IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රජුන් තනන වැඩේ බිනර මහේ

ජාතික නායකත්වක් ලබා දිය හැකි  රාජ්‍ය නායකයකු බිහි කිරීම සඳහා සැප්තැම්බර  මාසයේදී කොළඹ දී  සංඝ සමුළුවක් කැඳවා රජුන් තනන වැඩපිළිවෙළ ආරම්භ කරන  බව  බොදුබල සේනා  සංවිධානයේ ලෙක්ම්  ගලගොඩ අත්තේ ඥානසාර හිමි අද (7) බොරැල්ල බෞද්ධ මහා සම්මේලන ශ්‍රවණාගාරයේ පැවැති නියෝත මහ සංඝ සමුළුවේදී  පැවසූහ.

 පොදු විපක්ෂයක් ගැන කතා කරන කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතා මාදුළුවාවේ  සෝභිත හිමිට සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට මහතා  ජාතියේ අවශ්‍යතාවන් සම්පුර්ණ   කළ නොහැකියි ද  ඥානසාර හිමියෝ සඳහන් කළහ.

බෞද්ධ විරෝධි  මෙහෙයුමට එරෙහිව නූතන සිංහල  භික්ෂු  වංශයේ  පුනරාගමනය ලෙස නම් කැර තිබු  මෙම නියෝජිත මහ සංඝ සමුළුව  සඳහා බොදුබල සේනාවේ සභාපති කිරම විමලජෝති හිමි සහ ජාතික සංවිධායක  විතාරන්දෙණියේ  නන්ද හිමි  ඇතුළු භික්ෂුහු දෙසිය පණහක් පමණ සහභාගී වී සිටියහ.



අදහස් (0)

රජුන් තනන වැඩේ බිනර මහේ

සඳුනි Thursday, 07 August 2014 03:22 PM

ඔබ වහන්සේගේ සමහර ක්‍රියාවන් ඉතා වටිනවා. පැරණි බොදු උරුමය සුරකීමේ සිට ජාතිය අවදි කිරීම් දක්වා. හැබැයි භාෂාව නම් මීට වැඩි හොඳ වෙන්න ඕනා (නදී)

:       0       0

හනිස් Saturday, 09 August 2014 07:06 AM

ඒ පාර මොකද්ද වෙන්න යන්නේ (දී)

:       0       0

අජිත් Saturday, 09 August 2014 07:11 AM

වෙනකල් මම කිසි දෙයක් විශ්වාස කරන්නේ නැහැ (දී)

:       0       0

ගාමිණී - සිරි Thursday, 07 August 2014 03:37 PM

රජුන් තනන වැඩේට වඩා ජනතාව රජුන් කරවන කාලයක් වහාම අවශ්‍යයි.මේ කර්තව්‍ය ජනතාවට බාර දීලා ,නටබුන්වී ගිය වෙහෙර විහාර පිළිසකර කිරීම,වැසීගිය පන්සල් නැවත ගොඩනැංවීම,සංඝයා වහන්සේලාගේ විනය රැකීම,කලකිරී අති ජනතාව පන්සලට ගෙන්වා ගැනීම,හදි හුනියන් ,යන්ත්‍ර මන්ත්‍ර ,ගුරුකම් නොකිරීමට ,දේශපාලනය සංඝයාවහන්සේලාට අකැප බව,මන්ත්‍රී ,ඇමති සුත්‍රවලින් ඉවත්වීම.ශීලයට ගරුකිරීම.මේවයි කලයුත්තේ. පරණ කතාවක් තියෙන්නේ සඟ රජ වුණත් ගම තුම්පනේ කියලා. (අ)

:       0       0

ප්‍රශාන්ත Friday, 08 August 2014 06:06 AM

දේශපාලුවන්ව ජනතාවට එපා උන දාට කාට කාටත් ගෙදර යන දවසක් උදාවනු ඇත. එදාට දුකෙන් හෝ ගෙදර යාමට සිදුවේ. බොරුවෙන් , මලයාලම් ගුරුකම් , මැණික් ගල් වලින් සාදන ලද මුදු , බඳ වටේ සුර පැළදගෙන ජපකරන ලද මැජික් බෝලයකින් , ජපකරනලද තිශුලයකින් , රජ කාලේ ඔටුනු , කඩු, වලින් රටක් පාලනය කල හැක්කේ පොඩි කලක් පමණි (නදී)

:       0       0

පහන් Thursday, 07 August 2014 04:08 PM

අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)

:       0       0

සම්පත් Thursday, 07 August 2014 04:24 PM

ගාමිණිගේ කතාවට 100% මම එකඟ වෙමි (නි)

:       0       0

සලීත් Thursday, 07 August 2014 04:27 PM

ඒ ගමන මොනවා කරන්න යනවද දන්නෙ නැහැ (නි)

:       0       0

නුවන් Thursday, 07 August 2014 04:28 PM

ඔබ වහන්සේගේ කතාව නම් ඇත්ත තමයි (නි)

:       0       0

සීලා Thursday, 07 August 2014 04:51 PM

පස්පව් වලින් වැළකුණු බුදුමග යන සැදැහැවතුන් පමණක් මම අගය කරමි. (නි)

:       0       0

මිගාර Thursday, 07 August 2014 04:57 PM

ගාමිණී,අන්න කිව්වා හරි දේ. (නි)

:       0       0

සංජීව Thursday, 07 August 2014 05:01 PM

බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

රන්ජිත් Thursday, 07 August 2014 05:01 PM

රජුන් තැනීම මහජනයාගේ වැඩක් නොවේද? (නි)

:       0       0

යසිත Friday, 08 August 2014 06:51 AM

මෙම ගමනට අපිද ශක්තියක් වන්නෙමු (නි)

:       0       0

මිගාර Friday, 08 August 2014 06:55 AM

කොහොම හරි අපි අතර තවමත් හැම එකකටම එහෙයි කියන පිරිසක් සිටින බව අදහස් වලින් පෙනෙනවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 08 August 2014 03:51 PM

ප්‍රශාන්ත.ඔබ 100% නිවැරදියි (අ)

:       0       0

නුවන් Thursday, 07 August 2014 05:31 PM

අපි සුබ පතනවා! (නි)

:       0       0

සජීව Thursday, 07 August 2014 05:35 PM

ඉතාමත් හොද ක්‍රියාවක් අපේ හාමුදුරුවනේ. පක්ෂ පාට වශයෙන් වෙන්වී සිටින ජාතිය එක අරමුණකට ගෙනවිත්.. ජාතිය අවදි කරනු මැනවි (නි)

:       0       0

ප්‍රියා Thursday, 07 August 2014 05:37 PM

අපි ඔබවහන්සේ සමඟයි (නි)

:       0       0

කුමාරන Thursday, 07 August 2014 05:37 PM

විදේශ ආක්‍රමණ අපිට එපා . සිංහල බෞද්ධයන්ටත් සරණක්,හඬක් තිබිය යුතුයි.ඔබ වහන්සේට එය කරන්න පුළුවන්. නමුත් අනෙක් ජනකොටස් වලට පීඩනයක් නොවෙන්න වගබලා ගනු මැනවි (නි)

:       0       0

කුමාර් Thursday, 07 August 2014 06:32 PM

මේ හදන්නේ මැරිලා තියෙන බුද්ධාගමේ මිනී පෙට්ටියේ පියනේ අන්තිම අැණ ටිකත් ගහන්න තමයි. (නදී)

:       0       0

සමරේ(ගාල්ල) Thursday, 07 August 2014 06:58 PM

රට නිදහස් කරගත්ත‍ාට, ඉතාමත් නිවැරදි මාවතක රට ඉදිරියට ගෙනයන්න‍ට බලය පවරාදුන් ඇමතිවරුන් සහ නිලධාරීන් අවංකව වැඩකළේ නැති නිසාත් නුසුදුසු අය පත්කළ නිසාත් නිදහස් රටක් තුළ සුන්දර අනාගතයක් අපට අහිමි වේගෙන යනවා.විරුද්ධ පක්ෂ කියන කරන දේවලින් පෙනෙන්නෙ ඔවුන්ට අවශ්‍ය බලයට පත්වීම පමණක් බවයි. ඔබ වහන්සේට ආශිර්වාද කරනවා හදවතින්ම අපිට අනාගත රජකෙනෙක් සොයාදෙන්න. (නි)

:       0       0

මීනු Thursday, 07 August 2014 07:22 PM

අපිට මොනවා වේවිද? (නි)

:       0       0

මහේන්ද්‍ර Friday, 08 August 2014 07:59 AM

අපිත් ඉවසීමෙන් බලාගෙන ඉන්නේ මේ වෙන්න යන්නේ මොකක්ද කියලා තමයි (නි)

:       0       0

හසන්ත Thursday, 07 August 2014 08:03 PM

මොනවා කළත් අපේ රට වගේම ආගමත් ලෝකයා ඉදිරියේ හෑල්ලුවෙන්න නම් ඉඩතියන්න එපා (නි)

:       0       0

දිසානායක Thursday, 07 August 2014 08:04 PM

මොළය තිබෙන මිනිසුන්ට නම් තේරෙනවා. හැබැයි දේශපාලකයන්ගෙ කුණු සෝදා ඔවුන් කෙරෙහි ඇති ජනතා අප්‍රසාදය වෙනත් අතකට යොමුකිරීමට මේ වටිනා ආගම මෙවලමක් කරගන්න එපා. බෞද්ධ අපිට කණගාටුයි. (නි)

:       0       0

ලෙස්ලි Thursday, 07 August 2014 08:07 PM

ඉස්සර එක කට්ටියකුත් අපෙන් ඡන්දෙ ඉල්ලුවේ ඔහොම කියලා තමයි (නි)

:       0       0

සඳරුවන් Friday, 08 August 2014 08:18 AM

ඔබ වහන්සේ සමඟ අපි සම්පූර්ණයෙන්ම එකඟයි. අපි ඔබ වහන්සේ සමඟයි (නි)

:       0       0

රෝහණ Friday, 08 August 2014 08:23 AM

මොනවා වුණත් එක දෙයක් කියන්න ඕනෑ. අපේ රටේ තිබුණු ලොකුම ප්‍රශ්නය යුද්ධය. ඒක අවසන් වුණා නම් අනෙක් ප්‍රශ්න විසඳගන්න ඔච්චර කලබල වෙන්නේ මොකටද? (නි)

:       0       0

හසන්ත Thursday, 07 August 2014 08:30 PM

හොඳ වැඩක් (නි)

:       0       0

රණසිංහ Thursday, 07 August 2014 09:59 PM

විදේශ ආක්‍රමණයක් තිබිය යුතුය. ලාබාල කුමරුකු අප්‍රසිද්ධ උප නායකයන් යටතේ දශක දෙක තුනක් ශිල්ප ඉගෙනගත යුතුය. පිටුපස සිටින්නන් හෙළිදරව් නොවිය යුතුය. එහෙම නැති තත්වයක තවත් විහිළුවක් පමණි (නි)

:       0       0

ලුම්බිණි Thursday, 07 August 2014 10:16 PM

ජාතිය ගොඩගැනීම පසෙකලා ආගම ගොඩගත්තා නම් හොඳ නැද්ද? (නි)

:       0       0

කොස්වත්ත Thursday, 07 August 2014 10:22 PM

ගාමිණී ,ජයවේවා ඔබට! අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

කමනි Thursday, 07 August 2014 11:33 PM

ගාමිණී කියන එක හරි. අනේ මන්දා තව මොනවා කරන්න ඉන්නවද කියලා. (නි)

:       0       0

ජනක - ලන්ඩන් Thursday, 07 August 2014 11:43 PM

වැඩේ නම් නියමයි. ජාතියේ මුරදේවතාවුන් විදිහට ඔබ වහන්සේලාට ලැබෙන වරම උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න. අන්තවාදීන් කළ වැරදි පෙන්වාදෙන, ඒවාට එරෙහිවෙන ඔබ වහන්සේලාට මඩ ගහන, අපහාස කරන, ජනතාව අතර කළකිරවන කූට වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. මේ ගැන අවදානය යොමු කරන්න. ජාතිය අවදි කරවන ගමන සාර්ථක වේවා! (නි)

:       0       0

දිලී Friday, 08 August 2014 12:14 AM

මේ දවස්වල රුපවාහිනියේ මහා භාරත කතා මාලාව යනවා. රජ කුලයක පවතින බලයට කෑදරකම නිසා රාජ්‍යයකට සහ රට වැසියාට සිදුවන නරක තමයි පෙන්වන්නේ. එහි රජ දරුවන්ට පවා කුඩා කාලයේ ඉඳලාම වස විස ඔලුවට දාලා හොඳින් හෝ නරකින් මේ රටේ බලය ඔබටයි කියලා උගන්නනවා. එයට අභියෝග කරන සියල්ලන්ම යටි කුට්ටු වැඩ යොදා විනාශ කරන්න කුමාරවරුන්ට උපදෙස් ලැබෙනවා. මට හිතන්නේ මේ කතාවේ කොයි කාලයටත් ගැලපෙන පාඩම් තිබෙනවා කියලා.(නදී)

:       0       0

කුමාර Friday, 08 August 2014 12:40 AM

සුබ දවසක්. ඔබ වහන්සේ හොඳට හිතලා බුද්ධිමත්ව කරන්න අපේ සහයෝගය. (නදී)

:       0       0

යසිත් Friday, 08 August 2014 12:52 AM

අපිත් උපරිම සහයෝගය දෙනවා (නි)

:       0       0

වසන්ති Friday, 08 August 2014 09:57 AM

අපිට රජෙක් ඉන්නවානේ, ඇයි අලුත් රජෙක් මොකටද? ඔබ වහන්සේ රජුන් තනන්ද යන්ඩ එපා, බදිගින්නේ ඉන්නම් මිනිසුන්ට සහනයක් අරන් දෙන්ඩ රජතුමාට කියල. (අ)

:       0       0

පෙරේරා Friday, 08 August 2014 01:22 AM

ඔබ වහන්සේ මහන්සි වෙන්න එපා, අපි ඊළඟ ඡන්දෙදි වැඩේ දෙන්නම්.(නදී)

:       0       0

නාමල් Friday, 08 August 2014 01:32 AM

රජුන් තැනිල්ල කෙසේ වෙතත් ඔබ වහන්සේ ප්‍රංසයට ගිය හේතුව රාජිත කියනවා. ලඟදි රුපියල් බිලියනයක් ඉල්ලලා නඩු දානවා කියන්නේ.(නදී)

:       0       0

නිශාන්ත Friday, 08 August 2014 01:35 AM

ඔය කෙහෙල් කන වැටෙන් පනින්නේ. ලංකාවේ රජුන් තනන්න බැහැ. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 08 August 2014 02:14 AM

ගාමිණී - සිරි ගේ කතාව මමත් අනුමත කරනවා. (දී)

:       0       0

බිංදු Friday, 08 August 2014 02:21 AM

අනේ මන්දා (දී)

:       0       0

තනුජා Friday, 08 August 2014 02:22 AM

ඕන දෙයක් කරන්න අපිට තියෙන්නේ වෙන්නේ මොකද්ද කියලා බලන් ඉන්න විතරයි (දී)

:       0       0

සොබනා Friday, 08 August 2014 02:24 AM

අපිට මේ කන්න නැතිව දුක් විදිනවා. (දී)

:       0       0

ජිලෝ Friday, 08 August 2014 11:03 AM

හරි රෝහණ අපි බහුතරයක් යුද්ධ කාලෙට පෙර හෝ යුද්ධ කාලයේ ඉපදුන කට්ටිය නේ අපිට ඉතින් යුද්ධය අවසන් වුන දවස මතකයි. නමුත් ඊට පසුව ඉපදෙන අයටත් හැම සමාජ ප්‍රශ්නයකදීම , ඔය යුද්ධයේ කාරනාව කියා කියා කරුණු පැහැදිලි කරන්න පුලුවන්ද. (නදී)

:       0       0

නිශාන්ත Friday, 08 August 2014 11:06 AM

බුදු රජුන් රකින්න. බුදු රජු දෙසූ ලෙස වැඩ කරන්න. ප්‍රංශයට නොයා ඉන්න. බීමතින් රිය නොපදවන්න (නදී)

:       0       0

ජනිත් Friday, 08 August 2014 02:55 AM

ගාමිණි කියපු කතාව තමයි මමත් කියන්න හිටියේ (දී)

:       0       0

රන්ජිත් Friday, 08 August 2014 04:11 AM

කට්ටියක් විතර රට කන බව පේනවා. මේවා නතර කරන්න ඕනේ. ඔබ වහන්සේට ශක්තිය සහ බලය ලැබේවා කියා පතමි.(අ)

:       0       0

සත්‍යපාල Friday, 08 August 2014 04:15 AM

ඔය හදන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් කරන්නනේ! (අ)

:       0       0

උපුල් Friday, 08 August 2014 04:19 AM

මේක හොඳ වැඩක්.(අ)

:       0       0

නිමල් ලලිතා Friday, 08 August 2014 04:35 AM

ඉතාමත්ම අගනා කටයුත්තක්. ඒ වගේම පාදඩයන්, කුඩු කාරයන් දේශපාලනයට පිවිසීම තහනම් කෙරෙන නීතිත්, අවශ්‍යයි වගේම මුළු රටේම අනාගතයට බලපාන ආගමික නීති තහනම් කෙරෙන නීතිත් ඒ අතර විය යුතුයි. රටේ සැම දෙනාම එකම නීතියකින් පාලන විය යුතුයි. (නදී)

:       0       0

කුෂාන් චාමර Friday, 08 August 2014 04:38 AM

ඉතින් හාමුදුරුවනේ, දැන් කවුද අපි රජ කරවන්නේ? (නි)

:       0       0

නුවන් Friday, 08 August 2014 04:37 AM

අපිත් ඔබ වහන්සේ සමඟයි (නි)

:       0       0

ගාමිණී - සිරි Friday, 08 August 2014 04:37 AM

ධර්මාවබෝධය වගේම දැන් අපේ රට ගමන්කරන ආකාරය අවබෝධ කරගත් කොස්වත්ත,සම්පත්, මිගාර, ඩුබායි - තිලක්, ජනිත් පුතාලටත් කමනි දුවණියටත් සිතූ පැතූ ‍දේ ඉටුවේවා! (නි)

:       0       0

චින්තන Friday, 08 August 2014 04:47 AM

අපි නම් මුල ඉඳලම කිවුවා ඔය ටික වෙයි කියලා (නි)

:       0       0

දර්ශන Saturday, 09 August 2014 06:40 AM

නිශාන්ත, ඔබ හරියටම හරි. මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. ගමේගොඩේ තාලෙට වැඩකරන්නේ නැතුව. (අ)

:       0       0

සුනිත් Friday, 08 August 2014 05:09 AM

අපි ඔබ සමගයි . (අ)

:       0       0

රෝහණ Saturday, 09 August 2014 06:45 AM

යුද්ධය ඉවරවුනාට පස්සේ මේ අය හදන්නේ තව ගින්නක් පත්තුකරන්න හදන එක කියල ඔයාට තේරෙන්නේ නැද්ද? අපිට තවත් ආගම්, ජාති භේද, යුද්ධ එපා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 489 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 495 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 150 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1475 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1115 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 438 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site