(නිමල කොඩිතුවක්කු)
මහින්ද රාජපක්ෂ යුගය මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යුගය ද අසමත් බව අද වන විට ඔප්පු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹ දී පැවසීය.
පෙර අවස්ථාවලදී රටේ ව්‍යසන ව්‍යාපාර කරගත් ආකාරයටම මෙම අවස්ථාවේදී කොරෝනා ව්‍යසනය ව්‍යාපාරයක් කරගෙන ඇතැයි ද රාමනායක මහතා සඳහන් කළේය.
කොළඹ මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ අද(08) පැවති මාධමහතාට හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙසේද කීවේය.
"ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කරන්න 69 ලක්ෂයක් ජනතාව ඡන්දය ලබා දුන්නා. පෙර වැරදි නිසා අපි කිව්වා මේ පුද්ගලයා ආවොත් රට ෆේල් කියලා. අපි කියපු කතා ජනතාව ප්‍රතික්ෂේප කළා. අපි බොරු කියන්නෙ කියලා හිතුවා.
ජනමතයට ගරු කරලා නව රජයට මේක කරන්න ඉඩ දීලා අපි නිහඩව බලා ගෙන හිටියා. නමුත් තවදුරටත් බලාගෙන ඉන්න බැහැ කියලා අපට දැන් තේරුම් යනවා.
මෙතෙක් කල් අපි තිත්ත ඇත්ත කතා කළා. ඉදිරියටත් එහෙමයි. රාජපක්ෂ ජුන්ටාව හොර කණ්ඩායමක් කියලා අපි මුල ඉදන්ම කිව්වා. මේ අය සුනාමි මුදල් ගසා කෑවා. යුද්ධය ව්‍යාපාරයක් කරගත්තා. අද කොරෝනා වසංගතයක් ව්‍යාපාරයක් කරගෙන තියෙනවා.
අපේ රට දූපතක්. අපේ රටට කොරෝනා වසංගතය එනවනම් එන්නේ පාලකයන්ගේ වරදින්. චීන කතට කොරෝනා වැළදුනහම ඇයව ඉඹලා රට සුරක්ෂිතයි කියලා සෞඛ්‍ය අමාත්‍යවරිය කිව්වා.
විදේශගත ශ්‍රමිකයෝ ලංකාවට එන්නේ නිරෝධායන ක්‍රියාවලියකට යටත් කරනවා. නමුත් පොම්පියෝ එද්දී චීන දූත පිරිස එද්දී මේ නිරෝධායනය තිබුණෙ නැහැ. ඒ අය උසස් රාජතාන්ත්‍රිකයන් කියලා සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා. උසස් රාජතාන්ත්රිකයන්ට කොරෝනා හැදෙන්නේ නැද්ද කියලා අපි අහනවා.
අපි දන්න විදියට චාල්ස් කුමාරයාටත් හැදුනා. බ්‍රිතාන්‍ය අගමැතිටත් හැදුනා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් හැදුනා. නමුත් හයික්ලාස් චීන අයට කොරෝනා හැදෙන්නේ නැහැ.
මේ අාණ්ඩුව කොරෝනා වසන්ගතය විකුණන් කන්න හැදුවා. කොරෝනා අස්සේ මේ අය සියලු විදේශ ගිවිසුම් අත්සන් කරන්න සැලසුම් කළා. එක පැත්තකින් පොම්පියෝ එනවා. අනිත් පැත්තෙන් චීනේ එනවා. තව පැත්තකින් ඉන්දියාව ආවා කියනවා.
රටට ව්‍යසනයක් වූ කොරෝනා වසන්ගතය මේ ආණ්ඩුව ව්‍යාපාරයක් බවට පත් කර ගත්තා. මේ ජාන ඉතිහාසයේ ඉදන් මේ අයට තියෙනවා.
මේ අය අර්බුදයක් ඇති කරලා බලයට ඇවිත් අර්බුදය වවාගෙන අර්බුදය දඩයම් කරගෙන අර්බුදය විකුණගෙන අර්බුදයෙන් ම විනාශ වෙනවා.
තමන්ගේ ගජමිතුරන්ට වෛද්‍ය උපකරණ ගෙන්නන්න දීලා මේ අය වසංගතයක් විකුණන් කෑවා. රුපියල් ලක්ෂ 80ක් වටිනා පී. සී. ආර් යන්ත්‍රයක් ගේන්න අද කටයුතු කරන්නේ නැහැ. ඒ වෙනුවට ආණ්ඩුවේ ප්‍රධානීන් කෝටි ගණන් වල බෙන්ස් රථ වල යනවා.
මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන අපි වෛරයෙන් කතා කරනවා නෙමෙයි. පාස්කු ප්‍රහාරය මේ අයට රජ මගුලක් වුණා. මේ අය පාස්කු ප්‍රහාරය විකුණං කෑවා වගේ තත්ත්වයකට අපි පත් වන්නේ නැහැ.
බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ලැනරෝල් මහතා.
කොරෝනා වසංගතය පිළිබඳ සෞඛ්‍ය අංශ, විපක්ෂය දිගින් දිගටම අනතුරු ඇඟවීම් කළා. නමුත් රජය ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් දැක්වුවේ නැහැ. රජයේ අවධානය යොමු වුණේ මැතිවරණය ජයග්‍රහණය කරන්නත් විසිවන සංශෝධනය මගින් රටේ ප්රජාතන්ත්රවාදය අහිමි කිරීම පිළිබඳවයි. මේ නිසා අද මුළු රටම අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා තියෙනවා.
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජය කොරෝනා ව්‍යසනය ව්‍යාපාරයක් කරගෙන
බම්බුආරච්චි Sunday, 08 November 2020 12:19 PM
මෙයා කියන ගොඩක් දේවල් ඇත්ත. හැබැයි ඔයාලා හරියට කළානම් රාජපක්ෂලාට ආයෙත් බලය හම්බවෙයිද?
De Sunday, 08 November 2020 01:25 PM
මුර උන්නැහේ වත්ත බලාගන්නවා ඇර වෙන මොනවා කරන්නද? අපි බලමු අලුත් ජනාධිපති ජෝ බයිඩන් වත් මුකුත් කළොත්..
Raveendra Sunday, 08 November 2020 01:54 PM
දැන්ද අවදි වුනේ රන්ජන් මල්ලියේ...? එතරමටම වැඩ අධිකයි නේද..? එක අතකින් බැලුවාම ඇත්ත තමයි. මේ ගොයියා ඕනෑම දෙයක් පටිගත කිරීම පිළිබඳව පශ්චාත් උපාධි ඉහළින්ම සමත් කෙනෙක්නේ... ඒ නිසා පැය 24ම පටිගත කිරීම් වෙන්න ඇති මේ එකපාරටම හීනෙන් බයවෙලා දොඩවන්නේ ...
wije Sunday, 08 November 2020 04:59 PM
ඔය කියන දේ ඇත්ත රංජෝ.. නමුත් ඉතින් ඔයාලා කාටවත්ම මොලය තියනකොට බලය නැහැ බලය තියෙනකොට මොලේ නැහැ.
chinthaka Sunday, 08 November 2020 05:06 PM
මේ ආණ්ඩුවටවත්, ජනාධිපතිටවත් රට ඉදිරියට ගෙනියන්න බැහැ. දැන් අනාගෙන ඉන්නේ. ඒ මදිවට අතට අහුවෙන අහුවෙන දේවල් චිනාටයි, ඉන්දියාවටයි, අමෙරිකාවටයි විකුණන්න පටන් අරගෙන. දැන් විපක්ෂය පැහැදිලිවම ප්‍රකාශ කරන්න ඕනෑ මේ ආණ්ඩුව යටතේ පිටරටට විකුණපු සියලුම රටේ සම්පත්, නව රජයක් යටතේ ලංකාවට පවරා ගන්න බවත් ඒ සඳහා වන්දි නොගෙවන බවත්... මේක මාර වැඩක් වුණානේ. කොළඹ වරායේ කොටසක් ඉන්දියාවටත්, චිනයටත්, ජපානයටත් දීලා ගන්න මුදල් ඔක්කොම රාජපක්ෂලා හොරා කාවි. කෝ එදා කෑගහපු හොර වෘත්තීය සමිතිකාරයින්?. අපි නොදන්න රාජපක්ෂලා.
Kiran Sunday, 08 November 2020 05:16 PM
ආයෙත් කරළියට ඇවිල්ලා.. ලෝකයේ පරණම දේවලුත් ව්‍යාපර තමයි.
Rata Perata Monday, 09 November 2020 07:13 AM
සම්පූර්ණ ඇත්ත. තමුන්ට තිබුණු නඩුවලට වෙට්ටු දදා හිටපු මිනිහෙක්ගෙන් කොහොමද පාලනයක් බලාපොරොත්තු වෙන්නේ? නන්දසේන අසමත්.. සමහරවිට සිරිසේනටත් වැඩිය. රනිල්ගේ දුර්වල කම තමයි මේ ඔක්කොටම මුල වුණේ.. මිනිහා රට කාලා දැන් කොහේහරි සනීපෙන් ඇති. මිනිස්සු විඳවනවා.
මුණසිංහ Monday, 09 November 2020 10:13 AM
ඔයාගෙ යුගයෙදී කරපු දේවල් අපි හොඳටම දන්නවා. ඒවායේ විඳීම තවත් දශකයක්වත් තියේවි. දැන් අර නීති ලොක්කන්ට කතා කරපුවට මොකද කරන්නේ?