මිහිඳු මහරහතන්වහන්සේගේ කාලය දක්වා ඉතිහාසයක් ඇති අම්පාර, උහන, රජගලතැන්න පුදබිමේ කැණීම්වලින් සොයාගත් පැරණි ගල් පඩිපෙළද ආසන ඝරයද සංරක්ෂණය කර ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ඉතිහාස හා පුරා විද්‍යා අංශය වසරක් තිස්සේ මෙම කැණීම් කරගෙන යයි. ආසන ඝරයේ කොටස්ද දැන් එකලස් කර ඇත. ඊට ඇතුළුවීම සඳහා දොරටු තුනක් තිබූ බවත් ගල් කණු මත ඉදිකළ ආසන ඝරයේ වහලක්ද තිබූ බවත් පෙනේයැයි ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ පුරා විද්‍යා මහාචාර්ය පද්මසිරි කන්නන්ගර මහතා කියයි. පැරණි දාන ශාලාවක් බවට විශ්වාස කළ හැකි ස්ථානයක්ද සොයා ගෙන ඇත. ගිරිකුම්බිල තිස්ස පබ්බත විහාරය නමින් අතීතයේ හැඳින්වුණු මෙම විහාරය දීඝවාපිය පාලනය කල ලජ්ජිතිස්ස කුමරුන් විසින් ඉදිකරන ලදැයි මහාවංශය කියයි. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ රජගල හෙවත් රාස්ස හෙළ විහාරාරාම සංකීර්ණය ඉදිකරන්නට ඇතැයි එහි ශිලා ලේඛන වල මහින්ද හා ඉත්ථිය හිමිවරුන්ගේ නම් සඳහන් වෙතියිද වේ.
ජයවර්ධනපුර සරසවියේ උපකුලපති මහාචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න, මහාචාර්ය පී.බී.මණ්ඩාවල, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි හා ආචාර්ය කේ.එම්.ඇලෙක්සැන්ඩර් මහත්වරු එහි කැණීම් පිරික්සීමට ගියහ.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ජාලය ඔස්සේ බලන්න ලුම්බිණි ශ්‍රී ලංකා .හිරිවඩුන්න ශ්‍රී මහ බෝදිය.බුදුගල හා අනෙකුත් බුදුන් හා සම්බන්ද බොහෝ සිද්ධස්ථාන සියැසින් දැක වැද පුදාගෙන අපටත් පෙන්වීමට යමක් ගෙන ඒම ගැන බොහොමත් ස්තුතියි. (අ)
මේ කිසිවක් ඔප්පු කිරීමට ඔප්පු තිරප්පු අවශ්‍ය වන්නේ මෝහයෙන් මත් වූ බටහිර සුදු මහතුන් ලියා දුන් ඉතිහාසයට උරුම කියන ලේ වලටය. මේ බුදුන් උපන් බිම වනාහී අප උපන් හෙල බිම ලෙස පැවසීමට තබා සිතීමටවත් නොහැකි අයවලුන් සඳහා අපට කලහැකි උපකාරයක් නොමැත. පරම සත්‍ය යනු තමා විසින්ම සොයා බලා අනුභූතියෙන් ප්‍රත්‍යක්ෂ කර ගත යුතු දෙයකි. (නදී)
බුදුන් ජන්මය ලැබූ ද්වීපය (ජන්බුද්වීපය) වනුයේ සිව්දෙසින් ජලයෙන් වටවූ දිවයිනකි. අර්ධද්වීපයකට ද්වීපයක් කියා කීමට " එනම් ඉන්දියාවට ජන්බුද්වීපය / දඹදිව කියා කීමට" තරම් අපට සිංහලවත් බැරි වී තිබීම කණගාටුවට කරුණකි. බුදුගල හා අනෙකුත් බුදුන් හා සම්බන්ද බොහෝ සිද්ධස්ථාන සියැසින් දැක වැද පුදාගෙන අපටත් පෙන්වීමට යමක් ගෙන ඒම ගැන බොහොමත් ස්තුතියි. (නදී)
මේවා නම් අගය කළයුතු වැඩ (නි)
වටිනා දැනුවත් කිරීමක් (නි)
අගය කළයුතු කටයුත්තක් (නි)
ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ. මට ඒ ගැන විස්තර දැනගන්න ආසයි. බුදුහාමුදුරුවන් ලංකාවේ ඉපදුනා කියන එක ගැන විස්තරයක් තිබෙන පොතක් හරි දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න පුලුවන්ද? (නි)
සොයා ගත්තෙමි.. http://www.buddhalivedinsrilanka.info/ (අ)
බුදුන් උපන් දේශය ජම්බුද්වීපයයි පොත කිවන්න !! (අ)
කොයි පැරණි පොතේද බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කියලා තියෙන්නේ. යටත් විජිත කාලේ ඇලෙක්සැන්ඩර් කනින්හම් ජෛන ආගම සහ බුදු දහම එකම දර්ශනයක් කියලා හදා ගත්ත බොරුවක්. පුළුවන් නම් මීට අවුරුදු 170 කට පෙර ලියැවුණු එක පොතක් පෙන්වන්න බුදුහාමුදරුවෝ ඉන්දියාවේ උරුමයක් කියලා. පරිවර්තන නොවේ. ඔර්ජිනල් පොත් (නදී)
මේ දේ විස්තර කළ හැමට බොහොමත් ස්තුතියි. අපි නොදත්දේ අද දැනගත්ත.(අ)
අන්තර්ජාලය ඔස්සේ මේ හැමදෙයකම බලාගත හැක !!!!!!!!බුදුන් ජන්මය ලැබූ ද්වීපය (ජන්බුද්වීපය) වනුයේ සිව්දෙසින් ජලයෙන් වටවූ දිවයිනකි(අ)
ලංකාවේ ඉතිහාසය වෙනස් කිරීමේ තැනට දැන් ඇවිල්ල !! (අ)
අපේ මුතුන් මිත්තන්ගෙන් උරුම වූ මේ දේවල් ඉදිරියටත් රැකගනිමු (නි)
බුදුන් උපන් බිම ඉන්දියාව බව අහන්නත් දෙයක්ද?බොරුවට බුදුන්ට නිගා දෙන්න එපා .ලඟදි ඔප්පු වුණානේ ලුම්බිණිය පවා නේපාලයේ තිබෙන බව. (අ)
බුදුපියාණන් මෙලොව කොතැනක තෙමගුල සිදු කලත් අද නිර්මල බුදුදහම පවතින්නේ අප ශ්‍රීලංකා ද්විපයේය.බුදු පියාණන් වහන්සේ සිහි කරන නිර්මල ධාතුන් සිද්දස්ථාන අනාගත පරපුර වෙනුවෙන් සුරකින ගමන් අපද බුදු මඟ ඔස්සේ ගමන් ගත හොත් අපි බෞද්ධයෝ වෙමු. පුද කෙරෙමින් නොමද....බණ සා වුණ් සසුන් වැද..... හැම කෙලෙසුන් පසිද.....වසව සැනහීනිවන් පුර වැද...(අ)
සෑම් බුදුන් උපන් දේශය ජම්බුද්වීපයයි පොත කිවන්න .අද ඉන්දියානු විද්‍යාඥයන් පිළිගන්නවා බුදුන් වහන්සේ ඉන්දියාවේ නොසිටි බව. සියලු දේ නිර්මාණය කර ඇත්තේ ස්මාරක ලෙස අශෝක රජුය!!(අ)
බුද්ධියෙන් මත් වුණ අපේ සමහර බුද්ධිමත් මෝඩයින් කවදා නින්දෙන් නැගිටීද? (නි)
වසර ලක්ෂයක සිට පැවත ආ අද්විතීය මානව හෙල වංශ කතාවේ මුල් පොත් කරා... විසි අට බුදු උත්තමයෝ පහල වූත්, මාගධී බසින් තුන් බව නසනා බන මග දෙසුවා වූත් අප උපන් හෙලබිමේ සැබෑ වූ ඉතිහාසය සොය යන .....රිටිගල යක් පරපුරේ කෝලිය වංශිකයා..(නදී)
බුදු සරණින් මෙවැනි දේවල් රැකගන්නට අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ශක්තිය ලැබේවා. විශේෂයෙන් අම්පාර වගේ නැගෙනහිර ප්‍රදේශයේ.(අ)
මෑතක පටන් බලයෙන් මත් වූ අමනයන් විශාල ලෙස විනාශ කරන මගේ ලක් මැනිගේ උරුමය ලොවට හඬ ගා කියන උගතුනි ඔබට මගේ උත්තමාචාරය, නමුත් කණගාටුව මෙවන් තැන් ඔවුන්ගේ තවත් ඉලක්කයක් වීමය. (අ)
වහල් මානසිකත්වයකින් හෙබි සිංහලයින් යැයි කියාගන්නා අපේ මීහරක් බොහෝ දෙනෙකු සිංහලයා පැවතෙනුයේ විජය නැමැති දාමරිකයාගෙන් බව කිසිඳු හිරිකිතයකින් තොරව පිළිගනිති. එයිනුදු නොනැවතී එම මිත්‍යාව සනාථ කරනු වස් ඔවුනගේ ගුරුවරු (පර සුද්දන්) මෑත යුගයේ ලියා දුන් මෝඩ ඉතිහාසය වෙනුවෙන් වාද විවාද පවා කරති. සිව් හෙළය ගැන අබමල්රේනුවක්වත් නොදත් මොවුන් අපගේම වන තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේ සිව් හෙළයේ කරදිය වළල්ලෙන් ඉන්දියාවට තල්ලු කර දැමීමට තැත් කිරීම කවර පුදුමයක්ද? (අ)
වන්නි රාජාවලිය. (පිටුව 7) බමිනිසෑය නම් මහා නියඟය පැවැතියේ ලංකාවේ බව අපි මැනවින් දනිමු,. එහෙත් වන්නි රාජාවලියේ එය ලියා ඇත්තේ මෙසේය. අපේ මුනි වර්ෂයෙන් ලත් හත්සිය විසිතුනක ඒ බැමිණිසාය දඹදිව පැමිණි වර්ෂය ක දකිමින් එකක් දඹදිව රජකළ වර්ෂය ක පැලඹු තිලොවට මතු සක වර්ෂය ක මෙහි ලංකාවට දඹදිව කියා ආදේශ කර ඇති (අ)
අපට වැරදුනේ පුරාණ පොත්වල සිතියම් නොතිබුන නිසා ය . ඒවා භාෂා ගාණනකට පරිවර්තනය වී යලි සිංහලට පෙරලුළුනු නිසාය.එය නිවැරදි කරන්නට දැන් කාලය එලඹී ඇත. නින්දෙන් අවදිවන්න වටපිට බලන්න ..... ඔබ මේ ඉපදී තිබෙන්නේ සියලු බුදුවරයන් හා සක්විති රජවරුන් උපන් ද්වීපයේය .(අ)
අප මේ පය ගසා සිටින්නේ සියලු බුදුවරුන් බුද්ධත්වයට පත් වූ උතුම් පුණ්‍යභූමියේයි.. උතුම් මධ්‍යමන්ඩලයේයි. සාදු සාදු සාදු..!හෙළ බිමේ සත්‍ය ඉතිහාසය ලොවට හඬගා කියන්නට වෙර දරන හෙළ සහෘදයාණෙනි,චතු අරිය සත්‍ය අවබෝධයට මේ පින පිටිවහලක් වේවා ! ! !(අ)
බලන්න ලුම්බිණි මා ලංකාවේ ඉපදී ජීවත්වූ අවු 23 ටම නොදුටු ලංකාවේ අශ්චර්යය දුටුවේ මා ලංකාවෙන් පිටවූවට පසුවය. ලෝකයේ උතුම්ම රට ලංකාව යයි හඬ නගා කීමට මා හට කිසිදු සැකයක් දැන් ඉතිරිව නැත. අපි එදා නොදුටුව ඒ ලංකාවේ අසිරිය අප සැමට මෙසේ ගෙන හැර දැක්වීමට ප්‍රියන්ත මහත්මා ගත් උතුම් වූ උත්සාහයට ඔබට පින්.(අ)
අප උපන් මේ හෙල බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි... සාදූ... සාදූ.... සාදූ.. (අ)
මේවා පනමෙන් සුරකින සමාජයක් බිහි වේවා..(අ).
වහල් මානසිකත්වයකින් හෙබි සිංහලයින් යැයි කියාගන්නා අපේ බොහෝ දෙනෙකු සිංහලයා පැවතෙනුයේ විජය නැමැති දාමරිකයාගෙන් බව කිසිඳු හිරිකිතයකින් තොරව පිළිගනිති. එයිනුදු නොනැවතී එම මිත්‍යාව සනාථ කරනු වස් ඔවුනගේ ගුරුවරු (පර සුද්දන්) මෑත යුගයේ ලියා දුන් මෝඩ ඉතිහාසය වෙනුවෙන් වාද විවාද පවා කරති. සිව් හෙළය ගැන අබමල් රේනුවක් වත් නොදත් මොවුන් අපගේම වන තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේ සිව් හෙළයේ කරදිය වළල්ලෙන් ඉන්දියාවට තල්ලු කර දැමීමට තැත් කිරීම කවර පුදුමයක්ද? (නදී)
මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි. මෙම පරම සත්‍ය වටහා ගැනීමට පිරිසිදු සිව් හෙලයේ ලේ ඇති අපට හැකි වුවද භාරත සම්භවයකින් පැවතෙන බොහෝ සිංහලයන්ට නොහැකිය. අදට පවතින ඉතිහාසය යනුවෙන් පිළිගනු ලබන කෘතීම ඉතිහාසය බුද්ධඝෝෂ හා මහනාම යන භාරතයෙන් පැමිණි දුෂිත බමුණන් දෙදෙනා නිවැරදි හෙළ දීපවංශය සහ මහා වංශය යට ගසා ලියන ලද්දක් ඇසුරෙන් ජෝර්ජ් ටර්නර් නැමැති සුද්දා 1900 ගණන් වල ලියූවකි. (නදී)
විජය යනු දේෂගවේෂකයෙක් නොවේ. ඔහු ආවේ ජන ශුන්‍ය දේශයකට නොවේ. ඔහු එනකොට හෙළ සංස්කෘතිය ගොඩ නැගී බොහෝ කළකි. එසේ නම් සිංහල අපි විජය ගෙන් පැවත එනවා කියන්නේ කව්ද? සිංහල අපිට විදේශිකයන් මිශ්‍ර වුන එක ඇත්ත. නමුත් සිංහල අපි මේ හෙළයේ උපන්නෝ වන්නෙමු. (නදී)
අතිවිශිෂ්ට කාර්යයක් (නි)
අද ඉන්දියානු විද්‍යාඥයන් පිළිගන්නවා බුදුන් වහන්සේ ඉන්දියාවේ නොසිටි බව. සියලු දේ නිර්මාණය කර ඇත්තේ ස්මාරක ලෙස අශෝක රජුය (නදී)
බෙනරගල බුදුගල ගොස් මනසින් බලන්න මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි. (නදී)
හිරිවඩුන්න ශ්‍රී මහ බෝදිය යනු අප බෝසතානෝ බුදු බව ලැබූ ස්තානයයි. මෙම පුන්‍ය භූමිය ලංකාවේ හරි මැදය බුදුන් වහන්සේගේ තෙමගුල සිදු වූවේ අපගේ මව් බිම තුලය (නදී)
අප උපන් මේ හෙල බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි... සාදූ... සාදූ.... සාදූ... තවත් වැදගත් කරුණක් වන්නේ හෙළබිම පූර්ව බ්‍රග්මීය සෙල්ලිපි 1200 ට අධික ගණනක් තිබියදී (පිටපත් කල) ඉන්දියාවේ ඇත්තේ 32ක් පමණි. (නදී)