රජයේ වාහනයක් අවභාවිත කරමින් රජයට රුපියල් දස ලක්ෂ හැත්තෑ තුන් දහසක් වංචා කළැයි කියන නඩුවකට නොවැම්බර 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ආපදා කළමනාකරණ හිටපු ඇමැති සහ වත්මන් රජයේ ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නොතීසි නිකුත් කළේය.
හදිසි ආපදා අවස්ථා සඳහා ප්‍රයෝජනයට ගැනීමට නෙදර්ලන්තයෙන් ලැබුණු රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක් පමණ වටිනා ජීප් රියක් 2011 සිට 2014 දක්වා තම පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තේයැයි චෝදනා හතරක් යටතේ අල්ලස් කොමිසමෙන් එම නඩුව පවරා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවුසි පව් (බ)
අනේ මන්ද දුප්පත් මිනිහෙක් පොල් ගෙඩියක් හොරෙන් කැඩුවත් අල්ලලා හිරේ දාන රටේ මේවානම් දෙවියෝම බලාගන්න ඕන (බ)
හරියට හරි නඩු දාන්න, අයකර ගන්න හිරේ දාන්න. ඔය වංචා කාරයෝ එකෙක්වත් හිරේ දැම්මොත් මම නුවර සිටන් කොළඹට බඩගානවා. (බ)
එල ෆවුසි !!!. (බ)
එල පවුසි (බ)
බමුණු මහතා නුවර සිට කොළඹට බඩ ගාන දිනය ඉක්මනින්ම පැමිණීමට අපි ප්‍රර්ථනා කරමු. ඒ මහතාගේ ලිපිනයක් සමඟින් ප්‍රකාශය පළ වී නම් මැනවි. නැති නම් අපේ දේශපාලකයන්ගේ පොරොන්දු,ප්‍රකාශ වගේ වෙන්නට පුළුවන. (බ)
එක අතකට බමුණුගේ කතාවත් හරි. එයා කියන්නේ ඕවා කෙරෙන වැඩ නොවෙයි කියන එකනේ. (නි)
ෆවුසි කියාවි මම මේ තෑග්ග සාක්කුවේ දමාගෙන ගෙදර අරන් ගියේ නැහැ, ජීප් රථය මාව එ්ක ඇතුළේ දමාගෙන අපේ ගෙදර ගියා. මම නෙමෙයි වැරදිකාරයා, මේ ජීප් රිය තමා වැරදිකාරයා. මේක පිටරටකින් ලැබුන නිසා මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටසක් කියලා (නි)
බමුණුට බය නැතුව ඔට්ටු අල්ලන්න පුළුවන්. ලංකාවේ උසාවියක් මේ නඩුව අඩුමතරමේ වසර 20-30 වත් අහයි. (නි)
ඒ ඉතින් රජතුමාගේ අැමති මණ්ඩලයේ ඉන්න කාලේනේ (නි)
නිදහස් පෙරමුණේ මුසම්මිල් ඇතුළට දැම්මෙත් ඔය චෝදනවාටමනේ. දැන් ෆවුසිට මොකද කරන්නේ. (නි)