ජාතික නායකත්වක් ලබා දිය හැකි රාජ්‍ය නායකයකු බිහි කිරීම සඳහා සැප්තැම්බර මාසයේදී කොළඹ දී සංඝ සමුළුවක් කැඳවා රජුන් තනන වැඩපිළිවෙළ ආරම්භ කරන බව බොදුබල සේනා සංවිධානයේ ලෙක්ම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි අද (7) බොරැල්ල බෞද්ධ මහා සම්මේලන ශ්‍රවණාගාරයේ පැවැති නියෝත මහ සංඝ සමුළුවේදී පැවසූහ.
පොදු විපක්ෂයක් ගැන කතා කරන කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතා මාදුළුවාවේ සෝභිත හිමිට සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට මහතා ජාතියේ අවශ්‍යතාවන් සම්පුර්ණ කළ නොහැකියි ද ඥානසාර හිමියෝ සඳහන් කළහ.
බෞද්ධ විරෝධි මෙහෙයුමට එරෙහිව නූතන සිංහල භික්ෂු වංශයේ පුනරාගමනය ලෙස නම් කැර තිබු මෙම නියෝජිත මහ සංඝ සමුළුව සඳහා බොදුබල සේනාවේ සභාපති කිරම විමලජෝති හිමි සහ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි ඇතුළු භික්ෂුහු දෙසිය පණහක් පමණ සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔබ සමගයි . (අ)
ඔය කෙහෙල් කන වැටෙන් පනින්නේ. ලංකාවේ රජුන් තනන්න බැහැ. (නදී)
ගාමිණී - සිරි ගේ කතාව මමත් අනුමත කරනවා. (දී)
අනේ මන්දා (දී)
ඕන දෙයක් කරන්න අපිට තියෙන්නේ වෙන්නේ මොකද්ද කියලා බලන් ඉන්න විතරයි (දී)
අපිට මේ කන්න නැතිව දුක් විදිනවා. (දී)
ගාමිණි කියපු කතාව තමයි මමත් කියන්න හිටියේ (දී)
කට්ටියක් විතර රට කන බව පේනවා. මේවා නතර කරන්න ඕනේ. ඔබ වහන්සේට ශක්තිය සහ බලය ලැබේවා කියා පතමි.(අ)
ඔය හදන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් කරන්නනේ! (අ)
මේක හොඳ වැඩක්.(අ)
ඉතාමත්ම අගනා කටයුත්තක්. ඒ වගේම පාදඩයන්, කුඩු කාරයන් දේශපාලනයට පිවිසීම තහනම් කෙරෙන නීතිත්, අවශ්‍යයි වගේම මුළු රටේම අනාගතයට බලපාන ආගමික නීති තහනම් කෙරෙන නීතිත් ඒ අතර විය යුතුයි. රටේ සැම දෙනාම එකම නීතියකින් පාලන විය යුතුයි. (නදී)
ඉතින් හාමුදුරුවනේ, දැන් කවුද අපි රජ කරවන්නේ? (නි)
අපිත් ඔබ වහන්සේ සමඟයි (නි)
ධර්මාවබෝධය වගේම දැන් අපේ රට ගමන්කරන ආකාරය අවබෝධ කරගත් කොස්වත්ත,සම්පත්, මිගාර, ඩුබායි - තිලක්, ජනිත් පුතාලටත් කමනි දුවණියටත් සිතූ පැතූ දේ ඉටුවේවා! (නි)
අපි නම් මුල ඉඳලම කිවුවා ඔය ටික වෙයි කියලා (නි)
රජුන් තැනිල්ල කෙසේ වෙතත් ඔබ වහන්සේ ප්‍රංසයට ගිය හේතුව රාජිත කියනවා. ලඟදි රුපියල් බිලියනයක් ඉල්ලලා නඩු දානවා කියන්නේ.(නදී)
දේශපාලුවන්ව ජනතාවට එපා උන දාට කාට කාටත් ගෙදර යන දවසක් උදාවනු ඇත. එදාට දුකෙන් හෝ ගෙදර යාමට සිදුවේ. බොරුවෙන් , මලයාලම් ගුරුකම් , මැණික් ගල් වලින් සාදන ලද මුදු , බඳ වටේ සුර පැළදගෙන ජපකරන ලද මැජික් බෝලයකින් , ජපකරනලද තිශුලයකින් , රජ කාලේ ඔටුනු , කඩු, වලින් රටක් පාලනය කල හැක්කේ පොඩි කලක් පමණි (නදී)
මෙම ගමනට අපිද ශක්තියක් වන්නෙමු (නි)
කොහොම හරි අපි අතර තවමත් හැම එකකටම එහෙයි කියන පිරිසක් සිටින බව අදහස් වලින් පෙනෙනවා (නි)
අපිත් ඉවසීමෙන් බලාගෙන ඉන්නේ මේ වෙන්න යන්නේ මොකක්ද කියලා තමයි (නි)
ඔබ වහන්සේ සමඟ අපි සම්පූර්ණයෙන්ම එකඟයි. අපි ඔබ වහන්සේ සමඟයි (නි)
මොනවා වුණත් එක දෙයක් කියන්න ඕනෑ. අපේ රටේ තිබුණු ලොකුම ප්‍රශ්නය යුද්ධය. ඒක අවසන් වුණා නම් අනෙක් ප්‍රශ්න විසඳගන්න ඔච්චර කලබල වෙන්නේ මොකටද? (නි)
අපිට රජෙක් ඉන්නවානේ, ඇයි අලුත් රජෙක් මොකටද? ඔබ වහන්සේ රජුන් තනන්ද යන්ඩ එපා, බදිගින්නේ ඉන්නම් මිනිසුන්ට සහනයක් අරන් දෙන්ඩ රජතුමාට කියල. (අ)
හරි රෝහණ අපි බහුතරයක් යුද්ධ කාලෙට පෙර හෝ යුද්ධ කාලයේ ඉපදුන කට්ටිය නේ අපිට ඉතින් යුද්ධය අවසන් වුන දවස මතකයි. නමුත් ඊට පසුව ඉපදෙන අයටත් හැම සමාජ ප්‍රශ්නයකදීම , ඔය යුද්ධයේ කාරනාව කියා කියා කරුණු පැහැදිලි කරන්න පුලුවන්ද. (නදී)
බුදු රජුන් රකින්න. බුදු රජු දෙසූ ලෙස වැඩ කරන්න. ප්‍රංශයට නොයා ඉන්න. බීමතින් රිය නොපදවන්න (නදී)
ප්‍රශාන්ත.ඔබ 100% නිවැරදියි (අ)
නිශාන්ත, ඔබ හරියටම හරි. මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. ගමේගොඩේ තාලෙට වැඩකරන්නේ නැතුව. (අ)
යුද්ධය ඉවරවුනාට පස්සේ මේ අය හදන්නේ තව ගින්නක් පත්තුකරන්න හදන එක කියල ඔයාට තේරෙන්නේ නැද්ද? අපිට තවත් ආගම්, ජාති භේද, යුද්ධ එපා. (අ)
ඒ පාර මොකද්ද වෙන්න යන්නේ (දී)
වෙනකල් මම කිසි දෙයක් විශ්වාස කරන්නේ නැහැ (දී)
රට නිදහස් කරගත්තාට, ඉතාමත් නිවැරදි මාවතක රට ඉදිරියට ගෙනයන්නට බලය පවරාදුන් ඇමතිවරුන් සහ නිලධාරීන් අවංකව වැඩකළේ නැති නිසාත් නුසුදුසු අය පත්කළ නිසාත් නිදහස් රටක් තුළ සුන්දර අනාගතයක් අපට අහිමි වේගෙන යනවා.විරුද්ධ පක්ෂ කියන කරන දේවලින් පෙනෙන්නෙ ඔවුන්ට අවශ්‍ය බලයට පත්වීම පමණක් බවයි. ඔබ වහන්සේට ආශිර්වාද කරනවා හදවතින්ම අපිට අනාගත රජකෙනෙක් සොයාදෙන්න. (නි)
රජුන් තනන වැඩේට වඩා ජනතාව රජුන් කරවන කාලයක් වහාම අවශ්‍යයි.මේ කර්තව්‍ය ජනතාවට බාර දීලා ,නටබුන්වී ගිය වෙහෙර විහාර පිළිසකර කිරීම,වැසීගිය පන්සල් නැවත ගොඩනැංවීම,සංඝයා වහන්සේලාගේ විනය රැකීම,කලකිරී අති ජනතාව පන්සලට ගෙන්වා ගැනීම,හදි හුනියන් ,යන්ත්‍ර මන්ත්‍ර ,ගුරුකම් නොකිරීමට ,දේශපාලනය සංඝයාවහන්සේලාට අකැප බව,මන්ත්‍රී ,ඇමති සුත්‍රවලින් ඉවත්වීම.ශීලයට ගරුකිරීම.මේවයි කලයුත්තේ. පරණ කතාවක් තියෙන්නේ සඟ රජ වුණත් ගම තුම්පනේ කියලා. (අ)
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)
ගාමිණිගේ කතාවට 100% මම එකඟ වෙමි (නි)
ඒ ගමන මොනවා කරන්න යනවද දන්නෙ නැහැ (නි)
ඔබ වහන්සේගේ කතාව නම් ඇත්ත තමයි (නි)
පස්පව් වලින් වැළකුණු බුදුමග යන සැදැහැවතුන් පමණක් මම අගය කරමි. (නි)
ගාමිණී,අන්න කිව්වා හරි දේ. (නි)
බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
රජුන් තැනීම මහජනයාගේ වැඩක් නොවේද? (නි)
අපි සුබ පතනවා! (නි)
ඉතාමත් හොද ක්‍රියාවක් අපේ හාමුදුරුවනේ. පක්ෂ පාට වශයෙන් වෙන්වී සිටින ජාතිය එක අරමුණකට ගෙනවිත්.. ජාතිය අවදි කරනු මැනවි (නි)
අපි ඔබවහන්සේ සමඟයි (නි)
විදේශ ආක්‍රමණ අපිට එපා . සිංහල බෞද්ධයන්ටත් සරණක්,හඬක් තිබිය යුතුයි.ඔබ වහන්සේට එය කරන්න පුළුවන්. නමුත් අනෙක් ජනකොටස් වලට පීඩනයක් නොවෙන්න වගබලා ගනු මැනවි (නි)
මේ හදන්නේ මැරිලා තියෙන බුද්ධාගමේ මිනී පෙට්ටියේ පියනේ අන්තිම අැණ ටිකත් ගහන්න තමයි. (නදී)
ඔබ වහන්සේගේ සමහර ක්‍රියාවන් ඉතා වටිනවා. පැරණි බොදු උරුමය සුරකීමේ සිට ජාතිය අවදි කිරීම් දක්වා. හැබැයි භාෂාව නම් මීට වැඩි හොඳ වෙන්න ඕනා (නදී)
අපිට මොනවා වේවිද? (නි)
මොනවා කළත් අපේ රට වගේම ආගමත් ලෝකයා ඉදිරියේ හෑල්ලුවෙන්න නම් ඉඩතියන්න එපා (නි)
මොළය තිබෙන මිනිසුන්ට නම් තේරෙනවා. හැබැයි දේශපාලකයන්ගෙ කුණු සෝදා ඔවුන් කෙරෙහි ඇති ජනතා අප්‍රසාදය වෙනත් අතකට යොමුකිරීමට මේ වටිනා ආගම මෙවලමක් කරගන්න එපා. බෞද්ධ අපිට කණගාටුයි. (නි)
ඉස්සර එක කට්ටියකුත් අපෙන් ඡන්දෙ ඉල්ලුවේ ඔහොම කියලා තමයි (නි)
හොඳ වැඩක් (නි)
විදේශ ආක්‍රමණයක් තිබිය යුතුය. ලාබාල කුමරුකු අප්‍රසිද්ධ උප නායකයන් යටතේ දශක දෙක තුනක් ශිල්ප ඉගෙනගත යුතුය. පිටුපස සිටින්නන් හෙළිදරව් නොවිය යුතුය. එහෙම නැති තත්වයක තවත් විහිළුවක් පමණි (නි)
ජාතිය ගොඩගැනීම පසෙකලා ආගම ගොඩගත්තා නම් හොඳ නැද්ද? (නි)
ගාමිණී ,ජයවේවා ඔබට! අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ගාමිණී කියන එක හරි. අනේ මන්දා තව මොනවා කරන්න ඉන්නවද කියලා. (නි)
වැඩේ නම් නියමයි. ජාතියේ මුරදේවතාවුන් විදිහට ඔබ වහන්සේලාට ලැබෙන වරම උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න. අන්තවාදීන් කළ වැරදි පෙන්වාදෙන, ඒවාට එරෙහිවෙන ඔබ වහන්සේලාට මඩ ගහන, අපහාස කරන, ජනතාව අතර කළකිරවන කූට වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. මේ ගැන අවදානය යොමු කරන්න. ජාතිය අවදි කරවන ගමන සාර්ථක වේවා! (නි)
මේ දවස්වල රුපවාහිනියේ මහා භාරත කතා මාලාව යනවා. රජ කුලයක පවතින බලයට කෑදරකම නිසා රාජ්‍යයකට සහ රට වැසියාට සිදුවන නරක තමයි පෙන්වන්නේ. එහි රජ දරුවන්ට පවා කුඩා කාලයේ ඉඳලාම වස විස ඔලුවට දාලා හොඳින් හෝ නරකින් මේ රටේ බලය ඔබටයි කියලා උගන්නනවා. එයට අභියෝග කරන සියල්ලන්ම යටි කුට්ටු වැඩ යොදා විනාශ කරන්න කුමාරවරුන්ට උපදෙස් ලැබෙනවා. මට හිතන්නේ මේ කතාවේ කොයි කාලයටත් ගැලපෙන පාඩම් තිබෙනවා කියලා.(නදී)
සුබ දවසක්. ඔබ වහන්සේ හොඳට හිතලා බුද්ධිමත්ව කරන්න අපේ සහයෝගය. (නදී)
අපිත් උපරිම සහයෝගය දෙනවා (නි)
ඔබ වහන්සේ මහන්සි වෙන්න එපා, අපි ඊළඟ ඡන්දෙදි වැඩේ දෙන්නම්.(නදී)