා දෙනවා කියල කිව්වොත් මිනිස්සු පටස් ගාලා ගන්නවා. ආර්ථික දුෂ්කරතාවන් නිසා හුගක් මිනිසුන් බාල බඩු ලාබ දේවල් පෝලිම් ගැහිලා ගන්න පෙලඹිලා ඉන්නේ.රජය දැනුවත් කිරීම් කරනවා මදි.ජනතාව කබලෙන් ලිපට වැටීම එදා සිදුවුනත් අද ලිපෙන් කොහාටද වැටී සිටින්නේ!? (නි)

:       0       0

පාලිත Thursday, 15 August 2013 10:48 PM

කඩ වල මෙම වස කිරි දැක්කොත් දන්වන්න දුරකතන අංකයක් ඇතිකරන්න (නි)

:       0       0

චන්ද්‍රා Friday, 16 August 2013 01:52 PM

ආණ්ඩුව මේවා අඩංගු කිරිපිටි වර්ගවල නම් ප්‍රසිද්ධ කල විට අපිට ඒවා නොගෙන ඉන්න පුළුවන්.එහෙම නැතිව අපිට ඔය “වේ ප්‍රෝටීන්“ බලන්න තේරෙන්නේ නැහැ.(ස)

:       0       0

සම්පත් Thursday, 15 August 2013 03:55 PM

කඩකාරයෝ තවම උසාවි නියෝගයට අවනත නැහැ. (ස)

:       0       0

දසුනි Friday, 16 August 2013 01:17 AM

අපේ රජරටම ලෙඩ කරන කෘමි නාශකත් මේ විදිහට තහනම් කරන්න බැරි ඇයි? වටලන්න මේ තරම් අමාරු වෙන්නෙත් නැහැ.අපේ පුංචි දරු පැටවුනුත් ලෙඩ වෙලා.වගකිව යුත්තන්ගේ අවධානය පිණිසයි.කරුණාකර මෙය පළ කරන්න.(නදී)

:       0       0

දයා අලහකෝන් Thursday, 15 August 2013 04:03 PM

අපේ සෞක්‍ය වෛද්‍ය නිලධාරින් බොහොම හොද සේවයක් මුළු රටේම කරනවා (දී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 15 August 2013 04:13 PM

සීල් තියලනම් මදි නගරාදී පති තුමෝ , මෙයාලට අමතක නොවන පාඩමක් කියල දෙන්නත් එක්කම වැලිවේරියට යවපු කට්ටිය රජගිරියටත් ගෙන්වන්න තියෙන්නේ (දී)

:       0       0

ප්‍රදීපා Thursday, 15 August 2013 04:28 PM

මන් හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මහජනතාව දැනුවත් කලොත් මීට වඩා ප්‍රතිපල ලැබෙයි කියලා. පාරිභෝගිකයා මිලදී ගන්නේ නැත්නම් කඩකාරයෝ ඕවා තියාගෙන මක් කරන්නද? එය දේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහල දැමීමටද උපකාරී වෙයි. (දී)

:       0       0

උපාලි Friday, 16 August 2013 05:04 AM

හොඳම දේ ජනතාව දැනුවත්වීම තමයි. සෞඛ්‍ය බලධාරීන් දාන්න පත්තර පිටු පුරා දැන්වීම්. ටෙලි නාට්‍ය අතරේ දැනුම් දෙන්න මේවා ගැන. සමාගම්කරයින්ගේ බොරු ගැන දැනුම් දෙන්න. මිනිස්සුන්ට හිතට කා වැදෙන තුරු දැනුවත් වැඩ සටහන් ගෙනියන්න. ඉන් පස්සේ, මෙවැනි දේ මිල දී ගන්න යනකොට ඕනෑම පාරිභෝගිකයෙකුට රජයෙන් කියපු දැනුම්දීම මතක්වෙනවා. සාර්ථකම ක්‍රමය ඒකයි. (නදී)

:       0       0

විදුර Thursday, 15 August 2013 04:52 PM

ඔය කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ජනතාව දැනගන්න ඕනෑ තමන්ව හොදින් දැනුවත් කරගෙන කන්න බොන්න. හොද දේවල් විතරක් අරගන්න. සමහරවිට හෙට දාලා තිබෙන වාරණය ඉවත් කරයි. එහෙම වුණත් අපි දැනුවත් වෙලා ඉන්නවා නම් අපි මුදල් ගෙවලා ගන්න දේ, හරි දේ ගුණ දේ, වස විස නැති දේ කරගන්න පුළුවන්. ජනතාවගන් ඉල්ලන්න තියන්නේ දැනුවත් වෙන්න. තමන් කරන කියන දේවල් කන බොන දේවල් ගැන දැනුවත් වෙන්න. බුද්ධිමත් වෙන්න. (නි)

:       0       0

අජිත් Thursday, 15 August 2013 04:57 PM

මේ වසරේදී මුලදී පාසල් ක්‍රීඩකයින් 2ක් සහ එක වැඩිහිටි( 66) ක්‍රීඩකයෙක් ලංකාවේ ප්‍රථම වතාවට ක්‍රීඩා කරද්දී මැරී වැටුනා. මොවුන් මේ කියන ශක්තිජනක පානය කරලා ද ක්‍රීඩා කළේ? (නි)

:       0       0

ඉන්දික.නාපොලි Thursday, 15 August 2013 05:15 PM

තහනම් කරන ලද කිරිපිටි ද්‍රව්‍ය වල විෂ රසායන අඩංගු බවට මීට කලින් ජනතාව දැනුවත් නොකළේ ඇයි? දේශීය කිරිපිටි කර්මාන්තය නගාසිටුවීමට මෙවැනි තීන්දු තීරණ ගන්නේ නම් දේශීය කිරි ගොවියාට මීට අදාල සියලු වරප්‍රසාද සහ රජයේ අනුග්‍රහය දීම රජයේ වගකීමකි (නි)

:       0       0

තාරක Thursday, 15 August 2013 05:30 PM

කැලණියේ කඩවල් වල ෆොන්ටෙරා ආයතනයෙන් ප්‍රසිද්ධ දැන්වීම් අලවා ඇත. තම කිරිපිටි නිෂ්පාදන වල කිසිදු අහිතකර දෙයක් නොමැති බව එහි සඳහන් වේ. මම ඉන්නේ කැලණියේ. බොරුනම් ඇවිල්ලා බලන්න. ඔය හැමදේම මෙහෙ විකුණනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3128 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2272 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3123 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3030 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 674 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1346 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36070 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24126 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 172 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site